උසස් අධ්‍යාපනය බාර ඇමත්තා සිය  අධෝ මුඛය නැවත වතාවක් විවෘත කර ඒ අසලම තැන්පත් කර ඇති ස්වකීය මෂ්තිස්කයට ගැලපෙන ප්‍රකාශයක් කර තිබේ.විශ්වවිද්‍යාලවල සාමය ‍රැකීමට ඒවා තුල පොලිසී පිහිටවන බව ඔහු කියයි.

මීට ප්‍රථමයෙන් ලංකාවේ සරසවියක් තුල පොලිස් ස්ථානයක් පිහිටවූයේ 1984 දී වන අතර සිසුවෙකුගේ ජීවිතයක් බිල්ලට ගැනීමෙන් අනතුරුව එය ඉවත් කර ගැනීමට ජූනියස් ජයවර්ධනට සිදු විය.දහසකුත් එකක් පීඩනයන්ට යට වී අධ්‍යාපනය ලබන ,ඒ නිසාම ආවේගශීලි හා කැරලිකාර සරසවි සිසුන් පාලනයට පොලිසීය යෙදවීමට, එවන් වූ සිසුන් දහස් ගණනක් වෙසෙන සරසවි තුල පොලිසි පිහි‍ටුවීමට සිතන්නේ   අංශු මාත්‍රයක්වත් මොලයක් ඇති අයෙක් විය නොහැක. නමුත් අප රටේ පාලකයින් සිතන්නේ එලෙසය. උන්ට ඡන්දය දෙන චන්දදායකයිනුත් උන්ට දෙවැනි නැත. කරන තරමක් කරන්නේ ගොන් කම්ය.

 මෙසේ හදිසියේම සරසවිවල ආරක්ෂාව පිලිබඳව ප්‍රශ්නයක් මතු වූයේ ඇයි. සරසවි තුල පොලිස් ස්ථාන පිහි‍ටුවීමට තරම් ප්‍රශ්නයක් තිබේද?

රටේ විපක්ෂය බේද බින්න වී නන්නත්තාර වී ඇති තත්වයක් තුල ආණ්ඩුව ගෙන යන ඒකාධිපති ක්‍රියාදාමයට යම්තම් හෝ ප්‍රතිරෝධයක් නැගෙතැති සිතිය හැකි සරසවි ප්‍රජාව තමන්ගේ අණසක යටතට ගැනීමට ආණ්ඩුවේ ඇති නග්න ආශාව, ඒකාධිපති වියරුව  මිස මෙය අන්කිසිවක් නොවේ.

පසුගිය දා සරසවි ඇදුරන් ගෙන ගිය වෘත්තීයේ අරගලයත් , පෞද්ගලික වෙද විදුහලට එරෙහිව වෙද සිසුන්ගේ සටනත් නිසා එස්.බී  ලා සිටින්නේ ඔවුන් කෙරෙහි වූ වෛරයෙනි. එම නිසා කුමන හෝ මිලක් ගෙවා සරසවි පද්ධතිය තම පාලනයට නතු කර ගැනීම ඉදිරි දේශපාලන කටයුතු වලට පහසුවක් වනු ඇතැයි ඔවුන් සිතන බව පෙනේ.

විශේෂයෙන්ම ලබන වසර මුලදී පෞද්ගලික සරසවි පිලිබඳ පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන බවට කියවී ඇති මොහොතක සිසුන් පගා දමා මර්ධනය කර ගෙන සිටීම ඉතා වැදගත් වේ. එසේම වත්මන් රෙජිමය ඉදිරි කාලයේ රට පාලනය කරන්නට සැලසුම් කොට ඇත්තේ කෙසේදැයි එස්බී ගේ මෙම ප්‍රකාශයෙන් වටහා ගත හැක.

ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ රක්නා ලංකා නම් ආරක්ෂක සමාගම සරසවි වල ආරක්ෂක කටයුතුවලට යොදවන්නේ සමස්ත සරසවි  ප්‍රජාවම විරුද්ධ වෙත්දී තමන්ට කූටාලිකම් කරන උපකුලපතිවරුන්ගේ සහයෙනි. මෙම ක්‍රියාව නිසා සරසවිවල ආරක්ෂක වියදම තුන් ගුණයකින් ඉහල ගොස් ඇති බව වාර්තා විය.

මෙසේ අධ්‍යාපනයට වෙන් කර ඇති සොච්චම් මුදලින් කොටසක් නැවත වතාවක් වක්‍රව ආරක්ෂක අමාත්‍යාංශයට ගෙන්වා ගන්න අතර එම ක්‍රියාවන්ට එරෙහිව නැගී එන ජන මතය නිහඬ කිරීම සඳහාද යම් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වන බව පෙනේ.

ආණ්ඩුව , කැළණියේ අනාථ නලින් ද සිල්වා, ජපුර කන්‍යාරත්න වැන්නවුන් හා සිසුන් අතරට රිංගවා සිටින තම තැරව්කරුවන් ලවා සිසු ගැ‍ටුම් ඇති කරවන්නේ ඒ වෙනුවෙනි. විශේෂයෙන්ම කැළණියේ මෑතක ඇති වූ සිසු ගැ‍ටුම ගැන කෙලින්ම ඇඟිල්ල දික් වන්නේ නලින් ද සිල්වා වෙතය. මෙසේ ගැ‍ටුම් ඇති කර ඒවා මැඩ පැවත්වීමට පොලිසීය ගෙන ඒම ඉතාමත් පහසු කටයුත්තකි.

එපමණක් නොව මේ දිනවල මුලතිව් කැලයටත් වඩා අවි ආයුධ මතු වෙන්නේ සරසවි ශිෂ්‍ය නේවාසිකාගාර වල තිබීය. පේරාදෙණියෙන් ටී 56 උණ්ඩත් ජපුරෙන් බෝම්බත් මතු වී තිබේ. සරසවි වලට පොලිසී යෙදවීමට මීටත් වඩා තව අවශ්‍ය මොනවාද? මෙසේ අවි ආයුධ හංගා ගෙන සිටින ශිෂ්‍ය ත්‍රස්තවාදින් මර්ධනයට පොලිසීය යෙදවීම ගැන කවුරු විරුද්ධ වෙන්නද?

සටහන- අවශ්‍යම නම් දේශද්‍රෝහි බෙංගාසියන් බවට පත් වෙමින් සිටින ශිෂ්‍යයන් මර්දනය කිරීම ඉතාමත් දේශප්‍රේමි කටයුත්තක් බවට ප්‍රකාශයක් කලක් හිරු පුවත්පතේ අකුර විශේෂාංගය  කල විමලසිරි ගම්ලත් සහෝදරයා ලවා කරවා ගත හැකිය.

Advertisements
Comments
  1. maathalan says:

    ඕවා පුදුම වෙන්න දේවල් නෙමෙයි. බූරූවෝ උපකුලපති කම් කොරන්නේ. ත ටික කාලෙකින්. හමුදාවත් යොදවයි. ඇයි පොලිසියේ ආරක්ෂාවට.

  2. මේක දැක්කමයි මතක් උනේ.හැබෑට අර නිර්මාල් මහත්තයලට පොරොන්දු වෙච්ච වැටුප් වැඩිවීම දුන්න ද මේ අයවැයෙන්?

    • gadfly says:

      පොරොන්දු ??? හැක් හැක්,ඔහේ විහිලු කරනවද ජයසිරි මලයා. ඔය හාදයා කවද්ද පොරොන්දුවක් ඉෂ්ට කොරේ.

  3. නිවරද කිරීමයි.

    පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුල පොලීසිය පිහිටවූයේ 1983 අග හරියේය.

    එය ඉවත් කෙරුණේ ඇත්තටම නම් සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මිය ගිය පසුවය. මුලින්ම පද්මසිරි අබේසේකර (පේරාදෙනිය) සහ ඉන් දින දෙකකට පසු රෝහණ රත්නායක (කොළඹ).

    http://sannasa.sinhalajukebox.org/2009/Jan/2009Jan_page14.pdf
    අතීතයෙන් කොටසක්.

    • gadfly says:

      නිවරද කිරීම ගැන ස්තූතියි. පොලීසිය පිහිටවු වකවානුව ගැන මගේ මතකය මදක් අවුල්. නමුත් සිසුවෙකු කිව්වේ පේරාදෙනියේ පද්මසිරි ගැනයි. රෝහන මලේ එම මරනයට එරෙහිව උද්ඝෝෂණ කර විට පොලිස් වෙඩි තැබීමකින්.

  4. සමමිතික says:

    මෙය දරුනු මරදන ක්‍රියාවලියකි,කෙසේ නමුත් තවත් අසරන ජීවිත කිහිපයකට වග කියන්න වගේ මේ සුදානම,

  5. Alchemiya says:

    ඇමෙරිකාවේ සියළුම විශ්ව විද්‍යාලවල පාහේ විශ්ව විද්‍යාල පොලීසියක් ඇත. සමහර විශ්ව විද්‍යාල පොලිස් නිලධාරීන්ට ගිණි අවි තබා ගතහැකි අතර අනෙක් සියළුම දෙනා නිරායුධය. මොවුන් අල්ලස් ගන්නේ හෝ අසාධාරණ ලෙස පහර දෙන්නේ හෝ නැත.
    එමෙන්ම සිසුන් ද පොලිස් නිලධාරීන්ට නිසි ගෞරවය ලබා දෙන අතර, ඔවුන් ද විශ්ව විද්‍යාලයේම කොටසක් ලෙස සලකති.
    ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්‍වය වෙනස් ය. එකක් පොලීසිය තම ගෞරවය නැති කරගෙන තිබීමයි. පොලීසිය ක්‍රියා කරන්නේ තමන්ට අයත් පරාසයේ පමනක් නොවේ.. අනෙක ලංකාවේ මිනිසුන් සෑම මගුලකටම මුලින්ම විරුද්ධ වෙති, උද්ඝෝෂණය කරති. පසුව සමහර දේ වලට එකඟ වෙති. හොඳම උදාහරණය දක්‍ෂීණ ලංකා අධිවේගී මාර්ගයයි. මෙය පටන් ගැනීමට පෙර දහසක් උද්ඝෝෂණ, පහරදීම් ආදිය තිබුණ බව මට හොඳටම මතකය…. ඒ නිසාම මෙහි වැඩ කටයුතු බොහෝ කල් ගියබව ද මට මතකය… දැන් පාර හැදී අවසානය.. හැමෝම පාරේ එක වරක් හෝ යන්නට පොරකති….

    සංස්කෘතිය පසෙක ලා බැලූ කළ ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ගේ විනය ඇමරිකානු සිසුන්ගේ විනයට වඩා පහත් ය.. ඔවුනට Ethics නැත.. ඇමරිකානු සිසුන් දැරිය නොහැකි තරමට Home work, assignments, exams, ආදියෙන් හෙම්බත්ව ඇතුවා පමණක් නොව ඔවුන් අර්ධ කාලීන රැකියා වලින් ද හෙම්බත් වී සිටිති.. ඔවුන් සමහරක් ලංකාවේ සිසුන්ට වඩා ආතතියෙන් සහ පීඩනයෙන් පෙළෙති. නමුත් ඔවුන් එය අනුන්ට පහර දීමෙන් හෝ වෙනත් අයුරකින් ඒ පීඩනය අඩු කරගන්නට නොසිතති. ඔවුන් සති අන්තයේ විනෝද වීමක් හෝ වෙනත් අයුරකින් සිය ආතතිය නැති කරගනිති.
    ඇමරිකාවේ විශ්ව විද්‍යලවල 18ට අඩු සිසුන්ට මත්පැන් පානය තහනම් ය.. එය අතිශයින්ම දැඩිව පවතින නීතියක් වන අතර එයට අවනත නොවන්නේ කලාතුරකිනි… මෙහි නීති පද්ධතිය දැඩිව ක්‍රියා කෙරෙන අතර කිසිවෙකු ඒ ගැන ප්‍රශ්න නොකරයි….

    කළ යුත්තේ පොලීසි දැමීමට වඩා සිසුන්ගේ විනය සහ මානසිකත්‍වය සැකසීමයි… මේ බව අපේ මීහරක් දේශපාලනඥයින්ට වැටහෙන්නේ නැත.

    මා මේ කරුණු සියල්ල දන්නේ විශ්ව විද්‍යාල දෙකක අවුරුදු 11 ක් ගත කිරීමෙන් ලැබූ අත්දැකීමෙනි…

    • Mihil says:

      සහතික වශයෙන්ම ඇත්ත සහෝදරයා! ඉතාම සතුටුයි ඔබ වැනි විවෘත බුද්ධියක් ඇති අයෙකු ගැන දැනගැනීම සම්බන්ධයෙන් ! සමහරු දන්නේ නැති වුනාට පොලිසියේ ඉන්නවා හරි වටිනා මිනිස්සු! හැමෝම එහෙම නෙවේ වෙන්නැති! ඒ වුනාට ඒ වගේ මිනිස්සු ඉන්න නිසා තම අපේ නීතියක් නැති සමාජය මෙහෙම වත් තියෙන්නේ!

  6. Sanjeewa Rathnayaka says:

    ලඟම ඇති හරක් පට්ටියකට ගෙනගොස් එස්බියාගේ කර අඹන තුරු ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

  7. Mihil says:

    මම අහන්නේ උපකුලපති ලට මෝඩයෝ කියන්න ඔබලාට තියෙන සුදුසුකම් මොනවද? ඔවුන් ගේ වැඩ ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන්න පුළුවන්! හැබැයි අමු තක්කඩි නෙවේ! ඇය් සරසවි සිසුන් මේ රටට වැඩදායක වෙන්නේ නැතුව දේශපාලකයෝ වෙන්න හදන්නේ? අනික ඔය අසු ගණන්වල JVP එක පටන් ගත්තේ මහා අනර්ථ කාරී වැඩක් නොවේද? නිකන් හොඳ ජීවිතයක් ගෙවන්න තිබ්බ තරුණයෝ අරුගේ බල තණ්හාවට පොලම්බගෙන නිකන් මැරුණා. එත් සෝමවංශ තාම හෙන ජොලියෙන් ඉන්නවා. මම නම් කියන්නේ සාමාන්‍ය ශිෂ්‍යයෝ මුකුත් ප්‍රශ්න දාගන්නේ නැතුව ඉගෙන ගෙන තමන්ගේ රටට පවුලට වැඩක් කරන්න කියල. දරු මල්ලෝ හදාගෙන අවුරුදු 60 70 ක් සැපෙන් ජීවත්වෙලා මැරිලා යන්න කියල. මේ JVP එවුන්ගේ විකාර වැඩ වලට හවුල් වෙන්නැතුව.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s