පැට්‍රල් වන්දියේ සදාචාරය

Posted: September 13, 2011 in Uncategorized
Tags: , , , ,

ආණ්ඩුව බාල පැට්‍රල් ගෙන්වා තමන්ගේ රටේ මිනිසුන්ට විකුනුවේය. ඒ පෙට්‍රල් ගැසු වාහන  අතරමග නැවතුනි. ඒවායේ ඇංජින් විනාශ විය. ඒ ගැන අදාල ඇමත්තන්ගෙන් අසන විට පෙට්‍රල් ෂෙඩ් කරුවන් වතුර දමන්නට ඇතැයි පට්ට පල් බොරු කීවේය. ඒ අහිංසක මිනිසුන් තව පොඩ්ඩෙන් හොඳටම ගුටි කන්නේය.

කෙසේ හෝ තවත් පට්ටපල් බොරු තොගයකට පසු ඇත්ත පිලි ගන්නට ආණ්ඩුවට සිද්ද විය.
 
ඒ බාල පෙට්‍රල් ගසා හානි වූ වාහන වලට වන්දි ගෙවන්නට දැන් ආණ්ඩුව සැරසෙයි. බාල පෙට්‍රල් ගෙනවුත් කරගත් අලාභයට අමතරව  දැන් වන්දිත් ගෙවීමට සිදු වී තිබේ.
 
 මේවාට ගෙවන්නේ ඇමතියන්ගේ හා වැරදි කල නිලධාරින්ගේ පුද්ගලික බූදලයෙන් නොව  ළදරු කිටි පිටි පැකට්‍ටුව, පාන් ගෙඩිය, පරිප්පු ටික  හා රතු ලූනු ගෙඩියට පවා බදු ගසා ලබාගත් මුදලිනි. ඇමතිලාත් නිලදාරිනුත් තමන්ගේ බූදල් ලෙස වියදම් කරන්නේ වේලක් ඇර වේලක් කන දුප්පතුන්ගේ ආහාර වේලෙනුත් , මන්ද පෝෂණයෙන් පෙලෙන දරුවන්ගේ කිරි පිටි ටිකෙනුත් එසේ මංකොල්ල කා ගත් මුදල්ය.
 
එසේ ගෙවන වන්දියත් ගෙවන්නේ කැකිල්ලේ ක්‍රමයටය. ත්‍රී රෝද රථ හා මෝටර් සයිකල් සඳහා  උපරිම රුපියල් 15,000 කි. මෝටර් රථ සඳහා උපරිම රුපියල් 50,000 කි.
 
සිදු වූ හානිය ලක්ෂ පහක් වුවත් ගෙවන්නේ එපමණකි. ඊට වඩා ශත පහක් වත් ගෙවන්නේ නැත. ආණ්ඩුවේ පැට්‍රල් ගසා ගත් වරදට දෙන දඬුවම එයයි.
 
ආණ්ඩුව විසින් කුණු පෙට්‍රල් ගෙන්වා ආණ්ඩුව විසින්ම ගල් පැලෙන බොරු කියා මිනිස්සුන්ට ඒවා විකුණූ  ඒ ආණ්ඩුවම  වැරදි කාරයන් බවට පත් කර ඇත්තේ හානියට පත් වූවන්ය. සැබෑ වැරදිකාරයන් නිදහසේ සිටී.
මේ කතාවේ වඩාත්ම අපූරු කොටස එන්නේ ඊ ලඟටය.
 
ආණ්ඩුවේ කුණු පැට්‍රල් ගසා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ රථයටද රුපියල් 75,000 ක හානියක් සිද්ද විය.  එතුමාට ඒ  මුලු මුදලම ගෙවන බව පාර්ලිමේන්තුවේදීම කියන්නේ වග කිව යුතු ඇමතිවරුන්ය.
 
සාමාන්‍ය මිනිසුන්ට හානිය කොපමණ වූවත් වන්දිය 50,000 යි. විපක්ෂ නායක රනිල්ට සිදු වූ හානිය සම්පූර්නයෙන්ම  ගෙවනවා මදිවාට ඒ බව ප්‍රසිද්ධියේම කියනේ කිසිම ලැජ්ජාවකින් තොරව මහත් උජාරුවෙනි.
 
යම්තමින්  හෝ ශිෂ්ටත්වයක් ඇති රටක මෙවන් දෙයක් සිදු වූවානම් එවැනි කතා කියන ඇමතිලාට පමණක් නොව ඒ වරප්‍රසාද පිලිගන්නා විපක්ෂනායකලාටද ඉල්ලා අස් වී ගෙදර යන්නට සිදු වෙනු ඇත.
 
එහෙත් මේ වසර 2500 ක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති ලංකාදීපය නොව. මක් කරන්නද?
 

 
Advertisements
Comments
  1. Sameera Nilupul says:

    සුබ අනාගතයක්!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s