අපේ රටට ජාත්‍යන්තරව සිටින්නේ ඉතා සුළු මිත්‍රයින් ගණනක්ය.  ඒ අපේ පාලකයින්ගේ ඔල මොට්ටල කම් වලට පිං සිද්ද වෙන්නටය.රුසියාව ,චීනය, ඉරානය හා ටික කාලෙකට  කලින් නම් ලිබියාවත් අපේ අතිජාත  මිත්‍රයින්ය. නැත්නම් එහෙම හිතාගෙන ඉන්නවාය.

මේ අයගෙන් චීනයත් රුසියාවත් අපේ මිත්‍රයින් වී ඉන්නේ අපට ඇති ආදරයකට නොව ඔවුන්ගේ ව්‍යාපාරික වුවමනා එපා කම් වෙනුවෙන් බව නොදන්නේ අපේ රටේ සිටින දේශප්‍රේමින් පමණක්ය.  ගිනිකන පොලී මුදලාලි කෙනෙකුන් වන චීනය අධික පොලියට ණය දී අපිව සූරා කන්නේය. ඒ අතර රුසියාව අපේ මුහුදු තීරයේ ඇතැයි කියන තෙල් සම්පතට කෙල හලමින් සිටින්නේ මස් කට්ටක් දු‍ටු  බල්ලෙකු පරිදිය.

ඒකාධිපති ,මානව විරෝධී ,නායකයන් සිටින  ඉරානය වැනි රටවල් අපව ආශ්‍රය කරන්නේ ඔවුන්ටද අපට වී ඇති සන්තෑසියම වී ඇති නිසාය. එනම් ඔවුනටද වෙන මිත්‍රයන්  නැති නිසාය.

ඉතින් අපිට සිටින මේ මිත්‍රයින්  සුලු පිරිස ගැන අපේ දේශප්‍රේමින් හා දේශහිතෛෂීන් හරියට වද වෙනවාය. ඔවුන්ට මොනවා හරි කරදරයක් වුනොත් ඒක අපිට වූ කරදරයක් වගේ පත්තර වලටත් , සඟරා වලටත් ලියනවාය. රූපවාහිනියෙ, ගුවන් විදුලියෙන් පැය ගනන් කඳුලු හලනවාය.

ලංකාවේ ඉඳගෙන දිවයින පත්තරයටයි වීරවංශ ඇමත්තාගේ ලංකා සී නිව්ස් වෙබ් අඩවියටයි  ලිපි ලියා තම මිත්‍රයින් බේරා ගන්නට පුලුවන් යැයි මේ දේශහිතෛෂී මහත්වරු  හිතයි . පහු ගියදා ලිබියාවේ ගඩා‍ෆි නම් අපේ අති ජාත සුපිරි මිත්‍රයාට පහර වැදෙන කොට ඒ මහත්වරු මෙහෙ ඉඳගෙන ලියපු ලිපිවල තිබුනේ එහෙමය.

ගඩා‍ෆිගේ හමුදාවලට දුවන්නට වදිත්දීත් අපේ දේශහිතෛෂී දොස්තර මහත්තුරු අපිට කිව්වේ ගඩා‍ෆිගේ හමුදා බෙංගාසි කැරලිකාරයින්ට එලවා එලවා ගහනවා කියලාය. සදාම්ට කරපු දේ ගඩා‍ෆිට කරන්න බැරි බවය. අපේ දේශප්‍රේමී මහත්තුරු මොනවා ප්‍රාර්ථනා කලත් අන්තීමේදී ගඩා‍ෆි කාණුවක් පල්ලේ සිට අහුවී මලේය. සී නිව්ස් එකටවත් දිවයින මුදලාලිටවත් ගඩා‍ෆි බේරා ගන්ට ඇඟිල්ලක්වත් උස්සා ගන්ට බැරි වුනේය.

ගඩා‍ෆිත් නැති එකේ මේ ගොල්ලන්ගේ දැන් උත්සාහය රුසියාවේ ජාවාරම්කාර ජාතිකවාදි නායකයා වන පුටින්ට කුමක් හෝ සහයෝගයක් දෙන්නටය. ඒකත් අර ගඩා‍ෆිට දුන් සහය වගේමය. සමහර වෙලාවට මේ වැඩේ මේගොල්ලෝ කරන්නේ ස්වයං වින්දනයට වෙන්නත් පුලුවන්ය.
පහුගියදා පැවති රුසියානු මැතිවරණයේ ප්‍රථිපල වීරවංශගේ වෙබ් අඩවිය වාර්තා කරල තිබුනේ ” රුසියානුවෝ ලෝකයක පැතුම ඉ‍ටු කරති, පුටින්ගේ පක්ෂයට විශිෂ්ඨ ජයක්” කියලා.සී නිව්ස් කට්ටියට ඒ ප්‍රථිපලය පුටින් විශිෂ්ට ජයක් වගේ  පෙනුනට මුලු ලොකේම දැක්කා ඒ චන්දේදී පුටින් ශීඝ්‍රයෙන් පසු බැහැලා තියෙන බව. 2007 අවුරුද්දේ 64% වුනු පුටින්ගේ පක්ෂයේ චන්ද ප්‍රතිශතය මේ සැරේ 50% දක්වා අඩු වෙලා. ඒ ප්‍රතිපලයත් අරගෙන තියෙන්නේ මැර බලය හා චන්ද දූෂණ වලින් කියලයි විපක්ෂය කියන්නේ. ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පල්ලම් බහින පුටින්ට අපේ දේශප්‍රේමියෝ උදව් කරන්නේ එහෙමයි. අපිට ඉතිරි වෙලා ඉන්න යාලු මිත්‍රයෝ කීප දෙනා ගේ ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න එපාය, මොනවා උනත්.

ඒක නිසා ලබන සතීයේ දිවයින පත්තරේට දේශහිතෛෂී දොස්තර මහත්තුරු ලියයි  පුටින්ගේ  ඓතිහාසික ජයග්‍රහණය හා ඒකෙන් බටහිර කුමන්ත්‍රණ කාරයින්ට සිද්ද වෙන හානිය ගැන වගේ දේවල් , ගිය සැරේ ගත්ත 64% වඩා මේ සැරේ ගත්ත 50%  වටින්නේ කොහොමද වගේ දේවල් .පුටින්  රුසියාව ඇතුලේ තමන්ගේ නම සවුත්තු කර ගත්තත් මෙහෙ ඉන්න අපෙ දේශප්‍රේමින්ගේ ගෝල බාලයින්ට ඒ වග දැන ගන්න අරින්න බැහැනේ .  අපිට කියලා ආයේ මහ ගොඩක්  යාලුවෝ  ඉන්නවයැ.ඉන්න එවුන් ටික දෙනා හොඳ හයිය හත්තිය තියෙන පොරවල් කියලා පෙන්නන්න ඕනේ.

සටහන- දේශප්‍රේමින් දේශහිතෛෂීන් එහෙම වැඩ කරන එක පුදුම වෙන්නදෙයකුත් නැහැ, අපේ සමහර වාමංශිකයෝ මේ මැතිවරණ ප්‍රතිපලය විග්‍රහ කරන විදියට. ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම්ට අයිති  ජනරළ පත්තරේ මේ ගැන ලියපු වාර්තාවේ නම ” පුටින් පහළට- වම ඉහළට ” කියලා. මේ කියන්නේ ගෙනාඩි ෂුගානොව්ගේ රුසියන් කොමියුනිස්ට් පක්ෂය මේ චන්දේදී ආසන 92 ක් ලබා ගැනීම. ගිය පාර ගත්ත 57 ට වඩා ඉදිරියට ගිහින්. කෙරෙන්ස්කිටත් වඩා දකුණෙන් ඉන්න ෂුගානොව්ගේ ජය වමේ ජයක් කියලා හිතනවා නම් වමේ සහෝදරවරුන්ටත් අපිට කියන්න තියෙන්නේ සොරි මල්ලි ,කියලා.

Advertisements
Comments
  1. maathalan says:

    පව්නේ. පුටින් නෙමෙයි අනේ. අපේ පුටින්ලා, ගඩාෆිලා, මාක්ස්ලා, ලෙනින්ලා, ගොබෙල්ස්ලා..

  2. kumara karunaratne says:

    when putin is less popular, left party has taken more. it is a clear symbol of public opinion change towards left, of course they were leniant to nationalism by chosing putin

  3. Buwa says:

    අනේ එහෙම කියන්න එපා ඕයි ,තට්ට පුටිනා හොඳ එකා , අපේ දේශප්‍රේමීන්ගේ හිත හැදෙන්න ඇමරිකාවට එරෙහිව වචනයක් හරි කියන්න ඉන්නේ මිනිහා විතරනේ(ගඩාෆි, අහමෙදි නෙජාඩ් වගේ බොරු බයිලා කාරයො ඇරුණාම )

  4. මේ අරෝව අපේ කට්ටිය ඇමෙරිකාව එක්ක යාළු නැති හින්දනේ. ඇත්ත තමයි ජේ. ආර්. පප්පා වගේ අමෙරිකාව එක්ක කදේ දාගෙන හිටියානම් අපිට ඔනේ තරම් උදවු ගන්න තිබුණා. මතකනේ ඉන්දියාව උඩින් පරිප්පු අතාරිද්දී ඇමෙරිකාව එවපු හෙලා දැකීමේ නිවේදනයේ දිග.

    • Buwa says:

      ඒකනේ මන් මෝහන් සීයට දෙන දීමම , රජිව් ගාන්ධියටත් දුන්න නම් හරි නේ නේද ?

      • නොමිලේම ඇමෙරිකාවට දෙනවට වඩා හොඳ නැද්ද මන් මෝහන් සීයට දෙන එක මොනවහරි අරගෙන. මෝහන් සීයගෙන් ගත්තු ඒවා බලන කොට පාඩු නැහැ නේද? පරිප්පු අතෑරගන්නේ නැතුව කොටියට ගහන්න ලයිසන් ගත්තු එකම මදිද?

        • Buwa says:

          ඔව් ඉතින් රජිව් ගාන්ධි වගේ කේප්ප වස්සෙක් නොවී ඔලුවක් තියන මිනිහෙක් නිසා කොටින්ට ගහන ලයිසම නම් දුන්නා ,ඒ වුනාට ඉතින් සීපා , බලය බෙදීම , ධීවර ප්‍රශ්නය වගේ ගොඩක් දේවල් හරහා අපිට පරිප්පු දානව තාම . මම නම් කියන්නේ ලංකාවේ හැටියට හොඳම දේ කාගෙවත් පැත්තට කඩේ නොයා හැමෝ එක්කම ශේප් එකේ ඉන්න එක . එතනදි පුටින් , ඔබාමා . සර්කෝස්, මන් මෝහන් කොයි එකාත් අපේ සතුරෙකු කර නොගැනීමයි වැදගත් . ලොකු රටවල් පිලි බෙදුනාට උන්ට එච්චර පාඩුවක් නැ , හැබැයි උන්ගෙ පිල්වලට ගොට්ට ගහන්න යන අපි අමාරුවේ . උදාහරණයක් විදිහට රජිව් ගාන්ධිගේ කාලේ ඉන්දියාව බටහිර විරෝධියි ජේ.ආර් පප්පා බටහිර හිතවාදී , එහෙම තිබිලත් ඉන්දියාව අපිට පුස් පාට් දැම්මා යස අගේට . දැන් ඉන්දියාව බටහිර හිතවාදියි , තව අවුරුදු10- 20කින් විතර කොරියාව ජපානය වගේ බටහිර රටක් විදිහට ඒ ගොඩටම වැටේවි . ඒත් තාමත් ඉන්දියාව අපිට පුස් පාට් දානව , අපි බටහිරත් එක්ක නම් තරහයි . ලංකාව පැත්තෙන් බැලුවාම බටහිර හිතවාදී කමෙන් හෝ බටහිර විරෝධයෙන් වැඩක් වෙලා තියනවාද ? ඒ නිසා මැද මාවතේ යන එක තමයි හොඳ . මැද මාවතට එන්න දැන් කරන්න තියෙන්නෙ ගඩාෆිලට පුටින්ලට හුරේ දාන එක නෙවෙයි තරහ කරගෙන ඉන්න බටහිරත් එක්ක සබඳතාවය්න් පටන් ගන්න එක

  5. ඩෙනිකින් says:

    “කෙරෙන්ස්කිටත් වඩා දකුණෙන් ඉන්න ෂුගානොව්”
    ඒක නම් ඇත්ත ,මරු කතාව

  6. http://lankacnews.com/sinhala/main-news/39531/

    cnewsකොමෙන්ටු වාරණය කිරීමෙන් ඇට මැස්සා cnews & weerawanshaගැන කියන කතා සත්‍ය බව තේරෙනවා….වීරවංස පුටින්ගේ හේනේ මාමා…lol

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s