කොලඹ ජනතාව සියදිවි නසා ගනියිද?-Will Colombo voters commit suicide?

Posted: October 5, 2011 in Uncategorized
Tags: , , , , , ,

1982 දී මෙරට ජනමත විචාරණයක් පැවතිණි. එහි අරමුණ වූයේ ඊ ලඟ වසරේදී පැවත්වීමට නියමිතව තිබුණු මහ මැතිවරණය පැවත්විය යුතුද නැත්ද යන්නයි. වෙනත් විදියකින්  කිවහොත් තම නියෝජිතයන් ‍තෝරාගැනීමේ අයිතිය තිබිය යුතුද නැත්ද යන්න මහ ජනතාව විසින් තීරණය කළ යුතුව තිබිණි.

එවකට පැවති එජාප රජයට අවශ්‍ය වූයේ 1977 පත් වූ පාර්ලිමේන්තුවේ කාලයම 1983 සිට  තව වසර 6 කට  දිගු  කර ගැනීමටය. 1977 මහ මැතිවරණයෙන් ලැබුණු හයෙන් පහක බලය තව දුරටත් තබා ගැනීමට එජාපයේ කපටි නරියා ජේ. ආර්. ට අවශ්‍ය ව තිබිනි. ඒ වන විට සම්ම ත කර ගෙන තිබූ අනුපාත ක්‍රමය අනුව 1983 දී මැතිවරණය පැවත් වුවහොත් එම තත්වය පවත්වා ගත නොහැකි බව ඔහු හොඳින් අවබෝධ කර ගෙන තිබිණි. ලාම්පු කළගෙඩි සෙල්ලම යනුවෙන් ප්‍රසිද්ධ වූ  ජනමත විචාරණය  ඔහු  කැඳවූයේ ඒ අනුවය.

සිදූ බොහෝ අක්‍රමිතා , මැරකම් මැද  මෙරට බුද්ධිමත් ජනතාවගෙන් සෑහෙන ප්‍රමාණයක්ද  තමන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය එපා යැයි චන්දය  භාවිතා කර තිබිණි.  ජේ ආර් ට හයෙන් පහ දිගටම  හිමි වූ අතර චන්දය දුන් නොදුන් සියලු දෙනාට එහි විපාක විඳීමට සිදු විය.
 
83 කලු ජූලිය, ජවිපෙ තහනම, ඊලාම් යුද්ධය, ජවිපෙ කැ‍රැල්ල, ආදිය ඒ අමන තීන්දුවේ ප්‍රතිඵල ලෙස ජනතාවට ලැබිනි.
 
ඇට මැස්සාට මේ අතීත සිදු වීම මතක් වූයේ මේ දිනවල පවත්වන කොලඹ නගර සභා චන්දය ගැන සිතන විටය.
එකම ආකරයෙන් නොවුනත් එම සිදු වීම් දෙකෙහිම  යම් සමානතාවක් ඇත.
   කොලඹ නගරයේ වතු වල  වෙසෙන අඩු ආදායම් ලාභි ඔවුන් නිවෙස් වලින් පළවා හැර එම ඉඩම් අත් පත් කරගෙන ඒවා විදේශිකයන්ට විකිණීමට සියල්ල සූදානම්ය. මේ වන විටත් කොලඹ සමහර වතුවලින් පලවා හැරි ජනතාව තාවකාලික ලී මඩු තුල දහදුක් විඳිමින් සිටිති.
 
ඒ සියල්ල තිබියදී තමන්ට චන්දය දෙන මෙන් ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටිති. එනම් ජනයා ඔවුන්ගේ නිවෙස් වලින් පලවා හරින්නට තමන්ට බලය දෙන්නැයි එම නිවෙස් වලින් පලවා හැරීමට නියමිත ජනතාවගෙන්ම ආණ්ඩුව ඉල්ලමින් සිටිති.
 
ජනතාවගේ ඉඩම් කොල්ල කන සැලසුම් එසේම තිබියදී , තමන් ජනතාව ඔවුනගේ නිවෙස් වලින් එලවන්නේ නැතැයිද , ඔවුන්ට තට්‍ටු ගෙවල් දෙන්නේ යැයිද හත් අතේ දිවුරා පොරොන්දු වෙති.
 
එහෙත් මේ පොරොන්දු දෙන්නේ ,2010 ජනපතිවරණයේදී සරත් ෆොන්සේකා රුපියල් 10,000 ක වැ‍ටුප් වැඩි වීමක් දෙන්නේ යැයි පොරොන්දු වන විට තමන් ඉ‍ටු කිරීමට නොහැකි එවන් පොරොන්දු නොදෙන බවත් තමන් බලයට පත් වුවහොත් රුඉපය්ල් 2500 කින් වැ‍ටුප් වැඩි කරන බවටත් පොරොන්දු වී පසුව තමන් එසේ නොකී බව කියන නායකයන්මය.
 
සටහන- ඒ සියල්ල මැද ජාතියේ ලොකු පුත්‍රයා කියා සිටින්නේ තමන්ට චන්දය නොදුන්නොත් ජනයා කොහේට හෝ ගිහින් දමන ලෙස තම පියාට කියු බවයි.
 
Advertisements
Comments
  1. tom and jerry says:

    ඔය දුප්පත් එවුන්ව නම් කොළඹින් එලවන්නම ඕනි. එතකොට කොළඹ කියන්නෙ ලෝකෙ තියෙන පොහොසත්ම උදවිය පදිංචි නගර වලින් එකක් වෙනව. කාටද ආඩම්බර?

  2. buwa says:

    යූඇන්පිය කොලඹ දින්නත් ආණ්ඩුව ගෙවල් කඩනවා , ඒකට ලොකුවයින් විරුද්ධ වෙලා ප්‍රචාරයක් ගන්න යූඇන්පියට පුලුවන් “ජනතා පරමාධිපත්‍යයට පිටින් ගෙවල් කඩනවා ” කියල විශේෂ ප්‍රකාශයක් කරාවි රනිල් මහත්තයා මංගලවයි අකිල විරාජ්වයි දෙපැත්තේ තියාගෙන ,සජිත් මහත්තය ඒ අස්සේ ප්‍රේමදාස යුගේ ගැනත් වචනයක් දාගෙන ගිරිය කඩා ගෙන කැගහල ලකුණු ටිකක් දාගනියි

    ආණ්ඩුව කොලඹ දිනලම කැඩුවොත් යූ ඇන්පියට හොඳ පොයින්ට් එකක් තියෙයි “අපි චන්දේ කාලෙදි කිව්වා ඕහොම වෙනව කියල , අපි ආව නම් කීයටවත් කඩන්න දෙන්නෙ නැ , ඒ නිසා මින් ඉස්සරහටවත් අපි කියන එව්වා ඇත්ත කියල මතක තියා ගනිල්ලා ”

    කොහොම උනත් අඩු ප්‍රතිශතයකින් හරි යූඇන්පිය කොලඹ දිනාවිය කියලයි මම හිතන්නේ

  3. maathalan says:

    මොකා දින්නත් ගෙවල් කැඩෙන එක සුවර් ඈ…
    ගෝඨා හැදුවොත් ගෙවල් හැදෙයි. වීරවංශ නම හදල තියෙන්නේ ගෙවල් දෙකයි. එයා නිවාස රෙපයාර් ඇමති.

  4. roshan says:

    සැබෑ ජනමතයක් කවදා ඒයී ද ?

  5. eBuwa says:

    [කොලඹ නගරයේ වතු වල වෙසෙන අඩු ආදායම් ලාභි ඔවුන් නිවෙස් වලින් පළවා හැර එම ඉඩම් අත් පත් කරගෙන ඒවා විදේශිකයන්ට විකිණීමට සියල්ල සූදානම්ය.]

    ඇත්තද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s