පාවිච්චි කලාට පසු කොන්ඩම් එකෙන් වැඩක් නැත. ඉවත දැමිය යුතුය. මේ ආණ්ඩුව තමන්ගේ මිතුරන්ට සලකන්නේ කොන්ඩම් තියරියට අනුව යැයි බොහෝ දෙනා කියති.

රාජපක්ෂලාට  බලයට ඒමට උපකාර කළ බොහෝ දෙනෙක්  රාජපක්ෂලා විසින් ඉවත විසි කරනු ලැබ සිටිති. මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, සරත් සිල්වා, යුදය දිනා දුන් ජෙනරාල් ෆොන්සේකා,ආදිය මේ අතර ප්‍රමුඛ වේ.

එසේම 2005 දී මහින්ද බලයට ගෙන ඒමට අති විශාල කාර්ය භාරයක් කල ජවිපෙටද ආණ්ඩුව සැලකුවේ ඒ අකාරයෙන්ම  බව අපි මේ තාක් වෙන තුරු සිතා සිටියෙමු.

එහෙත් එය එසේ නොවන බවත් , කළ ගුණ  සැලකීම් ආදි උතුම් ගුණාංග මේ තවමත් තිබෙන බව  ආණ්ඩුවේ ප්‍රබල ඇමත්තෙක් වන නිමල් සිරිපාල ඊයේ පෙරේදා කියු කතාවකින් ඔප්පු විය. එපමණ්ක් නොව ඒ බව ක්‍රියාවෙන්ද ඔප්පෙ කරමින් සිටියි.

එතුමා කිව්වේ  ජනතා විමුක්ති පෙරමුනෙන් ඉවත් වන අයට කැලෑ වදින්නට ඉඩ නොදෙන බවයි. ජවිපෙ කට්ටියක් කැලෑ වදින්නට ඉන්නවා යැයි එතුමාට කිව්වේ වීරවංශ දැයි අපි නොදනිමු.

ඒ කෙසේ වෙතත් කැලෑ වදින්නට නම් කැලෑ තිබිය යුතුය. කැලෑ නැත්නම් කැලෑ වදින්නේ කොහාටද?

 ඒ අනුව ජවිපෙ කට්ටිය කැලෑ වැදීම නතර කිරීමට ඇති හොඳම මාර්ගය කැලෑ නැති කිරීමය. දුප්පත් කම නැති කිරීමට දුප්පතුන් නැති කරනවා වැනිය.
 
ජාතියේ ලොකු පුතාගේ අනුග්‍රහයෙන් සිංහරාජය විනාශ කිරීම පටන්ගන්නේ ජවිපෙ කැලෑ වැදීම නතර කිරීමටය.  සෝමාවතියේ අක්කර දහස් ගණන් කැලෑ විනාශ කර කෙසෙල් වවන්නේත් ඒ නිසාය.
 
මේ ආකරයට ලංකාවේ ඇති කැලෑ සියල්ල විදේශ සමාගම් වලට බදු දුන් පසු ජේවීපී කාරයින් කැලෑ වැදී හමාරය. ආන්ඩුව ජවිපෙට කල ගුන සලකන්නේ එසේය.
Advertisements
Comments
  1. maathalan says:

    ඔය ආකාරයටම දෙනියාය පැත්තේ එකෙක් ජේ ආර් පප්පගේ කාළේ කැලෑ පාළු කලේය. අන්තීමට ඌත් මක බෑවීම ගියේය.

  2. kandula says:

    අනේ මොනතරම් කයිවාරු ගහපු, අනුන්ට හිනාවුන, රටේ ඔක්කෝම ප්‍රස්න වලට තමන්ට උත්තර තියෙනවා කියලා හිතාගෙන හිටපු ජවිපෙනෙ මේ ඉතින්……

  3. Sujeewa says:

    බොහෝ කතන්දර වල සැඟවුණු හෙළුව පෙන්නන්න හදන ඇට මැස්සා මෙතැනදී කැලෑ කපන බයිලාවක් හරහා ජවිපෙ පවතින දැවැන්ත අර්බුදය වසා ගනියි. තැනගේ කිල්ලොටෙට හෙන ගහන කොට කවුරුත් රාජපක්ෂ වගෙය. ක්‍රිකට් හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෝ පිට දමා බදු මිල ගැන කතා කිරීම වහන්නාක් මෙනි.

    විහිලුවංස ට නොකවුට් ගහන මනුස්සයගෙන් මීට වඩා දෙයක් ලැබිය යුතු යයි මට සිතේ.

    • 🙂 ජවිපේ කියන්නේ කවදාවත් තමන්ගේ අතින් වුන වැරැද්දක් පිළිගත්ත පක්ෂයක් නෙමෙයි නේද?

      • vinivideya says:

        waradi karanda epai piliganda danapathi andu visin ratata karapu naruma wada walata viruddhawa kriya kala arenda waradi kare naha

  4. Sujeewa says:

    බදු මිල නොවේ බඩු මිලයි. සමා වන්න.

  5. No Frames says:

    [සෝමාවතියේ අක්කර දහස් ගණන් කැලෑ විනාශ කර කෙසෙල් වවන්නේත් ඒ නිසාය]

    සෝමාවතියේ කෙසෙල් වවන්නේ පරණව කැලෑ වැදුණු ගොවිපලකය. එය වන විනාශයක් ලෙස හුවා දවන්නේ ආන්ඩුවට විරුද්ධවීම පුරුද්දක් කරගත් කීප දෙනෙක් පමණය.

  6. koba says:

    ඇත්තටම JVP එකට මොකද උනේ ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s