ඕස්ට්‍රේලියාව ඔබට ස්තූතියි. -Thank You, Australia

Posted: November 12, 2011 in Uncategorized
Tags: , ,

අපි යම්තම් බේරුණේය. බේරුණා නෙවේ බේරා දුන්නේය. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 27 ක් අපිට කෙලවන්නට උත්සාහ කරද්දි අපිට ආදරේ කරන රටවල් 43 ක් එකතුවී අපිව බේරා ගත්තේය. ඒ රටවලට අපි ස්තූතිවන්ත විය යුතුය. එසේම ඒ රටවලට මග පෙන්වීම හා අවශ්‍ය ධෛර්ය ලබා දීම ගැන ඕස්ට්‍රේලියාවට අපේ අති විශේෂ ස්තූතිය හිමි වේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩ උළෙල දිනා ගැනීමට ශාන්ත කිට් දිවයිනට ගිය මෙගා කණ්ඩායමේ වියදම්ද ඇතුලුව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1000 කට වඩා වියදම් කර ඇතැයි කියවේ. 

මිනිස්සුන්ට මෙන්ම රටවලටද කරන්නට පුලුවන් දේවල්ද බැරි දේවල්ද තිබේ. තමන්ට කරන්නට බැරි දෙවල් මොනවාදැයි ඒ ඒ රටවල් අවබෝධ කර ගෙන සිටියා නම් කැම්පේන් වලට වියදම් කල කෝටි ගනන් මුදල් ඉතිරි කර ගන්නට තිබිනි. තමන්ට බැරි බව රටේ පාලකයින් නොදන්නා නිසා වියදම් වන්නේ රටේ පොදු මහජන මුදල්ය.

රටේ අය වැයෙන් වැඩි කොටසක්  ණය පොළී වාරික ගෙවීමට වැය කරන ලංකාවට මේ  මංගල්ලය කිරීමට ඩොලර් කෝටි ගනන් ණයට ගැනීමට සිදු වන්නට  ඉඩ තිබුණි. නමුත් දැන් අඩුම ගණනේ රජ කුමාර වරුන්ගේ සිහින සැබෑ කරන්නට වියදම් කිරීමට සැලසුම් කල අමෙරිකානු  ඩොලර් මිලියන 600 ක් නොහොත් රුපියල් මිලියන 60,000 ක ණය බර මේ රටේ ජීවත් වන අහිංසක මිනිසුන්ගේ කර මත පැටවෙන්නේ නැත.

බැරිවෙලාවත් 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලංකාවේ පවත්වන්නට ලැබුණා නම් අපටත් වන්නේ 2004 අවුරුද්දේ ශත සංවත්සර ඔලිම්පික් උළෙල පවත්වා ග්‍රීසිය වැ‍ටුණු වලේම වැටීමටය. එනම් සම්පූර්ණයෙන්ම බංකොලොත් වීමටය. නමුත් ග්‍රීසිය බේරා ගැනීමට යුරෝපා සංගමය හෝ සිටී. එහෙත් අපේ  අතිජාත මිත්‍ර ගඩා‍ෆිත් වල කජු ගසා ඇති තත්වය තුල අපට හොම්බෙන් යෑමට සිදු වීමට ඉඩ තිබුනි.

ඒ රුදුරු ඉරණමෙන් අපිව බේරා ගත් ඕස්ට්‍රේලියාව ඇතුලු අපේ කළ්‍යාන මිත්‍ර රටවල් 43ට අපේ ස්තූතිය.

Advertisements
Comments
  1. යෝධයා says:

    ඔව් වර්ල්ඩ් කප් එක කරලත් හාඩ් ඩිස්ක් එක නැතිවුන එකේ මේකෙත් එහෙම වුනොත් කියල හිතන්න ඇති.

  2. ashenmalinda says:

    කතාව නම් සහතික ඇත්ත,,,,,,,

  3. ගඟට ඉනි කැපුවා මෙන් නැතිවී යාමට තිබූ අපේ දල ජාතික ආදායමින් හතරෙන් එකක් පමණ මුදලක් බේරා දුන්නාට ඔස්ට්‍රේලියාව හා අනෙක් රටවල් 43ට මම ද ප්‍රණාමය පුදකරමි.

  4. maathalan says:

    උඹට පිස්සූ.. වැරදිලා රූපවාහිනි බලපු වෙලාවේ කිව්වේ ඡන්ද 9 කින් පැරදුනේ කියලා. අජිත් නෙවාඩ් කියලා තියෙන්නේ සුළු ගනනකින් කියලා. උන්නැහේට කොහොමත් ඉලක්කන් ඇලජික් කේස් එකක් තියෙනවා මයෙ හිතේ. අර රටවල් 43 දාපන් මචං තැන්කූ කාඩ් ටිකක් යවන්න..

  5. Wots the matta?
    Mina matta
    R V worried
    No, No!

    ලබන පාර දෙනව බැටේ!

  6. පෙරමුණේරාල says:

    මේක තනිකරම බටහිර කුමන්ත්‍රණයක්. නැති නම් ජිල්මාට් එකක්. අපේ සංවර්ධනය ඉවසගන්න බැරුව අපිට විරුද්ධව කරපු දෙයක්.

  7. niranjana says:

    thati yantan.me gone aduwata mongale. Thanks australia. we love you

  8. rachitha says:

    australiyawa mokada kare?

  9. දුකා says:

    ශෙහ් මේකත් අපිට ලැබුනා නම් ලබන මාසේ ඉඳන් පොල් ගෙඩිය රුපියල් 75ට කන්න තිබ්බා . . අපරාදේ . . .

  10. gamaya says:

    Sri Lankans are dealing with the disappointment of losing the vote to host the 2018 Commonwealth Games, amid concerns it is a lost chance to develop sport in the island nation.

    The southern city of Hambantota was defeated by Australia’s Gold Coast in Friday’s polling, with members of the Commonwealth Games Federation on Friday voting 43-27 in Australia’s favour.

    Australia has hosted the games four times previously while Sri Lanka was bidding to host the games for the first time.

    Advertisement: Story continues below Sunil Gunawardena, a veteran athlete and coach, said hosting would have given Sri Lanka a chance to “turn a new leaf in the country’s sports history” after the end of a three decades civil war.

    “This is not fair,” Gunawardena said.

    “All the countries should be given an opportunity whether they are small or poor. This time, they should have set an example by giving this to a small country like us. No one does challenge this injustice, but Sri Lanka challenged it.”

    “In the future, we should given serious consideration to change this scenario.”

    Gold Coast’s bid was based largely on the use of existing facilities while Hambantota, a city largely devastated by the 2004 Boxing Day tsunami, promised to deliver brand new stadiums, an international airport and other infrastructure by 2016.

    The Commonwealth Games Federation Evaluation Commission said it was satisfied that Hambantota could guarantee a “safe and peaceful” games, but warned that significant investment was needed in telecommunications infrastructure, transport and hospitals and said staging the games there presented a “medium-to-high risk” compared with the “low risk” of the Gold Coast.

    Sugath Thilakaratne, an athlete who earned a bronze medal in 1998 games, agreed it is a lost chance to boost Sri Lankan sports.

    “It could have been a huge challenge for Sri Lanka to hold this event, but it would help to generate enthusiasm among the public and would make a tremendous boost to the local sports,” Thilakaratne said.

    It was not just sports figures who complained. Pradeep Silva, 43, a pavement hawker was also critical of the outcome.

    “Why can’t they give us a chance,” Silva said.

    “This is the so-called mentality those rich countries still maintain. They think they are still the colonial masters, we have to obey them. I am happy that at least Sri Lanka made an effort.”

    There was no initial response from the government.

  11. කඩප්පුලියා says:

    නාමල් කැ..යා අතුළු හොර නඩයට පු.. ගස්සලා එව්වනම් තමයි හරි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s