සහෝදර ප්‍රේමය

Posted: September 17, 2011 in Uncategorized
Tags: , ,

කවුරුන් විසින් හෝ උසාවි නියෝගයක් ලබාගෙන මුන්නෙශ්වරමේ බිලි පූජාව නැවැත්වූ පසු  සරම කරට ගෙන එම ස්ථානයට ගොස් මහා ලොකු සද්දයක් දැමූ මැරවින් සිල්වා උතුමාණෝ ,එම ක්‍රියාවට පෙරමුණේ රාල , දිවයින කතෘ  ඇතුලු වර්ගවාදින්ගෙන් ලැබුනු හුරේ පාර නිසා හොඳටම චූන් වී දැන් තවත් නාඩගමකට අර අඳිමින් සිටී.

 ඒ අනුව ඔහු ගම්පහ දිස්ත‍්‍රික්කයේ මස් කඩවල ගව මස් විකිණීම ලබන සතියේ සිට තහනම් කර තිබේ.  කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකරන ගවයා මෙරටට සම්පතක් බවත්,  එවැනි සතෙකු මරා මස් කෑම මහා පාප කර්මයක් බවත්,ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් රටටම ආදර්ශයක් ගෙන දීම සඳහා තමා මේ තහනම පැනවූ බවත් ඔහු කියා තිබේ.
 
ශ්‍රි ලංකාව බහු ජාතික බහු ආගමික  රටකි.   එහි නොයෙක් ජාතින් වෙසෙති . ඔවුන්ගේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආගමික මතාන්තර එකිනෙකට වෙනස්ය.
 
එසේ වෙසෙන විවිධ ජාතින්ගේ විවිධ ආහාර පුරුදු ගැන තඹ දොයිතුවකට නොතකමින්  මේ මැටි මෝල් තීන්දුව ගෙන ඇත්තේ සහෝදර ප්‍රේමය උත්සන්න වීම නිසාදෝයි ජනතාව සැක කරති.
Advertisements
Comments
  1. tom and jerry says:

    ඔය වගේ කථා වචනයට සීමා නොවී ක්‍රියාවෙන්ද පෙන්විය යුතුය. ගැලරියට චූන් සැපයීම හැරුණු කොට මැරවියා කර ඇති දෙයක් නැත. සුමංගල ගේ බිජ්ජ මිරිකූ කල බෞද්ද විරෝදියෙක් වූ මැරවින් දැන් පෙරමුනේ රාලගේ වීරයෙක් වී ඇත.

  2. අප නම් දන්නේ උසාවි නියෝගය වූයේ බිලි පූජාව නැවැත්වීමට නොව තාවකාලිකව නවත්වා වෙනත් දිනයක වැඩි දුර විභාගයට ගැනීමට බවයි.

    බහු ආගමික වූ පලියට ඕනෑම අපරාධයක් කිරීමට ඉඩ දිය යුතුද?(මා දන්නා පරිදි හිංදු ආගමිකයන් බහුතරයක් ද මෙම සත්ව සංහාරයට විරුද්ධය)

    ගවයාට දක්වන ප්‍රේමය සහෝදර ප්‍රේමය යැයි ඔබ පවසන්නේ උපහාසයටය.නමුත් තණකොළ පමණක් බුදින, ගොවිතැනදී තමන්ට මහඟු සේවයක් කරන ගවයාට අතීතයේ සිට අපරට ජනතාව “පුතා” යනුවෙන් අමතමින් සැලකූ බව මතක් කරදිය යුතුය.(මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ “වහල්ලු” කෙටිකතාව කියවන්න)

    මේ සටහන තැබුවේ මර්වින් සිල්වා නම් පුද්ගලයා නොව ඔහු ගේ මෙම ක්‍රියාව සාධාරණීකරනය කිරීමටයි.

    • gadfly says:

      මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් රටේ තරුණ හා ලමා පරපුර වනසන මෙබඳු පාතාල දේශපාලුවන් මුන්නෙශ්වරමට කඩා පැන්නේ එලුවන් හා කුකුලන් ගැන හදිසියේ පහල වූ මහා සත්ව කරුනාවකින් යැයි ඔබ සිතනනව නම් ඔබ ගැන අනුකම්පා කිරීම හැර මට වෙන කල හැකි දෙයක් නැත.

      • buwa says:

        මර්වින්ගේ අරමුණ මොක වුවත් සිදුවු දෙයෙහි ඇති වරදක් නැත , පිස්සු නටන සමාජයක වැරදි අරමුණකින් කරනා විකාරයකින් වුවත් සමාජයට යහපතක් සිදුවන අවස්ථා එමටය .මර්වින් එයින් අනවශ්‍ය පමණට චූන් වී ඇති බවක් පෙනෙන්නට ඇත , එය සහෝදර ප්‍රේමයක් ලෙස හැඟියාමේ වරදක් නැත , මන්ද මර්වින් ගේ සමාන්‍ය ක්‍රියාකලාපය මී ගවයෙකුට වඩා වෙනස් වන්නේ ඉතාම සුලු වශයෙනි

        • gadfly says:

          කසි කබල් දේශපාලුවන් නීතිය අතට ගෙන කරන මෙවැනි දේවලට හුරේ දැමීමෙන් සමාජයට යහපතට වඩා අයහපතක් සිදු වේ. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ ටටා බායි කීමත් තහනම් කරන බව මේ පුද්ගලයා ඊයේ පවසා තිබේ.

  3. kandula says:

    ඔය වෘශභයාට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවන එකම පාප කර්මය ගවයන් මැරීමයි. අනෙකුත් සියලු පාප කර්ම උගේ ආශීර්වාදය ඇතුව උගේම ගෝලයන් සිද්දකරන නිසා ඒවා සම්මා කම්මන්ත විය යුතුය.

  4. මේ වගේ ගොං කතා අහන්න ලැබෙන එකත් පරණ පවක් තමයි!

  5. යවෙස් ලූ මිනිසා says:

    හරක් මස් කන එක කාගේ පුරුද්දක්ද? කාගේ සංස්කෘතික අනන්‍යතාවයක්ද?

    අනික හරක් මරන එක හින්දූන්ට කරන අගෞරවයක් නේද

    ඉහි … ඉහි … ඉහි …

  6. දුකා says:

    ඔය මොනව කිව්වත් මර්වින් ලබන පාර ජනාධිපතිවරනෙට ඉල්ලුවත් වැඩිම ඡන්දෙන් දිනනව . . .ඒ අපේ රටේ මහජනතාවගේ “සහෝදර ප්‍රේමය” නිසා . . . හොඳයි නැද්ද?

  7. alibaba says:

    @ Duka,
    Oya Jayasri la vage amanayo innakan eka ehemamai.

  8. @alibaba,

    “මේ සටහන තැබුවේ මර්වින් සිල්වා නම් පුද්ගලයා නොව ඔහු ගේ මෙම ක්‍රියාව සාධාරණීකරනය කිරීමටයි.”

    සිහිබුද්ධියෙන් කියවන්න .

    වරින් වර අලුත් අලුත් නම් හදාගෙන ප්‍රතිචාර දක්වන්නේ එකම පුද්ගලයෙක් බව අපට සිතාගත හැකියි, රාජ්‍ය විරෝධයෙන් අන්ධ වී සිටින අලිබබෝ.

    • alibaba says:

      යකෝ පොන්නයෝ, රටේබාල පරපුර ට කුඩු විකුණන, නිතිය අතට ගත්ත හරකෙකුගේ මොන ක්‍රියාකාරි කමක් සාධාරණයි කියල කියන්නද ? නිතියට විරුද්ධව හෙඳක් කළත් ඒක නිතියට විරුද්ධ නම් අනුමත කළ යුතු නැහැ. තොපිට මෙතන වැදගත් වෙලා තියෙන්නේ සත්තුන්ග පණ බේරන එක නෙමෙයි. තවත් ආගමක් හෙලා දකින්න තියන කුණු ආසාව. බල්ලො බලල්ලු වගේ මිනිසු මරණ සමාජයක තොපිට කැක්කුම තියෙන්නෙ කුකුලොයි එලුවොයි ගැනයි විතරයි නේද ? කියවපිය නිලියගේ ඉරිද දිවයිනේ දැක්ම. තෝත් නලියටම හොඳයි.

      • එහෙනම් තවත් සමහර ආගම් වල මිනිස්සු මරල බිලී පූජා කරන්නේ.ඔහේත් ඒ ආගම් වැළඳ ගෙන ඒවා කරකර ඉන්නවා.ඒවත් හරිනේ ඔහේට.

        මතක තියාගන්න නීතිය කියන්නෙත් බහුතර ජනතාවලග් යහපත සදහා ජනතාව විසින්ම සාදාගත් වරින් වර සංශෝධනය වන දෙයක් මිස දේවභාෂිතයක් නෙවෙයි.

      • කතාකරන භාෂාව අනුව නම් ඹහේත් මර්වින් සිල්වත් අතර වෙනසක් නෑ

  9. ruwan says:

    ලංකාවට කුඩු ගෙනල්ල තරුණ පරපුර විනාස කරන මිනිස්සු ඉන්නේ පාර්ලිමේන්තු වේ කියල මිනිස්සු දන්නවා . ඒවා හොඳ වැඩ මිනිස්සු මස් කන එක තමය් ලංකාවේ ලොකුම ප්‍රශ්නය .

  10. Ravana says:

    If Mervin is really concerned about animals, he should terminate the newly built Paliyagoda fish market.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s