සකල දේසවාසි බත් ගොට්ටනි එක්වවු

Posted: December 2, 2011 in Uncategorized
Tags: , , , , ,

අපේ කට්ටියක් අද හැන්දෑවේ කො‍ටුවේ  උද්ගෝසනයක් කොරන්ටයි යන්නේ , ආන්ඩුවටයි ඒකේ මහ තැන් වලටයි සහය පල කරලා. උන්නැහේලා අපේ රටට , වැඩ කරන ජනතාවට,  ඔච්චර මහන්සි වෙලා කරන සේවය වෙනුවෙන් අපි රට වැසියෝ මේ වගේ සහයක්වත් නොදුන්නොත් අපි දේසද්‍රෝහීයෝ වෙනවානෙ.

 උන්නැහෙලා අපේ රටට කරන සේවය මොකක්ද  කියලා අමතක නම් ඕන්න තියෙනවා පහලින්. ඔය ටිකක් විතරයි. හදිසියේ නේ මේ සටහන ලිව්වේ , ඔක්කොම ලියන්ට වේලාවක් නැහැ. මාත් යන්ට එපැයි උද්ගෝසනයට. ඉතින් යන්ට කලින් වැඩේට පොඩි ප්‍රසිද්දියක් දීලම යන්ට හිතුනා , කට්ටිය ටිකක් ගෙන්න ගන්ට . ඒවා අපේ යුතුකම්නේ. කොහෙද අර පෙරමුනේ රාලලාවත් හිටියානම් හොඳ පබ්ලිසිටියක් දෙයි වැඩේට.

මෙන්න වැඩ කිඩ.

1.හාමතේ ඉන්න පහල මට්ටමේ රජයේ සේවකයින්ට පඩි වැඩි නොකර සොච්චම් මුදලක්  පඩියට එල්ලීම.

2. පෞද්ගලික අංසයේ සේවකයින් ගැන කෙල බිංදුවක් වත් නොහැලීම.

3. අය වැයෙන් සුපියල සීයට තුනකින් බාල්ඩු කොරලා බඩු මිලට කෙලීම

4. පොඩි එකාගේ කිරි පැකට් එකේ ,අල  ගෙඩියේ , ලූනු බිකේ සිට සබ්බ සකල මනාවටම බදු ගැසීම

5. එහෙව් බදු මුදල් තමන්ගේ පෞද්ගලික බූදල් සේ සලකා මිහින්ලංකා , කොමොන්වෙල්ත් ගේම් , මාලිගා දන් සැල් ආදි දහදුරා වැඩට වියදම් කිරීම

6. මිනීමරුවන්ට ,ස්ත්‍රී දූසකයින්ට , හොරුන්ට , රාජ කරුනාව දී ම.

7. සල්ලි වලට ගන්න පුලුවන්  හැම එකාම සල්ලි වලට අරගෙන සක්විති වීමට සෙට් වීම

8. විරුද්ද උන් හම ගැසීම

9. රටේ හොඳම ඉඩම් කුනු කොල්ලෙට විදේසිකයන්ට විකිනීම

10.දුවා දරුවන්ගේ  අද්යාපනයට, සෞඛ්‍යයට වෙන් කරන මුදල් කැපීම

11. ……..මෙහෙම ලිය ලිය හිටියොත් මට වැඩේට යන්න වෙන්නේ නැහැ…

ඕන් අපි ගියා

Advertisements
Comments
  1. රාජ් says:

    ඔය ලිස්ට් එකට නෙගටිව් පැත්තෙ දෙයක් කල්පනා කලා ගොඩක් වෙලාවක ඉදන්. මතක්වුනේම නෑනේ.

  2. දැන් කියන විදියට වැඩට ගිහත් වැඩක් නැහනෙ ගෙදරම හිටු. 😀

  3. ගොඩෝ says:

    ඈ බොල ඇටයෝ, කොහොමද වැඩේ හොඳට තිබ්බාද?

  4. Vipul says:

    සකල දේසවාසි බත් ගොට්ටනි, ගල් අරක්කු ප්‍රේමීනි එක්වව්!!!

  5. Ratawesiya says:

    Menna premaye niruwatha

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s