නූතන දහම්සොඬ නාටකය

Posted: November 1, 2011 in රංචාගොඩ ළමයා

( සිංහයා නටමින්  වේදිකාවට පිවිසෙයි. සිංහයාගේ ලොම් හැලී සුනඛ වේශයක් දිස් වේ)
 
මම වෙමි කෙසරින්දා
මහජන මුදලින් සිංහපුරට ගිය
අඹුවත් හා සමගින්
විනෝද වෙන්ටා හොර රහසේම
 
කවුරුද සිතුවේ යවන්ට මා සිපිරිගෙදරටා
නොදනිති උන් මා වෙත ඇති බව රාජකරුණා
යන්නෙමි රජවාසල වෙත හනිකා
සවිමත් කරනට එතුමාගෙ දෑතා
 
දොමිකිට දොමිකිට දොමිකිට තක දොං
රූංද තරිකිට තරිකිට තකදොං
තරිකිට තකදොං තරිකිට තකදොං
තෙයියත් තෙයියත් තෙයියත් තා
 
(සිංහයා නටමින්ම වේදිකාවෙන් පිටවෙයි)
Advertisements
Comments
  1. maathalan says:

    පව් බන් එක් ලක්ෂ පනස් දාහේ කේස් එකක්. ළොක්කට පින් අයිති වෙනවා මේ වැඩේට නම්. රදලියගේ ගානටත් වඩා අඩුයි. අර ප්‍රකෝටි ගනන් හොරකම් කරපු කොතලෙයි ඩිරෙක්ටර්ලයි ඔක්කොම එලියේ උන්ටත් කවි ලියපන්කෝ. මේ තනකොල කන කේසරයෙක්නේ.. උඹලට පව් සිද්ධ වෙනවා.. අම්මපා ඕන් නොකිව්වයි කියන්න එපා…

  2. yodhaya says:

    දහ අට ලස්සයක්… එකාමාරක් නෙවී…

  3. ප්‍රේක්ෂකයා says:

    සිංහයා නටමින්ම වේදිකාවෙන් පිටවෙයි.ප්‍රේක්ෂකයා කට ඇර ගෙන බලා ඉඳී .

  4. සහම්සොඬ විතරක් නෙමෙයි අනෙක් ජාතක කතා වලත් මෙගා මික්ස් වර්ෂන් තමයි දැන් තිරගත වෙන්නෙ.

    මේ කතා වල දේවදත්ත තමයි වීරයා. විශාකලාට දැන් ඇඩ්‍රස් නෑ. චිංචිමානවිකාවො තමයි හැම තැනම අග්‍රදායිකා තනතුරු හොබවන්නෙ. පරණ පොතේ හොරකම් කරන උන්ට දඬුවම් කලාට, අලුත් පොතේ විදිහට රජ්ජුරුවො උන්ව තමුන්ගේ රාජ සභාවට ගෙන්නල තාන්න මාන්න ගම්වර දෙනව. අහිංසකයන්ව ගස් බඳින, ඔලු පලන තක්කඩින්ව සිටුවරු කරනව.

    හොරකම තමයි රාජ්යයේ ගෞරවනීයම වෘත්තිය. හොරකමට අමතරව ස්ත්‍රී දූශණ, කුඩු ව්‍යාපාර වගේ බලගතු කුසල් ඇති පිංවතුන්ට එක රැයින් මාර්ගඵල ලබාගන්න පුලුවන්.

  5. ඇයි? සේනාවකම නායකයා !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s