ආශ්චර්යේ පිවිසුම-අධිවේගය හා තවත් කථා

Posted: November 28, 2011 in Uncategorized
Tags: , , , , ,

දක්ෂිණ අධිවේගී මාර්ගය නොහොත් ශ්‍රි ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කරන ආශ්චර්යේ පිවිසුම  ඊයේ   උත්සව ශ්‍රීයෙන් විවෘත කොරා . 

ලේසි පාසු වැඩක් හෙම නොවේ , කිලෝමීටරයකට රුපියල් මිලියන් 850 ක් වියදම් කරලා තියෙනවා. ඒ කියන්නේ කෝටි 85ක්. එතකොට මීටරයකට රුපියල් 850,000 කි. ඕකේ වියදම සෙන්ටිමීටරේට ගන හදලා තිබ්බ ,W3Lanka  එකේ අජිත් ගොයියා. ඊරිසියා කාරයෝ.

ඒ වගේද පින්නදූවේ ඉඳලා කොට්ටාවට පැයෙන් යන එක. කොට්ටාවේ ඉඳලා කො‍ටුවට යන්න තව පැය දෙකක්  යනවාය, එතකොට ගාල්ලේ ඉඳලා කො‍ටුවට කොහොමටත් පැය තුනක් යනවාය කියලා සමහරු කියනවාය. ඒක නම් ඇත්තය. ඒත්  ඒක වෙනම කතාවක්ය. ඒත් මේ වගේ සුබ මොහොතක ඔයවගේ අවලං කතා ඇදලා ගන්නේ රට සංවර්ධනය වෙනවා දකින්න අකැමති කුහක ඊරිසියා කාරයෝය. අපි එහෙම  නැත. අපි කොහොමටත් අධිවේගයට කැමතිය. අතිධාවනකාරිය.

දැන් ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැතිය. අධි වේගයෙන් යා හැකිය.  වේගය පිනවයි කියලා පාරවල් අයිනේ බෝඩ් ලෑලිත් ගසා තිබෙනවා නොවැ. හැබැයි ඊට යටින් තියෙන්නේ මරුවා කැඳවයි කියලාය. ඒකට කමක් නැත. අධිවේගී පාරක් ගොහින් මලත් මොකද. අපිත් දැන් ලෝක අධිවේගි මාර්ග ක්ලබ් එකේ සාමාජිකයන්  වෙමුය.  කොච්චර ගෞරවයක්ද?

මේ වගේ පාරවල් හදනවා නම් පඩි වැඩි නොකරාට , බඩු මිල ටිකක් වැඩි උනාට මක් වෙනවාද?

කරාපිටිය ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් අධිවේගේන් කොලඹට ඇවිත් බෙහෙත් ගන්න ඇහැකිය. කොලඹ මහ ඉස්පිරිතාලේත් බෙහෙත්  නැත්නම් නවලෝකෙට හරි ඇපලෝ එකට -සමා වෙන්න , ලංකා හොස්පිටල් එකට – හරි යන්න ඇහැකිය.

රටේ රස්සා ප්‍රශ්නෙත් අධිවේගෙන්ම විසඳාගන්න පුලුවන. අධිවේගි පාර දෙපැත්තේ තේ කඩ, බුලත් විටි කඩ ටිකක් දා ගත්තත් සල්ලි නොවැ. ඒ මුකුත්ම බැරි නම් අධිවේගේ යන ලංගම බස් වල කඩල වික්කත් මදෑ.

ගමේ ඉස්කෝලේ වැහුනොත් අධිවේගේ ඇවිත් කොලඹ රෝයල් එකට යනවාය. නැත්නම් කොලොම්බු ඉන්ටර්නැෂනල් යනවාය. අධිවේගේ තියෙනවා නම් කරන්න දේවල් ද නැතිවෙන්නේ.

අපේ විමලේ මලයත් අධිවේගේ ගැන රෝන් ටෝක් වගයක් දීලා තිබුනේය. ඔය වැඩේ ඔච්චර වැරදිනම් හදන්න කලින්ම ඔය වග කියන්න තිබුනා නොව. හදලා ඉවර උනාට පස්සේ කට පත්ත අදින්නේ . අනික ඔය කතා තැන් තැන් වල කිය කිය ඇවිදින්නේ කැබිනට් එකේදී ලොක්කාගේ මූනටම කියලා දැම්මා නම් අහවරයිනේ. මොකද ඔය කතා අපිට, මේ අහිංසක ජනතාවට, කියන්නේ . අපිද අධිවේගේ හැදුවේ ? ඔය වෛරේ පිට කොරේ පහුගියදාක ගස් හි‍ටුවීමේ උත්සවේ මුල් පෙලේ පු‍ටුවක් නොදුන්න එක ගැන කියලයි ආරංචිය. ඒ නිසා ඕවා එච්චර ගනන් ගන්න ඕනේ නැතිය.

සටහන- අධිවේගේ විවෘත කොරන උත්සවේට අකාශි උන්නැහෙත් ඇවිල්ලාය. මේ අර පහුගිය කාලේ ජපාන විශේෂ නියෝජිත කියලා හඳුන්වපු යශුෂි අකාශි වෙන්න බැරිය. උන්නැහේ , කොටි හිතවාදීයෙක්ය, අපේ මව්බිමට විරුද්ධ කුමන්ත්‍රණ කාරයෙක් කියලා අපේ දේශප්‍රේමි ඇත්තෝ කොච්චර නම් බණ අඬ ගැහුවද? එහෙව් කොටි පිල්ලියක් මේ වගේ වැදගත්  උත්සවේකට ගෙන්නයිද අපේ ලොකු ලොක්කෝ.මේ වෙන අකාශි කෙනෙක් වෙන්න ඇති

Advertisements
Comments
  1. @”මොකද ඔය කතා අපිට, මේ අහිංසක ජනතාවට, කියන්නේ” – හරිනේ බං කවුරු හැදුවත් ඕක හදන්න ගත්තු ණය ගෙවන්න ඔන අපිනේ.ඒකයි එයා අපිට කියන්න ඇත්තේ.(හැබැයි ඉතිං අපිට ඒ ණය නොගෙවා ඉන්න විදියක් නෑ.අර බදු මේ බදු කිය කිය දන්නේම නැතුවනේ ඒවා අපි අතිං ගෙවෙන්නේ).

  2. Buwa says:

    කේපි හා කරුණා දේශප්‍රේමින් වූ කල අකාශි සහ සෝල්හයිම් ගැන කවර කථාද .

  3. ```Outsider``` says:

    ඔය අධිවේගී කිව්වට හෙට අනිද්ද හෙංචයියන්ට ඕකෙත් තේ කඩ අරින්න දෙයි හැම තැනම. එතෙකොට ඕකත් පරණ ගාලු පාරෙන් වෙනස් වෙයිද කවුද දන්නෙ. මේක ලංකාව නෙව.

  4. youngzeezar says:

    අදිවෙගයෙන් කොළඹ ඇවිත් බඩුවක් ගසන්නද ඇහැකිය …එවිට ගැමි සංස්කෘතියද විනාස නොවේ …ඒ බඩු ගහන්නේ කොලබ නිසාය

    • gadfly says:

      ඕන් කිව්වා

    • උපුල්වන් says:

      මොනවද කතා ! ඇයි, අධිවේගෙ නිසා, ගැමි සංස්කෘතියත් නගා සිටෙව්වැකිනේ.
      මොනව උණත් යංසීසර් උන්නැහැගෙ කිව්වෙනං රත්තරන් අයිඩියා එකක්.

  5. උපුල්වන් says:

    ඇයි, අධිවේගෙ නිසා, ගැමි සංස්කෘතියත් නගා සිටෙව්වැකිනේ.
    මොනව උණත් යංසීසර් උන්නැහැගෙ කිව්වෙනං රත්තරන් අයිඩියා එකක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s