ගොඩගේ මුදලාලිට අපගේ විප්ලවීය ආචාරය

Posted: September 10, 2011 in Uncategorized
Tags: , , ,
 
පහුගිය දාක සත්ගුණවත් ,දානපති, ගොඩගේ පොත් මුදලාලි, පියශීලි විජේගුණසිංහගෙන් පසු ලංකාවේ අංක එකේ මාක්ස්වාදි විචාරකයා බවට පත්ව සිටින වාමාංශික දර්ශන මේදිස් සහෝදරයා සොයා ගෙන පැමිණියේය. ඒ ,තමන් විසින් පවත්වනු ලබන විප්ලවවාදි සාහිත්‍ය උත්සවයේ ප්‍රධාන දේශනය මේ විප්ලවවාදි කලාකරුවාණන් ලවා කරවා ගැනීමටය.
 
අපේ කලාකරුවාද ඒ ආරාධනය එක සිතින් පිලිගත්තේ ගොඩගේ මුදලාලි වනාහි, සත්ගුණවත් ,අවංක මුදලාලි කෙනෙක් බැවිනි. එතුමා ,ලේඛකයාට පොත් දාහකට මුදල් ගෙවා ,පොත් තුන්හාරදාහ මුද්‍රණය කර විකුණන ජාතියේ කෙනෙක් නොවෙන බැවිනි.ඒ වගේ කැත වැඩ එතුමාගෙ නැති බැවිනි.
 
  කෙටියෙන් කිවහොත් ගොඩගේ තුමා විප්ලවවාදි , කොමියුනිස්ට්වාදි මුදලාලි සහෝදරයෙක්  බැවිනි. ඉතින් කොමියුනිස්ට් වාදි ලේඛකයා කොමියුනිස්ට් වාදි මුදලාලිගේ ආරාධනය පිලිගත්තේය.උපමාවක් කිව්වොත් , මාක්ස් විසින් එංගල්ස්ගේ ආරාධනාවක් පිලිගත්තා වගේය.
 
ඉතින් අප විප්ලවවාදි කවියා  දේශනය සඳහා සූදානම් වෙමින් සිටින අතර හදිසියේම දැන ගන්නට ලැබුණේ , මේ සාහිත්‍ය උත්සවයෙ  ප්‍රධාන ආරාධිතයා විදියට එන්නෙ , කලා දඩයමක, අදහස් ප්‍රකාශනයට  විලංගු දැමීමක, සහ පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදි  අයීතීන් කප්පාදුවක යෙදී ගත් සංස්ථාපිතයේ ඇමත්තෙක් බවයි.
 
තමන්ගේ කුටියට වැදී තමන්ගේ පාඩුවේ විප්ලවය ගැන කවි ලියමින් සිටි මේ කවියාන , මීට පෙර ගොඩගේ සාහිත්‍ය උත්සව වලදී ආණ්ඩුවේ නිල සහභාගිත්වයක් තිබූ බව දැන සිටියේම  නැත.මේ ප්‍රජාපීඩක ආණ්ඩුවේම ඇමත්තන් මීට පෙර ගොඩගේ සාහිත්‍ය  උත්සව වල ප්‍රධාන අමුත්තන් වූ බවක් එතුමා දැන සිටියේම නැත. එසේ දැන නොසිටි නිසා ඒ ගැන ගොඩගේ මුදලාලිගෙන් අහන්නට ඕනෑ වූයේද නැත.
 
අනික ඒ වගේ විප්ලවවාදි මුදලාලි කෙනෙක්,  කලා දඩයමක, අදහස් ප්‍රකාශනයට  විලංගු දැමීමක, සහ පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදි  අයීතීන් කප්පාදුවක යෙදී ගත් සංස්ථාපිතයේ ඇමත්තෙක් තමන්ගේ උත්සවයේ ප්‍රධාන අමුත්තා විදියට ගෙන්වාවි යයි සිතන්නේ කවුද?
 
ඒ නිසා අපගේ කවියාණන් ටෝල්ස්ටෝයි ගැන වූ තමන්ගේ දේශනයට සූදානම් වෙමින්  සිටියේය. අන්න එවිට තමා එතුමාට හදිසියේම දැන ගන්නට ලැබුණේ මේ උත්සවයට සංස්ථාපිතයේ ලොක්කෙක් එන  බව.
 
අප කවියා ඒ ගැන දැන ගත් වහාම ටෝල්ස්ටෝයිට අපහාස නොකර සිය  දේශනය අවලංගු කර දැම්මේය.
 
එවන් වූ නිර්භීත තීරණයක් ගැනීම ගැන අපේ කාලයේ මායකොව්ස්කිට අපේ විප්ලවීය ආචාරය.

එපමණක් නොව එබඳු වූ නිර්භීත විප්ලවීය කවියෙක් තම සබයේ ප්‍රධාන දේශනයට ‍තෝරා ගැනීම වෙනුවෙන් විප්ලවවාදි , කොමියුනිස්ට්වාදි ගොඩගේ මුදලාලි සහෝදරයටත් අපේ විප්ලවීය ආචාරය.
 
 
Advertisements
Comments
  1. ;-( says:

    2011 ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් කවිය විසිවෙයි.
    – පුවතක්-

    😦

  2. හිනා කන වැඩේ නේද පීටර්?

  3. පොඩි ළමයා says:

    ඇට මැස්සෝ කවුද බන් ටෝල්ස්ටෝයි කියන්නේ, JVP මන්ත්‍රී කෙනෙක්වත්ද??? පොර ලගදි ආණ්ඩුවට පනින්න යනවද ? ඔච්චරම මිනිහ ගැන කතා කරන්නේ ???

  4. පියසීලි නෝන ගැනනං අහල තිබ්බ. වෙලාවට මේ අලකලංචිය හින්ද මේදිස් කියල උන්දෙකුත් ඉන්නවග දැනගන්න ලැබුනෙ! දැං එහෙනං හොඳ බල්ටි බලාගතෑකි ඉස්සරහට පත්තර කොන් වලින්!

  5. gadfly says:

    ඉඳල හිටලා ඔහොම පිස්සු කෙලියත් දර්ශන මේදිස් උන්නැහෙත් හොඳ කවියෙක්.
    කපුගේ ගායනා කරපු ” සබඳ අපි කඳු නොවෙමු” ගීතය ලියලා තියෙන්නේ මුන්නැහෙ.

  6. gunaya says:

    විප්ලවීය ආචාරය…ඕක මහ පරන කතාවක් නෙ..හිතාගන්න පුඑවන් කාටද කඩේ යන්නේ කියල…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s