එස් බී නමැති මුග්ධ   දේශපාලකයාගේ  මුග්ධ  අදහසක්  අනුව  ක්‍රියාත්මක  කල  සරසවි සිසුන්   සඳහා ලබාදුන් ඊනියා නායකත්ව පුහුණුව හෙවත්  ආණ්ඩුවේ  නිල    නවක  වධය  පිලිබඳ  සැබෑ  තතු   අප මීට  පෙර  හෙළි කළෙමු
 
එම හමුදා  පුහුණුවේදී  සිසු සිසුවියන්   කොතරම්  අපහසුතාවයන්ට  ලක් කරන්නේදැයි යන්න  එයට සහබාගි වූ  වූවන්  විසින්ම   හෙලිකරද්දීත්තමන් එම පුහුණුවට සහබාගි වුවන් ලෙස හඳුන්වා  ගනිමින් එම ලිපියට  කොමෙන්ටු    දැමු  සමහරුන් ආණ්ඩුවට කඩේ යමින් කියා  සිටියේ අදාළ ලිපිය ලියා ඇත්තේ එම පුහුණුවට සහබාගි වුවෙකු නොවන බවත් එය හුදු මඩ ගැසීමක් පමණක් බවත්ය.
 
 එතැනින් නතර නොවූ මේ  බත්  බැලයන්  කියා සිටියේ අදාළ පුහුණුව මාර ආතල් එකක් වූ බවත් තමන් ජීවිතේ කිසි දිනෙක එවැනි සැපක් නොවිඳි  බවත්ය.
 
දියතලාව යුද හමුදා කඳවුරේ මේ පුහුණුවට සහබාගි වෙමින් සිටින   අතරතුර රෝගාතුරවූ 20 හැවිරිදි නිශාන්ති මධුෂානි නමැති ශිෂ්‍යාව  බදුල්ල රෝහලේදී මියගොස් තිබේ.ඇයගේ මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ අධික දූවිලි සහිත පරිසරයක ගැවසීම නිසා පෙනහලුවලට විෂබීජයක් ඇතුළුවී ඇති නිසා මෙම මරණය සිදුව ඇති බවයි.
 
සිසුන්ට රිදවා කුරිරු සතුටක් ලබන  මානසික රෝගී ඇමතියන්ද,  පුහුණුව අනිවාර්ය කරමින් , පුහුණුවට සහබාගි නොවන්නන්ට සරසවි ඒමට නොදෙන්නේ යි කියමින් පාරම් බෑ බඩ තඩි ලේකම්ලාද , පුහුණුවේ ආතල් ගැන කුලියට ලියු බැලයන්ද ,  දැන් මුක පූට්ටු  කරගෙන සිටිති.
 
මිය ගිය සිසුවිය ගැන වග කියන්නට එකෙක්වත් නැත.අඩුම තරමේ ඇය මිය ගිය පුවත පුවත  , මල මිනි  විකුණා  කෑම   තම ජීවිකාව කරගත්  ස්වර්ණවාහිනියට  පවා  පුවතක්  නොවේ. 
 
මෙම පුහුණුව පැවැත්වීමට මෙම මිස්ටර් බීන් ලාට තිබුනේ පුදුම තදියමකි.  දැනුම් දී දින කිහිපයක් තුල එයට සහබාගි වීමට සිසුන්ට සිදු විය.  ඒ බරපතල ලෙස ඔවුන් බිය ගන්වා තිබියදීය. 
 
මෙම පුහුණුවට සහබාගි  නොවන්නේ  නම් සරසවි  ඒමට නොදෙන්නෙමි යි  කියන වහසි බස් තුල සිසු සිසුවියන්  තමන්ට   කුමන   රෝග  තත්ත්ව තිබුනද,  ඉතා අමාරුවෙන් දිනා ගත්    සරසවි වරම් මෙම  ඔල මොට්ටල දේශපාලන තීන්දු නිසා අහිමි   වේ යයි සිතා  එයට සහබාගි විය. දෙමවුපියන්ද බියේ ගැහෙමින් තම දරුවන් කඳවුරු වෙත එවීය.
 
කෙසේ නමුත් අවසානයේ සිදුව ඇත්තේ අහිංසක දෙමවුපියන් විසින් වසර විස්සක් තිස්සේ අසීරුවෙන් හදාවඩා ගත් දියණියක , අමන දේශපාලකයින්ගේ ඔලමොට්ටල තීන්දු නිසා ඔවුන්ට අහිමි වීමය. 
 
 
සටහන –  ඇය මිය ගොස් ඇත්තේ උපතේ පටන් තිබු රෝගයකින් යයි මේ බැලයන් ළඟදීම සොයා ගැනීමට ඉඩ ඇති අතර  දිවයින, ස්වර්ණවාහිනිය ප්‍රමුක  බත් බැල පුවත්පත් හා රූපවාහිනී  නාලිකා වලින් ඒ බව ජනතාවට දැනුම් දෙනු ඇත. ජනතාවද ඒ බව හිස් මුදුනින් පිලි ගනු ඇත.
 
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Nepal's Buddhist nuns rally behind gangraped 'sister' […]

  2. චූටි මල්ලි says:

    අපේ මාරයා අයියා නම් කිව්වෙ ඕක මොකද්ද, ඕක නිකම් ‘බබා කෝස් එකක්’ කියල. ‘බබා කෝස්’ වලිනුත් ළමයි මැරෙනවද ඈං? දැන් මොකද්ද දෙන්නෙ නෑ මාරයා අයිය කියන්නෙ?

    • මෝඩයා says:

      ඔව්ලුනේ. බබා කෝස් දාන අයලුනේ කලින්ම මැරෙනවා කියන්නෙ. මාරයා අයියා හමුදාවේ තීරණ ගන්නේ එහෙමලු.

  3. Sudheera says:

    පුහුණුව ගැන කියා ඇති කරුණු පිළිබඳව එකඟ විය නොහැක…. මන්ද ඒ ගැන පළමෝත අත්දැකීම් හා ඉතා ආසන්න අත්දැකීම් උවමනාවටත් වඩා ඇති බැවිනි… සිද්ධිය පිළිබඳව කිසිවක් පැවසීමට නොදනී.. නමුත් එක දෙයක් කිව හැක.. සිසුවෙක්ට පුහුණුවේදී අදාල දූවිලි ගැටීම සිදුවන සරඹ සදහා සහභාගී නොවී සිටීම දුෂ්කර නොවූ බවය… ළමයාගේ සිරුරට විසබීජය ඇතුලු වූයේ පාසල් ක්‍රීඩා පිට්ටනියේ ක්‍රීඩා කරමින් සිටියදීනම් ඔබේ පිළිතුර කුමක්ද..? ළමයා පාසල් නොයැවිය යුතුය.?????

    • Lomba says:

      ඇට මැස්සට ආණ්ඩුවට විරුද්ධ එවුන්ගෙ බෙට්ටත් සල් මල් සුවඳයි

  4. පාට වීදුරු කණ්නාඩි ගලවලා බලන්න.
    රැග් එක දීලා මැරුව උන්ගේ පපුවට මොනවා ගිහිල්ලද දන්නෑ මැරුනේ.
    මැස්සත් ඉතින් ඉතින් කොහේ හරි කොනක් අල්ලගෙන ඒක විකුනන්න එපැයි.
    අධික දූවිලි තිබුනනම් ඇයි එක ලමයෙක් විතරක් අසනීප වෙන්නේ. අනික ඕක කොහෙන් ගිය එකක්ද කියලා කව්ද දන්නේ, මොකක් හරි වෙනකම් බලාගෙන උන්ට නම් මේක හොද පොයින්ට් එකක්.
    බොරුවට හැම දේටම විරුද්ධ වෙන එක නවත්තලා හොද වැඩක් අගයන්න පුරුදු වෙයන්.

    • පොඩි ළමයා says:

      රැග් එක නිසා සිසුන් මැරෙනවා සහ ජෙප්පෝ අයුතු වාසි ගන්නවා කියා කෝටි ගන්නන් මුදල් වැයකර කරන රාජ්‍ය නවක වදයේනුත් ( අන්තරේ කරන වැඩෙත් SB කරන වැඩෙත් තියෙන්නේ එකම අරමුණ නිසා ) සිසුන් මැරෙනවනම් ඔබ කියන්නේ මෙය නැවැත්විය යුතුද නැත්ද?
      විශ්ව විද්‍යාලයේ නවක වදයේ ඇති සොදුරු පැත්තට එකග මිනිසෙක් සහ අවුරුදු 18 . 19 හෝ 20 එළියෙන් රැග් වෙලා කැම්පස් එන වුන්ට අයෙත් මොන නවක්වදද කියල හිතන මට , ඔබ කියන්නේ කුමක්ද ??
      සින්නො ඇවිල්ල තෙල බෙදුවට, දේශපාලනයකට කඩේ යන්න කිව්වට ඔය තරම් ඉගෙන ගත්තු මිනිස්සු වෙනස් කරන්න පුළුවන් කියල හිතනවද ?? එහෙම පුළුවන් කියල හිතන අන්තරේ සහ SB කියන දෙගොල්ලම මෝඩයෝ. මෙතන තියෙන්නේ කුහකත්වය තමයි.
      මිනිස්සුන්ගේ මානව හිමිකම් උල්ලංගනය කරන මේ ප්‍රථමික වැඩේට කඩේ යන්න එපා.

      • ජුලියස් සීසර් says:

        පොඩි ළමයා සමඟ 100% ක්ම එකඟයි!!!

        නවක වදය ගැන පණ්ඩිතයො වගේ කතා කරන බොහොමයක් උදවිය කවදාවත් ඒක විඳලා නැති අය… ඒ උනාට දැක්කා වගේ කියවනවා… උන් දන්නේ උන් වගේම තවත් අය පත්තරවලට ලියන ඒවයි එස්.බී. උන්නැහේ කෙලින පචයි විතරයි!

        නවක වදය ගැන විවේචනයක් තිබුනත්, පහුගිය කාලෙ පත්තරවල එහෙම ඒ ගැන ගිය ලිපි කියෙව්වම හිතුනා මුං කියන බොරු වලට මරාගෙන මැරෙන්න ඕනෙ කියලා…

    • gadfly says:

      ඇය මිය ගොස් ඇත්තේ උපතේ පටන් තිබු රෝගයකින් යයි මේ බැලයන් ළඟදීම සොයා ගැනීමට ඉඩ ඇති අතර දිවයින, ස්වර්ණවාහිනිය ප්‍රමුක බත් බැල පුවත්පත් හා රූපවාහිනී නාලිකා වලින් ඒ බව ජනතාවට දැනුම් දෙනු ඇත. ජනතාවද ඒ බව හිස් මුදුනින් පිලි ගනු ඇත.

  5. එස්.බී says:

    අනෙ යකෝ එහෙනම් යකෝ ඒ කෙල්ලට කොලබ පාරකවත් ය්න්න බැරි ව ඇති නේද පොන්න ක්තා කියන්න එපා යකෝ. අපිත් ඔය පුහුනුවට ගියා. කිසිම අවුලක් නෑ උබට කහනව ඇති නෙද පාහර ජෙප්පෝ දෙන් බය වෙලා.

    • පොඩි ළමයා says:

      මෝඩයෝ, උඹ ඔය පුහුණුවට ගිය වග ලියල තියෙන බාසාවෙන්ම තේරෙනවා. මොකද ඕක පටන්ගත්තේ SB ලා වගේ නායකයෝ හදන්නේ. අපිත් ලංකාවේ විශ්ව විද්‍යාලවල රගලා සහ ඉගෙනගෙන තියෙනවා. එතකොට උඹල තාත්තලාගේ යටිපතුල්වල.
      ඔය පුහුණුවට සහබාගි වූ මහතාණෙනි, ඔය කෙල්ල මරුනේ කුමක් නිසා වියහැකිද ??
      මට තේරෙන්නේ නැ , ඔබතුමාට ජෙප්පොන්ට වැඩිය SB මැතිද අගේට පෙන්නේ මන්දැයි කියා … මොකද ජෙප්පෝ රාජපක්ෂ වෙනුවෙන් කඩේගිය කාලේ , SB මැතිද හිටියෙත් යහපත් වචන පාවිච්චිය නිසා ජම්පරේ ගහගෙන බැවින් ….

  6. guest says:

    “දියතලාව- අධික දූවිලි සහිත පරිසරයක්” ane manda mun lankaweda kiyala…

    • Lomba says:

      හික්ස්! දියතලාව තියෙන්නේ වියළි කලාපේ. ජූනි – අගෝස්තු වෙනකම් දියතලාවට පායන පෑවිල්ලට මෙහෙ තියෙන දූවිලි ගැන කොළඹ ඉඳන් ගිරිය පුප්පන අය දන්නෙ නෑ. ඔය ගෑණු ළමයා මරුණේ වෙනත් හේතුවක් නිසා වෙන්න ඇහැකි. ඒත් දියතලාවෙ දූවිල්ල නෑයි කියන එක නම් මීහරක් ජෝක් එකක්

  7. ඇනොනිමස් says:

    මම මේ ලිපියෙන් තේරුම් ගත්තේ, අවම වශයෙන් වෛද්‍ය හේතුන් මතවත් මේ පුහුණුවට සහබාගි නොවී ඉන්න හැකියාව තියෙන්න ඕනේ කියල.
    නමුත් comment කියෙව්වට පස්සේ:
    1. ළමයට පාසල් පිට්ටනියේදීත් මෙවන් දෙයක් විය හැකි බැවින් දුවිලි වලට ඇලජික් වීම, මෙම පුහුණුවට සහබාගි වීම මගහැරීමට නිදහසට කරුණක් නොවේ.
    2. අනෙක් ළමයින් අසනීප නොවූ නිසා මෙම දරුවාට දුවිලි වලින් වුනු හානියට වගකිව නොහැක.
    3. කොළඹ පාරක යාමට නොහැකි, වෛද්‍ය තත්වයන් ඇති මිනිසුන්ට ජීවත් වීමේ අයිතිය නැත.

    “හ්ම්ම්ම්” කියන්න විතරයි ඉතුරුවෙලා තියෙන්නේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s