ජවිපෙ පරාජයට හේතුව ජවිපෙමයි

Posted: August 17, 2011 in Uncategorized
Tags: , , ,

ජවිපෙ පරාජයට හේතුව ජවිපෙමයි යනුවෙන් කලක් ජනතා විමුක්ති පෙරමුණේ මුල් පෙලේ නායකයෙක් වශයෙන් ද වරක් එහි ජනාධිපති අපේක්ෂකයා වශයෙන්ද කටයුතු කර දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පානදුර  නගර සභාවේ සභාපතිතුමා වන නන්දන ගුණතිලක මහතා පසුගිය දීනෙක ගාමිණි සුමනසේකර මුදලාලිගේ දිවයින ඉරිදා සංග්‍රහයට පවසා තිබිණි.

එය ඉතාමත් නිවැරදි ප්‍රකාශයක් බව අප කිව යුතුය.  හැබැයි ඒ නන්දන ගුණතිලක මහතා කියන අර්ථයෙන් නම් නොවේ.

පසුගිය කාලයේ අපරටේ මිනිසුන් රොද බැඳ ගෙන ජවිපෙට චන්දය දුන් ප්‍රධාන හේතු කිහිපයක් තිබිණි.  මොන චෝදනා තිබුනත් ඔවුනට විරුද්ධව සොරකම් වංචා දූෂණ ගැන චෝදනා නොකිරිනි. පක්ෂය ඇතුලත මොනතරම් ගැ‍ටුම්, මතවාදි අරගල තිබුනත් කරලියට එනවිට ඔවුන් සියල්ල එකා මෙන් අවුත් එකම අදහසක් රටට ඉදිරිපත් කලේය.
 
 ඔවුන් ඉතාමත් දැඩි ශක්තිමත් බැම්මකින් බැඳී තිබුනු බවක් පෙනෙන්නට විය. ඔවුන් දේශපාලනය තම පෞද්ගලික සුඛ විහරණය සඳහා යොදා නොගන්නා බවට පොදු හැඟීමක් ජනයා අතර විය.  ඔවුන් තනතුරු පස්සේ නොගියහමනාප සඳහා එකිනෙකා මරා නොගත්හ. 
 
තමන්ට ලැබුණු මන්ත්‍රිකම් ඇමතිකම් පවා ප්‍රතිපත්තිමය කාරණා මත  අතහළ ඔවුන්  දේශපාලනය තම බඩ වඩා ගැනීම සඳහා යොදා නොගන්නා බව පෙන්වමින් සිටියහ.ජනතාවද ඒ බව පිලිගනිමින් 1994 දී එකක් වූ මන්ත්‍රී ආසනය 2004 වනටිට 39 දක්වා වැඩි කර දුන්හ.
 
නමුත් 2008 සිට තත්වය වෙනස් විය. උච්ච අවස්ථාවේදී සියයට පහලවකට ආසන්න වු ඔවුනගේ චන්ද ප්‍රතිශතය දැන් සියයට තුන පන්නා ගන්නේ ඉතා අසීරුවෙනි. මේ මක් නිසාද?
 
නන්දන ගුණතිලක මහතානම් පවසන්නේ 2005 දී රාජපක්ෂ රෙජිමයට එක් නොවී එයට විරුද්ධව කටයුතු කල නිසා  මෙසේ වූ බවය. මෙය ඉතාමත් මොට්ට තර්කයක් බව කිව මනාය. ඇත්තම හේතුව නම් අප ඉහතින් කී ගුණාංග පිලිබඳව ජවිපෙ කෙරෙහි ජනයා තුල වූ විශ්වාශය නැති වී යාමය. එය සිදු වුයේ කෙසේද?
 
මුලින්ම අහිමි වන්නේ ජවිපේ යනු තනි මතයකින් යුත් එකට බැඳුනු විනය ගරුක පිරිසක් යන මතයයි. එය කලේ 2008 දී ජවිපෙන් එලියට විසිවෙන විමල් ඇතුලු පිරිසයි. ඉතින් ජවිපෙ පරාජයට මුල ජවිපෙම, එනම් මේ හිටපු ජවිපෙ කාරයින්ම නොවෙද?
 
ඊලඟට  නන්දන , කමල් දේශප්‍රිය හා විමල් වීරවංශ හා එක් වී ජාතික නිදහස් පෙරමූණ පිහි‍ටුවා ගත්තේය. ඇත්තෙන්ම මොවුන් තිදෙනා ඊට මඳ කලෙකට ඉහතදී එකෙකුට එකෙක් පෙනෙන්ට බැරි තරම් තරහින් උන් පිරිසකි.  විනය ප්‍රශ්නයක් නිසා නන්දනව  පක්ෂයෙන් පලවා හරින සටනේ පෙරමුණේ සිටියේ විමල්ය.
 
 එසේම පක්ෂ ලේකම් කම ලබා ගැනීම සඳහා උත්සහ කර එය නොලැබුණ විට ජවිපෙ හැර ගිය ලාමක් ටිං ටිං කෙනෙක් වන කමල් සමග පක්ෂය හැර යන බවට කමල්ට පොරොන්දු වී අවසාන මොහොතේ පාවා දීම නිසා විමල් ගැනද, පක්ෂ ලේකම් කම තමන්ට ලබා නොදීමට මහත් සේ වෙහෙස ගත්  නන්දන  ගැනද කමල් සිතේ තිබුනේ සුලු ප‍ටු තරහක් නොවේ.
 
මෙවන් වූ තිදෙනෙක් එකට එක්වන්නේම හුදු ආත්මාර්ථය නිසා බව ඉතාමත් පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ජවිපෙ තුලත් සිටින්නේ මෙවැනි වූ පුද්ගලයින්දැයි ප්‍රශ්නය මතු වෙමින් ඉදිරියට ආවේය.
 
එයින් පසු එන්නේ තනතුරු සඳහා කුලල් කාගැනීමේ යුගයයි. සටනින් පරාජිත නන්දන සහ කමල් එලියට විසිවෙන්නේ ඔවුන්ද මේ ජරාජීර්ණ දේශපාලනයේම තවත් ආංශු මාත්‍ර පමණක් බව ඔප්පු කරමිනි. මෙය එයින් නොනවතී. ඉන්පසු එන්නේ ඇමතිකම් ,ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් උදෙසා එකිනෙකා මරාගන්නා යුගයයයි. මුසාම්මිලා, ජාගොඩලා විමලෙලා එකිනෙකා මරා ගනිති. නන්දනලා නගර සභා සභාපතිකමක් වෙනුවෙන් පාලකයින් පස්සේ යමින් පිංසෙන්ඩු වෙයි.
 
 ඊ ලඟට දකින්නට ඇත්තේ වීරවංශලා  ලබාගත් අමාත්‍යාංශ වල සිදුවන අකටයුතුය. කොමිස් වංචා දූෂණ ආදිය වෙනත් අමාත්‍යංශවලින් දශමයකින්වත් වෙනස් නැත. තම  සුඛ විහරණය සඳහා මහජන මුදල් සිතු ලෙස යොදවති. අති සුඛෝපභෝගි වාහන මිලට ගනිති. කෝටි ගනන් වියදම් කර අති සුඛෝපභෝගි නිවාස හදා ගන්නේ තමන් පරම්පරා සල්ලි කාරයන් මෙනි.
 
මේ දෑ දකින ජනතාවගේ හිසට එක් වරම මොවුන් සිහිවන්නේ ජනිපෙ හෝ ශ්‍රිලනිප සාමාජිකයන් ලෙස නොව හිටපු  ජවිපෙ සාමාජිකයන් ලෙසය.ජේවීපී එකේ ඉන්නෙත් මුන් වාගේ එවුන්මදැයි ජනතාව  සිතති. ඉතින් ජනයා ජවිපෙට චන්දේ දෙයිද?
 
නන්දන නිවැ‍රැදිය.ජවිපෙ පරාජයට හේතුව ජවිපෙමය. වඩාත් නිවැ‍රැදිව කිවහොත්  නන්දනලා බඳු හිටපු ජවිපෙ කාරයින්මය.  මේ  වන විට ජවිපෙ කෙරෙහි තද වෛරයකි පෙලෙන නන්දනලාට , ජවිපෙයට හොඳ පාඩමක් ඉගැන්විය හැක. එනම් තමන් තව තවත් දූෂිත , වෙමයි. එවිට ජනතාව තව තවත් ජවිපෙ කෙරෙහි කල කිරී ඔවුන්ට චන්දය නොදී සිටිනු ඇත.
 
සටහන- මහින්ද විජේසේකර බඳු අයත් ජවිපෙ න් ඉවත් වී පසු කලෙක දූෂිත දේශපාලකයින් වුවත් එය ජවිපෙට බල නොපෑවේ ,ඔවුන් එම තත්වයට පත් වූයේ එසේ ජවිපෙන් ඉවත් වී සෑහෙන කලක් ගිය පසු නිසාය. ඇත්තටම ගතහොත් මහින්ද විජේසේකර හිරෙන් නිදහස් වී අවුත් ජවිපෙටත් වඩා වාමංශික පක්ෂයක් තනාගෙන කලක් දේශපාලනය කලේය.
 
 
 
 
 
 
 
 
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Homefront Game […]

  2. MEමා says:

    හරියට හරි.
    විමල්ලාගෙන් රජයට උන ඵකම සේවය උත්සවාකාරයෙන් ජවිපෙ කඩාගෙනයාම නිසා ජවිපෙට සමාජයේ තිබ්බ ප්‍රතිරූපය පලුදු වීමය.
    ඵ්හෑර විමල් වෑනි පරන ජොකියෙකුගෙන් රජයට වෑඩක් නෑත.
    විමල්ගේ කතා මිනිස්සු අහපු කාලය පසුවී දෑන් බොහෝ කල්ය.

  3. කවුද ජේවීපී පරාදයි කියන්නේ…

    කියවා බලා ගන්න
    http://maiyyagelokaya.blogspot.com/2011/04/o.html

  4. koba says:

    ඇත්තටම ජ.වි.පෙ ට මොකද උනේ? ඇයි ඒක ජනතාව ප්‍රතික්ෂේප කරලා දැම්මේ ?

  5. GADFLY ගේ කතාවනම් සහතික ඇත්ත එත් මේකට ලොකුම හේතුව ඕකම නෙමේ නේද , මිනිස්සුන්ගේ ආකල්ප,දැන් හැමෝම වාසි පැත්තට හෝයිය කියල දෙනදෙයක් කාල වෙනදෙයක් බලාගෙන ඉන්න එක තමා මමනම් දකින්නේ.මොකද JVP එකෙන් ඒ අවස්ථාවාදීන් පැන්නකියල මිනිස්සුන්ට හොඳ,නරක අඳුරගන්න බැරි ලෙඩක් හැදුනේ නැහැනේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s