කාලෝ අයන්තේ ගොම්පස් අල්ලන්ට

Posted: January 4, 2012 in රංචාගොඩ ළමයා
Tags: ,

ගෙරිමස් කකා ගිනි පාගන කලට නුඹ

පොරක් වුනැයි හේතුවාදි දනන් හට

පී එම් සී එකට එරෙහිව හඬ නගන නුඹ

මාර පොරක් යැයි හිතුනා කොල්ලන්ට

 

සිහි වී පොර ටෝක් පෙරදී දුන්න නුඹ

සෙනෙහස් කවි ලියවුනැයි  දුප්පත් වමා හට

මෙඩිකල් කවුන්සිල්  ලොක්කා වී ආව නුඹ

කාලෝ අයන්තේ ගොම්පස් අල්ලන්ට

Comments
  1. Rampaala says:

    niyamayi. kiyanda thiyana tika polle gahuwaa wage kiyalaa thiyanawaa. ammapaa naaki welath meyaa gompass alleemata mechchara kamathi ayi.

Leave a comment