කාඩිනල් හා මහ නායක හිමිවරු

Posted: December 24, 2011 in Uncategorized
Tags: , , ,

ලංකාවේ මහ නාහිමිවරුන් දෙකේ කොලේට වැටී ඇති ආකාරය  ගැන අපූරු ලිපියක් අද W3LANKA  ලියා තිබේ.

ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන මෙන් මහ නාහිමි වරුන් ආණ්ඩුවෙන් කල ඉල්ලීම මෙන්ම පක්ෂයේ නායකයා ලෙස කරු ජයසූරිය පත් කරගන්නා මෙන් උන්නාන්සේලා එජාපයෙන් කල ඉල්ලීමද එම දෙපිරිසම පයිසෙකටවත් ගණන් ගෙන නැත. මේ බුදුන්ගේ දේශයේ උන්නාන්සේලා වැටී ඇති තැන ගැන කතා කිරීමට එකෙක්ද නැත.

තමන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් තමන්ව එසේ හෑල්ලුවට ලක් කිරීම ගැන උන්නාන්සේලාටද වගේ වගක්  නැත . ඒ ගැන වචනයකින්වත් විරෝධයක් නැත.  මෙසේ තමන් පීචං කල දේශපාලකයින්ට උන්නාන්සේලා හෙටත් පිරිත් නූල් ගැට ගසනු ඇත.

බෞද්ධ නායක හිමිවරුන් එසේ පච වෙද්දී ක‍තෝලික සභාවේ කාඩිනල් මැල්කම් රංජිත් හිමිනම , තම නිකායේ ප්‍රේම් ළමා නිවාස සිදු වීමේදී එක පුවත් පත් සාකච්චාවකින් ආණ්ඩුව දණ ගැස්සවීම ගැන එළකිරි වෙබ් අඩවියේ හාස්‍යයට ලක් කර තිබිනි. එහි සඳහන්ව තිබුනේ කාඩිනල් කොන්ද කෙලින් තියා ගෙන සටන් කර ආණ්ඩුව පරාජය කළ බවය.

ඒ කථාව වැරදිය. ආණ්ඩුව බය වුනේ කාඩිනල්ගේ  උත්සව වර්ජනයට නොවේ. කාඩිනල් වරයා උත්සව වලට ආවත් නාවත් ආණ්ඩුවට කම් නැත. ආණ්ඩුව බය වුනේ එම කතාව කාඩිනල් ලවා කරවූ බලවේග වලටය. කාඩිනල් මැල්කම් රංජිත්  හිමිනම හා ක‍තෝලික සභාව  පි‍ටුපස සිටින්නේ  වතිකානය හා බටහිර රටවල්ය. උදේ හවා කට කම සෙයියාවක් නැතිව බටහිර බලවේගයන්ට බනින ජාතිමාමක , අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවේ ලොක්කන්  බටහිරින් ආ ඉතා සුලු තර්ජනයක් ඉදිරියේ දණ නැමුවේ එසේය.වේදිකාවල උඩ පනිමින්  මොණරාගල බයියන් සමග කථා කරන දේශපාලනය අන්තර්ජාතික තලයේ වලංගු නැත. ඒ නිසා ආණ්ඩුව ඉතා නිවැරදි ලෙස , කාඩිනල් වරයාගේ පලමු තර්ජනය හමුවේම ,මෝඩ නිලධාරිනියක් ,හුදු ප්‍රසිද්ධිය උදෙසා කල මෝඩ කම ආපසු හරවා ගත්තේය.

තමන් පි‍ටුපසින් වතිකානුවක් තබා මල්වත්තේ නම් අස්ගිරිය හෝ අස්ගිරිය නම් මල්වත්තවත් නැති, දළදා මාලිගාවේ තේවාව ලබා ගැනීමටත් එකිනෙකාට විරුද්ධව නඩු කියන ,අපේ නායක උන්නාන්සේලා ගෙන් එවැනි වීරත්වයක් බලාපොරොත්තු වීම සම්පූර්ණයෙන්ම වැරදිය. එය ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලනවාක් බඳු දෙයකි.

උන්නාන්සේලා , කවුරුන් විසින් හෝ රවටනු ලැබු විට ඉඳ හිට ප්‍රකාශයක් දෙකක් කළත් එතැනි න් ඉදිරියට යාමට හැකියාවක්වත් උවමනාවක් වත් නැත. උන්නාන්සේලා දන්නේ දෙන දෙයක් කා බොන දෙයක් තිබේ නම් බී සැතපීම පමණි. ඒ ගැන දොසක් කීමට නොහැකිය.

Advertisements
Comments
  1. ravi says:

    ඔය මහානායක හිමිවරුන් කියන එක පන්සලේ ඉන්න ඇබිත්තයවත් පයිසෙකට ගණන් ගන්නවද මන්දා………තමන්ට බාර වෙලා තියන රාජකාරිය පැත්තක තියල අදාල නොවන දේවල් වලට උපදෙස් දෙන්න ගියාම ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද?…….මහානායක හිමිවරු දානෙ වලඳන්ට විතරක් කට අරින එක තමයි උන්වහන්සේලාට බුද්ධාගමට කරන්ට පුළුවන් ලොකුම සේවය.

  2. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා…………………… බුදු හාමුදුවනේ..

    • දම්රුවන් says:

      අම්මපා ජයසිරියො, බොටත් එහෙම හිතෙනවැයි?

  3. බුදු සාදු දන්නව නං එක්කෝ යයි පාරලෙයිය වනාන්තරයට, නැත්තං වෙන ආගමකට යයි!

  4. Andrew says:

    “මෝඩ නිලධාරිනියක් ,හුදු ප්‍රසිද්ධිය උදෙසා කල මෝඩ කම ආපසු හරවා ගත්තේය.”
    ithine harako anduwa hari de ne karala thiyenne

  5. premasiri says:

    මහා න හිමි වරු පබයෝ කියල සියලු බෞද්දයෝ දන්නවා අනික ඔය මහා නාහිමිවරුන්ට කරන්ඩ පුළුවන් පිරිත් නුල් බැඳලා පිරිකර පොදිගහ ගන්න එක විතරි දැක්කද කාදිනල් තුමාගේ එක වචනයකට ආණ්ඩුව දනඝපු හැටි කදිනල්ට මගේ ගොව්රය වෙන මොකකටවත් නෙවෙඉ ආණ්ඩුව දනඝපු එකට දැන් ඉතින් දළදා මාලිගාව කදිනල්ට බර දීල මහා නාහිම්වරු චීත්ත ඇදගන්න එකී තියෙන්නේ

  6. mangala says:

    desapaluwange passa lewakanna giyama mahanayakayanta ohoma wenawa.aneka rajatumage aaryawa kristiyana ganiyakne. ona rajek ganita bayaine.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s