සිංහරාජය මැදින් පාරක් කැපීම හරිද? වැරදිද?

Posted: September 16, 2011 in Uncategorized
Tags: , , , , ,

ආණ්ඩුව දේශප්‍රේමි කම ගැන බොරුවට දොඩවමින් ලෝක උරුමයක් වන සිංහරාජය මැදින් පාරක් කපා එම සදාහරිත වනාන්තරය විනාශ කරන්නට හදනවා යැයි විපක්ෂයත් පරිසර සංවිධානත් මේ දිනවල  මැසිවිලි නගමින් සිටිති. ඇත්තටම ඒවා මැසිවිලි මිස ඒ වැඩේ නවත්තන්නට කරන උද්ඝෝෂණ නොවේ.

සිංහරාජය මැදින් පාරක් කැපීම හරිද? වැරදිද?
 
පරිසර ඇසකින් බලන්නේ නම් සිංහරාජ වනාන්තරය විනාශ කරමින් එය මැදි පාරක් කැපීම අමන ,මරි මෝඩ ,තකතිරු ඔලමොට්ටල වැඩකි.
 


එහෙත් දේශපාලන ඇසකින් බලන විට  එම ක්‍රියාව ඉතාම දේශප්‍රේමි , අධිරාජ්‍යවිරෝධි ,ප්‍රගතිශීලි ක්‍රියාවක් බව ඇට මැස්සාගේ මතයයි.
ඒ පිලිබඳ ඇටමැස්සාගේ තර්කය මෙසේය.
 
සිංහරාජය යනු ලෝක උරුමයකි.
එය ලෝක උරුමයක් වශයෙන් නම් කලේ යුනෙස්කෝ සංවිධානයයි.
යුනෙස්කෝව එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනුබද්ධ  සංවිධානයකි.
එක්සත් ජාතින්ගේ සංවිධානය …..???
අපට මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කරමින් අපට කෙලින්නට බලා සිටින එක්සත් ජාතින්ගේ සංවිධානය..
බෑන් කී මූන් නැමති අපගේ පරම විරුද්ධ කාරයා මහ ලේකම් ධූරය දරන එක්සත් ජාතින්ගේ සංවිධානය..
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ පදයට නටන එක්සත් ජාතින්ගේ සංවිධානය..
අපේ මිතුරු ගඩා‍ෆිට කෙලවූ එක්සත් ජාතින්ගේ සංවිධානය..
එක්සත් ජාතින්ගේ සංවිධානය එබඳුය.
ඉතින් එබඳු වූ එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් වශයෙන් නම් කරන ලද සිංහරාජය විනාශ කිරීම ,අපිට වින කටින්නට එන එජා සංවිධානයටත් , එහි සිටින  බෑන් කී මූන් ලා නවනීදන්පිල්ලෙලා බඳු බටහිර ගැති ලොක්කන්ටත් , ඇමෙරිකාව සහ බටහිර රටවලටත් දෙන  දැවැන්ත  කණේ පහරක් නොවන්නේද?
 
ජාතියේ ලොකු පුත්‍රයා ප්‍රමුඛත්වය ගෙන මේ කරන අධිරාජ්‍ය විරෝධී සත්කාර්යයට සියලු දේශප්‍රේමින්ගේ සහය හිමි විය යුතු නොවේද?
සියලු දේශප්‍රේමිනී එක්වව්! සිංහරාජය විනාශ කරවු.
 
 
Advertisements
Comments
  1. buwa says:

    කැන්ටිමේ මුදලාලිගේ පුතාගේ කථාව කොහොම උනත් ,”මුදල් ගෙවා ලබන උසස් අධ්‍යාපනය ” රටට අවශ්‍යයි කියලයි මම හිතන්නේ , මේ ගැන ලියන්න හිතාන ඉන්න නිසා කමෙන්ටුවට ඔය ඇති

    • buwa says:

      කතන්දරට ලියපු කමෙන්ටුව වැරදීමකින් මෙතන පල විය . මේක කමෙන්ට් දෙකම මකලා දාපන් ඇට මැස්සා තුමනි !!

  2. මූනත් එක්ක තරහ‍ වෙලා නහය කපාගන්නවා වගේ නේ? (මූන යනු මුහුණ යි, මූනා නොවේ)

  3. CITIZEN says:

    එල පොස්ට් එකක් නොවැ ..

  4. අනෙක බන් මම නම් කියන්නේ මේ මේ වැඩේ හොඳ එකක් කියලා . . .

    බලන්න සිංහරාජේ ගස්ටික නිකම්ම කැලේ තියෙනවට වඩා ඒක ලී මෝලකට බාර දීලා ඒකෙන් ලස්සන ලී බඩු හැදුවාම වටිනාකම කොයිතරම්ද. . .

    ජනාදිපති මන්දිරේ හරි ජනාදිපතිගේ පුතාගේ පුද්ගලික නිවසේ හරි වගේ තැනක තියලා තිබ්බාම තවත් වටිනාකම වැඩී. .

    පිටරටවලින් එන අයට “බලන්න අපේ වඩුවන්ගේ දක්ශකම” කියලා අඩම්බරෙන් පෙන්නන්න පුලුවන්නේ . . .

    කැලේ තිබ්බට එහෙම දෙයක් කොර ගන්න පුලුවන්ද?

    (මමත් දේසප්‍රේමියෙක් වගේ හිතන්න අරන් කියලා මට හිතෙනවා . . නැති නම් මේ ආන්ඩුවේ අයට හිතෙන දේවල්ම මටත් හිතෙන්නේ කොහොමෙයි?)

  5. ‍ෆොටෝ එකක් ගත්තාම කිරිල්ලීයෝ බිත්තර දාන එක නවත්තනවා කියලා දුක්වෙන් මහත්තුරැන්ට මේවා නොපෙනීමයි ගැටළුව…

    වෙලාවකට හිතෙනවා දුකා කියනදේත් හරිය කියලා… පාරක් කපලා… සිංහරා‍ජේ මැද්දේ තියන දියඇලි ටික අල්ලලා හොඳ හොටල් ටිකක් ගහලා සංචාරක කරුමාන්තය නගා සිටුවීට වගේ වැඩක් කරන්නත් පුලුවන්නේ.. ලෝත උරැමේ කියලා අපිට කීයක්වත් හම්බුවෙනවා කියලයැ….

  6. kasakaaraya says:

    අපේ ලොකු පුතාද දෙයියනේ මේ වැඩේට අත ගහල තියෙන්නේ? අනේ වාසනාවන්. තාත්තල බාප්පල හම්බකලාට කොල්ල තාම ඔළුව උස්සන්න හැදුව විතරයිනේ. අනෙක තාම ගෑණියෙක්වත් ගත්තෙ නැති එකේ කොල්ල ටිකක් හම්බ කරගනිපුවාවෙ

  7. Ravana says:

    haka haka haka

  8. kandula says:

    ඇත්ත ඇත්ත එජා සංවිධානයට ගහන්න හොඳම ක්‍රමයක් …… සිංහරාජය විනාශකිරීමට සහයදීම සියලු දේශප්‍රේමීන්ගේ යුතුකමකි….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s