ශීඝ්‍රයෙන් බිඳ වැටෙන  රුපියලේ සැබෑ අගය අති විශාල විදේශ විනිමය ප්‍රමානයක් වියදම් කරමින් සඟවා ගෙන සිටියත් කොයි මොහොතේ හෝ කඩා වැටීම සිදු වෙනු ඇත.එම නිසා දරා ගත නොහැකි ජීවන වියදම හමුවේ ඉස්සරහට එන නරක කාලයේ වැඩ වර්ජන ‍රැල්ලක් ඇති වෙන්නට හැකි බවට ආණ්ඩුව ගනන් බලා තිබෙන අතර  එම නිසා  දැන්මම  වැඩ වර්ජන වලට කුඩු වෙන්නටම  පහර දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. 

මේ සඳහා අවශ්‍ය පසු බිම සකසා මර්ධනය සාධාරනීකරනය කිරීම  පහුගිය දාක අරලිය මන්දිරේ ගොස් හැලප කා තේ බී පැමිණි බෝතල් පත්තරකාර නඩේටත් රෙදි නැතිව ආන්ඩුවට කඩේ  යන ඊනියා බුද්ධිමතුන්  බුඩ්ඩිමතුන් කිහිප පොලකටත්  පවරා තිබේ.

තේ බී පැමිණ දින දෙකටට පසු වැඩට බසින දිවයින  කර්තෘ මෙසේ කියයි. මෙසේ ඔහු කියන්නේ පසු ගියදා පැවති දුම්රිය වර්ජනය පාදක කර ගනිමිනි.

රජය විසින් කළ යුතු වැදගත් කාරණයක්‌ තිබේ. එනම් එවැනි හදිසි අවස්‌ථාවල සේවයෙහි යෙදවීම සඳහා යුද හමුදාව පුහුණු කිරීමය.

අනෙක්‌ අතට මෙවැනි අවස්‌ථාවලදී දුම්රිය සේවකයන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ජනතාව සංවිධානය විය යුතුය. තමන්ට වූ අගතිය වෙනුවෙන් දුම්රිය සේවක සංගම්වලට එරෙහිව අධිකරණයට ගොස්‌ ඒවායේ ප්‍රධානීන් හත් අට මාසයකට, ඔවුන්ට කිට්‌ටුවෙන්ම පිහිටි බන්ධනාගාරයට (වැලිකඩ, බෝගම්බර, මීගමුව, මහර, අනුරාධපුරය, ගාල්ල, යාපනය) ගාල් කිරීමට කටයුතු කළ යුතුය.”

දුම්රිය වර්ජනයේ හරි වැරදි වෙනම සාකච්ඡා කල යුතු දෙයකි. ඔවුන් එම වර්ජනය කල ආකාරයේ කිසි වැ‍රැද්දක් ඇට මැස්සා නොදකී. සෑම වර්ජනයක්ම , උද්ඝෝෂණයක්ම උසාවි නියෝ මගින්  නැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන විට වෘත්තීය සමිති මේ අයුරින් කටයුතු කිරීම අරුමයක් නොවේ. ඒ ගැන වචනයවත් කතා නොකරන දිවයින පත්තරෙන්    මේ  එලියට එන්නේ හැලප දෙකේ හා කෝපි කෝප්පයට දිවයින බෝතල් පත්තරකාරයා ගෙවන මිලයි.

මේ වැඩේට එක් වෙන රනිල්ගේ මාමගේ මිරර් පත්‍රයේ චම්පිකා ලියනාරච්චි මැතිනිය සිය කතු වැකියෙන් කියන්නේ වෘත්තීය සමිති තහනම් කල යුතු බවයි.

මේ අතරේ ඊයේ අයි ටී එන් නාලිකාවේ ඇතුලාන්තය වැඩසටහනට පැමිණ සිටි , මීට පෙර එක්ස් කණ්ඩායම සමග පශ්චාත් නූතනත්වය ගැන දෙඩවූ ධම්ම දිසානායක   නම් වූ පුද්ගලයා කියා සිටියේ මේ ශක්තිමත් ආණ්ඩුව තමන්ගේ හයිය පාවිච්චි කල යුතු බවයි. කප්පම් ඉල්ලන වෘත්තීය සමිති කුඩු කර දැමිය යුතු බවයි. ඔහුට  අනුව මේ අවස්ථාවේ වැඩි පඩි ඉල්ලා කරන වෘත්තීය අරගල නතර කල යුතුය. ජනතාව කෑමට ඇඟට සීමාවන් හදාගෙන ලැබෙන පරිදි ජීවත් විය යුතුය. ජනතාවගේ අනවශ්‍ය වියදම් වන කිරි බීම ආදියට ජනතාව පොලඹවන  කිරි  වෙලඳ දැන්වීම් තහනම් කල යුතු බවද ඔහු කියයි.

මේ සියලු ගොන්නුන් හැරෙන්නේ පොල් පැලය දිසාවට බව පැහැදිලිය.

මාර්ටින් නිමොලර් මතක්  කර ගැනීමට මේ හොඳම  කාලයයි.

“ඔවුන් යුදෙව්වන් සොයා පැමිණියහ………….”

Advertisements
Comments
  1. @”ඔවුන් එම වර්ජනය කල ආකාරයේ කිසි වැ‍රැද්දක් ඇට මැස්සා නොදකී” – නමුත් වාර ප්‍රවේශ පත්‍රයෙන් දුම්රියේ යන, සුපුරුදු දුම්රිය මැගහැරුනොත් දුම්රියපලේ සිට නිවසට ඇත් බසය ද මගහැරී රෑ මහමග අසරණ වන දුම්රිය මගියා නම් එය දකියි.

    • anjana says:

      මම හිතන්නෙ එක තමයි මෙ අන්තිමට “මාර්ටින් නිමොලර් මතක් කර ගැනීමට මේ හොඳම කාලයයි.” කියල, කියල තියෙන්නෙ

  2. Kandula says:

    දිවයින අංකල්ලා 89 බස් වර්ජනය කාලේ ලියපු හැටි අපිට තාම මතකයි. උන් මැරිලා ඉපදුනාට අපි මැරිලා ඉපදිලා නෑනේ.

    ඒ දවස්වල හමුදාවෙන් බලෙන් දුවවපු බස් දෙක තුනේ නැගලා සාඩින් වගේ චප්ප වෙවී මිනිස්සු වැඩට ගියා. ඒකාලේ “දේශප්‍රේමී සහෝදර මල්ලිලාගේ” නිළ පත්තර කඩමාල්ල වුනු දිවයින කාරයාට වර්ජනය කියලා ගෙදර නැවතිලා රටම කඩාකප්පල් නොකර අමාරුවෙන් වැඩට යන මිනිස්සු ගැන කොච්චර තරහක් තිබුනාද කිව්වොත් නිසදැස් කවිත් ලිව්වා බස් ඩ්‍රයිවර් උන්නැහේලා ආපහු වැඩට ආවාම වර්ජනයට සහයෝගය නොදුන් ජනතාවට සලකන්න ඕනෑ කොහොමද කියලා.

    (සුක්කානම යලි ලැබුනාම….ඩ්‍රයිවර් මහත්තයෝ දීපන් ගේම….)

    මෙහෙම ලියපු එවුන් දැන් වර්ජනය කරන මිනිස්සුන්ව හිරගෙදරට දක්කන් යන්න කතා කරනවා. රජ පස්සෙන් වැටෙනවානම් ජී වුනත් රසබොජුන් තමයි මුන්ට….

  3. rajasingha says:

    divaina paththare oka liyanne anura solamans. eka anumathakaranne gamini sumanasekara. eyage lamai 2tama janadipathi aramudalin pitarata shishathwa labadeela thiyenawa.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s