සහෝදර ප්‍රේමය උතුරා ගලා යයි.

Posted: October 1, 2011 in Uncategorized
Tags: ,
සහෝදර ප්‍රේමයේ හැටි එහෙමය. තම පණ දී හෝ සහෝදරයන්ගේ පණ බේරා ගන්නේය. අපේ ආණ්ඩුවේ ඉන්න සුප්‍රසිද්ධ ආචාරියතුමා ගේ සහෝදර ප්‍රේමය මේ දවස් වල උතුරා ගලා යන  බවක් පෙනේ.  ඒ තුමා   හොය හොයා ගොස් කරදරයට පත්ව සිටින තම සහෝදරයන් බේරා ගන්නේය. 
 
 හලාවත ගොස් බිලි පූජාවකට දීමට ගෙනවුත් සිටි එළු රංචුවක් බේරා  ගැනීම නිසා ඒ තුමාට නපුංසක  පෙරමුණේ රාල ,දිවයින මුදලාලි ඇතුලු නඩයෙන් ලැබුන චියර් එක නිසා හොඳටම චූන් වී ඇති බවක්ද  පෙනෙන්නට තිබේ.
 
එසේ නපුංසක රාලාලා දුන් චූන් එක පිට සහෝදර ප්‍රේමයද  උත්සන්න වී ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ගවමස් කඩ වසන බව කී ආචාරිය තුමා දැන් මොණරාගල පැත්තේ ගවමස් කඩ ටෙන්ඩරයක් අරගෙන ඇත. පොඩි ගණනකටත් නොවේය. රුපියල්ම ලක්ෂ දොලහකටය..
 
එසේ මස් කඩ ටෙන්ඩරය උන්නාන්සේ ගත්තේ ඒ මස් කඩය වසා දැමීමටලු. දැන් පුලුවන් නම් හරක් මස් කාපියව් කියා එතුමා ස්වර්ණවාහිනියෙන් කියන හැටි බලන්නට ආශා උනත් ඒ  නාලිකාව බැලීමට ගෙදර උන්දෑ  අප්පිරිය  නිසා ඒ ආශාව   ඉ‍ටු  කර ගන්නට  ලැබෙන්නේද  නැතිය. කැමති කෑමක් කන්ට නැති අප වැනි තුන්වැනි පංතියේ ජනතාවට පහල වෙන ඒ වගේ අහිංසක ආශාවක්වත් ඉ‍ටු කරගන්නට නොලැබෙන හැටි.
 
කොහොම වෙතත් ආචාරිය සිල්වාගේ මේ ක්‍රියාවෙන් අපිට පෙන්වන්නේ මීට පස්සේ මේ රටේ ජනතාව ආහාරයට ගත යුත්තේ සිල්වලා අපි කෑ යුතු යැයි තීරණය කරන දේ පමණක් බවයි.
 
අපේ ගෙවල් වල කාමර ඇතුලට වී දොර වසාගෙන කළ යුත්තේ මොනවා දැයි තීරණය කිරීමේ බලයද පොලීසියට දී ඇති නිසා මේ ගැන පුදුම වෙන්නට දෙයක්ද නැතිය.
 
අනික් අතින් ගත්තම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියන බටහිර ලොක්කන්ට ත් මේ ක හොඳ කණේ පාරක්ය.
 
ඕනෑම නම් හරක් මස් කෑම නීතියෙන් හෝ අවනීතියෙන් තහනම් කරන්න පුලුවන් විධායක බලයක් විතරක් නොව තුනෙන් දෙකේ බලයකුත් තියෙන මේ ආණ්ඩුව එහෙම නොකර ඉතාම ප්‍රජාතන්ත්‍රවාදි විදියට තමන් දැහැමෙන් සෙමෙන් හම්බ කල මුදල් යොදවා මස්කඩ මිලට ගෙන ඒවා වසා දමයි. බලන්න කොච්චර අපූරුද? අපිට තියෙන්නේ ඒ වගේ මානුසික ආණ්ඩුවක් කියලා බටහිරයන්ට පෙන්නන්න මීට වඩා හොඳ ක්‍රමයක් තවත් තියෙනවද?
 
ආණ්ඩුව අරං යන මේ මානුෂික මෙහෙයුම ගැන තව උදාහරණ තියෙනවා.
 
තමන්ට විරුද්ධව අදහස් පල කරන මාධ්‍ය  තහනම් නොකර ඒවා සල්ලි වලට ගැනීමත් , මාධ්‍යකාරයොන්ගේ කකුල් නොකඩා උන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව දීලා   හීලෑ කෑ ගැනීමත් මොනතරම් නම් මානුසිකද?
 
චන්දවලට ඉදිරිපත් වෙන විරුද්ධ පක්ෂවල අපේක්ෂකයෛන්ගේ ඔලු නොපලා , උන්ව නොමරා, හිරේ නොදා, උන්ට සල්ලි කීයක් හරි දීලා තමන්ගේ පැත්තට නම්ම ගන්න එක කොච්චර සුන්දර දෙයක්ද ? පොඩි අඩු පාඩුවකට තියෙන්නේ ඒ කඳුලු හල හලා ලියන්න  සුනිල් මාධවට සිළුමිණේ අට වැනි පි‍ටුවක් නැති එක .
 
සටහන- සහෝදර ප්‍රේමය කියලා අපි විහිලු කොරාට මේ මැරවින් උන්නැහේ හදිසියේ නින්දෙන් අවදි වෙලා වගේ හරක් මස් කෑම නතර කරන්ට තනන්නේ මහ තැන වෙච්ච බාරයක්වත් ඔප්පු කරන්ඩද කියලාත් සැකයි.
 

 
Advertisements
Comments
  1. buwa says:

    //තමන්ට විරුද්ධව අදහස් පල කරන මාධ්‍ය තහනම් නොකර ඒවා සල්ලි වලට ගැනීමත් , මාධ්‍යකාරයොන්ගේ කකුල් නොකඩා උන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව දීලා හීලෑ කෑ ගැනීමත් මොනතරම් නම් මානුසිකද?

    චන්දවලට ඉදිරිපත් වෙන විරුද්ධ පක්ෂවල අපේක්ෂකයෛන්ගේ ඔලු නොපලා , උන්ව නොමරා, හිරේ නොදා, උන්ට සල්ලි කීයක් හරි දීලා තමන්ගේ පැත්තට නම්ම ගන්න එක කොච්චර සුන්දර දෙයක්ද ?//

    ඕකට කියන්නේ “”ප්‍රජාතන්ත්‍රවාදය PLUS” කියල , ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත්ම වර්ෂන් එක , නාථ දෙය්යො ප්‍රමුඛ දේව සභාවෙන් තමයි හඳුන්වාදී දීල තියෙන්නේ , අර කිව්ව භාරෙත් ඒ සඳහා වෙච්ච එකක් වෙන්න පුලුවන්

  2. tom and jerry says:

    හරකුන්ගේ මස් කන්න අකමැති අය නොකා හිටියට කමක් නැහැ. ඒත් ගව මස් නොකව් කියා කෑගැසූ දර්මපාලලා එහෙම කියන්න සාධාරණ හේතුවක් දුන්නේ නැහැ. තණකොල කා හැදෙන ගොන් වස්සන්ගේ මස් ඉතා හොඳ ප්‍රොටීන ප්‍රභවයක්. එළදෙනුන් ගෙන් කිරි ගැනීමත් ගොන්නුන් මසට ඇති කිරීමත් ලෝකයේ සෑම රටකම පාහේ සිදුවන්නක්.

  3. දම්රුවන් says:

    //සහෝදර ප්‍රේමය කියලා අපි විහිලු කොරාට මේ මැරවින් උන්නැහේ හදිසියේ නින්දෙන් අවදි වෙලා වගේ හරක් මස් කෑම නතර කරන්ට තනන්නේ මහ තැන වෙච්ච බාරයක්වත් ඔප්පු කරන්ඩද කියලාත් සැකයි. //

    ඒකනම් හැබෑව ඇටමැස්සෝ…

  4. අඩේ අපේ මේ ආන්ඩුව කොයි තරම් ප්‍රජාතාන්ත්‍රවාදීද . . .

    මාධ්ය කාරයින් ට සලකන හැටි . . විරුද්ධ පාක්ශිකයින්ට සලකන හැටි එහෙම කොයි තරම් අපූරුද . .

    ඔය කොලඹ මේයර් වෙන්න දඟලන මිලින්ද මහත්තයට ත් විරුද්දව කෝප් වාර්තාවේ තිබුනු චෝදනා වලින් බේර ගන්න එතුමා ව ආන්ඩුවට ගත්තා කියලා රාවයක් ගිය නේද කාලයක්.

    බලන්න කොයි තරම් මානව හිතවාදීද . .

    වෙන ආන්ඩුවක්නම් එහෙම (වෙන රටක හොඳේ) දූෂිතයෙක්ද කියලා හොයල බලල දඬුවම් කරනවා . .

    අපේ ආන්ඩුවේ නම් එහෙම කාටවත් දඬුවම් කරන්නේ නෑ බලන්න කොයි තරම් මානව හිතවාදීද . .

  5. සිංහල බෞද්ධයා says:

    අඩෝ, කව්ද ඩෝ ප්‍රජාතන්ත්‍ර වාදෙ ගැන කතා කරන්නෙ, කව්ද ඩෝ අපේ මතයට එරෙහිව යන්නෙ, අපි කියන එක විතරය් හරි ඩෝ, විරුද්ධ මත කාරයො මරනව බලා ගනින්. අපි හරක් මරන්න එපා කියනව නම් ඒක අහපල්ල. අඩෝ අපි නියම සිංහල බෞද්ධයො ඩෝ, තොපි දෙමල්ලු, මුස්ලිම් උන් අපි මේ රටෙන් එලෝනව ඩෝ. නැත්තන් මරනව ඩෝ. හරක් ට අපි ආදරෙය් ඩෝ. හරක් මැරුවොත් තොපිව මරනව බලාගනින්. සිංහල බෞද්ධයනි අවදිවව්, හරක් බේරා ගනිව් – සිංහල බෞද්ධයා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s