තායිලන්තයේ වෙබ් තහනමේ ආදර්ශය හා වෙනත් එවැනි ආදර්ශ

Posted: November 17, 2011 in Uncategorized
Tags: , , , , , , , , , , , ,

“විවිධ හේතු නිසා මෙම වසර තුළ තායිලන්තයේ වෙබ් අඩවි 47,000 ක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ අතර කිසිදු රාජ්‍ය විරෝධී වෙබ් අඩවියක් චීනයේ ක්‍රියාත්මක වීමට එරට රජය අවස්ථාව ලබා නොදෙන බවද රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.”

(ඉහත ලිපි කොටස අප උපුටා ගත්තේ ලංකා සී නිව්ස් නැමති අන්ත වර්ගවාදි ,රාජ්‍ය ගැති වෙබ් අඩවියෙනි. එම අඩවිය පවත්වා ගෙන යන්නේ කුප්‍රකට ලෙමන් පෆ් වීරයාගේ පිරිහෙන  ප්‍රති රූපයට හුලං ගසා පිම්බීමටය.’)

දැන් මේ මහත්වරුන් අපට කියන්නේ තායිලන්තය වෙබ් අඩවි 47,000 ක් අවහිර කිරීම හොඳ නම් , චීනය රාජ්‍ය විරෝධී වෙබ් අඩවි එකකටවත් ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන්නේ නම් අප රටේ වෙබ් අඩවි කිහිපයක් තහනම් කලාට මක් වෙනවාද යන්නයි.අප  මෙන්ම ථේරවාදි බුදු දහම ඇති තායිලන්තයෙන් ආදර්ශයක් ගත්තාට මක් වෙනවාද යන්න මේ උතුමන්ලා අපෙන් නො අසා අසති. එසේම අපට මේතරම් ණය ආධාර දෙන චීනය ආදර්ශයට නොගන්නේ මක් නිසාද යන්න එම ප්‍රකාශයේ ගැබ්ව තිබේ.

ඇත්තටම එය ඉතා හොඳ කථාවකි. ආදර්ශයට ගත යුතු කථාවකි. හැරත් විදේශයන්ගෙන් එබඳු  ආදර්ශ  ගන්නවා නම් එලෙස ආදර්ශයට ගත හැකි ක්‍රියා ඕනෑ තරම් අපටත් පෙන්වා දිය හැක. මේවායින් සමහරක් දැනටමත් ක්‍රියාවට නංවා ඇතැයි ඔබට හැඟුනොත් ඒ ගැන අපේ සම්බන්ධයක් නැති බව පමණක් සටහන් කර ගැනීමට කාරුණික වන්න.

1. ජර්මනියේ ඒකාධිපති හිට්ලර් යුදෙව්වන් හැට ලක්ෂයක් ගෑස් කාමර තුල සමූල ඝාතනය කිරීම

2. ස්ටාලින් 1930-40 ගණන් වලදී සෝවියට් දේශයේ තම විරුද්ධවාදින් යැයි සැක කළ ලක්ෂ ගණනක් හිර කඳවුරු වලට ගාල් කීරීම හා  තවත් ලක්ෂ ගණනක් මරා දැමීම.

3.අපගේ හිත මිතුරු  චීනයේ ඊනියා කොමියුනිස්ට් පාලකයින් 1989 දී ටියන්මාන් චතුරශ්‍රයේ උද්ඝෝෂණය කළ සිසුන් යුධ ටැංකි වලට යට කර මරා දැමීම

4. අපගේ අතිජාත මිත්‍ර ස්වර්ගස්ත ගඩා‍ෆි තුමා තමන්ට විරුද්ධව උද්ඝෝෂණය කල තම රටේම ජනයාගේ හිස් මතට ගුවනින් බෝම්බ හෙලීම.

5. ගඩා‍ෆිගේ පුත්‍ර රත්නයන් රටේ ධනය කාබාසීනියා කරමින් කම් සැප විඳීම

6. ඇෆ්ඝනිස්ථානයේ සිටි තලිබාන් පාලකයින් රටේ ජනයාට සංගීත, සිනමා ඇතුලු සියලු කලා තහනම් කිරීම.

7. චිලී රට , ආර්ජන්ටිනාව ඇතුලු ලතින් ඇමෙරිකන් රට වල සිටි හමුදා පාලකයින් තම විරුද්ධවාදින් , වාමාංශිකයන් තොග ගණනේ අතුරු දහන් කිරීම

8. ඉඩි අමින් තම විරුද්ධවාදින්ගේ මස් අනුභව කිරීම

9. හොස්නි මුබාරක්ලා, ගඩා‍ෆිලා තම රටේ ජාතික ධනය පෞද්ගලික ස්විස් බැංකු ගිණුම් වල ගොඩ ගසා ගැනීම.

10. තායිලන්තයේ ප්‍රධානම සංචාරක ආකර්ෂණය ගණිකා වෘත්තියයි

11……..තව ආදර්ශයට ගත හැකි දෑ බොහොයි……

Advertisements
Comments
  1. maathalan says:

    දැන් වෙබ් අඩවි, ඊළඟට පත්තර, ඊළඟට ටී.වී. ඊළඟට රේඩියෝ, ඊළඟට චිත්‍රපටි. ඊළඟට දැන්වීම් පුවරු. ඊළඟට මරණ දැන්වීම්. ඊළඟට පොත්. ඊළඟට පාසල්, ඊළඟට කතාකිරිම. ඊළඟට රැස්වීම. ඊළඟට අනෙක් පක්ෂ. අන්න එදාට තමයි මූට පත්තු වෙන්නේ..

  2. indika27 says:

    ඇයි යකෝ බේසික් වලින් පනින්නෙ…ටී වී..රේඩියෝ පත්තර හැම දේම කන්ටෝල් කරගන්න රජයට පුලුවන් ඒත් මේ ඉන්ටර්නෙට් කන්ටෝල් කරන්න රජයට බෑ…
    ඇමති ලේකමාම කියල තිබුනෙ පත්තර ඇතුලු අනෙක් සියලු මාධ්‍ය ලියාපදිංචි නිසා වගකීම කවුරු හරි අතට යනව ඒත් වෙබ් අඩවි සම්බන්ධයෙන් එහෙම නෑ කියල….
    ඔක්කොම අනෙක් මීඩියා කන්ට්‍රොල් වෙලා ඉවරයි..දැන් ඉතිරි අර වෙබ් ටික විතරයි…

  3. ;-( says:

    http://lankacnews.com/sinhala/news/35076/

    මේ කියන්නේ
    එක්කෝ කේපීව රට ඇරලා තියන්නේ කියන්නේ ආණ්ඩුව ,එහෙම නැත්තන් කේපීව අල්ලගෙන ආවා කියන්නේ බොරුවට 😉

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s