මනාප ක්‍රමය ගැන නව කියවීමක් නොහොත් කොලොන්නාවේ පාඩම

Posted: October 21, 2011 in Uncategorized
Tags: , , , , ,
 
දුමින්ද සිල්වාත් භාරත ලක්ෂ්මනුත් පසු ගිය දා කොලොන්නාවේදී පෙන්වන ලද මාරන්තික සංදර්ශනයෙන් පසු නැවත වතාවක් මනාප චන්ද ක්‍රමයේ හොඳ නරක ගැන කතා බහක් ඇති වී තිබේ.
 
මේ ගැන අදහස් දක්වන සියලු දෙනා කියන්නේ  සමානුපාතික චන්ද ක්‍රමයේ  හා මනාප කෙලියේ වරදින් මෙවැනි දේ , එනම් එකම පක්ෂයේ අපේක්ෂකයින් හා ආධාර කරුවන්  අතර මරා ගැනීම් සිදුවන බවයි.
 
 ඊට අමතරව මේ සමානුපාත ක්‍රමය නිසා අපේක්ෂකයින්ට දිස්ත්‍රික්කය හෝ එවැනි විශාල බල ප්‍රදේශයක මැතිවරණය කිරීමට සිදු වන නිසා මහා මුදලක් වැය කිරීමට සිදු වේ. ඒ නිසා දූෂණ වැඩි වේ. මේ සියල්ල නතර කිරීමට   මනාප සෙල්ලම වහාම නතර කර පැරණි ඒකල කොට්ඨාස චන්ද ක්‍රමයට නැවත යා යුතුය.අපේ රටේ සිටින පණ්ඩිතයින් කොලොන්නාව සිද්ධියෙන් ඉගෙන ගෙන ඇති පාඩම එයයි.
 
එහෙත් ඇට  මැස්සා  එය දකින්නේ වෙනස් විදියකටය.
 
දුමින්ද සිල්වාල, භාරතලා කොහොමටත් මැරයින්ය. මේ එකම පක්ෂයේ සිටින මැරයින් එකිනෙකා මරා ගන්නේ මනාප ක්‍රමය නිසාය. මනාප ක්‍රමය නොතිබුනා කියා මුංගේ මැරකම් අඩු වෙන්නේවත් අඩු කරන්නේවත්, චන්දය දාට සිල් ගන්නේවත්  නැත. පැරණි ඒකල කොට්ඨාස ක්‍රමයට මැතිවරණය තිබුණා නම් මුං දෙගොල්ලොම එකතු වී මේ අකාරයට ගිනි බිඳින්නේ විපක්ෂ වල අපේක්ෂකයින්ට හා උන්ගේ ආධාර කරුවන්ටය.
 
හැබැයි දැන් මනාප ක්‍රමයට පිං සිද්ද වෙන්නට මරා ගන්නේ උනුන්මය. විපක්ෂ ආධාර කරුවන්ට යම්තම් පණ කෙන්ද ‍රැක ගෙන සිටිය හැක. නැත්නම් අඩු වශයෙන් උන් ගැන යෙදීමට ඇති ශක්තියෙන් භාගයක් වත් තමන්ගෙම පක්ෂයේ උන් මැරීමට හා පහර දීමට වැය කරන නිසා කෙසේ හෝ චන්දය කල හැක.
 
දුමින්දලා භාරතලා මරා ගන්නේත් , වීරවංශලා , කඩුවෙල  බුද්ධදාසලා එකෙනිකාගේ බෙලි කපා ගන්නේත් , තමන්ගේ මනාප හොරකම් කලා යැයි සුසන්තිකාලා, බුද්ධදාසලා, මුතුහෙට්ටිලා කුණුහරුප කියමින් තම පිලේ උන්ටම බනින්නෙත් මේ මනාප ක්‍රමය නිසා නොවේද?
ඉතින් රට කන මුං එකිනෙකා මරා ගැනීමට ඉඩ සලසන මනාප  ක්‍රමය හොඳද නැත්ද? ඔබම තීරණයක් ගන්න.
 
Advertisements
Comments
  1. සමානුපාතික චන්ද ක්‍රමය ගැන මගේ මතය ඔබගේ මතය හා ගොඩක් දුරට ලගින් යනවා.මේ ගැන මම මේඝය බිලොගයේ ලිපි කීපයකින් අදහස් දැක්වුවා.මේක මට interesting topic එකක්.වෙලාව තියෙනව නම් ගිහිල්ලා බලන්න.
    Jayasri
    http://meeghaya.wordpress.com/

  2. maathalan says:

    මනාප ක්‍රමයත් හොඳ නැත..
    ජනතාවත් හොඳ නැත..
    පාලකයන්ද හොඳ නැත..
    ත්‍රස්තවාදට වඩා පාතාලය බයානකය..

  3. kathandarakaraya says:

    ජහමනයා ව නියෝජනය කරන්න ජීවිත පරිත්‍යාගයෙන් මහන්සි වෙන හැටි!

  4. දුකා says:

    මනාප ක්‍රමයේ නරකක් නෑ . . ඒත් තියෙන්නේ අපේ මිනිස්සු කුඩු මුදලාලිලාට, කසිප්පු මුදලාලිලාට, චන්ඩින්ට, නලුවන්ට, නිලියන්ට මනාප දෙන්න පොරකන එකනේ . . අපේ රටේ ජනතාවගේ සාක්ෂරතාවය ලොකු අගයක් ගත්තා උනත් අකුරු ලියන්න දන්න තරම් හොඳ නරක තේරුම් ගන්න බුද්ධිය මෝරන්නේ නැති එකනේ ප්‍රශ්නේ . .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s