රාළගේ වින්දනය

Posted: August 30, 2011 in Uncategorized
Tags: , , ,

අප විසින් ලියන ලද අපේ චූන් අපිට චූන්  නොහොත් වීරවංශගේ ස්වයංවින්දනය නැමැති ලිපිය කියවා පෙරමුණේ රාල නමැති වර්ගවාදි බ්ලොග්කරුවා ඉමහත් කලබලයකට පත්ව ඇත,

හමුදා කුමණ්ත්‍රන හා වංචා සහගත මැතිවරණ වලින් බලයට අවුත් වසර ගානක් තිස්සේ  මැදපෙරදිග රටවල ජනතාව  තම ඒකාධිපති ග්‍රහණයට හසු කරගෙන , ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් කප්පාදු කරමින්, එම රටවල  ජාතික ධනය තමන්ගේ හා තම පවුලේ සුඛවිහරණයට යොදා ගත් දුෂ්ඨ ඒකාධිපතියන් එලවා දැමීමට ජනතාව නැගී සිටින විට මෙරට සිටින රාළලාගෙත් ඉහමොළ රත් වී ඇති බවට හොඳ සාක්ෂියකි එය.
 
මේ රාලහාමි ඉතිහාසය ගැන නන් දොඩවයි ඔහු කියන ඉතිහාසය  කුරිරු ඒකාධිපතින්ට චරිත සහතික දෙන ඉතිහාසයකි. ලිබියාවේ තෙල් සම්පත ගැන කතා කරන රාල එම තෙල් සම්පත් පාලනය කලේත් ඒවායෙන් ලැබුන ධනය ගියේත් ගාඩා‍ෆි පවුලට පමනක් බව හිතාමතාම වසන් කරයි.සදාම් හුසේන්ලා ඉරාක ජනතාව මර්ධනය කලේ කෙසේදැයි නොකියයි.
 
මේ හා සමාන  සිදු වීමක්  පසුගියදා අප රටෙන්ද වාර්තා විය. එනම් ලංකාවේ තෙල් සම්පත කැණීම සඳහා ඉන්දියාව හා අත්සන් කර ඇති  අමන ගිවිසුමයි. ඒ ගිවිසුමට අනුව තෙල් සම්පතින් ලංකාවට  හිමි වන්නේ  සිඅයයට දහයක (10%) කොටසක් පමණි. අඩු තරමෙන්  නොයෙක් බදු පනවා තවත් පමණ ලබා ගැනීමට තිබු අවස්ථාව මේ ඊනියා දේශප්‍රේමි ආණ්ඩුව අහිමි කරන විට රාලගේ දේශප්‍රේමය , ජාතිවත්සල්‍ය තිබෙන්නට ඇත්තේ අධෝමුඛයේ හිර වී විය යුතුය.
 
ඊලඟ කාරණය වන්නේ මලිත්ට ගැහුවාම චංචලා අඬන්නේ ඇයි ජාතියේ එකකි. වීරවංශගේ වෙබ් අඩවියේ පලවූ ලිපියක් ගැන අප කියන විට කොහෙවත් යන රාල කෙනෙකුට මල පනින්නේ ඇයිදැයි අප සිතුවත් රාලගෙ ලිපියේ අගට යන විට අප සැක සංකා සියල්ල සන්සිඳුනේය. ලෙමන් පෆ් කමින් උපවාස කර  ලෝකයේ හිනාවට තමන් පමණක් නොව  තම රටත් එහි වෙසෙන සියලු දෙනාත් ලක් කල කුප්‍රකට උපවාස කරුවාට කඩේ යන හැටි දැකීමෙනි.

මේ අනුව අපට තේරුම් යන්නෙ මල්වංශගේ වෙබ් අඩවිය කරන්නෙත් නොයෙක් නම් වලින් එහි ලිපි ලියන්නෙත්  පමණක් නොව එම ලිපි වලට නොයෙක් නම් වලින් කොමෙන්‍ටු දමන්නේත් මෙම ඊනියා රාල සහ නඩය බවයි.

 

 

 

බ්ලොග් අඩවි දෙක තුන පවත්වාගෙන යමින් ඒවායේ ලිපි හා කොමෙන්‍ටු තමන්ම දමමින් ස්වයංවින්දනයේ යෙදෙන රාලලා  මහින්දගේ ජනප්‍රියතාව ගැන නන් දොඩවන්නේ තමන් බලයෙන් පහ වීමට මාස කිහිපයකට පෙර පැවත්වූ ජනපතිවරණයෙන් ටියුනීසියාවේ එකාදිපතියා සියයට අනූ ගණනක් ගත් බව හොඳාකාරවම දැනගෙනය.
 
ඒනිසා අපට අවසන් වශයෙන් කීමට ඇත්තේ ඔය වැඩේ කරගෙන යන්න.නමුත්  අවුරුදු දහහතරේ පහලවේ කොල්ලන් කරන වැඩ වැඩුණු මිනිසුන් කරන සැටි දකින විට නම් දැනෙන්නේ අපුලකි. 
Comments
  1. ග්‍රීස් යකා says:

    පෙරමුණේ රාලගේ මේ කියන ලිපිය කියවන කොට මටත් ලොකු ගැටළුවක් ඇතිවුණා. මොකද බ්ලොග් අවකාශයේ පෙරමුණේ රාළ හා සමාගම පෙනී සිටින්නේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව. ඉතින් බටහිර රටවල ආධාර ඇතිව මේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජ බිඳවැටීම ගැන රාළ හා සමාගම සතුටු විය යුතුයි. මොකද ඒ රාජ්‍යයන් බිඳ වැටීමෙන් පසුව (තාවකාලික අවුල් වියවුල් කාලයකට පසුව හෝ) ඇති වන්නේ සාපෙක්ෂව වඩා නිදහස් සමාජ නිසා. ගඩාපිලා වැටීම තුළ මුස්ලිම් අන්තවාදයට ඉතාම දරුණු පහරක් වදින නිසා. නමුත් ගඩාපිලා වැටෙන කොට රාළලා අඬන්න පටන් ගන්නවා නිකං හරියට අප්පොච්චි මළා වගේ. ඇයි මේ?

    මට එන්න පුළුවන් එකම නිගමනය තමයි රාළලාගේ අවසාන අපේක්ෂාව මුස්ලිම් අන්තවාදයේ පැවැතිම කියන එක. එතකොට තමයි රාළලාට තමන්ගේ සිංහල බෞද්ධ අන්තවාදය පැතිරවීමේ උත්සාහයේ දිගටම නියැළී ඉන්න පුළුවන්. (ප්‍රභාකරන් නැතිවෙලා කොච්චර නම් පාඩුවක්ද වුණේ රාළලාට?) ඉතින් ගඩාපිලා වැටෙනකොට රාළලාට තමන්ගේ පවුලේ කෙනෙක් මැරුණා වගේම දුකයි. පව් නේ…

    • tom and jerry says:

      එක හැබෑව ගඩාපි කියන්නෙ හම්බාවෙක් නෙ? පොදු පෙරමුනේ රාල ඌට සපොර්ට් වගෙ…

    • Ravana says:

      පෙරමුනේ රලගෙ සයිට් එකේ කතුවරු 4ක් ඉන්නවා…but they are working against each other…රාලයි අප්පුලායි ඉස්ලාම් එකට විරුද්දව බටහිර රටවල් වලට සහය දක්වනව…නමුත් නෝ ෆ්‍රේම් අධිරාජ්යවදය වගෙ විමල්ගෙ වචන සෙට් එක ඉස්සරහට දාගෙන ඇන්ටි-බටහිර ටෝක් දාන්නෙ hikz

  2. ජයශ්‍රී says:

    යම් සිංහල (සිංහල බසින් ලියන යන අදහස පමණි) බ්ලොග්කරුවෙක්,

    කම්කරු අරගලයක දී පොලිස් වෙඩි පහරින් මිය ගිය ජානක ගේ රුව තම බ්ලොගයේ ද දමා හත් හැවිලි හවමින් හඬා වැලපේ.(එහි වරදක් නැත අපි ද ඒ ගැන දුක් වීමු)

    නමුත් අනෙක් අතට තම කුලුදුල් දරුවාගේ මුහුණ බැලීමට සිටි පියෙක් ඉහත පරිදිම මහජන කැළඹිළි අවස්ථාවක දී (වෘත්තියෙන් පොලිස්කාරයෙක් සහ ජාතියෙන් සිංහලයෙකු වූ නිසාම) මිලේඡයන් විසින් කඩු වලින් කොටා ඝාතනය කළ විට මුනිවත රකී.

    මෙය පාඨකයෙක් එය තේරුම්ගත යුත්තේ කෙසේද? ඒ ඔහුගේ වින්දනයද?

    • සරිගම says:

      @ජයශ්‍රී,

      පොලිස් නිලධාරියෙක් පමණක් නෙවෙයි කාපට් විකුණන්න ගිය අහිංසක මිනිස්සු දෙන්නෙකුයි තවත් කීප දෙනකුයි මේ වන විට නීතිය අතට ගත් මිනිසුන් විසින් මරා දමල තියෙනවා. තව විශාල පිරිසකට පහර දීල ශාරීරික හානි කරල තියනවා. පහර දුන් අයට අනුව මේ සියළු පහර දීම් කරල තියෙන්නේ හේතුවක් ඇතිව. ඔවුන් හරිය කියනවා නෙවෙයි, නමුත් යම් මිනිස්සු ටිකක් තවත් මිනිහෙකුට නිකම්ම ගහන්නේ නැහැ. මේ අවස්ථාවේ සමාජයේ විශාල භීතියක් තියෙනවා සාධාරණව හෝ අසාධාරණව. පොලිස් නිලධාරියා මිය යාමත් ඒ වගේ භීතියකට වැරදි ලෙස ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවක්. නැවතත්, මේ ඒක හරියි කියනවා නෙවෙයි.

      කුපිත වූ ජනතාව විසින් යමෙකු මරා දැමීමත්, රටේ නීතිය සාමය සුරකින්න ප්‍රතිඥා දුන් පොලීසිය හිතා මතා අහිංසක මිනිස්සු මැරීමත් අතර ලොකු වෙනස් කමක් තියෙනවා. ඒ නිසා ඇටමැස්සා පාලකයන්ගේ උවමනාව මත පොලීසිය විසින් මරාදමන ලද තරුණයා ගැන පමණක් කතා කිරීමේ වරදක් මට පේන්නෙ නැහැ. පොලිස් නිලධාරියාගේ මරණය අවාසනාවන්ත කාරණාවක් මිස ඒකෙ වෙනත් දේශපාලනික වැදගත්කමක් නෑ, මේ මළකඳ කර ගහගෙන ස්වර්ගයට යන්න බලාපොරොත්තු වෙන වර්ගවාදීන්ට මිසක.

    • SDA says:

      පොලිස් නිලදාරියා මෑරුවේ මුස්ලිම් අන්තවාදීන් නම්,
      මුස්ලිම් ජාතිවාදයේ අප්පලා වන හකීම්ලා කෑබිනෙට්ටුවේ ලගින්නේ කොහොමදෑයි ජයශ්‍රි ට කියන්න පුලුවන්ද?
      තව කේ.පි ලා පිල්ලයාන්ලා ඵහෙම…….

  3. පධනිස says:

    @සරිගම

    “මේ සියළු පහර දීම් කරල තියෙන්නේ හේතුවක් ඇතිව. ඔවුන් හරිය කියනවා නෙවෙයි, නමුත් යම් මිනිස්සු ටිකක් තවත් මිනිහෙකුට නිකම්ම ගහන්නේ නැහැ.”

    ඔප්පු කරන්න පුළුවන්ද?අනේ පලයං මහත්තයෝ යන්න.

    • සරිගම says:

      සමහරවිට ඔබතුමාලගේ අප්පොච්චිල, බාප්පලා, අයියලා හෙම නම් නිකම් ඉන්න මිනිහෙකුට ගහල මරනව ඇති. ඒත් සාමාන්‍ය මිනිස්සු එහෙම කරන්නේ නෑ හේතුවක් නැතිව. සමහරවිට වැරදි අවබෝධයක් වෙන්න පුළුවන්. ඒත් එහෙම නැතුව නිකං අතපය තියන් ඉන්න බැරුවට මිනිස්සු පිරිසක් තව මිනිහෙකුට, විශේෂයෙන්ම පොලිස් නිලධාරියෙකුට, ගහල මරන්නෙ නෑ.

  4. buwa says:

    “මේ අනුව අපට තේරුම් යන්නෙ මල්වංශගේ වෙබ් අඩවිය කරන්නෙත් නොයෙක් නම් වලින් එහි ලිපි ලියන්නෙත් පමණක් නොව එම ලිපි වලට නොයෙක් නම් වලින් කොමෙන්‍ටු දමන්නේත් මෙම ඊනියා රාල සහ නඩය බවයි.”

    http://lankacnews.com/sinhala/main-news/22662/

    ඔය තියන ලින්ක් එක බැලුවාම ඇට මැස්සාගේ කථාවට සාධකයක් සපයන බව පේනවා ඇති ,

  5. Real Sinhalaya says:

    අන්තර්ජාලය තුළ සිංහල බෞද්ධ වර්ගවාදීන් ඉතාම සංවිධානාත්මකව ඒකරාශී වී සිටිති. මේ ඒකරාශී වීම අද ඊයේ ඇරැඹුනක් නොවන්නාක් සේම බ්ලොග් අවකාශයට සීමා වූවක්ද නොවේ. සෝම හිමියන් අපවත්වීමෙන් පසුව මුල් වරට මොවුන් ඒකරාශී වූයේ Sinhalayo, Sinhala Minds, Real Patriotic Sri Lankans වැනි Yahoo Groups හරහාය. පසුව එය එලකිරි වැනි සයිට් කරා වර්ධනය විය. අද වන විට එය බ්ලොග් හා ෆේස්බුක් වෙත වර්ධනය වී තිබේ. වෙන වෙන නම් වලින් පළ වුවද සිංහල බෞද්ධ අන්තවාදී බ්ලොග් හැම එකකම පසු පස සිටින්නවුන් එකිනෙකා හා සම්බන්ධය. “පෙරමුණේ රාළලා” මේ කණ්ඩායමේ එක ඉත්තක් පමණකි.

    මේ පිරිස අන්තර්ජාලය තුළ කණ්ඩායමක් හැටියට හැසිරේ. එබඳු සංවිධානයක බලය වන්නේ එක් පුද්ගලයකු නොදන්නා දෙයක් කණ්ඩායම විසින් පොදුවේ සොයා ගැනීමයි. බියොන්ඩ් ෆ්‍රේම්, ටැබූ සබ්ජෙට්ස් වැනි බ්ලොග් හැක් කිරීම පිණිස මොවුන් යොදා ගන්නට ඇත්තේ මේ කණ්ඩායම් දැනුම යැයි සිතිය හැකිය. ඒ පියවර තුළින් බ්ලොග් අවකාශයේ නිදහස් හඬ නැති කිරීමෙන් ඔවුන් ලබා ගන්නා ලද ජයග්‍රහණය විශාලය. මේ නිසාම හැක් කිරීම නිසාම බ්ලොග් ලිවීම අතහැරිය පිරිසක්ද වේ.

    ඇටමැස්සාද ඔවුන්ගේ අවධානය බඳුන් වී ඇතිනම් ප්‍රවේසමෙන් කටයුතු කිරීම යහපති. අප හිතනවාට වඩා මේ සංවිධානය බලවත්ය. මේ අවවාදය බුවාටත් අදාළය.

    • SDA says:

      ඵදාවේල හොයාගන්න බෑරුව ෆ්ලෑට් වෙලා ඉන්න සි0හලයන්ට ඔය පන්ඩිතයෝ(සිංහල බෞද්ධ වර්ගවාදීන්)කරන මගුලක් නෑ.
      මුන් කරන්නේ ආගම ජාතිය කියකිය කුඩු කාරයන්ට ස්ත්‍රි දූශකයන්ට කඩේ යනඵක.

  6. maathalan says:

    පව් දෙවියනේ…

  7. J.R. says:

    මාක්ස් – එංගල්ස් පවා ඵදාවේල හොයාගන්න බෑරුව ෆ්ලෑට් වෙලා ඉන්න මිනිස්සුන්ට කල දෙයක් නැත… නමුත් ඔවුන්ගෙන් ඇතිවූ බලපෑම අතිවිසාලය….

    • SDA says:

      [මාක්ස් – එංගල්ස් පවා ඵදාවේල හොයාගන්න බෑරුව ෆ්ලෑට් වෙලා ඉන්න මිනිස්සුන්ට කල දෙයක් නැත… නමුත් ඔවුන්ගෙන් ඇතිවූ බලපෑම අතිවිසාලය]
      මාක්ස් ඵ0ගල්ස් මග පෙන්නුවා.
      ඵ් මගේ ගිය ජනතාව 1917වෙනකොටත් ඵඩේර යුගයේ තිබ්බ රුසියාව ලෝකේ දියුනුම රට කරලා මිනීමරු හිට්ලර්ගෙන් ලෝකය බේරගෙනත් පෙන්නුහ.අබ්යාවකශයත් ජයගත්හ.
      නූගත් චීනය අද ඈමරිකවටත් නයදෙන රටක් බවට පත්වෙලා තියනවා.
      වියට්නාම් ජනතාව,ලෝකයේ සුපිරිම හමුදාව වන ඈමරිකන් හමුදාව දනගෑස්සුවා.
      අන්න ඵ්හෙමයි මක්ස් ඵ0ගල්ස් පෙන්නපු පාරදිගේ ඉස්සරහට ගියේ.
      රාල පෙන්නන පාර දිගේ ගියොත් මොකද වෙන්නේ?????????
      ආපහු කුහක වෑඩවසම් යුගයට කලු ජූලියකට තම යන්න වෙන්නේ.ඵහෙම නෑත්නම් කෙලින්ම ගල් යුගයට.

  8. Michael Corlene says:

    I don’t think tabosubjects was hacked,knowing the person who did that site is now a big time supporter of the present regime. Taboosubjects was merely the Mr Hyde of that person. Also I have a fair idea who the Gadfly is.
    But issue is no one is innocent. The so-called “liberal” anti-Government types in the web are as rotten as the ultra nationalists like Peramune rala. All of these guys have their own agendas related to bread and butter. For example take some one like Sunanda Deshapriya (Lahiru Nuwan Pilapitiya in the Facebook),a crusader of human rights and media freedom ,fleeing country after misappropriating funds from CPA meant for a Transparency project (yes .smiley) , citing media suppression is a case in point.
    I’m always suspicious of the ideology driven crusaders, like Mario Puzo quoting Balzac in God Father “Behind every great fortune there’s crime”- behind every liberal crusader there’s a thief.

    • “knowing the person who did that site is now a big time supporter of the present regime. Taboosubjects was merely the Mr Hyde of that person. ” 🙂

      “Behind every great fortune there’s crime”- behind every liberal crusader there’s a thief. 😀

      Do you have any idea what happened to “Beyond Frame”?

    • Lenin Morayes says:

      මම හිතන්නේ ගැඩ්ෆ්ලයි කවුද කියලා මම දන්නවා… ඒත් හරියටම ෂුවර් නැහැ.ඔබ හිතන කෙනාගේ නමේ මුල් අකුර කියන්න පුලුවන්ද?

      • සරත්චන්ද්‍ර says:

        //මම හිතන්නේ ගැඩ්ෆ්ලයි කවුද කියලා මම දන්නවා

        මැස්සෙක් නෙමෙයි මනුස්සයෝ මැස්සියෙක්!

  9. silva54 says:

    කියන්න දේවල් බොහොමයි. ඒත් ලැජ්ජාව බය නිසා කටපියාගන ඉන්නවා.

  10. Shane says:

    hmm massiyak nam inne ekkenai 🙂

  11. doctoe says:

    GADFLY SHOULD BE A DOCTOR

  12. satan says:

    gadfly kiyanne lawyer kenek D!

Leave a reply to සරිගම Cancel reply