අයවැයේ සාස්තරේ -අයි එම් එෆ් මන්තරේ

Posted: November 21, 2011 in Uncategorized
Tags: , ,

ලක්ෂ දහයක් දෙනාට සීයට දහයක් දී ලක්ෂ දෙසීයක් දෙනාට සීයට තුනකින් කෙලවා ඇත.

සීයට දහයකින් පඩි වැඩි වුනා යැයි මෝඩ රාජ්‍ය සේවකයින් උඩ පැන පැන නටන අතරේ ලූනු බිකේ සිට සියලු භාණ්ඩවල මිල අවම වශයෙන් සියයට තුනකින් ඉහල යනු ඇත.

ඔලුව අත ගා ටොකු අනිනවා කියන්නේ ඕකටය. ඒකට කියන අනිත් නම ජනතාවාදි අය වැය බව  වාසුදේව විප්ලවවාදි ඇමති තුමා  අපට කිව්වේය. වීරවංශ තුමාත් රණවක  සාදු තුමාත් අය වැයටත් චන්දේ නොදී වැසිකිලියේ හැංගෙයිදැයි ඇසූ විට රතුඑලියේ අතන සාමි කීවේ ඒවා සුම්මා කියලාය. බිස්නස් කාරයින්ට සපෝර්ට් කරාට අපිට පිස්සු නැති බවත් කිව්වේය.

රුපියල් දහදාක ඉල්ලුවත් දෙන්නේ නැති බව ෂුවර් කියා ලාල්කාන්ත නම්  කලින්ම කිව්වේය. එහෙම ෂුවර් එකක් ලාල්කාන්තට ආවේ  ඒ බව කියා වීරවංශ අතේ කලින්ම පණිවිඩ්යක් එවා තිබූ හින්දා වෙන්ට ඕනෑය.

බලාගෙන ගියාම පිස්සු තිබුනේ අපිට විතරයි වගේය.

ඔහොම යං ඔහොම යං !

Comments
  1. maathalan says:

    ඇයි දුන්නේ. බඩ පිරෙන්න. ගොන් අලි ටිකට.. උන්ට ඔහොම වෙලා මදි. විපස්සෙ ඉන්න ඕන හැටිත් ලොක්කම කියල දෙන්න ඕන. විපස්සේ ඉඳිද්දිත් ලොක්කා චන්ඩියා. එදත් සූරයා අදත් සූරයා..

    • අවලමා says:

      අනේ පල යන්න මෙතැනත් ඇවිත් තොගේ නිවට කම පෙන්නන්නෙ නැතුව. උඹ හොඳයි මහරජාගේ වන්දිභට්ටයා විදියට. හැබැයි උඹට එගේන්ස්ට් එකට මහින්ද අබේසුන්දර ඉන්නව.

  2. amal says:

    මේ අයට තව නිදි බෙහෙත් ටිකක් දෙමු

  3. Mundeer says:

    මං නං හිතන්නේ අපි මේ මහින්ද හෙන වැඩකාරයා පළාත හොල්ලගෙන ඉන්නේ කිව්වට එයා එතරම් තදින් ඉන්න කෙනෙක් නෙවී වගේ. නැත්නම්, අර තානපතිවරුන්ටත් එන්න කියල, ටී වී එකටත් දාල තියෙන අවස්ථාවේදී, එයාගේ ගෝලයෝ ඔහොම හැසිරෙන්නේ නැහැනේ. මොකද එතුමා පස්සේ ඔය වැරදියට හැසුරුන උන් ඔක්කොම අල්ලලා උන්ට හොඳ පාඩමක් උගන්නයි කියන බයට. එතුමා ගැන පොඩියට හරි බයක් තිබුනානම් මම හිතන්නේ නෑ ඒ අය මැරයෝ වගේ හැසිරෙයි කියල එතුමාට ලජ්ජා කරන්න. විදේශ අමුත්තොත් ඉස්සරහ.

    අනික ඔය මර්වින් තුමාට උනත් කී සැරයක් කිව්වද වැදගත් විදියට කතාකරන්න කියල. පයිසේකටවත් ගණන්ගත්තෙ නෑ නේ තාම. මං හිතනවා මහින්දතුමාට හරියටම ගැලපෙන්නේ ‘ආදරණීය තාත්තා’ විරුදාවලිය තමයි. ළමයින්ගේ හොඳ වෙලාවට අර බෝඩ් අල්ලලත් ‘ලැජ්ජයි’ කියන එක තාම මීටර් උනේ නෑ එතුමාට. එක තේරුණා දාට නම් කට්ටියම එළියේ මම හිතන්නේ.

  4. දේශ ප්‍රේමියා says:

    (01)2005/2011 වර්ෂ වලදී දැක්වූ රගපෑම් කුසලතා හේතුවෙන්,
    සයවරක්ම ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශිත වූ රංගධරයා කවුද?
    (a)මැරwin සිල්wa. (b)maහිnද Raජපkෂ.
    (c)විමල් weeeරවංsha. (d)Raනිල් වික්‍රමsinහ .
    (1)a. (2)b. (3)c. (4)d.
    (5)ඉහත සඳහන් කිසිවෙක් නොවේ.

  5. කම්කරුවා. says:

    මාතලන් උබ ලොන්ඩරි කාරයෙක්ද? මගෙත් රෙදි වගයක් තියෙනවා හෝදලා
    දියන්කො…

  6. helababa says:

    දුගියා- අනේ මහින්ද මහත්තයෝ මට පොල් පැලේ හිටෝ ගන්න ඉඩමකුත් දියන්කෝ.මම ඉන්නේ කුලී ගේක.

    රණවිරු බිරිදක් -අනේ මහින්ද මහත්තයෝ අපේ කෙනා යුද්දෙදි රට වෙනුවෙන් මලා.මට ඉන්නේ ලමයි දෙන්නයි.මට තව ළමයෙක් හදලා දෙන්න පුළුවන්ද එතකොට මට ලක්ෂේ ගන්නත් පුළුවන්.

  7. මටනම් පොල් පැලයක් හම්භවේවි .මම ඒක හිටෝල ලැබෙන ආදායමෙන් රටේ ඒක පුද්ගල ආදායම වැඩිකරනවා වැඩිකරනවාමයි .ඒකට මම දිවි හිමියෙන් වැඩ කරනවා පොල් කඩන්නෙත් මමමයි.විකුනන්න අරන් යන්නෙත් මමමයි.ගෙදර පොල් කන්නෙත් ඒ ගහෙන්මයි.මොකෝ එහෙම කරන්න බැරිද?දැන්ම පොල් පැලේ හිටුවන්න නැකතක් හදලා තියාගන්න ඕන
    ඇටමැස්සෝ උඹත් රටේ සංවර්ධනයට දායක වෙන්න බලහං නැත්තම් ඉතින් උඹටත් ඇටේ තලා ගන්න තමයි වෙන්නේ.

Leave a reply to helababa Cancel reply