නෙලුම් පොකුණ ,බාර්යාවෝ ,සිරස සහ තවත් කතා

Posted: December 15, 2011 in Uncategorized

පොදුවේ සිරි ලාංකික ජනතාවටත් විසේසයෙන්  සිරිලංකාවේ කලා රිටවල්ටත්  තිබූ එකම පුරස්නය අද අපේ අතිජාත මිත්‍ර චීන අධිරාජයාගේ මැදිහත්වීමෙන් විසඳුනු බව සියලු ජනතාව වෙත චිත්ත ප්‍රීතියෙන් යුතුව මෙයින් දැනුම් දෙනු ලැබේ.

පපර පපර පාන් පපර පාන්

නෙලුම් පොකුන මහින්ද රාජපක්ශ රංගසබාව විවෘත්ත කිරීමෙන් පසු සිරි ලංකාවේ කලාව උස්මුරුත්තෙටම ගොස් ජාතියන්තරේටම යනු ඇතැයි කලා විශ්‍රාමිකයෝ විචාරකයෝ පවසමින් සිටින බවද වාර්තා වේ. ඒ අනුව ලබන වරුසයේ සිට ප්‍රසංග කලා සඳහා නෝබල් ත්‍යගයක් ඇති කර  එය ස්තීර වසයෙන් සිරි ලංකාවට ලබා දීමට නෝබෙල් ත්‍යාගී  කමි‍ටුව  තීරනය කර ඇතැයි ද  නෝර්වේ රටෙන් වාර්තා වේ.

ටිං ටොං ටිං

නෝර්වේ රටෙන් දෙන නෝබෙල් තෑග්ගත් එපා  නිසා තමන් වේදිකා නාට්ටිය නොකර සිරස සමග එක්ව බාර්යාවො ටෙලිය කල බව ප්‍රකාශ කල ශෂී මැතිනිය  තමන්ද තම ස්වාමි පුරුස තුමා තරම්ම දේශ හිතෙසී බව පෙන්නා ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේදී විසේස ප්‍රකාසයක් කල විමල් වංස තුමා  සිරස දේසද්‍රොහී වුනේ ඉස්සර බවත් දැන් මහරාජාත් සමග සිරස දේසප්‍රේමි වී ඇති නිසා බාර්යාව සිරස සමග එක් වී බාර්යාවෝ සැදීම දේසප්‍රේමි ක්‍රියාවක් බව තමාට විස්වාස යැයි සඳහන් කලේය.

ඩිං ඩොං බෙල්

ගෙයක් දොරක් බතක් වතක්  ලද පමනින්  ලැබිය හැකිද විමුක්තියක් වික්ටර්

බෑනේ බාං

අන්න ඒකනේ කියන්නේ, අඩුම ගානේ නෙලුම් පොකුනෙන් නාට්ටියක්වත් බලලා නැත්නම් කොහෙන්ද ආනන්දයක්

ඇයි බාං වීරවංසාගේ බාර්යාවෝ බලමුකෝ සිරසේ ,

Advertisements
Comments
  1. maathalan says:

    එක පටන් ගත්තයි.. සම්බහිය එකක් වෙන්න ඇති නේ.. ජැකා ෆාහියන්ට ඇඳලා තනියම රඟපෑවා. අනික් කළාකාරයෝ හාල්පාරුවෝ වගේ ඕඩියන්ස් එකේ ඉඳන් ඈනුම් ඇර ඇර හිටියා.. ජැකා.. යු ආ ද මෑන්.. නාට්ටිය ඉවර වෙලත් රඟපෑවා. රෙන්නෙත් ඇක්ට් කර කරද දන්නේ නෑ..

  2. gadfly says:

    නැතුව නැතුව. අම්බානක් සම්බහිය එකක්, අද ඉඳලද කොහෙද පටන් ගන්නේ, අර ඒ දවස් වල දේශද්‍රෝහී කියලා පට්ට ගැහුව සිරසේ, හෙහ් හෙහ්

  3. Muththa says:

    තමන්ගේ නම හැම වැසිකිලි වලකම යොදා ගැනීමේ උන්මාදය මහින්දට මේ තරම් තියෙන්නේ තමන්ට කලින් හිටිය අයගේ නම් මකා දැමීමේ කුහක චේතනාව හැර අන් කිසිවක් නිසා නොවේ. මහින්දගේ නම දැමූ හම්බන්තොට ලොකු වතුර වල ගොඩයාගන්නට බැරුව දඟලද්දී, ඒ වගේ තවත් එකක් බවට මෙය පත් නොවනු ඇතැයි අපි සිතමු. මේ ශාලාවේ දිනක කුලිය ගෙවා නාට්‍යයක් පෙන්වන්නට අපේ දුප්පත් නාට්‍ය කරුවන් කීයෙන් කීදෙනෙකුට හැකිවේද? දැනටත් දරාගත නොහැකි නාට්‍ය ප්‍රවේශ පත්‍රයක මිල මේ රඟහලේදී කීයක් වෙයිද? බෝල්ෂෙවික් හෝ ඇල්බට් ශාලාවේදී නාට්‍ය බලන මිනිසුන් භාෂාව, සාහිත්‍යය, කලාව ගැන උසස් දැනුමක් හෝ අවබෝධයක් තිබෙන අයයි. ඔවුන්ට එම රඟහල්වල ටිකට් පතක් ගැනීමේ ශක්තියද තියනවා. අපේ රටේ තත්වය කුමක්ද? මේ ශාලාව හරියට නඩත්තු කරන්නට මාසයකට එහි ප්‍රසංග කීයක් පැවැත්විය යුතුද? එපමණ ටිකට් විකිනෙයිද? නැත්නම් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ අයට අනිවාර්යයෙන් බැලියයුතුයයි කියා නියෝග කොට ටිකට් විකුණා ගන්නවාද? එදා ඩී එස් සේනානායක මහතා ගල් ඔය ව්‍යාපාරයට ඩී එස් ව්‍යාපාරය කියා නම නොදැම්ම එකනම් හරිම සවුත්තුය. සමහරවිට, ලොක්කගේ අපාන වාත සිඹිමින් ගොම්පස් අල්ලන, කළා ව්‍යාපාරික ජැකා වගේ බම්මන්නන් එදා ඩී එස් ට නොසිටින්නට ඇත. එසේම මේ රටේ විශාලතම සංවර්ධන ව්‍යාපාරය වූ මහවැලි ව්‍යාපාරයට අයත් මහා ජලාශ එකකටවත් තමන්ගේ නම නොදැ මූ ජේ ආර් ජයවර්ධන මොන මෝඩ ජනාධිපති කෙනෙක්ද? හයෙන් පහක බලය අරගෙනත් තමන්ගේ රූපය සහිත එක කටවුට් එකක්වත් ගහගන්ඩ බැරි උනා නෙවද? අම්මපා මීළඟ ජනාධිපතිවරනයෙදී ගහන්ඩ නියමිත මහින්දගේ කටවුට් සඳහා ලංකාව ඉඩ මදිවන බැවින් ඉතුරු කටවුට් ටික චීනයේ ගසාගන්ඩ වෙන එක මතක්වී මුළු චීනයටම ඩෙංගු උන හැදෙනු ඇත.

    • ```Outsider``` says:

      බයවෙන්න එපා ඕකට ආදායම ලැබෙනව. මෙහෙමයි වෙන්නෙ. එල්පින්ස්ටන් එක කොළඹ සංචාරක පුරවරයක් කරද්දි අයින් කරන්න සිද්ධ වෙනව. එතැන හොඳ හෝටලයකටයි. ජෝන්ද සිල්වා එකත් සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ වැහෙනව. ටවර් එක අලුත්වැඩියා කටයුතු වලට වසරකට වැහෙනව.
      නෙලුම් පොකුණ තමයි විකල්පය වෙන්නෙ.

    • මුත්තෝ, මුත්තා හූනා වගේ ඉඳගෙන කෙළලා ඇරලා තියෙන්නේ, මම W3 lanka බ්ලොග් එකට දක්වපු අදහසක් සහ එයම වැඩි දියුණු කර තවත් බ්ලොග් එකකට දැක්වූ අදහසක්. මෙන්න ලින්ක් එක. http://w3lanka.blogspot.com/2011/12/blog-post_13.htmlකොපි කරන්ඩ එපා මුත්තෝ, ඒවා කැත වැඩ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s