ගොවි දන කෙරෙහි මහා කරුණාවෙන්

Posted: August 21, 2011 in Uncategorized
Tags: , , ,

ජනහිතකාමි ,මානව දයාවෙන් පිරිපුන් , මහා කාරුණික , අසම සම, සර්ව‍තෝභද්‍ර, ආශ්චර්යමත් රාජපක්ෂ ආණ්ඩුව ආහාර ද්‍රව්‍ය කිහිපයකට පැනවු ආනයනික බද්ද නැවත වතාවක්  වැඩි කර තිබේ.

ඒ අනුව ලොකු ළුණු සඳහා වූ බද්ද රුපියල් 10 සිට රුපියල් 25 දක්වා රුපියල්  15 කින්ද

අර්තාපල් කිලෝවකට වූ බද්ද රුපියල් 30 සිට 35 දක්වා රුපියල් 5 කින්ද

සුදු ළුනු කිලොවකට බද්ද රුපියල් 10 සිට 25 දක්වා  රුපියල් 15 කින්ද  වැඩි කර ඇත.

 

 
ආණ්ඩුව කරවන ඇත්තන් මේ ගැන කියා තිබුනේ තව ඉදිරි දිනවලදී දේශීය අර්තාපල් හා ලොකු ළූනු වෙලඳ පලට එන නිසා දේශීය ගොවියාට වැඩි මිලක් ලබාදීමේ අරමුණින්  මෙසේ ආනයනික බදු වැඩි කල බවයි. ඒ අනුව මෙම බදු වැඩි කිරීම කර ඇත්තේ මෙරට ගොවි ජනයා කෙරෙහි පතල අසම සම දයාවෙනි. ගොවියාගේ අගය දන්නා මෙවන් වූ ආණ්ඩුවක් අපට තිබීම මහා වාසනාවකි.
 
හොඳයි. බොහොම හොඳායි.
 
අර්තාපල් හා ලොකු  ළූනු බද්ද වැඩි කර  දෙශීය ගොවියාට හොඳ මිලක් ලබා දීමට යැයි කියමුකෝ. දේශප්‍රේමී ආණ්ඩු වැඩ කරන්නේ එසේය.
 
එසේම  සුදු ලූනු බද්ද වැඩි කලේ වෙලඳපොලේ සුදු ළූණු මිල ස්ථාවරව තබා ගන්නට යැයි ද වාර්තා කර තිබිණි. මේ මිල ස්ථාවරව තබා ගන්නවා යැයි කියන්නේ මිල පහල වටෙන්නට නොදීමයි.
 
පිට රටින් ගෙනෙන සුදු ළූනු වල මිල පහල වැටෙන්නට නොදී තබා ගන්නට අවශ්‍ය අහවල් රෙද්දාට දැයි යන්නත් එම පුවත් පත් වාර්තාවල සටහන් වී තිබුනා නම්  අපටත් දේශප්‍රේමි භාවයෙන් ඔද  වැඩී කිරිබත් කන්නට තිබිනි. 
සටහන- ලොකු ළූනු හා සුදු ළූනු භාවිතයෙන් අර්ශස් රෝගය  වැඩි වන බව   කැලණියේ නාථ දේවාලයට අනුබද්ධිත  පර්යේෂණ කණ්ඩායම  විසින් සොයා ගනු ලැබ ඇති අතර  දේවාලයේ ප්‍රධාන කපු තැන්පත් නලින් සිල්වා උන්නාන්සේගේ අර්ශස් රෝගය ගැන කළ පර්යේෂණ වලදී මේ බව හෙලි වී ඇත.

එසේම  විකටවංශ පෞද්ගලික සමාගමට අනුබද්ධිත  කොන්දොස්තර , දත්දොස්තර  කුට්ටම විසින්  ලබන ඉරිදා ලක්බිම පත්‍රයේ  අර්තාපල්  කෑමෙන් උණ්ඩුකපුච්ච ප්‍රදාහය වැඩි වන බවට පර්යේෂණ නිබන්දයක් පල කිරීමට නියමිත බවත් හුදී ජනයා මෙයින් දත යුතුය. 
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Weekly Design Inspiration #30 […]

  2. Sudheera says:

    “සටහන- ලොකු ළූනු හා සුදු ළූනු භාවිතයෙන් අර්ශස් රෝගය වැඩි වන බව කැලණියේ නාථ දේවාලයට අනුබද්ධිත පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගනු ලැබ ඇති අතර දේවාලයේ ප්‍රධාන කපු තැන්පත් නලින් සිල්වා උන්නාන්සේගේ අර්ශස් රෝගය ගැන කළ පර්යේෂණ වලදී මේ බව හෙලි වී ඇත. ”

    මේව ලියන්න එපා මැස්සෝ.. තා චුට්ටෙන් පණ යනවා හිනා වෙලා…

  3. maathalan says:

    පිස්සු හැදිල මොළේ කුරුවල් වෙලා ඉන්න වෙලේ මේයා මඤ්ඤං කෙලිනව.. උඹ ඇට මැස්සද.. මඤ්ඤං ද පෝල් පීරීස්ද….?

  4. maathalan says:

    ශුදු ලූණූ කන්න යෙපා ලොක්කා.. යේක පඩ්ඩ යෙනකොට යෙන ගඳා…….යි…

    යෙත්ත ලොක්ක..

  5. දුකා says:

    ඇට මැස්සා මගුලක් කතා කරනවා.

    යකෝ චන්දේ දුන්නු දුප්පත් ජනතාවට ජනතාවගේ සංවේදී පියා කලගුණ සලකන්නේ ඕන නේද?

    එතුමා මේ වගේ පොඩ්ඩ පොඩ්ඩ පටන් අරගෙන සලකන්න හදනකොට උඹලා එනවා මෙතන . .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s