නෝ ප්‍රේමයාගේ සහෝදරත්වය

Posted: October 4, 2011 in Uncategorized
Tags: , , , ,

ෂේදු රාඝවන් නම් වූ දරුවා අධ්‍යාපන ඇමතිවරයාට නොවැඳීම ගැනත් ඒ ගැන  අප ලියු කවක්  ගැනත් ( එයට කවක් කියන්නට හැකි නම්) කියවූ පෙරමුනේ  රාලගේ  වර්ගවාදි  බොගයේ ( එය බ්ලොගයක් නොව බොගක්මය) ලියන්නෙක් වන නපුංසක නෝ ප්‍රේමයා ට මල පැන පෝස්ටයක් දමා ඇත. එය වර්ගවාදයේ කුරිරු බවෙන් , විසකුරු බවෛන් පිරුණු ලිපියකි. මා එයට ලින්කයක් පවා නොදමන්නේ ඒ නිසාය. එහෙත් ඒ ගැන කියන්නට ඇති දේ කිව යුතුය.  

ඔහු නම් කියන්නේ ෂේදු දරුවා ඇමතිවරයාට වැඳිය යුතුම බවයි. ඒ සඳහා ඔහු දෙන හේතු නම් මාරය. ඒවා කියවූ විට මේ මිනිසුන් සිටින මානසික තත්වය අපූරුවට තේරුම් ගත හැක.රටේ පාලකයින් වැසිකිලි විවෘත කිරීමට පවා පැන ගෙන යන්නේ නෝප්‍රේමයා බඳු උන්ගේ මානසික තත්වය හොඳාකාරව දැනගෙනය.
 
ඔහුට අනුව  ෂේදු දරුවාගේ ගුරුවරුන්ට පඩි ගෙවන්නේ ආණ්ඩුවෙනි. ඒ නිසා රජයේ ඇමතින්ට සියලු දෙනාම වැඳිය යුතුය. ඔහුගේ කියුම් වලින් අපට හිතෙන විදියට රජයේ සේවකයෙක් වන මේ රාල තමන්ගේ ඇමතිවරයා දු‍ටු තැන හතර ගාතේ දා වැඳ වැටෙන බවට මෙන්න කැට.
 
බන්දුල ඇමත්තාට වැඳිය යුතු තව කරුණක් ලෙස මොහු කියන්නේ ඔහු ගුරුවරයෙකු බවයි. ගුරු නම විකුණමින් සිසුන්ගේ තුට්‍ටු දෙක සූරාගෙන කෑ එබඳු ටියුෂන් මුදලාලි කෙනෙකුන්ටත් වැඳිය යුතුය. රාළලාට හිතෙන්නේ එහෙමය.
 
එපමණක් නොව දෙමල ජනයාට ඖෂධ හා අහාර පවා යවා ඇත්තේ රජය නිසා ෂේදු ඇමතිවරයාට තව වරක් වැඳිය යුතුය.
 
එසේ නොවැන්දොත් සිංහල ජනයා දෙමලුන් කෙරෙහි ඇති අවිශ්වාසය තවත් වැඩි  වෙයිල. ඉතින් සිංහලුන් තමන් අවිශ්වාස කරනවාට බියෙන් දෙමලුන් සිංහලුන්ට වැඳගෙන සිටිය යුතුය. අපිට වැන්දේ නැත්නම් කරන්නම් තොපිට හොඳ වැඩක්. උඹලා අපි කියන විදියට සිටිය් යුතුය. නො එසේ  නම් බඩු බනිස් වෙන්නට වැඩේ දෙමු. ෂේදු රාඝවන් කොලුවෝ, වැඩිය නටන්නට එපා . මේ සිංහලුන්ගේ රට. මේ බුදුන්ගේ දේශය….උඹලට ඕනෑ විදියට මෙහි ඉන්නට බැහැ. අපිට වැඳ ගෙන අපි කියන විදියට සිටිය යුතුය..
මේ නෝප්‍රේමයා පුනපුනා කියන්නේ එය නොවේද? සහෝදරත්වය යැයි ඔහු කියන්නේ එයටය.ඔහු කියන පරිදි මෙසේ සහෝදරත්වයේ දෑත් දිගු කරන විට එය සපා නොකනවා යැයි සහතිකයක් දෙමලුන් විසින් නෝප්‍රේම ලාට දිය යුතුය. එසේ නැත්නම් , නෝප්‍රේම්ගේ වචනයෙන්ම කිවහොත් , ඔවුන් නන්දිකඩාල් කෙරෙනු ඇත.
 සටහන- අහිංසක පාසල් සිසුවෙකුට එරෙහිව පවා මහා වීරයන් සේ වෛරී ජාතිවාදි මත පතුරුවන මේ නපුංසක නෝප්‍රේමයා බඳු උන්ගේ දේශප්‍රේමය සෑම විටම මේ රටට ගෙනාවේ විනාශය පමණි.
 
 
Advertisements
Comments
  1. ගාල්තැන්නේ කපුවා says:

    කොන්ද පන තියන එකෙක්. දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු….

    • gadfly says:

      “දෙමලා වුනත්” කියන වචන වල පවා තියෙන්නේ දෙමල ජාතිය පහත් කිරීමක් කියලයි මට හිතෙන්නේ

  2. Lomba says:

    “ඔහු නම් කියන්නේ ෂේදු දරුවා ඇමතිවරයාට වැඳිය යුතුම බවයි”

    එහෙම කියල තියෙන්නෙ කොහෙද කියල පෙන්නන්න

    • gadfly says:

      පේලි අතර කියවන්න ,

    • Lomba says:

      පේලි අතර නැතුව කෙළින්ම කියෙව්වම මෙන්න මෙහෙම එකක් හම්බ උණා

      “කිසිවෙක් කිසිවෙකුට නොවැඳිය යුතු යයි රාමා ගෙන එන ප්‍රගතිශීලී මතයට නිර් – රාමුද එකඟ වේ”

      අපිට නොහිතෙන ඒව ඇට මැස්සට හිතෙනවද මන්දා?

      • gadflygadfly says:

        කෙනෙක් තව කෙනෙකුට වැඳීමට විරුද්ධය යැයි නෝප්‍රේමයලා කියනු ඇත. නමුත් ලොම්බලා, නෝ ප්‍රේමයලා දෙමල ජනතාවගෙන් බලාපොරොත්තුවන්නේ යටහත් පහත්, නිවට නියාලු ලෙස , දෙවනි පංතියේ පුර වැසියන් ලෙස ජීවත් වීමයි. නෝ ප්‍රේම්ගේ මුලු ලිපිය පුරාම දිවෙන අදහස එයයි.

      • Lomba says:

        ඇට මැස්සෝ, වඳින එක ගැන කියපු කතාව දැන් නෝන්ඩි වුණානෙ? දැන් මොකද කතාව වෙන පැත්තකට හරවන්නේ?

        “දෙමල ජනතාවගෙන් බලාපොරොත්තුවන්නේ යටහත් පහත්, නිවට නියාලු ලෙස , දෙවනි පංතියේ පුර වැසියන් ලෙස ජීවත් වීමයි”

        මෙහෙම කොහේවත් කියලත් නෑනෙ. නෝ ප්‍රේමේ කියන්නේ සහෝදරත්වයේ දෑත් දිගු කිරීමක් ගැනනෙ. මේක ඇට මැස්ස මේ ලිපියට දෙන අර්ථ විවරණය වෙන්න ඇති. ඒත් අපිට හිතෙන්නේ ඇට මැස්සට මෝර්ටීන් වැදුණම මේ වගේ ලිපියක් ලියවෙයි කියල.

        • gadflygadfly says:

          කිසිවෙක් කිසිවෙකුට නොවැඳිය යුතුය. එහෙත් දෙමලුන් සිංහලුන් ලඟ දන ගහ ගෙන සිංහලුන් කියන විදියට ජීවත් වෙමින් , සිංහලුන්ගේ සිත් නොරිදවමින් ජීවත් විය යුතුය. දෙමල පොඩි එකෙක් සිංහල ඇමතිට නොවැන්දොත් සිංහල අපේ සිත් රිදේ. ඒ නිසා ඒ වගේ දේවල් නොකර යුතුය.

          එසේ කලහොත් අපි උන් නන්දිකඩාල් කරමු.

          ලොම්බා ගේ දේශපාලන නායකයා වන නෝ ප්‍රේමයා කියන්නේ එයයි? එතැනින් එහා මොන කතාද ලොම්බෝ?

  3. ටියුෂන් ගුරුවරයා ද ගුරුවරයෙකි.ඔහුට සිසුන් දහස් ගණනින් එකි වන්නේ සත්‍ය ලෙසම දක්ෂ ගුරුවරයෙක් නම් පමණි.බන්දුල මෙන්ම ශාලා පංති කරන බොහෝ ගුරුවරු ආර්ථික වශයෙන් දුබල සිසුන්ට ෆී කාර්ඩ් දීම (මුදලු නොගෙන ඉගැන්වීම) බඳු සත්කාර්යයන් කරති.වසර කීපයකට පෙර මෙවන් පංති වලට(බන්දුල ගේ නොවේ) අප ද සහභාගී වී ඇති බැවන් මෙය ප්‍රත්‍යක්ෂව දනිමු.

    ෂේගු ඇමතිතුමාට වැඳිය යුත්තේ වැඩිහිටියෙක් නිසායි.නමුත් ඔහු රජයට හා හමුදාවට කෘතඥ විය යුතු වන්නේ සයනයිඩ් කරල ගෙල බැඳ යුධ කරන ඉරණමෙන් ඔහු ගලවාගත් නිසයි.

  4. buwa says:

    මගේ පිලිතුර ඇට මැස්සාගේ පලමු කමෙන්ටුවටත් අදාලවය ,

    දෙමලා යනු සිංහලයා යන්නෙහිම දෙමල ජනතාව වෙනුවෙන් යෙදෙන්නයි , තමන්ට දෙමලා කී විට එය අපහාසයක් ලෙස සලකන දෙමල ජනතාවද වර්ගවාදී වේ . සැබැම ගැටලුව ඇත්තේ සිංහලයා පමණක් වර්ගවාදී වී දෙමලා ඒසේ නොවීමෙන් නොවේ , දෙපිරිසම එකහා සමානව වර්ගවාදී වීමෙනි

    බන්දුල ගේ ඇමතිකම් හෝ ටියුෂන් කම් හෝ අඩුම තරමේ සිංහල කමේ වත් මෙතනට ඇති වැදගත් කමක් නැත , හින්දු ආගම අදහන්නන්ගේද වැඩිහිටියන්ට ගෞරව කිරීම යනු වැඳීම නිසා මෙහී ඇත්තේඅ දරුවෙකු වැඩිහිටියෙකුට නොවැඳ සිටීමේ ගැටලුවයි.

    දරුවා වැඳිම ප්‍රතික්ශේප කරනා ආගමක් අදහන්නෙකු හෝ කාටවත් හිස නොනැමීමේ දර්ශනයක සිටින්නෙකු නම් ගැටලුවක් නැත , පහ වසරේ පොඩි එකාට එවන් දර්ශනයක් තිබිය හැකිද ?

    අඩෝ දෙමලා , තෝ අපිට වැඳපිය කියා ගැසනා උන් මෙන්ම ,

    අපි දෙමල නිසා සිංහල එකෙකුට වඳින්නට එපාය කියනා උනුත් දෙපිරිසම මා දකිනා විදිහට නම් වර්ගවාදීන්ය

    • gadfly says:

      මා කිව්වේ දෙමලා යන වචනය ගැන නොවේ. ” දෙමලා වුනත් ” යන යෙදුම ගැනයි. එයින් කියවෙන්නේ දෙමලා සාමන්‍යයෙන් හොඳ නැහැ,ඒ වුනත් වීරයෙක් නම් විතරක් හොඳයි කියා නොවේද?

  5. tom and jerry says:

    මොකක් ද ඇත්තටම නන්දිකණ්ඩාල් කරනවා කියන්නේ?

  6. ඹබගේ ලිපිය නිවැරදියි නමුත් ටියුෂන් හෝ රජයේ වැටුප් ලබන ‍හෝ ගුරැවරයෙකුගෙන් රටට ඉමහත් සේවයක් ඉටු වන නිසා (බන්දුල ගැන නොවේ පොදුවෙ)වැඳිම හොද ගුනයකි. මා ඹබට විරැද්ධවාදී මත ගේනවා කියා වරදවා නොසිතන්න මා ඹබගේ ස්ථිර පාඨකයක් වෙමි. නමුත් “ටියුෂන් මුදලාලි කෙනෙකුන්ටත් වැඳිය යුතුය” යන තැන ටිකක් කැතයි කියලා මට හිතෙනවා හොද රචනයෙක් අර්ථවත් ලිපි 1000 ක් ලියුවත් නොසිතා ලියන එක වචනයකින් පාඨකයන් වරදවා වටහා ගත හැකියි. ඹයා ගොඩක් ලියන්න හැමෝම බලයි වචන ගැන දෙවරක් දිතන්න.

  7. maathalan says:

    ඌ වෙන එකෙක් උගන්නලා හරී එහෙම කළ එක ළොකු දෙයක්. මොනම කෙනෙකුටවත් වඳින එක මට පෙන්නන්න බැරි දෙයක්. මම මගේ දරුවගෙන්වත් වැඳුම් ගන්නේ නෑ.

  8. shan says:

    @maathalan, ea umba hambayek nisane ban !

  9. shan says:

    අමාත්‍යවරයා සිංහලයෙක් වීම නිසා නොවැද සිටීම ජාති වාදී නොවන්නේ කෙසේද ??

  10. වඳින එක ගැන මගේ අදහස නම්

    අම්මා තාත්තාට වුනත් වඳිනවනම් “අම්මේ තාත්තේ උඹලා අපි වෙනුවෙන් කරපු කරන දේවලට මම උඹලට ණය ගැතියි . . මේ ඒ වෙනුවට මගේ ආචාරය” කියලා හිතල වඳිනවන්ම් තමය් ඒ වැඳිල්ලේ වටිනාකමක් තියෙන්නේ . .

    එහෙම නැතුව නම් වෙන්නේ . . .

    අහල පහල අය “බලන්න අර පුතා අම්මට තාත්තට වැඳලා ඉස්කෝලේ යන්නේ . . ඔයාලට තමයි ඒ වගේ හොඳ පුරුදු නැත්තේ” කියලා හදවතින් දෙමාපියන්ට ගෞරව කරන දරුවෙක් ව ලෝකෙට පේන්න දෙමාපියන් ඉස්සරහා ඔලුව පාත් කරන (මොන මගුලක්ද මන්දා යන්න කලින් මේ අයට වඳින්නත් ඕන . . මල කරදරේ කියලා හිතින් හිතන උන් වුනත් ඉන්න පුලුවන්) කෙනෙක් එක්ක සංසන්දනය කරනවා වගේ වැඩක් කියල

  11. Frame says:

    අපිට නම් අපේ ගුරුවරු කියලා දුන්නෙ වැඳිය යුත්තන්ට වඳින්න. අපි විදුහල්පති තුමාට වැන්දෙත් නෑ ගුරුවරුන්ට වැන්දෙත් නෑ, ඕක පටන් ගත්තෙ 1990 විතර. කොළඹ ඔය ගොම්පාට් පටන් ගත්තෙ අසෝක කනිෂ්ටෙන්. අපි ගුරුවරුන්ට ගෞරවයෙන් කතා කළා, බය පක්ෂපාත කම තිබුනා, අදටත් එහෙමයි. පොලිටික්කන්ට නම් ජීවිතේට වඳින්නේ නෑ. ළමයින්ට එහෙම කරන්න කියලා දෙන්නෙත් නෑ.

    • eBuwa says:

      හැබැයි සම්පන්දන්ට වඳින එක ඕකට ඔට්ටු නෑ, හරිද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s