නාථ ඇතුළු සම්‍යක්දෘෂ්ටික දෙවිවරුනි! ඔබතුමන්ලාවත් අපිට පිහිට වනු මැනැවි.­!!

Posted: September 2, 2011 in Uncategorized
Tags: , , , , ,
ඇමෙරිකාව,යුරෝපා සංගමය ඇතුළු බටහිර අධිජ්‍යවාදින් විසින්  ඉදිරියේදී  අප රට ආක්‍රමණ්ය කරනු ඇතැයිද ,එහිදී රුසියාව හා චීනය  ඔවුනට එරෙහිව සටන් වැද අපව ගලවා ගන්නට එනු ඇතැයිද   අපේ රටේ ජාතිකවාදී ,ජාතිවාදී දේශප්‍රේමින්  මහත් සේ බලාපොරොත්තු තබා සිටියේය. එසේම එම  බලාපොරොත්තුවේ යතාර්ථය ගැනද අප මීට  පෙර කියා ඇත්තෙමු.
ඒ අපටත් වඩා එම දෙරට සමග ගනුදෙනු කල ලිබියාවේ ගඩා‍ෆි ඔවුන් විසින් අත හැර දැමු ආකාරය දැකීමෙනි. ගඩා‍ෆි බේරා ගැනීමට තම ඇඟිල්ලකුදු නො එසවූ චීනය ඔහු වැ‍ටුනු විගසම ලිබියාවේ ඇති තම දේපල ආරක්ෂා කර දෙන මෙන් කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
 
දැන් රුසියාව ලිබියාවේ කැරලිකරුවන්ගේ පාලනය පිලිගෙන ඇත. ඒ නිකම් ම නොවේ. ඔවුන් කිසිදාක ගඩා‍ෆිගේ පාලනය අනුමත නොකළ බවද කියමිනි.
 
රුසියාව ලිබියාවේ  නව පාලනය පිලිගන්නා බව  ප්‍රකාශ කිරීමෙන් පසු නිවේදනයක් නිකුත් කල රුසියන් විදේශ ඇමති සර්ජි ලවුරොෆ් පැවසුවේ ගඩා‍ෆි  බලයේ ‍රැඳීම තමන්ට අවශ්‍ය නොවූ බවත් , තමන් විරුද්ධ වූයේ ඔහු ඉවත් කිරීමට නේටෝව අනුගමනය කල ක්‍රමයට පමණක් බවත්ය. එසේම   රුසියාව ලිබියාවේ තිබුනු පාලනය කිසි ම දාක පිලිගත්තේ නැති බවත් ,  ජනාධිපති මෙද්වෙදෙව්  , ගඩාෆී යා යුතු  යැයි පැහැදිලිව  පවසා ඇති බවත් විදේශ ඇමතිවරයා වැඩි දුරටත් පවසා ඇත.
 
අපේ අතිජාත මිත්‍රයන් අපිටත් වඩා ඔවුන්ගේ මිත්‍රයෙකු වූ හා අපිට සිටින හොඳම හා ස්වල්ප මිත්‍රයන් කීප දෙනාගෙන් එකෙකු වූ ගඩා‍ෆි තුමාට සැලකුවේ එසේය.
 
ඉතින් අපට කාගෙ පිහිටක්ද?
 
නාථ ඇතුළු සම්‍යක්දෘෂ්ටික දෙවිවරුනි ඔබතුමන්ලාවත්  අපිට පිහිට වනු මැනැවි.ඔබ තුමන්ලා නැත්නම් මේ  කෲර ලෝකයේ අපට පිහිට වන්නේ කවුද?
Advertisements
Comments
  1. මීට පස්සෙ නම් මළත් තොපිලට උදව්වක් කරන්නෙ නෑ. තොපිල ගැන අනුකම්පා හිතිලා මං තොපිලට ආසනික් තියෙන්නෙ කොහෙද කියල පෙන්නල දුන්න. තොපි ටික ඒක ජෝක් එකට ගත්ත මදිවට දැන් එනව හැම එහෙකටම මගෙන් උදව් ඉල්ලන්න. පලයව් යන්න මට කරදර නොකර. මට මතු බුදු වෙන්න භාවනා කරන්න තියෙනව පව්කාරයිනේ. තොපිලට උදව් කරන්න වෙලාවක් නෑ.

  2. buwa says:

    නාථ දෙවියො සම්‍යක් දෘෂ්ටික උනාට දේව සභාවේ බලය තියෙන්නෙත් මිත්‍යා දෘෂ්ඨික ඉන්දියානු දෙවිවරුන්ට ලු ඒ නිසා ඉන්දියාව කර ඇරියොත් නාථ දෙවියොත් කර අරිනවා . ඒකනේ දැන්මම ඔය උඩින්ම කමෙටුවක් දාල කියල තියෙන්නෙ . බැරි වෙලාවත් දේව සභාවේ ලොක්කන්ට විරුද්ධ ගියොත් නාථ දෙවියන්ගේ දේව පෝස්ට් එකත් කැන්සල් කරල ලංකාවට එවනවලු .එතකොට ඉතින් භාවනා කරන්න වෙන්නේ හම්බන්තොට වරායේ ගල උඩට වෙලා තමයි

  3. silva54 says:

    ලිබියානු ජනතාවට ජයවේවා කියන දිනය අත ලග. හැබැයි එකක් කියන්නම්. ලංකාවේ නම් ඔය වාගේ දෙයක් සිද්ද වෙන්නෙ නැහැ. සිද්ද උනොත්, ඒක තව දුරටත් ලංකාව නෙමෙයි.

  4. පොඩි ළමයා says:

    මේ යකා ඔහොම හිටියට මාර පොරක් තමයි… ආරක්ෂාවට හිටිය ගැනු ළමයි ටික එක්ක ලිංගික වැඩ වගයකුත් කරලු. අපේ පොරවලුත් පස්සෙන් ගියේ ඕක තමයි. ඔය කිව්වට තනියම කන බොන පොරක් නෙවේ වෙන්ඩ ඇති …. ලිපිය ගැනනම් ලියන්ඩ දෙයක් නැ. ඇට මැස්සෝ අපි ඕක මුල ඉදලම කිව්වනේ ….

    • රැඩිකල් අදහස් says:

      ඇත්තටම ඔය ගඩාපියා ගෑනු ළමයි එක්ක මොනවත් කරලද කොලුවෝ? මම හිතාන හිටියේ ඕකා සබ්ජෙක්ට් කියල අර අපේ ලොකු උන්නැහැ ගිය වෙලාවෙ කරට අත දාගෙන ජැක් එක ගහගෙන හිටපු විදියට. අපේ ලොකු උන්නැහැත් ඉතින් සැපට දීගෙන හිටියනෙ. අල වගේද ගෝවා කිව්වලු.

    • රැඩිකල් අදහස් says:

      මෙන්න බලහංකො ඉසුරුමුණි පෙම් යුවළ වගේ දෙන්නා එක්ක කරට අත දාගෙන, අත් අල්ලගෙන ඉන්න හැටි!

      http://www.lankaenews.com/English/news.php?id=10814

  5. Michael Corlene says:

    Libyan revolution was not a revolution per se.

    It was a tribal war.

    And don’t wish that for Sri Lanka.

    who wants Anarchy ? At this moment do you see a better leader than MR ?

    • tom and jerry says:

      Was that a tribal war? Tell us more about it!

    • /At this moment do you see a better leader than MR ?/

      ඇයි බොල මේ මම? ඔය මහින්දයට කෘමිනාශක වල ආසකින් වත් හොයා ගන්ඩ පුළුවන් වුණාද මම කියනකල්?

      (අඩෝ මම දෙවියා වුණත් ඉංගිරිස් දන්නවා. හරිය…)

    • gadfly says:

      no matter it was Tribal or global war. Gadaffi , a dictator was chased away.

      • Michael Corlene says:

        Yes agreed.

        But if do you believe chasing away MR (if that’s possible) would be the same ??

        Who is the alternate leader to guide this country as you see ??
        Would like to know

        thanks

        • @Michael Corlene

          “Who is the alternate leader to guide this country as you see ??””

          ඔබගේ ප්‍රශ්නය පුස්සක් බවට පත් කරන ලද්දේ මහා බලගතු අප මහරජානන් විසින්ම යැයි මට හැගේ.

          MR ගෙන් බොහෝ දෙනා අපේක්ශා කරනු ලැබුවේ මහතිර් මොහොමඩ්, ලී කුවන්යූ වැනි පාලනයක්. නමුත් ඔහු බොහෝ විට උත්සාහ ගත්තේ තමන්ගේ බලය රැක ගැනීමටත්, ඔටුන්න හිමි නාමල් කුමරුගේ අනාගතය තහවුරු කිරීමටත්.

          MR ගෙන් මා ඉගෙන ගත් ලොකු පාඩම වන්නේ ලංකාවේ විධායක් පුටුවට මොකා ආවත් කරන්නේ ඔයදේ බවයි [abusing power, corruption].

          මේ නිසා ලංකාවට අවශ්‍ය වන්නේ ක්‍රමවත් යාන්ත්‍රණයක් [proper governing system] විනා නායකයෙක් නොවෙයි. මෙය පිළි නොගන්නා තාක්කල් අපි පක්ශ පාට සහ නායකයින් පිටිපස සදාකලිකව දුවමින් සිටිනු ඇත.

          • winil says:

            ඔබ ඉතා නිවැරදිය. සියලු දෙනා, මහජනයා විසින් දේශපාලකයන් තල්ලු කල යුත්තේ විධායක බලය සහ කුණු මනාප ක්‍රමය වෙනස් කිරීමටය. ඒ සඳහා දැන් 2/3 බලය ඇත.

        • gadfly says:

          taboo alias michael corlene

  6. silva54 says:

    මම කිවුවෙ නැද්ද දැන් ටිකකට ඉස්සර වෙලා ? ඕක ලංකාවෙ උනොත්, ඒක තව දුරටත් ලංකාව නෙමෙයි.

  7. අපිනම් මේ සත්‍යය අවබෝධ කරගත්තේ ජේ. ආර්. උන්නැහේ ජනාධිපති වෙලා උන්නු කාලේ. ජේ. ආර්. නිවටයෙක් වගේ ඇමෙරිකාවට ඕන විදිහට ලංකාව ඇමෙරිකාවේ ටොයිලට් පේපර් එකක් බවට කලා. මතකද ජේ. ආර්. ට ඒ. කාලේ ඇමෙරිකානු ජනාධිපති විශේෂ භෝජන සංග්‍රයකුත් දුන්නා. (රනිල් පෝලිමේ ඉඳලා ඉඳලා බුෂ් එක්ක යන්තම් ෆොටෝ එකකට හිටියා විතරයි.) ජේ. ආර්. කාරයත් හිතුවේ ඉන්දියාව පාට් එකක් දාන්න ආවොත් අමෙරිකාව ඉන්දියාවට දුම් යන්න ගහයි කියලා. ඒත් අන්තිමට ඉන්දියාව පරිප්පු දාපු වෙලාවේ , ආවේ හෙළා දැකපු නිවේදනයක් විතරයි. ඒ අත් දැකීම් එක්ක තමයි පහුගිය කාලෙ යුද්ධය තිබිච්ච දවස් වල ඒ මොහොතට අවශ්‍ය කරන යාළුවෝ ටික ලංකාවෙන් හදා ගත්තේ. රනිල්නම් හිටිය අවුරුදු දෙකේ නෝන්ඩි වෙවී තමුන්ගේ මාමණ්ඩියා කරපු ගොන්කමම තම්යි කරන්න ගියේ.

    • gadfly says:

      යුද්දේ තිබ්බ කාලේ ඒකද කොලේ. අපි දැනන් උන්නේ නැහැනේ. මාර රාජ්‍යතන්ත්‍රික බාවයක් නේද මචං??

  8. JRට එදා ඇමරිකා ජනපති උදව් කළෙත් නෑ. අද ගඩාෆිට එයාගේ (මහලොකු) යාලුවෝ උදව් කළෙත් නෑ.අනාගතේ දවසක බැරිවෙලාවත් MR ට අවශ්‍ය වුණොත් එයාගේ (මහලොකු) යාලුවෝ උදව් කරන්නෙත් නෑ.ඒක තමයි ඇත්ත.

    ඇමරිකාවට ලංකාවට අත පොවන්න ඕනි නම් කවුරු හිටියත් ඒක නොකර ඉන්නෙත් නෑ.

    • buwa says:

      ඒක ඇත්තේ මොකද ලංකාව කියන්නේ ලෝක දේශපාලනයේ ට්වත් ආර්ථිකයේවත් වැදගත් සාධකයක් නොවෙයි , ඒ නිසා අපි වෙනුවෙන් කවුරුවත් පෙනී හිටින්න එන්නේ නැ , ඒ වගේම අපි ශේප් එකේ ඉන්නව නම් අත දාන්න එන්නෙත් නැ . එ නිසා තමන්ගේ පාඩුවේ කොයි එකා එක්කත් හොඳින් ඉන්න එකයි වැදගත් , දේශපාලන කඳවුරු වලට ගාල් වෙන්නෙ නැතුව

  9. ඒ රාජ්‍ය තාන්ත්‍රිකභාවය නිසානේ මචෝ යුද්ධය දින්නෙ. ඔබතුමා කියන තියරි දැම්මනම් කොටි තාම අපිට කෙලිනවා.

    • Annonymous says:

      ඔය කියන රාජ්‍ය තාන්ත්‍රිකභාවය නිසා නෙවෙයි රාජපක්ෂ අණ්ඩුව යුද්දේ දින්නේ….. ඉන්දියාව යුද්දේ දි ලංකාවට උදව් කලේ,L.T.T.E ඉන්දියාවට හිස රදයක් වෙලා තිබ්බ නිසා…අමෙරිකාවත් ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයක් පටන් ගෙන තිබ්බ නිසා,අපට යුද ක්‍රියා මාර්ගයකට ඒම පහසු වුනා

  10. ඇයි එහෙනම් රනිල්ට බැරි වුනේ. රනිල් අගමැති කාලෙත් තිබුණේ ඔය කිය ලෝක තත්වයමනේ.

  11. අනේ තොපි දන්න ලබ්බ! නොදන්න මගුල් කතා නොකර හිටපල්ලා!
    ලංකාවේ තිබ්බ බෞද්ධ ආර්තිකය අද නවීන ලෝකයට අභියෝගයක් වෙලා තියෙන්නෙ. ඒකයි ඇමරිකාව, එන්ගලන්තෙ එවුවෝ අපිට කෝචෝක් කරන්නෙ. ඒ වගේමයි නලින් ද සිවලා ගේ සිංහල බෞද්ධ විද්‍යාව හින්ද අද මුලු බටහිර ලෝකයම කැලඹිලා, අඤ්ඤකොරොස් වෙලා තියෙන්නෙ. මුලු ලෝකෙම් එකම ඒම් එක මේ පුංචි රටට ගේමක් දෙන එක තමයි යකුනේ! බොරුනං නලින්ද සිවලා ගෙන් අහල බලපියව්!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s