රටවැසියන් පාවාදීම -Betraying the Citizen

Posted: February 4, 2012 in Uncategorized
Tags: , ,

පසුගිය දා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ ධීවරයින් හය දෙනා මුදා ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පියවර ගන්නවා වෙනුවට නින්දිත ලෙස ඔවුන්ව පාවා දී   මරණය වෙත දැක්වීමට දේශප්‍රේමි ,ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

 රාජ්‍ය තාන්ත්‍රික  කටයුතුවලදී තමන්ගේ නොහැකියාව හා  පසුගිය කාලයේ  ගනු ලැබු අමන තීන්දු නිසා අන්තර්ජාතික වශයෙන් හුදකලා වී සිටීමත් නිසා ආණ්ඩුව තමන්ගේ රටේ පුරවැසියන් මෙලෙස නින්දාවට පත් කරමින් සිටී.

එපමණක් නොව මෙම කසිකබල් දේශපාලුවා වැඩි දුරටත් පවසා ඇත්තේ එම ධීවරයින්  මෙසේ සෝමාලියානු මුහුදු සීමාවට ඇතුළුවීම නිසා ශ්‍රී ලංකාව අපකීර්තියට පත් වූ බවයි.

ඇත්ත වශයෙන්ම රට අපකීර්තියට පත් වන්නේ ධීවරයෙක් අහම්බයකින් හෝ විදෙස් මුහුදු සීමාවකට ඇතුල් වීම නිසා නොව  තම නොහැකියාව වසා ගන්නට මේ ආකාරයෙන් තම පුරවැසියන්, විශේෂයෙන් තම දිවි දෙවැනි කොට ජීවිකාව වෙනුවෙන් අරගල කරන මෙවන් අහිංසක මිනිසුන්ට බැන වදින, ඔවුන් වෙනුවෙන් තම යුතුකම් ඉ‍ටු නොකොට ඔවුන්ව පාවා දෙන මෙවන් වූ අමන දේශපාලකයින් නිසාය.

නැව් නො එන වරායවල්  හැදීමට, කිසිදා නොලැබෙන ක්‍රීඩා උත්සව වෙනුවෙන්  පගාව දීමට හා  කිසිවෙකුට වැඩක් නැති නෙලුම් කුලුනු වෙනුවෙන් ඩොලර් මිලියන් දහස් ගනන් නාස්ති කරන මේ ආණ්ඩුව අදාල ඩොලර් මිලියන් 7.5  වන්දිය ගෙවා එම ධීවරයින් හය දෙනා නිදහස් කර දීමට මැදිහත් නොවන්නේ මෙම ආණ්ඩුවට රටේ ජනයා කුණු මාලු කෑල්ලක් තරම්වත් නොවටනා නිසාය.

Comments
  1. Maathalan says:

    රාජතාන්ත්‍රික වැඩ ගැන කතාකරන්න දෙයක් නෑ.. අඩු ගානේ නෙගෝශේට් කරන්න වත් ට්‍රයි එකක් දෙන්නේ නෑ. මැද පෙරදිග අසරණ උන කෙල්ල බේරගන්නවත් මොනවද කලේ. මේ වගේ ප්‍රශ්න වලදි පිලීපීනය කරන දේවල් දැක්කම අපි ගැන හරිම ලැජ්ජයි. කනගාටුයි..

  2. Kandyan says:

    බරක් ඔබාමාට කිව්වානම් ටක්කෙටම හරි. ඔබාමාට තියනවා මිනිස්සු ගැන කැක්කුමක්. මේ ලඟදී දෙන්නෙක් American SEAL ල නිදහස් කර ගත්තේ.

Leave a reply to Maathalan Cancel reply