අපේ චූන් අපිට චූන් නොහොත් වීරවංශගේ ස්වයංවින්දනය

Posted: August 23, 2011 in Uncategorized
Tags: , , ,

තම වසර 41 ක ඒකාධිපති පාලනයේ අවසන්  පැය කීපය ගත කරන ගඩා‍ෆි ‍රැක ගැනීම සඳහා ,වීරවංශතුමානන් විසින් පවත්වා ගෙන යනු ලබන වෙබ් අඩවිය විසින් ඊයේ (21 දා)  මාරන්තික උත්සාහයක්  දැරුවේය. මේ දිනවල ඒකාධිපතියන් මුහුණ දෙන බිහිසුණු ඉරණම ගැන මහත්සේ කලබලයට පත්ව සිටින එතුමානෝ මේ 21 වැනි ශත වර්ෂය බව අමතක අර ඇති සෙයකි. එතුමාණන් සිතන්නේ ලංකාවේ ජනයාට අන්තර්ජාතික පුවත් ලැබෙන එකම මූලාශ්‍රය තම වෙබ් අඩවිය පමනක් බව පෙනී යයි. ( එම අඩවියෙන් පමනක් සියල්ල ඉගෙන ගන්නා වර්ගවාදින් ගැටවු කිහිප දෙනෙක් ද සිටිති) .

අදාල වෙබ් අඩවියෙන් උපුටා ගත් පහත කොටස් හුදු ජනයාගේ විනෝදාස්වාදය තකා මෙසේ පල කරමු.
තම ස්වාමියා අනුව යමින් ගඩා‍ෆි ජය ගනු ඇතැයි අවසන් මොහොත දක්වා සිහින දකින මේ හිටපු විප්ලවවාදියා දෙස බලන්න.

එන්න මහත්වරුනි, බඩ අල්ලාගෙන ,බිම පෙ‍රැලී, පෙ‍රැලී, හිනාවෙන්න එන්න.

 ලිබියානු කැරලිකරුවන් විසින් ගඩිෆීට විරුද්ධ සිදුකරනු ලබන අවසාන සටනට පිවිස ඇති බවත් ඔවුන් ට්‍රිපෝලිය අත්පත් කරගනිමින් සිටින බවත් බටහිර මාධ්‍ය ජාලය විසින් ගෙන යනු ලබන ප්‍රචාරයන් අමූලික බොරු බව රෂියා ටුඩේ මාධ්‍ය ජාලයට සජීවී පුවත් වාර්තාවන් සපයන ස්වාධීන මාධ්‍යවේදීනියක් වන ලිස්ෂී පෙහෙලාන් (Lizzie Phelan) විසින් ඇසින් දුටු සාක්‍ෂි සමඟින් කියා සිටියි.

ඊයේ (20) සවස් වරුව පුරාම ට්‍රිපෝලිය පුරාවට ඇසුන වෙඩි හඩවල් සහ බෝම්බ පිපිරුම් හඬවල් ලිබියානු නායක‍යාගේ අවසාන බලකොටුව අත්පත් කරගැනීමේ අවසන් මෙහෙයුම සනිටුවහන් කිරීමක් බව බටහිර මාධ්‍ය හරහා ලිබියානු කැරලිකාර කොමාන්ඩෝවරයෙකු විසින් කළ ප්‍රකාශය ද අසත්‍යයක් බව ඇය සඳහන් කරන්නී ය.

නේටෝ අධාර උපකාර ලබන ලිබියානු කැරලිකරුවන් විසින් මෙම මස අවසාන් වීමට ප්‍රථම ගඩාෆීව ඝාතනය කර ට්‍රිපෝලිය අත්පත් කරගන්නා බවට කර ඇති ප්‍රකාශයන් හුදු වාහසි බස් පමණක් බව ද ඇය සඳහන් කරයි. ට්‍රිපෝලියේ සිටින විශාල ජනතාවක් ආයුධ වලින් සන්නද්ධව සිටින බැවින් කැරලිකරුවන්ට ට්‍රිපෝලිය අත්පත් කරගැනීම සිතන තරම් පහසු නොවන බවත්, ඔවුන්ට ඒ සඳහා විශාල ලේ වැඟිරීමක් සිදුකිරීමට සිදුවන බවත් ඇය පවසයි.

කෙසේ හෝ ඊයේ (20) සවස විදේශීය ජනමාධ්‍යවේදීන් නැවතී සිටින ට්‍රිපෝලි හී පිහිටි හෝටලය අවට සිදුවූයේ යැයි සඳහන් බෝම්බ පිපිරීම් නේටෝ හමුදා විසින් ගුවනින් හෙලනු ලැබූ බෝම්බ වල පිපිරීම් හඬවල් බව ද ඇය සඳහන් කරයි. ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවාව සඳහන්කර සිටි පරිදි එම බෝම්බ හඬවල් ලිබියානු කැරලිකරුවන් විසින් විදින ලබන ආටිලරි පිපිරීම් ශබ්දයන් හෝ රොකට් ප්‍රහාරයන්හී පිපිරීම් ශබ්දයන් හෝ නොවන බව ද ඇය කියා සිටියි.

ඒ පිළිබඳවද  අදහස් දක්වන ඇය සහ තවත් මාධ්‍යවේදීයෙකු පවසා සිටිනුයේ කඩින් කඩ ඇසෙන්වා වූ වෙඩි ශබ්දයන් අන් කිසිවක් නොව ගඩාෆීට හිතවත් හමුදාවන් විසින් ජයග්‍රහණය සැමරීම සඳහා තබන්නා වූ වෙඩි ශබ්දයන් බවයි.

ස්වාධීන මාධ්‍යවේදීනී Lizzie Phelan පවසන ආකාරයට මේ සියල්ල නේටෝ හමුදා විසින් භීතියක් පැතිරවීම සඳහා ප්‍රචාරය කරනු ලබන පුවත් බවද සඳහන් කර සිටියි.

“අපට ඇසුන ඒ වෙඩි හඬවල් නම් ජයග්‍රහණයක් සැමරීමේ වෙඩි හඬවල්, අපිට ඇසුන පිපිරුම් හඬවලුත් නේටෝ ගුවන් බෝම්බ වලින් ඇසුන ශබ්ද හෝ නේටෝ බෝම්බ පිපිරීම්ම විය යුතුයි” යැයි රෂියා ටුඩේ මාධ්‍යවේදීනිය ප්‍රකාශ කරයි.

තවද, ලිබියානු කැරලිකරුවන් විසින් අල් ජසීරා මාධ්‍ය ජාලය සමඟ එක්ව වීඩියෝපට නිෂ්පාදනය කරමින් බොරු ප්‍රචාරයන් සිදුකරනු ලබන බව Lizzie Phelan සඳහන් කරයි. සියළුම බටහිර මාධ්‍ය ජාලයන් කූට උපක්‍රම ක්‍රියාත්මක කරමින් ලිබියානු ජනතාව තුල භීතියක් ඇති කිරීම සඳහා ද්‍රෝහී පුවත් වාර්තා කරන බව ද ඇය පවසයි.

මේ අතර ට්‍රිපෝලි වල සිටින විශාල ජනතාවක් ආයුධ සන්නද්ධව ගඩාෆිව ආරක්‍ෂා කිරීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන බව ද ඇය පවසයි.

සියලූම තත්ත්වයන් ලිබියානු රජයේ පාලනයට නතුකරගෙන ඇති බව ලිබියානු රජයේ ප්‍රකාශකයෙකු විසින් දැඩිව පවසා සිටිනවා” යැයි ප්‍රකාශ කරන ඇය ගඩාෆී හමුදාවන්ගේ මැදිහත්වීම මත නැවතත් තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බැවින් ප්‍රීතියට පත් ජනතාව අහසට වෙඩි තබමින් සහ මල් වෙඩි පත්තු කරමින් ජයග්‍රාහණය සමරන බවත්, මුවාමර් ගඩාෆී විසින් දූරකතනයෙන් සජීවිව ජනතාව ඇමතු බවත් සඳහන් කර සිටියි. එබැවින් ඔහු රටින් පැන ගියා යැයි සඳහන් වූ පුවත් ද සත්‍යයන් විය නොහැකි බව ද ඇය කියා සිටියි.

ට්‍රිපෝලීයට පහරදීමේ ප්‍රධාන අරමුණ තමයි භිතියක් මවාපාමින් චිත්ත ධෛර්යය අඩාල කිරීම” යැයි පවසන ඔහු ද, “‍මම නැවතී සිටින හෝටලයේ නැවතී සිටින මාධ්‍යවේදීයෝ පිරිසක් තමයි මේ බොරු ප්‍රචාර සිදුකරනු ලබන්නේ. ඔවුන්ට අනිවාර්යෙන්ම අවශ්‍යව ඇත්තේ භීතියක් ඇති කර ගඩාෆීගේ බලකොටුව කඩා වැට්ටවීමටයි. ඔවුන් මෙම රටට විරුද්ධව මානසික යුද්ධය සඳහා ඉන්දන සපයමින් බොරු ප්‍රචාරයන් සිදුකරනවා.” යනුවෙන් කියා සිටියි.

මාර ආතල් එකක් ගන්න ඇති නේද අපේ මල්වංශ තුමා , හීනියට  මලක් අදින ගමන්.

Advertisements
Comments
  1. buwa says:

    අනේද කියන්න … මම නම් ඔය වෙබ් අඩවිය බලන්නේ කම්මැලි වෙලාවට ඕකේ සහන්/යු.ඩී කියන පොරවල් ලියන එව්ව කියෙව්වාම මලක් අදිනවටත් වඩා ආතල් , තව කමෙන්ට් කරන උනුත් සෙට් එකක් ඉන්නව , උන්ගේ රස්සාවත් ඒකමද කොහෙද . එයින් පෙලක් එවුන් අද දෙරණ වෙබ් එකෙත් කමෙන්ට් කරල උන්ගේ ඒවට මනාපත් පල කරනව හිටු කියල

  2. maathalan says:

    මෝඩ චූන්.. දැක්කෙ නෑ නගර සභාවලට පත් උන උන්ට පත්වීම් දුන්නෙ ජනාධිපති ලේඛම් කාර්යාලේ ලොක්ක දෙනව වගේ.. මෙහේ විප්ලවේ උන දවසට උන්ඩුක පුච්චයටත් ගඩාෆී සරණයි…

  3. පොඩි ළමයා says:

    මමත් ඕක බලනවා. මොකද ඕක තරම් විහිලු සපයන්න වෙන වෙබ්සයිට් වලට බැ. උන් බටහිර මාද්‍ය කියන්නේ colombo page , පකිස්තාන්, වියට්නාම වගේ වාර්තා වලට. CNN , BBC වගේ ඒවා තියෙනවා කියල දන්නෙවත් නැ. ඔකේ එක එක නම් වලින් ලියන්නේ උන්ගේම editor . උ නම් සීයක් විතර පාවිච්චිකරනවා. උන්ට පක්ෂව ඕන කුනුහරුපයක් ලියන්න පුළුවන්. විපක්ෂව හු යන්නවත් ලියන්න බැ.

  4. අමතක කරන්ට එපා ඔය විදියටම පිරබාහිරනුත් අවසාන මොහොතේ හෝ බේරෙයි කියල හරි නැත්නම් කොටින් එක්ක යුද්ධයෙන් ආණ්ඩුව පරදියි මයි කියල හිතාගෙන හිටපු කට්ටියකුත් හිටියා.

    ඒ අය සමහරු දැන් කපන්න බැරි අත ඉබිනවා.(තව සමහරු ජෙනරාල් ෆොන්සේකාව උස්සන් ගිහිල්ල පස්සේ අතහැරල දැම්මා)

  5. මේවට නම හිනා වෙන්න නෙමේ අඩන්න තමයි වෙන්නේ… වෙබ් අඩවියේ මෙවැනි පුවත් පලකරල වීරවංශ ස්වයංවින්දනයක් ගන්නව වගේම ගඩා‍ෆි ට වදිනකොට මැස්සත් ස්වයංවින්දනයක් ලබනව වගෙයි මට නම් පෙන්නේ……. හැබැයි මැස්සෝ, ලබ්බට තියපු අතම කවද හරි දවසක පුහුලටත් තියනව කියල විතරක් මතක තියාගන්න…..

    • පොඩි ළමයා says:

      එහෙම කියන්න එපා බන්, ඕකුන් යුධ්ධේ වෙලාවේ මේ වගේ ප්‍රසිද්දියේ LTTE එකට උදව් කරානම් අපිට මොකද වෙන්නේ. අපිට තියෙන්නේ අපිට බටහිර අරිනවා කියල හිතෙන් හිතාගත්තු දෙයක්. හරියට අර කැත ගැණු හිතන්නේ මේ ලෝකේ පිරිමි හැමෝම තමන් ගැන හිතනවා කියලා.

      • නෑ මිත්‍රයා, මම කියන්නේ බටහිර ගැන නෙවෙයි.කොටින් එක්ක යුද්දේ කවදාවත් දිනන්න බෑ කියල හිතාගෙන වහසි බස් දොඩපු අපේ ම රටේ සමහරු ගැන.(කොටින්ම අර අලිමංකඩ-පාමංකඩ වගේ කතා කියපු අය ගැන)

  6. ගාල් තැන්නේ කපුවා says:

    ඊයේ පෙරේදා අර ශබ්දයේ වේගය වගේ 20 ගුණයකින් යන්න ඇමරිකාවෙන් හැදුවා කිව්ව යානයේ වේගය Sirasa සයිට් එකේ තිබුනේ 2,100Km/h කියලා වැරදියට …ඒකම මුන් ගෙඩි පිටින් කොපි කරලා දාගන බොරුවට යටින් දානවා වෙන source 2කුත්….(හරි නම් ඒක 21,000Km/h වෙන්න ඕනේ)

    මුන් BBC, CNN වලින් බලල ඒවා google වල search කරලා ඒ result එන වෙන site එකක ලින්ක් එකක් තමයි source වලට දාන්නේ…. සමහර වෙලාවට google search ඒ ලින්ක් එකමත් දානවා source වලට….
    කෙලින්ම BBC, CNN දාන්නේ නෑ…හොරාට තමයි බටහිර සයිට් බලන්නේ

    ඉස්සර මම දාපු කමෙන්ට් සේරම එයාලා එඩිට් කරලා උන්ට ඕනේ ඕනේ එව්වා දාගත්තා. ඒත් දැන් නම් හොඳයි. ඕන එකක් ලිව්වට පල කරනවා

  7. මල්වංශලා,දු‍ටුගැමුනුලා ගැන කථා කරන එකම ටයිම් වේස්ට් කේස් එකක්!

  8. තව ටික දවසකින් මහින්ද අබේසුන්දරත් කියයි සතුටට පත්තු කරපු උණ්ඩයක් ගඩාෆිට වැදිලා මැරිලා කියල

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s