කක්කු‍ටු අමාත්‍යාංශය අයිති කාටද? – Who Owns the Ministry of Crabs

Posted: February 1, 2012 in Uncategorized
Tags: , ,

මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර දෙදෙනා පවත්වාගෙන යන සුපිරි අවන්හලට කක්කු‍ටු අමාත්‍යාංශය(Ministry of Crabs)  යනුවෙන් නම යෙදීම නීති විරෝධී බව ජනාධිපති ලේකම් වීරතුංග මහතා කියා තිබේ.දැන් ජනාධිපති ලේකම් තුමාගේ රාජකාරිය ලංකාවේ අවන්හල් වල නම් චෙක් කරන එකද කියලා අහන්න එපාය. ජනාදිපතිතුමා අත දාන දේවල් වල  හැටියට ලේකම් තුමා මේ වගේ වැඩක් කලාම මොකද?අනික ඔය වගේ වැඩක්වත් නොකලොත් එතුමා වෙන මොනවා කරන්නද?

අනික කතාවත්  සහතික ඇත්තය. එහෙම තමන්ට කැමති විදියට වැදගත් නම් පාවිච්චි කරන්න බැරිය. ඒකේ අයිති කාරයාගෙන් අවසර ගන්න ඕනෑය. තමන්ගේ අමාත්‍යාංශයේ  නම මේ විදිහට අවන්හලකට යෙදීම ගැන වීරවංශ ඇමතිතුමා බරපතල විරෝධයක් පෑවා නිසැකය.අවන්හලේ නම වෙනස් කරේ නැත්නම් වීරවංශ තුමා 13+ වලට විරුද්ධව උපවාස නොකර ඉන්නත් ඉඩ තියෙනවාය.  ඒක නිසා වීරතුංග මහත්තයා දන්න සෙල්ලමක් දාල, කොහොම හරි ඔය කක්කු‍ටු අමාත්‍යාංශයේ නම සංගාලාගේ අවන්හලෙන් අයින් කරලා  වීරවංශ තුමාට ආපහු අරන් දිය යුතුය. ඉස්සරහට එන්නේ හරිම අමාරු කාලයක් කියලා හෙල උරුමේ අයියලාත් කියලා තිබේ. ඒ අමාරු කාලයේ සපොර්ට් එකට ඉන්න විමලේ මල්ලී ඔය නමක සිද්දියක් නිසා තරහ කරගෙන බැරිය.

දැන්  කක්කු‍ටු අමාත්‍යංශය කියන නම නැති වුනාම සංගාලාට අලුත් නමක් හොයන්න සිදු වේය. මේ සැරේවත් මොලේ කල්පනා කරලා කාටවත් අයිති නැති නමක් දාගත්තොත් හොඳය. සැරින් සැරේ නම් වෙනස් කරන එක හරිම කරදරයක් නිසා මෙන්න මේ පහතින් තියෙන නම් භාවිතයෙන් වැලකී හිටියොත් හොඳා. ඒවාටත්  අයිති කාරයෝ ඉන්න පුලුවන්..

1. බලු අමාත්‍යාංශය-Ministry of Dogs

2. කුඩු අමාත්‍යාංශය- Ministry of Dopes

3. ඌරු අමාත්‍යංශය- Ministry of Pigs

4. මදුරු අමාත්‍යංශය- Ministry of Mosquitoes

5.ඩෙංගු අමාත්‍යංශය- Ministry of Dengue

6.මීහරක් අමාත්‍යාංශය- Ministry of Buffaloes

7. බූරු අමාත්‍යාංශය- Ministry of Donkeys

8………………………    අනේ මන්දා සංගාලා ගේ ඔය කෙහෙම්මලට දාන්න නමක් ඉතුරු වෙයිද මන්දා මෙහෙම ගියොත්.

සටහන- මොන නමක් හරි දාලා අවන්හලක් නම් හැදුවා.මහේල මහත්තයෝ කෝ අර හෝප් පිලිකා රෝහල- ඒක ගැන නෝ හෝප් ද?

Advertisements
Comments
  1. Kandula says:

    මුන්ට පිස්සු මචන්, වෙන වැඩක් නැති හින්දා වෙන්න ඇති කැම කඩයක නමක් අල්ලගෙන දඟලන්නේ

  2. අනේ ඇටමැස්සෝ, ව්‍යාපාරයකට දාන්න එපා කියන්නේ අමත්‍යංශය කියන වචනය.(කක්කුටු කියන එක දාන්න කාගෙන්වත් තහනමක් නෑ).

    එහෙම ව්‍යාපාරවලට දාන්න බැරි නම් තියෙනව (නීති විරෝධී වන).ජාතික,රාජ්‍යය වගේ වචන උදාහරණ ලෙස පෙන්වන්න පුලුවන්.

    • gadfly says:

      ministry කියන එක දාන්න කොහෙවත් තහනම් කරලා නැති හින්දා අපි හිතුවා මේ විරෝදේ කක්කු‍ටු කියන එකට කියලා. මොකද ඒ වචනෙට අයිති කාරයෙක් ඉන්නවනේ. අනේ ඉතින් ජයශ්‍රි ලවත් නොහිටියානම් අපිට මේවා කියලා දෙන්නේ කවුද?

    • Kandula says:

      සමාගම් වලට දාන නම් ගැන වගකියන්න ඕනැ සමාගම් ලියාපදිංචි කිරීම භාර පලාත්සභාවට. ජනාධිපති ලේකම්ට වෙන වැඩ නැද්ද ඕවට හොට දාන්න.

      • කවුරු පෙන්නල දුන්නත් වැරැද්ද වැරැද්දමයි නේ!

        • Buwa says:

          ජයශ්‍රි ජනාධිපති තුමාගේ ස්ටාෆ් එකටත් කඩේ යනව කියල අදනේ දන්නේ :D, වැරදියිම කියමුකො එහෙම නම් ලියාපදිංචිය නොදී ඉන්න ඕනි , එහෙම නැත්නම් ඒකට අදාල අංශය නෛතික පියවර ගන්න ඕනි , ජනාධිපති තුමාවත් කිව්ව නම් තව අවුලක් නැ මොකද උන්නැහේ රාජ්‍ය නායකය නිසා , ජනාධිපති ලේකම් තුමා ඉන්නේ ඕව කියන්න නෙමේ , අනික අපිට කියන්නෙ මොකටද , අපි ගිහින් සංගටයි මහේලටයි කියන්නද , වැරැද්දක් කියල දැක්ක නම් ජනාධිපති තුමාගේ අවධානය යොමු කරවලා , අදාල අමාත්‍යාංශය හරහා ඒකට නිසි පියවර ගන්න එකනෙ කරන්න තියෙන්නේ

  3. WHAT WE NEED NOW IS CRIMINAL ACTIVITY DEVELOPMENT MINISTRY. AFTER ALL ONLY IN THIS FIELD, SIGNIFICANT DEVELOPMENT VISIBLE

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s