ශාන්තුවර ගඩා‍ෆි සහ පුත්‍ර සමාගම – St. Gaddafi and Sons Co (Pvt) Ltd.

Posted: November 11, 2011 in Uncategorized
Tags: , , , , , ,

ගඩා‍ෆිගේ මරණය අය වැය , ජීවන බර, වැඩි වන බඩු මිල ,භාරතගේ මරණය හා දුමින්ද ගේ පලා යෑම ,වැනි අමිහිරි මතකයන්ගෙන් ආණ්ඩුව මුදා ගැනීමට ආ වෙස් වලාගත් ආශිර්වාදයක් විය.

වීරවංශ, නලින් සිල්වා, වසන්ත බණ්ඩාර බඳු රාජපාක්ෂිකයන් ගඩාෆීව ශාන්තුවරයකුගේ තත්වයට ඔසවමින් ඔහුගේ මරණය ගැන විරෝධය පල කරන්නේ ගඩා‍ෆි ගැන උපන් අනුකම්පාවෙන් නොව හුදෙක් ජනතා අවධානය ඒ දෙස යොමු කර ඔවුන්ව නිර්වින්දනය කිරීම සඳහා පමණි.

මේ කල්ලිය මෙසේ ගඩා‍ෆි ගැන මෙරට ජනතාව මත පැටවීමට උත්සාහ කරන එක් ප්‍රධාන කරුණක් වන්නේ ගඩා‍ෆි බඳු ජනතා හිතවාදි ජනතා පුත්‍රයෙකු මරා දැමුනේ ඔහුගේ අධිරාජ්‍ය විරෝධී අදහස් නිසා බවයි. ඔවුන් මෙසේ කියන්නේ ගඩා‍ෆිගේ සියලු ව්‍යාපරික සබඳතා තිබුණේ ඔය කියන බටහිරයන් සමග බව මෙරට ජනයාට වසං කරමිනි. මේ ඊනියා දේශප්‍රේමින් අපට කියන්නේ ගඩා‍ෆිද ඇතුලුව අප්‍රිකා හා අරාබි කලාපයේ ඒකාධිපතියන් ගණනාවක් බලයෙන් ඇද දැමු මහජන නැගිටීම් හුදෙක් බටහිර කුමන්ත්‍රණ බවයි.  එසේ කීම තුල ඔවුන් බලාපොරොත්තු වන්නේ ,මේ රට තුලද එවන් අරගල පැන නගිතැයි සිතා බිය වී, ඊට එරෙහිව දැන්මම ජනතා මතයක් ගොඩ නැගීමයි.

නමුත් මේ ඊනියා දේශ්ප්‍රේමින් හෝ හාන්සි පු‍ටු විප්ලවවාදි වාමංශිකයන් කියන පරිදි මේ ජන නැගිටීම් ගැන කිසිදු  ගැටලුවක් නැත.ජනතාව නැගී සිටියෙස් ඒකාධිපතිත්වය තව දුරටත් දරා ගැනීමට නොහැකි වූ නිසාය.  ගැටලුව ඇත්තේ එම නැගිටීම් නිසි පරිදි කළමනාකරණය කර නොගැනීම නිසා ඒවා දක්ෂිණාංශික හා අධිරාජ්‍යවාදි බලවේගවල ග්‍රහණයට නතු වීමය. ඒ ගැන වෙනම කතා කල යුත්තකි.

අද අපේ උත්සාහය “ශාන්තුවර” ගඩා‍ෆිගේ පාලනයේ සැබෑ තතු ස්වල්පයක් හෙලිදරව් කිරීමය.

ලෝකයට ඉතාමත් ප්‍රගතිශීලි මුහුණක් පෙන්වූ ගඩා‍ෆි ඉතා මර්ධනකාරි ප්‍රතිපත්තියක් තම රට තුල ගෙන ගියේය.තම විරුද්ධවාදින් නිහඬ කලේ මරා දමා හෝ හිරේ දමාය. ඔහු සැලකුවේ තමන් අයත් ගෝත්‍රයට පමණි. එයට පිටින් වූ ගෝත්‍රවල ජනයා දැඩි මර්ධනයකට ලක් කල අතර බොහෝ දෙනෙක් හිර ගත කල අතර තවත් උන් මරා දැම්මේය.

ඔහුගේ පුතුන් මිනීමරුවන් හා සල්ලාලයන් විය. මේ සල්ලාල පැටවුන් තම රටේ  තරුණියන්ට සැලකුවේ කෙලි බඩු මෙනි. තමන් හා ලිංගිකව හැසිරුණු තරුණියන් ගේ කලවා වල ලාඩම් ගැසුවේ තම තිරිසන් මනෝ භාවයන් මනාව හෙලි කරමිනි.

උන් රටේ තෙල් සල්ලි භාවිතා කරමින් සුපිරි හෝටල් වල  තරුණියන් හා විනෝද වන අතර රටේ පොදු ජනයාට තිබූ සිනමා ශාලා පවා වසා දැමුවේය.

ගඩා‍ෆිගේ  පුතුන් බටහිර රටවල සුපිරි ක්‍රීඩා සමාජ වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කරද්දි මේ ඒකාධිපතියා තම රටේ ක්‍රීඩාංගණ පවා වසා දැමුවේය.

එපමණක් නොව  ඔහුගේ පුතුන් විදේශ රටවලට ඉගෙනීමට යැවු ඔහු තම රටේ විදෙස් භාෂා භාවිතය පවා තහනම් කලේය.

අතල්ස්සක් වූ ධනවතුන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අසල් වැසි ඊජිප්තුවට යාමට පුරුදුව සිටි  අතර පොදු ජනයාට නිසි සෞඛ්‍ය පහසු කම් නොතිබිණි.

රටේ ජනයාගෙන් තුනෙන් එකක් (1/3) ‍රැකියා විරහිතයන් වෙද්දි ගඩා‍ෆි තෙල් වලින් ලැබුණු මහා ධන සම්භාරය වියදම් කරමින් අති නවීන අවි ආයුධ ගොඩ ගැසුවේය.

එහෙත් ඒ කිසිම ආයුධයකට ,තමන් අප්‍රිකාවේ රජුන්ගෙත් රජු ලෙස හඳුන්වා ගත් මේ ඒකාධිපතියා කාණු පල්ලේ බල්ලෙක් මෙන් මිය යාම වලක්වා ගත නොහැකි විය.

මේ අනුව අපට තේරුම් ගත  හැක්කේ ගඩා‍ෆි යනු ලිබියාවේ ගැලවුම් කාර ශාන්තුවරායණෝ නොව වසර හතලිහක් තිස්සේ එරට අපායක් කරා ක්‍රමයෙන් ගෙන ගිය යම පල්ලෙක්  බවයි.

Advertisements
Comments
  1. Suren says:

    Gadafi gena nodanna toraturu tikak denagathimi Thank You

  2. matara putha says:

    madha… yako Gadafi maetharama naruma balekdha?

  3. Ravi says:

    / තමන් හා ලිංගිකව හැසිරුණු තරුණියන් ගේ කලවා වල ලාඩම් ගැසුවේ තම තිරිසන් මනෝ භාවයන් මනාව හෙලි කරමිනි. /

    ලාඩම් නෙවෙයි මැස්සො….හංවඩු…

  4. කරුණාකර මේ පුවතේ මූලාශ්‍ර ලබාදෙන්න.මොකද මම අහල තියෙන විදියට නම් ගඩාෆි තම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා නොදුන්නට. ඔවුන්ගේ ජීවන තත්වය උසස් කර අනෙක් සියලුම ‍දේ ලබා දුන්නා.

    • gadfly says:

      මේ තොරතුරු ලබා ගත්තේ පහු ගිය සතියේ ඉරිදා උදේ ස්වාධීන රූපවාහිනියේ විදෙස් පත්තර කියවන ලලිත් සිල්වා කියපු දේවලින්.

  5. maathalan says:

    මෙහෙම ලියන එක හොඳයි උදේට රූපවාහිනියේ ප්‍රසාද් කෞෂල්‍යයි, විජයයි දෙන්නම ගඩාෆිට නිවන් සුව පතනව දකින කොට මට හිනා යන්නේ අධෝ මුඛයෙන්. පුළුවන්නම් තව ලියන්න. ඌගේ ජඩ වැඩ ගොඩක් උන් දන්නේ නෑ..

  6. indika says:

    lipiya wadagath…

  7. Nalinda says:

    මේවා කියවලා අපේ ගඩාපිට චූ කරන තැන අමතක වෙලා දනිස්සෙන් චූ කරාලු. ගඩාපිගේ පත නෝනා ‘ගඩාපිනී’ සල්වාර් එකේ කලිසම ඔලුවෙන් ගැලෙව්වලු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s