ඖෂධ මා‍ෆියාවට එරෙහිව කොමිස් මා‍ෆියාව

Posted: August 20, 2011 in Uncategorized
Tags: , , ,

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිල දී ගැනීම් වලදී මහා පරිමාණ වංචා දූෂණ සිද්ද වෙනවා ලු. බොහෝ නිලදාරිනුත් මේ වැඩේට හවුල්ලු.

 මෙහෙම කියන්නේ වෙන කවුරුත් එහෙම නෙවේ අති ගරු සෞඛ්‍ය ඇමතිතුමා මයි. එතුමාම එහෙම කියනවා නම් බොරු වෙන්න බැහැනේ. සාමාන්‍යයෙන් ඇමති තුමාල බොරු කියන්න්නේ නැහැනේ.

අනික  මේ ගරු ඇමති තුමා එහෙම දූෂණ වංචා තියෙනවා කියලා සද්දේ දාලා නිකම් හිටියේ නැහැ. ( ඈ …. එහෙනම් උන්දෑ ඒ වංචාවලට හවුල් නිලදාරින්ට දඬුවම් කරන්නත් ඇති නේද? නෑ නෑ අහගන්නවකෝ පනින්නේ නැතිව)එතුමා මේ වංචා නතර කරන්න ක්‍රමයක් හොයා ගෙන.
 
එතුමා කියන්නේ දූෂන වංචා වෙන්නේ අපේ රටේ තියෙන ටෙන්ඩර් ක්‍රමේ නිසා කියලා. ඒ නිසා එතුමා දැන් ඖෂධ මිලට ගන්න යන්නේ ටෙන්ඩර් නැතිව කෙලින්ම. මෙච්චර සීමා නීති දාලා තියෙන ටෙන්ඩර් ක්‍රමේ අස්සෙනුත් රිංගලා ගිහින් හොරකම් කරන නිලදාරි ටෙන්ඩර් නැති වුනාම කොහොම කරයිද කියලා අහන්ට එපා.
 
අපේ ඇමති තුමා ඒකටත් ක්‍රමෙයක් ලෑස්ති කරලා තියෙන්නේ. ඒ වැඩේ දැනටමත් ක්‍රියාත්මකයි. ඒ ක්‍රමෙට බෙහෙත් ගන්න පහුගිය දාක ඇමතිතුමාම ගියා ඉන්දියාවට නිලදාරි ගොන්නකුත් එක්ක.
හරි, දැන් මොකක්ද ඔය ක්‍රමේ.
 
ඇමති තුමා කියන විදියට මීට පස්සේ බෙහෙත් ගන්නේ ඉන්දියාවෙන් , ආණ්ඩු දෙකක් අතර සිද්ද වෙන ගනු දෙනුවක් විදියට. එතකොට කොමිස් සෙල්ලම් දාන්න බැරිලු.
 
කොමිස් ගැහිලි නතර වෙනවා නම් කමක් නැහැ , මොන විදියකින් හරි . ඒක හොඳ වැඩක්නේ. අපි හොඳ දේට හොඳයිකියන්න එපැයි.
ඒත් අපිට පොඩි පොඩි ප්‍රශ්න කීපයක් නම් මතු වෙනවා.
 
ඇයි මේ වැඩෙට ඉන්දියාවම ‍තෝරාගත්තේ.?
 
ඉන්දියන් බෙහෙත් වල නියම ගුණාත්මක බාවය නෑ කියලා දැන් කාලයක් තිස්සේ පැමිනිලි තියෙනවා නේද?
 
ඒ වගෙම නියමිත ප්‍රමිතියක් නැති ඉන්දියන් බෙහෙත් තොග , කෝටි ගනන්  වටින තොග විනාශ කරන්න වුනා නේද පහු ගිය කාලේ.?
 
අන්තිම ඒත් වැදගත්ම ප්‍රශ්නේ.
 
දැන් ඇමතිතුමා අපිට කියන්නේ මේක රජයන් දෙකක් අතර ගනුදෙනුවක් විදියට සිද්ද වෙනවා කියලානෙ.
 
එහෙනම් අපිට කියනවාද ඔබතුමාලා ඔය බෙහෙත් මිලට ගන්න යන ඉන්දියන් ආන්ඩුවට අයිති කොම්පැනි වල නම්.
 
එහෙම බැරි නම් ඉන්දියන් ආන්ඩුවට අයිති එක බෙහෙත්  කොම්පැනියක හරි නමක් කියනවාද ,අපිට නිකම් දැන ගන්න එහෙම එව්වා තියෙනවා කියලා.
 
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Kate Moss to launch soap range […]

  2. කදිරා says:

    ඇට මැස්සෝ උඹ බ්ලොග් එකෙන් දැන් විහුලු සපයනවා වගෙයි? මේකෙන් ලොක්ක ටිකක් මෝඩ කම පෙන්නලා තියෙනවා.
    මෙහෙම හිතපන් හම්බන්තොට වරාය හදන්න ආධාර දුන්නේ චිනේ උනාට, ඇත්තට නය දුන්නේ චිනේ වාණිජ බැංකුවක්. අපිට හම්බවෙන හුගක් ණය හරි මොනවා හරි රටකින් හම්බ උනාට ඇත්තටම දෙන්නේ වාණිජ බැංකු වේගේ ඒවා. එතින් ගනුදෙනුව එලියට පෙන්නේ රටවල් අතර වෙනවා කියල.

    ඉන්දියාවේ බෙහෙත් ගැන ලියන්න තියෙන්නේ මෙච්චරයි. අපි බොන ඉස්පිරිතාල වල බෙහෙත් හුගක් ඉන්දියාවේ හරි පාකිස්තානේ හරි තමයි. ඕවට විද්‍යාවේදී කියන්නේ Genaric drugs කියලා. බටහිර සමාගම් වල පේටන්ට් ඉවර උනාම ලෝකේ අනිත් රටවල් ඒවා හදනවා ගාන අඩුවට.
    මිල අඩුවෙන්නේ හේතු ගොඩක් හින්ද, original drug එක සංවර්දනය කරන්න බටහිර සංගම් කොටි ගණන් වියදම් කරනවා. උන් එක වෙළදාමෙන් ඒ මුදල උපයනවා. ( petant right එකක් දෙන එක හේතුවක් එක, උන් වියදම් කරපුවා හොයන්න එපයි) . genaric drugs වලට ලොකු මිලක් නැත්තේ උන් කොපි කරනවා විතරක් හින්ද. මේ drugs වල ගුනත්මයේ වෙනස් කම් තියෙනවා. genaric drugs වල අපිරිසිදු කම( inert materials ) වැඩියි. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් විද්දම පොඩි එවුන් උන ගන්නෙත්, පෞද්ගලික ඉස්පිරිතලවලින් බෙහෙත් විද්දම පොඩි එවුන්ට උන නොගන්නෙත් එකයි.

    ඔක්කොම හොද බෙහෙත් බටහිරෙන් ගෙනල්ල බොන්න තරම් අපේ රටවල මිනිස්සු සල්ලිකාරයෝ නෙවෙයි. මොකද ආණ්ඩුව වෙන් කරන සල්ලි වලින් වැඩ කරන එවුන්ට පඩි ගෙව්වම මොකුත් ඉතිරිවෙන්නෙත් නැතිව ඇතිනේ. එකෙනුත් බාගයක් කොමිස් නේ. ඉතින් හොද බදු ගේන්ඩ බෑ තමයි.හැබැයි ඉන්දියාවේත් හොද genaric drugs හදන සමාගම් තියෙනවා. මම නම් ලියන්න කැමති නැ.

    මිනිස්සු දැනුවත් කරන එක හොදයි. හැබැයි ගොබල්ස් තියරිය පාවිච්චි කරන්න එපා. අපිටත් මේ ආණ්ඩුව පෙන්න බෑ. එත් අපිට වගකීමක් තියෙනවා මොනවා හරි ලියද්දි. මොකද කියන්නේ …

  3. gadfly says:

    කදිරා දන්නවද පහුගිය කාලේ රෝහල් වලට නිකුත් කරපු කෝටි ගනන් වටිනා ඖෂධ නියම ගුනාත්මක බාවයෙන් නෑ කියලා අමාත්‍යාංශය ආපහු ගෙන්වපු බව. ඒ ඔක්කොම ඉන්දියන් බෙහෙත්.

    චීන බැංකුවකින් නය දීමයි කොම්පැනියකින් බෙහෙත් මිලට ගැනීමයි එකම තාලේ සිද්දීන් 2 ක් කියලා කදිරා හිතනවා වගෙයි පේන්නේ . කොමිස් හෝ වෙන යම්කිසි හේතුවක් මත සමාගමක් හෝ කීපයක් ‍තෝරාගෙන ඒවායෙන් බෙහෙත් මිලට ගැනීමත් , චීන රජයේ කීම මත චීන බැංකුවකින් ණය දීමත් දෙකම එකක් වන්නේ කොහොමද කියලා මටනම් තේරෙන්නේ නැහැ.

    ඒ ඔක්කොම පැත්තකින් තිබ්බත් , මගේ අවදානය තියෙන්නේ , මෙච්චර දැඩි රෙගුලාසි තියෙන ටෙන්ඩර් පටිපාටියක් සමගත් මේ විදියට කොමිස් සෙල්ලම් වෙනවා නම් ඒ නීති සම්පූරනයෙන්ම අයින් කලාම මොනවා වෙයිද කියලා.

  4. කදිරා says:

    මම කියන්නේ මේකයි, ආණ්ඩුවට ඕන නම් ඉන්දියාවෙනුත් හොද බෙහෙත් ගෙන්න පුළුවන්. වෙන්නේ මේ කොමිස් මගුල හින්ද හොද ඒවා ගන්න බැ. අනික ලංකාවේ ටෙන්ඩර් පටිපාටිය අනුව හැමදාම ගන්නේ මිල අඩුම එක. එක බාලයි. මේක වෙනස් කරන්න බැ. කරන්න තියෙන්න බාල බෙහෙත් හදන සමාගම් වලට ටෙන්ඩර් දාන්න නොදී ඉන්න එක. එතකොට ඇට මැස්ස අයෙත් බ්ලොග් එකක් ලියනවා.
    වැරැද්ද තියෙන්නේ අපේ රටේ ක්‍රමයේ මිසක් මිනිස්සුන්ගේ නෙවෙයි. ( මිනිස්සු හරිම කියනව නෙවෙයි).
    ටෙන්ඩර් දාන්න කලින් ලංකාවේ ලොකු හොර ගනුදෙනු වෙනවා. මිල ගණන් කතාකරගන්නවා. බැංකු ගිණුම් වලට සල්ලි වැටෙනවා. මේවා රහස් නෙවයි.මොකද තරගකාරී වෙළද පොලේ බඩු විකුණගන්න බැරි බාල බඩු හදන එවුන් තමයි මේ කොමිස් දීම වැඩිපුර කරන්නේ. ඉතින් ලංකාවට එන්නෙම බාල බඩු.

    මේක ඇමතිතුමා කරන විදිය මම දන්නේ නැ. හැබැයි හරියට කොරොත් හොද බෙහෙත් කොමිස් නැතිව හොද මිලකට ගන්න පුළුවන්. වැඩේ කරන්න දීල කොමෙන්ට් ලියමු. මොකද හිතන්නේ …. මොකද ඕකෙන් නරකක් වෙන්නේ නැ. මොකද දැනුත් කොමිස් ගහනවා එන්නේ බාල බඩු . මේකෙන් පස්සෙත් හොද උනොත් හොදයි … නැත්නම් අයෙත් …….කොමිස් ගහනවා එන්නේ බාල බඩු. වෙනසක් වෙන්නේ නැ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s