සීනි නැතිව තේ බොන්නම්

Posted: February 8, 2012 in Uncategorized

ශ්‍රී ලංකාවේ බෝ නොවෙන රෝග පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අලුත් පියවරක් ගෙන ඇත. ඒ අනුව මින් පසු හෝටල්, තේකඩ, පෙට්ටි කඩ ,අතේ එල්ලාගෙන ගොස් තේ කෝපි අලෙවි කරන ඇවිදින කඩ ඇතුලු ඕනෑම කඩයක තේ කෝපි  ආදිය අලෙවි කිරීමේදී සීනි එම බීම වර්ගයට දමා දීම තහනම්ය.

ඒ වෙනුවට සීනි වෙනම භාජනයක දමා දිය යුතු අතර ජනතාව තමන්ට කැමති සීනි ප්‍රමාණයක් දමා ගත යුතුය.  එම සීනි භාජනයේ ” සීනි දියවැඩියාවට හේතු වේ ” යනුවෙන් සටහන් කර තැබිය යුතුය. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක සභාව විසින් දුන් උපදේශයක්ල.

සීනි දියවැඩියාවට හේතු වේ යන පාඨය සීනි භාජනයේ දු‍ටු විගස තේ බීමට පැමිණි ජනයා බිය වී සීනි නොදමා තේ බොනු ඇතැයි එම උපදේශක මහත්වරුන් බලාපොරොත්තු වන සැටියකි.එම මහත්වරුන්ගේ අහිංසක බලාපොරොත්තු නොබිඳින්නට මෙරට ජනයා වග බලා ගනු ඇතයි අප සිතමු.

එසේම දියවැඩියාව හැර අනෙකුත් බෝ නොවන රෝග රාශියක් ඇති නිසා ඒවා මර්ධනය කිරීම සඳහාත් මේ ආකාරයේ වැඩ සටහන් සැදීමට එම උපදේශක මහත්වරුන්ට හැකි වේවායි පතන අතර ඒ පිලිබඳව අපෙන් යෝජනා කීපයක්ද  පහතින් දක්වමු.

1. ලුණු වැඩි වූ විට රුධිර පීඩනය වැඩි වන නිසා හෝටල් වල ආහාර පාන වලට ලුණු නොදමා ලුණු බඳුනක් මේසය මත තැබිය යුතුය.

2. මිරිස් කෑ විට ගැස්ට්‍රයිටිස් තත්වයන් ඇති වන නිසා මිරිස් ද වෙනම මේසය මත තැබිය යුතුය. මේ සඳහා මිරිස් කුඩු, අමු මිරිස්  හා වේලු මිරිස් කරල් වෙනම වෙනම තැබිය යුතුය.

3. පොල්කිරි ශරීරයේ මේදය වැඩි කරන නිසා හෝටල්වල විකුණන පරිප්පු ආදි හොදි වලට කිරි නොදමා කිරි භාජනයක් වෙනම මේසය මත තැබිය යුතුය. පොල් කිරි ආහාරයට ගැනීම තවත් අඩු කිරීමට ගාන ලද පොල් හා වතුර වෙන වෙනම මේසය මත තැබීමද කල හැකිය. මෙය තව දුරටත් වර්ධනය කල හොත් ලෙලි පිටින් පොල් මේසය තැබීම පවා කල හැක.

4. ඌරු මස් ,හරක් මස් ආදිය කොලස්ටරෝල් තත්වයන්ට අගුණ නිසා ඒවා පිස නොවිකුණා ඌරන් හා හරකුන් පණ පිටින් හෝටල් ඉදිරියේ බැඳ තැබීය හැක.

සෞඛ්‍ය බලධාරින්ගේ ඉහත යෝජනාවත් සමග ඇටමැස්සාගේ මේ යෝජනා කීපයත් ක්‍රියාත්මක කලහොත් ලංකාව බෝ නොවන රෝග වලින් මුදවා ගැනීම එතරම්ම අපහසු නොවනු ඇත.

Advertisements
Comments
  1. Ravi says:

    ආන්න එහෙම නෙව ඇට මැස්සො වැඩ කරන්න ඕන…කරන කරන හැම දේකම වැරදිම දකින්නෙ නැතුව ඉඳ හිටලවත් මේ වගෙ මහා ප්‍රාඥයෙකුට උනත් ඉතාම කලාතුරකින් පහළ වන අන්දමේ බුද්ධිමය අග්‍ර ඵල වන් යෝජනා වලට සම්පූර්ණ සහයෝගය දෙන්ට ඕන.

    ඔහෙගෙ හතරවෙනි යෝජනාව නම් මල් හතයි…මගෙන් පොඩි ඌණ පූරණයක්….

    ඔය හෝටල් ඉස්සරහ බැඳල තියන හරකුංගෙ ඌරොංගෙ මොකද මෙහෙම හණ ගැහුවොත්,

    ” සෞඛ්‍යය අමාත්‍යාංශයේ උපදේශක සභාව ”

    මොකද වෙන දෙයක් නෙවෙයි මේ වගෙ මහාර්ඝ අයිඩියාස් පහල උනේ කොහෙන්ද කියල පොදු ජහමනයා දැනගන්ට ඕනමයි….අන්න ඒකයි,

    මට හිතෙන විදිහට පොඩි කොස්සක් තියෙන්නෙ හරක් සහ ඌරො මේ වැඩේට විරෝධය පලකරල නඩු දායිද දන්නෙ නෑ සාපරාධී අපහාස පණත යටතේ…….

    • gadfly says:

      ඔබගේ යෝජනාව ස්තූතිපූර්වකව පිලිගනිමු

      • අපූර්ව says:

        අන්න නියම යෝජනාවක්! හැබැයි පුතෝ ඒ සත්තු අර කිව්ව විදියට නඩුදැම්මොත් ෂුවර් එකට උං දිනනවා…

  2. ඇති ගරු මහින්ද රාජපක්ෂ says:

    මම ඉස්සර නම් ඇනෝ comment තම දැම්මේ … අර ඇනෝ කාරය මගේ රෙදි ගලවපු නිසා දැන් කවුරුත් දන්නවා මම බ්ලොග් බලනවා කියල …. මේක මම ස්බුක්කියාට කියල බලන්නම්

  3. ජොගින් පනත ළඟදීම පාර්ලිමේන්තුවට

    ජනතාව රෝගාභාද වලින් පීඩා විඳීමට ප්‍රමුඛ හේතුවක් වන්නේ ව්‍යායාම අඩු වීම බව සොයාගෙන ඇති අතර මේ අභියෝගය ජයගැනීම හා ආශ්චර්යමත් රටේ නිරෝගී ජනතාවක් බිහිකිරීමේ උදාර අරමුණ පෙරදැරිව ජනතාවට උදෑසන ව්‍යායාම අනිවාර්ය කිරීමේ පනතක් රජය විසින් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම පනත උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතී මගින් ක්‍රියාකරනු ලබන අතර ඒ සඳහා රු 5,000 සිට 25,000 දක්වා ක්ෂණික දඩ මුදල් (නඩුවක් වෙනුවට දඩයක්) අය කරගැනීමේ බලය පොලීසීයට පැවරීමට ක්‍රියාකෙරේ.

    • Indrajith says:

      තව එක කටයුත්තක් නිතර කිරීම ශරීරය කෙට්ටු වීමටත් බෙලහීන වීමටත් හේතු වන බව ආයුර්වේදයේ දැක්වෙන නිසා, අදාළ අමාත්‍යංශයෙන් එකී අවයව වලට මීටර් සවිකර පමණ ඉක්මවා කරන අයට බද්දක් පැනෙව්වොත්, කායබල සම්පන්න ශ්‍රී ලංකාවක් නුදුරේදීම උදාවනු ඇති .

  4. Buwa says:

    😀 😀 😀 😀 😀

  5. Raigama says:

    පොල් ලෙලි නොගසා මේසය මත තැබීම වෙනුවට, හෝටලය ඉදිරියේ පොල් ගහක් වවන්න ඕනේ (ඕනේ අයෙකුට ගෙඩි කඩා ගන්න)!

  6. Kandyan says:

    මේ නීතිය ගෙවල් වලටත් දානවානම් හොඳයි…ගෙදරකට ගියාම එපා කියද්දී සීනි දානවා තේ එකට….

  7. ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී තලේබාන්වාදි (ජන -කපා හරින ලදි ) රජය

  8. Alchemiya says:

    ඇත්තෙන්ම පිට රට වල නම් හෝටල් වල ලුණු අඩුවෙන් කෑම හදන්නෙ..ඒ සුද්දො ලුණු කෑමට පුරුදු නැති නිසා.. නමුත් වෙනම ලුණු බඳුනක් තියෙනවා තමන්ට කැමති ප්‍රමාණයකට දාගන්න… සීනිත් එහෙමයි….
    ඒ වුනත් ඇමරිකාවෙ දියවැඩියාව අඩු කරන්න බැහැ… මොකද කියනවා නම් කොකා කෝලා කෑන් එකක විතරක් සීනි ග්‍රෑම් 27 හෝ 36 ක් තියෙනවා (ගාන මතක නැහැ – බොන්නෙ නැති නිසා).. ඔබ විශ්වාස කරන එකක් නැහැ මේසා විශාල ප්‍රමාණයක් සීනි දාන්න බල කරන්නෙත් සීනි නිෂ්පාදකයින්.. මොවුන් ජාතික ආහාර සහ ඖෂධ අධිකාරියේ නිලධාරීන් අල්ලාගෙන (සාක්කුවේ දමාගෙන) මෙවැනි දෑ කරනවා.. (ඇමරිකාවෙත් එහෙම වෙනවා)

    මේ නීතිය දාන්න ඇත්තෙ මෑතකදී රජයට පවරාගත් සෙවනගල සීනි කම්හලේ නිෂ්පාදනයට සරිලන්න පරිභෝජනය හදන්න වෙන්න ඇති…
    කොහොම වුනත් ලංකාවෙ සීනි සහ ලුණු පරිභෝජනය නියමිත තත්ත්‍වයට වඩා දෙගුණයක්…
    ඒ වගේම ලාංකිකයාට ව්‍යායාම මඳකම නිසා සිරුරු ඉක්මනින් රෝගීවෙනවා ස්ථුල වෙනවා.. මෙයත් දියවැඩියාවට ප්‍රධාන සාධකයක්….
    මේ නිසා මෙවැනි දෙයක් ක්‍රියාවට නැජවීම හොඳයි… නමුත් මෙය ක්‍රමාණුකූලව සිදු කළ යුතුයි…
    ව්‍යායාම කිරීම ප්‍රචලිත කරන්න පුළුවන් නම් මෙයට වඩා හොඳයි… නමුත් ලංකාවෙ මිනිස්සු කම්මැලි නිසා මෙහෙම වත් කරන එක හොඳයි….

  9. su says:

    yako ara IRUDINA kiyana kale pattaret oka tibba mole nati P_ _ku…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s