ඉතාමත් දේශප්‍රේමී යෝජනාවක්.

Posted: August 4, 2011 in Uncategorized
Tags: , , ,
 
තමන්ට ලැබීමට ඇති  හිඟ වැටුපක් ඉල්ලා  මේ   දිනවල  කෙරෙන විදුලි සේවක  වෘත්තීය අරගලය ගැන  කතා  කරන  දේශප්‍රේමී,  දේශමාමක, දේශ භක්ෂක  දශසිල් ධාරි අති ගරු ච. රණවක  තාවකාලික  ස්ථවිර ඇමතියාණෝ,  එම  හිඟ මුදල යුද්ධය පැවති සමයේ කල වැටුප් වැඩි කිරීමකට අදාළ දෙයක් නිසා , එම මුදලම  යුද්ධයට කැප කල   යුතු  යැයි කියති.
 
ඇත්තෙන්ම එය ඉතාමත් දේශප්‍රේමී යෝජනාවකි. කාලෝචිත යෝජනාවකි. දැන් යුද්ධය අවසන් නිසා යුද්ධයට මුදල්  කැප කරන්නේ මොන කෙහෙම්මලකට දැයි අසන දේශප්‍රේමීන්ගේ ගොඩට අප නොවැටිය යුතුය.
 
යුද්ධය තවම ඉවර නැත. එය ජයටම කෙරී ගෙන යයි. ප්‍රබාකරන් අවසන් කලද ඊටත් වඩා දරුණු ඩයස්පෝරා නමැති ත්‍රස්තවාදියෙක් සිටී. මේ ඩයස්පෝරා සමග කල්ලි ගැහී අපේ මාතෘ භූමියට කෙලවීම තම ජීවිතයේ එකම අරමුණ කර ගත් බෑන් කී මූන් – – සමා වෙන්න , ඌ දැන් ත්‍රස්තවාදියෙක් නොවේ- බටහිරයා නමැති එකෙක්ද සිටී.
 
එසේම යුද සමයේ රට පැන්න කොටින් හොර රහසේම උතුර හා නැගෙනහිර පළාත්වලට නැවත පැමිණ ඇතැයි ඊයේ පෙරේදා වාර්තා කලේ රණවක තුමාගේ වර්ගයේම දේශප්‍රේමියෙක් වෙන පොඩි වංශ තුමාගේ වෙබ් අඩවියයි.
 
ඒ මදිවාට මුන් රටේ දකුණු පළාත් වලට පැන නොයෙක් ආකාර ත්‍රස්ත ක්‍රියා කරති. පසු ගියදා කටුනායක සිදු වුයේ එවැනි ත්‍රස්ත ක්‍රියාවකි. එහිදී එක ත්‍රස්තවාදියෙක් මරා දමා  පළාතේ සාමය ආරක්ෂා කර ගැනීමට දේශප්‍රේමී ආණ්ඩුවට යම්තම් හැකි විය.
 
ඉතින් අප මුන්ට විරුද්ධව යුද නොකළ යුතුද? ඔයාකර හිඟ වැටුප් ගෙවීමට සිදු වුවහොත් මේ දේශප්‍රේමී යුද්ධයට අවශ්‍ය අවි ආයුධ ගන්නේ කෙසේද?
 
ඉතින් මේ සියලු ආකාර ත්‍රස්තවාදීන් පැරදවීමට මුදල් අවශ්‍ය නොවේද. තුවක්කු පතුරම් වලට අමතරව ත්‍රස්ත මර්ධනයේ නවීන අවි  ආයුධ වන බයිසිකල් චේන් , යකඩ පොලු හා බල්ලන්ගේ ඔලු ආදිය මිලට  ගැනීමටම  කොතරම් නම් මුදලක් අවශ්‍යද?
 
එම නිසා මේ වෙලාවේ දේශප්‍රේමින්වශයෙන් විදුලි සේවකයින් තමන්ගේ  හිඟ වැටුප ලබා යුතුය. ඒ පමණක් නොව , රටේ සියලු දෙනා තම තමන්ට හැකි පමණ මේ යුද්ධයට තම ආධාරය ලබා දිය යුතුය. ච. රණවක තුමා හරිය.
 
 
 
 
 
Advertisements
Comments
  1. Kathandara says:

    sadhu, sadhu, saaaaadhu

  2. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Nepal followers celebrate Acharya Balkrishna's birthday with pomp […]

  3. ඔය විදුලිබල මණ්ඩලයේ හිඟ පඩි ඉල්ලන උන් බටහිරයන්ට කඩේයන අවජාතකයෝ.

  4. maathalan says:

    මේක එතුමගේ කාළේ වෙච්ච දෙයක් නෙමේ.. කෝ යකෝ කලින් හිටපූ බූරූව.. නියම ජෝක්ස් නේ…..???

  5. Lomba says:

    ඔය ප්‍රවෘත්තිය ගත්තු තැනත් දානව නං මසුරන්

  6. ගංගොඩවිල සෝමදාස පින්වතා says:

    දැන් ඔය පින්වතුන්ම කල්පනා කරල බලන්න, අපේ රණවක පින්වත් ඇමතිතුමාට කෙළවන්න මේ වෙලාවෙ වැඩි පඩි ඉල්ලන එක මොන තරම් බෞද්ධ විරෝධී ක්‍රියාවක්ද? මොකද මහ රජාත් බලාගෙන ඉන්නෙ ඌට පුකට පයින් ගහලා එළවන්න හේතුවක්නෙ. ඒ නිසා මේ පින්වතුන් ඒ ආන්නතරිය පාප කර්මයට සම්බන්ධ නොවී ඔය දේශප්‍රේමී බ්ලොග් එකක් කාරිය බලා ගෙන “එල එල අයියේ” කියා කමෙන්ට් කරනවා නම් කොයි තරම් හොඳද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s