ෂේදු රාගවන්

Posted: September 29, 2011 in රංචාගොඩ ළමයා
 
 
මිළ මුදල්, යාන වාහන ,
ඉහළ තනතුරු,
රට සවාරි වලට
ලොබ බැඳ
මැති ඇමතින් ලඟ
 දණින් වැටී
උන්ගේ  පා වැඳ
ඉන් නොනැවතී
තම දිවෙන් උන්ගේ
පා දුහුවිලි පිස දමන
මදි නම් තම අඹුවත් උන්ට පුදන
මහ උන් සිටින රටක
මොන තරම් ලොක්කෙකුටවත්
දණ නොනමන
ෂේදු රාගවන්
උඹ නම් හැබෑ වීරයෙක්
 
Advertisements
Comments
  1. එළ කොල්ලෙක්!

  2. දේශපාලනය නෙවෙයි මොන “රස්සාවක් ” කරනව උනත් වැඩිහිටියෙකුට ගරුකරන්නත් ෂේදු රාගවන් ඉගෙන ගත්තනම් හොදයි.පුංචි ළමයි මොකටද දේශපාලන කුණුකන්දල් වලින් ඔලුව අවුල් කරගන්නේ?

    • කව්රුත් කාටවත් ගව්රව කරන්න වදින්න ඕනේ නෑ,රජකාලේ තමා රජාට වැන්දේ!දෙමාපියන්ට උනත් වදින්න අවශ්‍ය නැහැ !මේ වැදිල්ල ලංකාවට බෝකරේ බෞද්ධ හාමුදුරුවරුන්! අනික මේ ළමය දන්නවනේ මේ ඉන්නේ තමන්ගේ ජාතිය වනසා තමන්ගේ රාජධානිය කොල්ලකාපු අලුගෝසුවෝ කියා ,ඉතින් කොහොමද වදින්නේ ?සිංහලයින්ට ඕනේ දෙමළුන්ගෙන් වන්දව ගන්න තමා ,එකනේ බුද්ධ ප්‍රතිම සහ බෝගස් හන්දියක් හන්දියක් ගානේ පිහිටවන්නේ!මම වරක් කියෙව්වා ජයසිරගේ නෑයෙක් ලංකා මිර වෙබ් අඩවියට මේ මාර්තුකවට දාපු කොමෙන්ටුවක් ,මූ අනාගතේ ප්‍රබාකරන් කෙනෙක් ,දැන්මම මුව මරල දමන්න කියා !මෙන්න මේක තමා ජයසිරලගේ මහලොකු ලේ පිපාසිත මානසිකත්වය !

    • හනුමා says:

      අඩුම ගණනේ ෂේදු රාගවන් අපේ ජයශ්‍රී මහත්තයා වගේ දකින දකින එකාට වඳින නිවටයකු, දීනයකු නොවනු ඇත. ඒ ගැන අප සතුටු විය යුතුයි.

  3. මම දැකපු හොදම මෝඩ වැදිල්ල තමා අර ගෝත්‍රික ගෝරිල්ල මහරජා ගුවන් යානයෙන් බැහැල දනගහගන පොලව ඉබලා,පස් කාල දොහොත් මුදුන් දී වැන්දේ,මෙහෙමත් ගොන්නුනේ අපේ රටේ ඉන්නේ !මෝඩයින්ගේ පාරාදීසේ! lol

  4. […] මැස්සාගේ අඩවියේ පළවූ ෂේගු රඝවාන් නමැති සිසුවා වෙනුවෙන් ලියවුනු කවි […]

  5. මටනම් හිතෙන්නේ ඔහුව හිටපු ගුරුවරයෙක්වූ බන්ධුල ගුනවර්ධණට වැඳීම වලක්වනු ලැබුවේ ළදරු වියේදිම දේශපාලන විෂ පොවන්නට ක්රි යාකල යම් වැඩිහිටියකු විසින් බවයි. බන්ධුල ගුණවර්ධන සිටි තැන ප්රෙභාකරන්, පොට්ටු අම්මාන් හෝ තමිල් සෙල්වම් වැන්නකු සිටියේනම් ෂේගු රඝවාන්ව ඔය ආකාරයටම ඔහුගේ වැඩිහිටියන් විසින් හසුරුවාවිද?
    මම මේ
    කවියලියුවේ ඒ ගැන කියන්නයි.

  6. මේ ළමයාගේ ජාතිය මට නම් කොහොමටවත් වැදගත් නෑ.ඔහු ලක්මවගේ දයාබර පුත්‍රයෙක්.

    ත්‍රස්තවාදීන් විනාශ කිරීම ජාතිය විනාශ කිරීම ලෙස දකින්නේ දැනුම්තේරුම් අඩු නූගතුන් හෝ ජාතිවාදී දුෂ්ඨයින්.

    කරුණාකර වෙනත් අයගේ අදහස් මාවෙත ආරෝපණය  කර(නැති නෑදෑ කම් හදා) විවේචනය කරන්න එපා.

    ගරුකිරීම සඳහා වැඳීම (දෙමාපියන්ට, වැඩිහිටියන්ට, පූජක උතුමන්ට)අප සංස්කෘතියේ විෂිශ්ටත්වය කියාපාන්නකි.

    • ඉහත පුතිචාරය 99 වෙනි වඳුරා මහතාටයි

    • හනුමා says:

      මා පහත දමා ඇති කමෙන්ට් එකෙන් පැහැදිළි වන පරිදි මෙසේ පුක උස්සා වැඳීම අපේ සංස්කෘතියෙහි විශිෂ්ඨත්වය පැහැදිළි කරන්නක් නොව අප තවමත් වානරයන්ගෙන් වැඩිය එපිටට පරිනාමය වී නැති බැව් පහැදිළි කරන්නකි.

  7. @බන්ධුල ගුණවර්ධන සිටි තැන ප්රෙභාකරන්, පොට්ටු අම්මාන් හෝ තමිල් සෙල්වම් වැන්නකු සිටියේනම් ෂේගු රඝවාන්ව ඔය ආකාරයටම ඔහුගේ වැඩිහිටියන් විසින් හසුරුවාවිද?
    …බන්දුල ගුණවර්ධන කියන්නේ සුනාමි වෙලේ ඇගේ එල්ලුන ළමය් පයින්ගහල හෙලිකොප්ටරෙන් පැනල ගිය දුෂ්ටයෙක් ,එහෙව් එකෙක් ප්‍රබාකරන් වැනි තම ජාතියේ උරුමය වෙනුවෙන් අවංකව ක්‍රියාකළ ජාතික වීරයෙකුට සමාන කිරීම විහිළුවක්!

    @ගරුකිරීම සඳහා වැඳීම (දෙමාපියන්ට, වැඩිහිටියන්ට, පූජක උතුමන්ට)අප සංස්කෘතියේ විෂිශ්ටත්වය කියාපාන්නකි.

    ඉන් විශිෂ්ටත්වය නෙවෙඉ ජයශ්‍රී කියාපාන්නේ මෝඩකම ! වැදිල්ලෙන් වෙන්නේ මහාපරිමාණ හීනමානය වැපිරීමක්!අපි නොවදින්නේ කාටද ?දාගැබ් කියන පස් ගොඩැලි වල සිට ජයශ්‍රී මහබෝදිය කියන ගහේ සිට නොපෙනෙන දෙවිවරුන්ගේ සිට කසාවත් පොරවාගත් ස්වයන් රැකියාලාභී මානව වදුරන්ගේ සිට හැම සුනකයටම අපි දොහොත් මුදුන් දී වදිනවනේ ,,
    අර ලෝක කුසලානයේදී අපි දැක්කේ මාලිංග ඇතුළු හැම පන්දු යවන්නෙක්ම පොලවට ,බෝලෙට වැද වැද බෝල දමපු ආකාරය …මේවා තමන් ගැන ඇති හීන මානය ප්‍රදර්ශනය කිරීමක් හැර වෙන කුමක්ද ?ශිෂ්ට ලෝකේ අතට අත දෙනවා මිසක් දණගහල වදිනවා වැනි තක තීරු ක්‍රියා අනවශ්‍යය !අප සියලු ජනයා ගෝරිලි මහරජාට වදිනවා,ඒකා මහපොලවට වදිනවා !

    • gadfly says:

      “…බන්දුල ගුණවර්ධන කියන්නේ සුනාමි වෙලේ ඇගේ එල්ලුන ළමය් පයින්ගහල හෙලිකොප්ටරෙන් පැනල ගිය දුෂ්ටයෙක් ,”
      ඔබ බන්දුල ගුනවර්දන ගැන කියූ දේ ගැන එකඟ වුනත් ප්‍රාඅකරන් ගැන කියූ දේ ගැන එකඟ වීමට නොහැක.

    • Lomba says:

      “දාගැබ් කියන පස් ගොඩැලි වල සිට ජයශ්‍රී මහබෝදිය කියන ගහේ සිට නොපෙනෙන දෙවිවරුන්ගේ සිට කසාවත් පොරවාගත් ස්වයන් රැකියාලාභී මානව වදුරන්ගේ සිට හැම සුනකයටම අපි දොහොත් මුදුන් දී වදිනවනේ”

      එතකොට දෙමළ අර අලි මූණ තියෙන එකාට වඳින එකත් මේ වගෙම එකක්ද? සොරි, එහෙම වෙන්න බෑ නෙ. මොකද දෙමළ වගේ ශ්‍රේෂ්ට ජාතියක් සිංහලය වගේ පුක උඩ දාන් වඳින්නේ නෑනෙ

  8. Ravana says:

    අපේ දේසපාලුවන්ට වදිනවට වඩා හොදයි පාර අයිනෙ ඉන්න හරකෙක්ට වදින එක

  9. @99 වෙනි වඳුරා
    මට මතක් වෙනවා මම දන්න සමසමාජ පක්ෂයේ අන්කල්ලා දෙතුන් දෙනෙක්ව. ඒගොල්ලොත් තමුන්නැහේ කියන කතාම තම්යි කිය කිය හිටියේ. අම්මට තාත්තටවත් වඳින්න ඕන නැහැ. බුදු පිළිම වලට වඳින එක වැරදියි. පොලොවට වඳින එක ගොන් වැඩක් අරකද මේකද කියලා. හැබැයි රාජගිරියේ එන්. එම්. ගේ පිළිරුව විවෘත කරපු දවසේ කවුද මල් මාලයක් දැම්ම. ඒ විතරක් නෙමෙයි මම අර කියපු සමසමාජ පක්ෂයේ අන්කල්ලා එන්. එම්. ගේ පිළිරුව දිහා බලන් ඉඳලා හරියට හැඟීම්බර වුනා. ඒ විතරක් නෙමෙයි මම ලඟදී පත්තරේක දැක්කා බාහු සහෝදරයා දානෙකට වැඩම කරපු හාමුදුරුවන්ගේ දෙපා හේදුවා කියලා. වයසත් එක්ක මොලේ මෝරන කොට ඒගොල්ලො යථාර්තය තේරුම් ගන්නවා. ඒත් ඔබතුමාලා වගේ අය එරිච්ච මඩ ගොහොරුවේ එරිලම ඉන්නවා ගොඩ එන්න පොඩි උත්සාහයක්වත් ගන්නේ නැතුව. ඒ අතින් ඔබ තුමා මාර අසරණයෙක්. තව එකක් ෂේගු රඝවාන් ව බන්දුලට වඳින එක වැලැක්වුවේ ඔහු සිංහලයෙක් වීම නිසයි. එහෙම නැතුව ඔහු සුනාමිය වෙලාවේ ළමයින්ට පයින් ගහපු නිසා නෙමෙයි. ළමයි යුද්දෙට දක්කපු ප්රබා වීරයෙක් වෙන පසුබිමක ළමයින්ට පයින් ගහන එක මොකක්ද?

  10. හනුමා says:

    වැඳීම යනු මානව සිරිතක් නොව වානර සිරිතකි. ප්‍රෛමාටාවන්ද නායකයාට සිංහල බෞද්ධයින් වැඩිහිටියන්ට වඳින්නා සේම වඳිති. (ඇත්තටම අප එය ඉගෙන ගෙන ඇත්තේ උන් ගෙනි.) විශේෂයෙන්ම වානර රංචු දෙකක ගැටුම අවසානයේදී යටත් වන වානරයන් විසින් ජයග්‍රාහකයන්ට අනිවාර්යයෙන්ම මේ “වැඳීම” කළ යුතු වෙයි. මේ ඉරියව්වේ ප්‍රධාන ලක්ෂණයක් නම් වැඳුම් ලබන්නාට වඳින්නාගේ පශ්චාත් ප්‍රදේශය හොඳින් පෙනෙන්නට සැලැසීමයි. වාචික සන්නිවේදනය අවම වානරයන් අතර මේ ඉරියව්ව ” මා ඔබට වඩා පහත් සත්ත්වයෙක්. මට අකේ පුරින්නටද ඔබට හැකියි. එනිසා මා නොමරන්න” යන පණිවිඩය සන්නිවේදනය කරයි. එසේ නොවඳින වානරයෝ ජයග්‍රාහකයන් විසින් මරා දැමෙති. වඳින්නෝ (සන්නිවේදනයේ අදහස් වන ආකාරයේ ලිංගික ක්‍රියාවක් සිදු වුවද නැතද – සමහරවිට එය සංකේතාත්මකව සිදු වේ) රංචුවට බඳවා ගැනෙති.

    ඔය “සිංහල බෞද්ධයින්” කියා ගන්නා උදවිය මෙවැනි වානර සිරිත් පවත්වා ගැනීමට මගේ නම් විරුද්ධත්වයක් නැත. අනෙක් හැම දේම වඳුරන් විදියට කරන ඒ උදවිය මෙහිදී විතරක් වඳුරන්ගෙන් වෙනස් විය යුතු මන්ද? එකම වෙනස මේ ක්‍රියාව සිදුවෙද්දී උන්ගේ නායක වඳුරන් නිරුවතින් සිටීම හා අපේ නායක වඳුරන් සිවුරක් පොරවාගෙන හෝ ජාතික ඇඳුම ඇඳෙගෙන සිටීම පමණෙකි.

    • අප නම් වඳින්නේ හිස නමා මිස ඔබ කියන පරිදි නම් නොවේ.රිවර්ස් එකට වැඳීම හනුමන් වඳුරන් ගේ වැඳීමක් විය යුතුය.කෙසේ උවද ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම තිරිසන් සතුන් තුල පවා නැති දුර්ගුනයකි.කවදා හෝ නිහතානී මිනිසෙකු වන තෙක් උඩඟුව අහංකාරව සිටින්න.කමක් නෑ

      • @කෙසේ උවද ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම තිරිසන් සතුන් තුල පවා නැති දුර්ගුනයකි.කවදා හෝ නිහතානී මිනිසෙකු වන තෙක් උඩඟුව අහංකාරව සිටින්න.කමක් නෑ

        මෙලොව ගව්රව කලයුතු කිසිවෙක් නොමැත ,සියලුමදෙනා තනි තනිව වෙනස්ය ,සුවිසේෂ්‍ය,පුජ්‍යය් ,කිසිකෙනෙක් තව කෙනෙකුට වඩා උසස් හෝ පහත් නොවේ.YOU ARE UNIQUE LIKE EVERYONE ELSE!
        බුධුන් දේශනා කරෙත්
        බුදුන්ට වැදිමෙය් ආනන්ද බෝදියට වැදිමෙය් වෙනසක් නොමැති බවය් ,අවශ්‍යතාවයක් නොමැති

  11. Ravi says:

    කොන්ද පණ තියෙන,
    පුතේ උඹ වන් එවුන්,
    තමයි අපිටත් ඕනෙ,
    වරෙං උඹ ඉඹින්නට,

    ඔලුව කියලා එකක්,
    බෙල්ල උඩ තියෙන්නේ,
    හැමෝටම නමන්නට,
    කිසිසේත් නොවන වග ,
    උඹ මතක් කරනතෙක්,
    අපිට අමතක වෙලා,

    දණිස් දෙක තියෙන්නේ,
    කෙලින් සිට ගන්ට බව,
    අමතකවු මෝඩ රැල,
    ඉතින් දැන්වත් අර කොලූ,
    ආදර්සෙට ගනිල්ලා!!!

    • උඹ මතක් කරනතෙක්,
      අපිට අමතක වෙලා

      දැන් ඉතිං මතක් උනානේ.එහෙනන් ඉදපං මෝල්ගස් ගිලපු පිඹුරා වගේ

      • Ravi says:

        පටු අදහස් නම් පවුරින් ලෝකය,
        කැබලි වලට නොබෙදී,
        ඥාණය නිවහල් වී,
        හිස කෙලින් තබාගෙන,
        සිටිනට හැකි කොහෙදෝ,
        එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට,
        මාගේ දේශය අවදි කරනු මැන,
        පියාණනේ!!!!

        නිවහල් ජාතියේ මෙහෙවර ප්‍රකාශය…..

        ශ්‍රී ලාංකිකයන් වන අප සැම ෂේදු රාගවන් නිර්භීත දරුවා දුන් ආදර්ශය මෙවක් පටන් අනුගමනය කරන බවටද, දේශපාලකයන් නම් කඳ බඩ පමණක් ඇත්තාවූ හිස් ගෙඩිය තුල මොළය කළඳක් හෝ නැත්තාවූ පුබ්බරුවන් වැන්දවීමට අපගේ දරුවන් යලිදු යොදා ගැනීමට ඉඩ නොදෙන බවටද,මෙසේ ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රතිඥා දෙම්හ…..

  12. @All
    නොමේරූ ගොයම් කරල් ඍජුව ඉහලට එසවී සිටී.නමුත් කිරිවැදී පැසුණු ගොයම නිහතමානීව බිමට නැඹුරු වී සිටී.
    (පැසුණු ගොයම ඍජුවම සිටින අවස්ථා ද ඇත, ඒ බොල් කරල්ය)

    • Ravi says:

      යුගයේ අවශ්‍යතාවය ජයශ්‍රී, බිමට නැවිච්ච ගොයම් කරල් නොවේ…..දන්නවද බිමට නැමුණම වෙනදේ?…..තමන්ගෙ දෙපාළඟ විතරයි පෙනෙන්නෙ…..අවට වෙන මොකවත් පෙනෙන්නෙ නෑ……අපෙ ලොක්කන්ටත් ඕන එහෙම අය තමයි,………අපිට ඕන එහෙම බිම බලාගෙන ඉන්න උදවිය නෙවෙයි…..සෘජුව හිස ඔසවා ඈත බලා තමන් අවට වෙන්නෙ මොනවද, කියල විචාර බුද්ධියෙන් හිතල බලල හෙට දවස වඩාත් යහපත් දවසක් කරන්නට තමන්ට හැකි පමණ පරිශ්‍රමයක් දරන උදවිය………

  13. ලමයා කුමක් හෝ හෙතුවකට නොවැන්ද බව ඇත්ත..නමුත් මෙහි කොමෙන්ටු දාන බොහොමයක් කශේරුකා සහිත සත්වයින් බන්දුල සමග ඇති භෙදය ලමයාට සැගවි ප්‍රකාශ කිරිම කොතරම් වටිනා ක්‍රියාවක්ද යන්න ඔවුන්ට නොතෙරුනත් මෙය බලන බොහොමයක් අයවලුන්ට පසක් වෙ…අනෙ මුන් තමය් උදෙන්ම ගිහිල්ල මෙ වගේ කාලකන්නින්ව බලයට ගේන්න චන්ද පත්‍රිකාවෙ කතිරෙන් පහරල ගලඋඩ……බලල්ලුවගෙ දැන් ඉන්නෙ……….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s