අපේ ඇමතිවරු හරි ජොලිෆුල් කට්ටියක්ය. මෙයාලා කරන තරමක් කරන්නේ ජොලි වැඩය.කියන්නේ ජොලි කතාය. මේ කතා , මේ වැඩ,  එකකට එකක් දෙවැනි නැත.

 ඇත්තටම ප්‍රශ්නයත්   ඒකමය. කියන්නේ මෙයාලා එකෙකුට එකෙක් දෙවැනි වෙන්ට කැමති නැත.ඔක්කෝටම ඕනේ තමන් මහ ලොකු වැඩ කාරයෙක්ය, මහින්ද චින්තනේ නියමෙටම ක්‍රියාත්මක  කරන්නේ තමන්ය කියලා ලොක්කාට පෙන්නලා ලකුණු දා ගන්ටය. 

ඉතින් මේ ගොල්ලන් තම තමන්ගේ විෂය පථයට අදාල හෝ නැතිව තම තමන්ගේ මොලයේ පරිමාවේ හැටියට නොයෙක් කථා කියති. නොයෙක් දේ කරති. ලොක්කාටද මාර ජොලිය. මට නම් ඉන්නේ මාර ඇමති මණ්ඩලයක්ය, කියමින් ප්‍රීති වෙති. නටති ,ගයති, කති, බොති. 

හැබැයි මෙයාලගේ මොලේ ප්‍රමාණයේ හැටියට මේ ගන්න තීරණ නිසා වැඩ ඔක්කොම  අවුල් වී  ජනතාවත්  මාධ්‍යත්  විපක්ෂත් එහෙන් මෙහෙන් කණු කුණු ගාන කොට  ලොක්කා  වැඩේ අතට  අරගෙන  ලකුණු  දා ගන්නවාය.   ඇමති නිකම් පච වෙනවාය.

විභාගයේ හොඳම ප්‍රතිපල තමන්ගේ කාලයේ ලැබුනා යැයි කියන්නට ලකුණු මට්ටම් පහත දාන අධ්‍යාපන ඇමතිලාත් , පාසල් ජීවිත කාලය පුරාවට ඉංග්‍රීසි අකුරක් ඉගෙන ගන්නට පහසු කම් නැති දරුවන්ට විභාගයේදී ඉංග්‍රීසි  අනිවාර්ය කරන උසස් අධ්‍යාපන ඇමතිලාත් , තෙල් වලට වතුර කලවම් කරන ඛනිජ ඇමතිලාත් , හොරෙන් හොරෙන් විදුලිය කපන විදුලි බල ඇමති ලාත්, ඩෙංගු රෝගය මර්දනය කිරීමට රාජ්‍ය සේවකයින් ගස් බඳින මහජන  සම්බන්ධතා ඇමති ලාත් අපිට හමු වෙන්නේ මේ නිසාය.

තමන්ගේ  සහෝදර ඇමති වරුන් මේ ආකාරයට ජනතාව අතර නමක් හදා ගන්නා හැටි ඊරිසියාවෙන් බලා හිටි රාජ්‍ය පරිපාලන මැති ජෝන් උන්නැහේ මාත් යමක් කොරන්න ඕනේ යැයි කියා හිතුවේය. ඒ අනුව එතුමා තමාට පුළු පුළුවන් හැටියට කල්පනා කර තරුණියන්ගේ විවාහවීමේ වයස් සීමාව අඩු කිරීම  ගැන  අවධානය  යොමු  කළේය. 

 එතුමා මේ බව මුලින්ම කීවේ  රත්නපුර දිස්ත්රික් විවාහ, උප්පැන්න රෙජිස්ට්‍රා වරුන්ගේ  සංගමයේ 40වන සංවත්සරය 29 සිකුරාදා පැවති උත්සවයකදී ය. කතාව හා හාපුරා කියන්නට තෝරාගත් තැනත් කදිමය. මොකද කිවහොත් තරුණියන්ගේ කසාද වයස අඩු කර විට කසාද සංඛ්‍යාව වැඩි වූ විට රෙජිස්ට්‍රාර්  වරුන්ටත් වාසිය. මේ කතාව එතුමලා අත් පොලොසන් දී පිලි ගන්නට ඇතුවාට නිසැකය.

මේකේ හොඳම හරිය ඒක නොවේය. එතුමා වැඩි දුරටත් කියා ඇත්තේ වයස් සීමාව අඩුකරන ලෙස අධිකරණයෙන්  ලොකු ඉල්ලුමක් ඇති බවද උසාවිවලට පැමිණ පීඩාවට පත්වන මිනිසුන් සම්බන්ධයෙන් ඔවුන්ට අත්දැකීම් ඇති බවත්ය.

දැන් අපේ ගරු ඇමති තුමා තරුණියන්ගේ කසාද වයස අවුරුදු 15 දක්වා අඩු කරන්නට තීන්දු කර ඇත්තේ  අවුරුදු 15-16  ළමයින් නිසා උසාවියට ඇවිත් පීඩාවට පත් වන මිනිසුන් ගේ එම පීඩාව නැති කරන්නටය.

කෙටියෙන්ම කිවහොත් බාලාපරාධ කාරයින්ගේ පීඩාව නැති කරන්නටය. එසේ නැත්නම් බාලාපරාධ නීති ගත කරන්නටය.  

සටහන- සුපුරුදු ලෙසම මේ වන විට තමන් එසේ තරුණියන්ගේ විවාහ වයස අඩු කරන්නේ නැති එතුමා පවසා තිබේ.

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Gone Baby Gone (2007) m720p BluRay AC3 x264 – aRiL […]

  2. ගාල් තැන්නේ කපුවා says:

    ඇට මැස්සෝ. මේ අකුරු වල තීර්වතාව අඩු ඇයි? මේක යවන්නට screenprint එකක් ගැහුවොත් පේන්නෙම නැති තරම්. මේ අකුරු තද කලු පාට නැත්තේ ඇයි ??? (no need to approve this, just need to inform u only)

  3. gadfly says:

    thank you for information dear KAPU MAHATHTHAYA . I will correct that next time.

  4. Anunama Weni Waduraposted toWasantha Rupasingha

    http://gadflyzone.wordpress.co​m/
    see ya there!

    Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය
    gadflyzone.wordpress.com
    Then am I a happy fly, if I live or if I die
    Yesterday at 11:50 · Like · · Share · See friendship

    Wasantha Rupasingha
    Thanks for sharing this link with me. Probably so many such blog sites are there. Major problem is, however, they dont have a scientific political programme. Indeed, they do write very sharp comments over that or this political incident wha…See more
    9 hours ago · Like

    Anunama Weni Wadura හිතවත් වසන්ත ,උරණ නොවන්න ….සමහරවිට මා වැරදි විය හැක ,මා සිතන්නේ ඔබ තවම newtonian physics තුල සිරවී සිටින බවය් ,සංසාරය විද්‍යාත්මක නොවන බව ඔබ වරක් කිව මතකය් ,නමුත් සංසාරය යනු විද්‍යාත්මකව The multiverse or The many-worlds interpretation බව මගේ පිලිගනිමය්… @ Major problem is, however, they dont have a scientific political programmeඔබේ මතයට එකගය්!
    about an hour ago · Like

  5. Wasantha Rupasingha
    Thanks for sharing this link with me. Probably so many such blog sites are there. Major problem is, however, they dont have a scientific political programme. Indeed, they do write very sharp comments over that or this political incident what worth to comment, but again, what is aim? As I know such comments without a real political perspective lead to divert the working class consciouness through various radical tendencies which are finally led to divastation.

  6. Wasantha Rupasingha
    ‎: ”සංස්සාරයට” අයින්ස්ටයින්ෙග් ක්වොන්ටම්වාද ෙයන් පිලිතුරක් ව ෙගයි! හරි අපූරුයි!! සංස්සාරයක් කියා ෙදයක් ෙනාමැති නිසා විද්‍යාෙවන් පිලිතුරු ෙහවීම හරි තකතිරු කමක්. එවැන්නක් තිබිලත් නෑ අැත්ෙතත් නෑ. මරනය කියලා කියන්ෙන් මිනිසාෙග් ෙභෟතික ශරීර ෙය් කාබනික ශක්තිය ක්ෂයවී යාමයි. එ්ක තමයි මරනය කියන්ෙන් එතැනින් පස්ෙස් ෙමාන අල ෙගඩියක්වත් ඉතිරි ෙවන්ෙන් නෑ ”සංසාෙර්”අර ෙගන යන්න! මනස කියල කියන්ෙන් ස්වාභාව ධර්ම ෙය්ම පිලිබිඹුවක්. තවත් පැහැදිලි ක ෙලාත් ෙභෟතික ෙලා්ක ෙය් පැවැත්මක් නැතිව මනසක් පවතින්න බෑ. එ්කට තමයි ෙභෟතාකවාදය කියලා කියන්ෙන්. ෙභෟතික ෙමාලය නැතිව මනසක් පවතින්න බෑ. හැබැයි බුද්ධ ධර්මය සහ අෙනකුත් අාගම් සියල්ල වැඩ පටන් ගන්ෙන් මනස ප්‍රාථමිකයි, ප්‍රධානයි කියන වැරැදි විඤ්ඤානවාදී මත ෙයන්. ඉතිං ෙකලවරක් නැති ෙත්රුමක් නැති අසංෙඛ්්‍ය ෙද්වල් අාගම්වලින් ෙහායා ගත්තැහැකි, හැබයි මනුෂ්‍ය සංසතියට වැඩක් නෑ. එ්වා මිනිසාෙග් ප්‍රගමනයට හතුරුයි. විද්‍යාවට හතුරුයි. අාගම අබිං කියලා මාක්ස් කිව්ෙව් එ්කයි. එය අන්තිෙම්දී ෙස්වය කරන්ෙන් පාලක පන්තියට. කම්කරු පන්තියට එෙරහිවයි. ඊනියා ”සංස්සාරයත්” ගැන කවර කතාද? ඔබ සමඟ මට තරහක් නැත. තරහ අැත්ෙත් වැරැදි ප්‍රතිගාමී සංකල්ප සමඟ පමනි.( ෙම් ගැන වැඩි දුර කියවීමට ලුග්විග් ෙෆායබාග් සහ ජර්මානු දර්ශනවාද ෙය් අවසානය යන මහැඟි කෘතිය කියවන්න.මහචාර්ය සුචරිත ගම්ලත් ලවා විප්ලවවාදී ෙකාමියුනිස්ට් සංගමය ෙබාෙහා් කලකට ඉහතදී එය පරිවර්තනය කර තිෙයනවා.) that is very good,anyway, that you have agreeed that the fundammental problem is that the absent of a sceintific political programme.

    • gadfly says:

      why are you arguing about such basic things?

      • @මනස කියල කියන්ෙන් ස්වාභාව ධර්ම ෙය්ම පිලිබිඹුවක්. තවත් පැහැදිලි ක ෙලාත් ෙභෟතික ෙලා්ක ෙය් පැවැත්මක් නැතිව මනසක් පවතින්න බෑ. එ්කට තමයි ෙභෟතාකවාදය කියලා කියන්ෙන්. ෙභෟතික ෙමාලය නැතිව මනසක් පවතින්න බෑ…../////

        මේ තත්වයට කියන්නේ matter over MIND

        @why are you arguing about such basic things?

        වසන්ත ඔබ ඇතුළු ගොඩක් අය තවමත් newtonian physics තුල සිරවී සිටින බව කියා මම කියන කතාව තවමත් වටහගන නොමැත……..

  7. ඇට මැස්ස සමාවන්න ඕනේ මට මේ එක එක දේවල් ගෙනත් ඔබගේ අඩවියේ දමන එක ගැන,නොකරම බැරි අවස්ථාවලදී පමණි එසේ කරන්නේ,වසන්තගේ කොමෙන්ටුව තුල ථිබූ එක කතාවක් ඇට මැස්සටද අදාළ වෙන නිසා මම සිතුවා ඇට මැස්සාගේ අදහස් දැනගැනීමට ????/

    @so many such blog sites are there. Major problem is, however, they dont have a scientific political programme. Indeed, they do write very sharp comments over that or this political incident what worth to comment, but again, what is aim? As I know such comments without a real political perspective lead to divert the working class consciouness through various radical tendencies which are finally led to divastation.

  8. Ranga says:

    මචන් ඈටමෑස්සා උබනම් ඵලම ඵල මෑස්සෙක්.
    පහුගිය පෝස්ට් කිපයක්ම කියෙව්වා.පට්ටෙට ලියලා තියනවා.
    අපේ බත්කන හරකුන්ගෙ මොලවල තියන මලකඩ සුද්දකරන්න උබලාවගේ තව 10ක් වත් හිටියනම් ඵල බන්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s