උතුරට තෑගි

Posted: July 29, 2011 in Uncategorized

පහුගිය දා  තිබ්බ පලාත් පාලන චන්දේදි , ආන්ඩුව තමන්ගේ මුලු ශක්තියම යෙදෙව්වේ උතුර ජය ගන්න. ජනාධිපති, ඔහුගේ පුත්‍රයා හා මුලු ආණ්ඩු පක්ෂයත්, නිලධාරිනුත් විතරක් නෙවේ, පොලෝසිය, හමුදාවත් වැඩේට බැස්සා.විවෘත කිරීම්, මුල් ගල් තැබීම්, අල්ලස්, බොරු ප්‍රචාර,තෑගි, තර්ජන , පහර දීම් , කඩාකප්පල් කිරීම්, මේ හැම දෙයක්ම යොදා ගත්තත් උතුර අල්ල ගන්න ආණ්ඩුවට බැරි වුනා. උතුරේ ජනයා තමන් ආණ්ඩුවත් එක්ක නැහැ කියලා පෙන්නුවා.
 
උතුර ජය අරගෙන , උතුරේ ජනයා තමන් එක්ක ඉන්නේ කියලා ලෝකෙට පෙන්නලා, ජාත්‍යන්තරෙන් තමන්ට එන චෝදනා බොරු කියලා ඔප්පු කරන්න  බලා ගෙන හිටපු ආණ්ඩුවට මේක හොඳට රිදෙන කණේ පාරක් වුනා.ඒ මදිවට හතර විලි ලජ්ජාව. ඇයි හැත්ත බුරුත්ත ඔක්කොම බැහලත් වැඩේ කර ගන්න බැරි වුනානෙ.
 
තමන්ට විරුද්ධව චන්දේ පාවිච්චි කරපු ජනයාට හොඳ පාඩමක් උගන්වන්න හිතපු ආණ්ඩුව , ආතතිනන්දගේ අනුප්‍රාප්තිකයා ලවා දුන්නා වැඩක්.
 
මෙච්චර කාලයක් යාපනේ දිස්ත්‍රික්කෙට තිබුණු පාර්ලිමේන්තු ආසන දහය  අඩු කරලා හයක් දක්වා. මේකට හේතුව යාපනේ ජනගහනය  ලක්ෂ තුනකින් අඩු වීමලු.අඩු කරපු ආසන හතර දකුණේ දිස්ත්‍රික්ක අතර බෙදා හැරලා.
 
 මේක තමා සහජීවනය, සාමය සාමදානය කියන්නේ. එහෙම තමා උතුරේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න හදන්නේ. එහෙම තමා එයාල විහින්ම හැම තිස්සෙම පතුරු ගහන ජාත්‍යන්තර විවේචන වලට උත්තර දෙන්නේ.
සටහන- මැතිවරණ දිස්ත්‍රික්කයක ජනගහණය අඩු වෙන කොට ඒකට අයිති මන්ත්‍රී ගාන අඩු කරන්න ඕනේ,ඒක තම නීතිය. මේ ඇටමැස්සා බොරුවට ආණ්ඩුවට බනිනවා කියලා ජයශ්‍රිලා, රාලලා, රෙදි උස්සාගෙන එන හැටි ඇට මැස්සාට මැවිලා පේනවා.
හැබැයි ඒ ගැන කියන්න තියෙන්නේ , උතුරේ ජනතාව නැවත පදිංචිය තවමත් අවසන් නැති තත්වයක් තුල, ඒ පලාත්වල ජීවත් වූ ජනයාගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් තවමත් අවතැන් කඳවුරු වල ජීවත් වෙද්දි මේ විදියට ආසන ගනන අඩු කරන්න තිබුන  හදිසිය මොකක්ද.
 
අනික පළාත් පාලන චන්දේ ඉවර වුණු ගමන් මේක කලේ පණිවිඩයක් දෙන්න නෙවේද? 
 
උඹලා චන්දේ දෙන්නේ ටී එන් ඒ  එකට නේ , හොඳයි දීලා බලාපල්ලකෝ , අපිත් දෙන්නම් වැඩක් . ඕක නේද මේ  කියන්නේ?
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Industrial Motor Control (6th Edition) […]

  2. ```Outsider``` says:

    අනිත් 06 ත් අයින් කරන විදියක් බලපං බං ඔවුන්ට මොකටද මන්ත්‍රීල. දෙමඵනෙ…

  3. හෝ………ව්.අවතැන් කදවුරු වල ජනතාව ඡන්ද හිමි නාමලේඛණ වලට ඇතුලත් වී නැත්නම්, මෙලෙස මංත්‍රී ආසන අඩු කිරීම වැරදියි.මම ද ඊට එරෙහි වෙමි.

  4. ආසනික්වල හාල් තියෙනවා කියල හොයා ගත් නලින් තුමාට හා නාථ දෙවියන්ගෙන් උදව් අරගෙන විද්‍යා පරීක්ෂණ කළ හැකි බව සොයා ගත් මහාචාර්ය තුමාගේ බිරිදට

  5. silva54 says:

    ජයශ්රී
    අම්මප ?
    උඹල විරුද්ධ වෙන දේවලුත් තියනවා එහෙනං ?

    • Search “What” is correct – not “Who” is correct !

      • පොඩි ළමයා says:

        ක්‍රියාව විවේචනය කරනකොට කතෘ ගැන කතා නොකර ඉදීම අමාරුයි මල්ලියේ, ඕකනේ කියන්නේ පහලවෙච්ච මොලේ ඔයටිකට නැතිකරගෙන…

      • @Search “What” is correct – not “Who” is correct !

        චැනෙල්4 ;Sri Lanka’s Killing Fieldsගැන ඔහොම කිව්වේ නැහැනේ ,ජයසිරාගේ කතාත් තම්බිගේ තොප්පිය වගේ !lol

        • I am not going to criticize the Chanel4(“Who”).But I condemn the “Sri Lanka’s Killing Fields”program & other programs regarding SL (“What”) as I believe those are incorrect.
          Therefore above theory has not broken by me.

          • විමුක්ති කුමාරතුංගත් පිලිගන්නවා,ජයසිරා කියන්නේ මනුෂ්‍යත්වයට නිගා දෙන, මිනීමරුවන් රකින ජාති ආලේ ඉහට ගැහුව පට්ටපල් බොරුකාරයෙක් ,කබරයා තලගොයා තමා!

          • silva54 says:

            යකෝ ඕ ක ලියල තියනවා වැරදි නේ. මෙහෙමයි ලියන්න ඕනෙ.
            I am not going to criticize the Chanel4(“Who”).But I agree with “Sri Lanka’s Killing Fields”program & other programs regarding SL (“What”) as I believe those are correct. (I have seen and withnesed mass killing, 1971, 1983, 1988, 1989 by SL army, government and Police. Therefore above theory has not broken by me.

        • Dutugamunu Raju says:

          අනේ ජය ශ්‍රි මල්ලියෙ එතකොට ඔයා දන්නෙ නැද්ද මුල මැරිල තමයි අලේ බහින්නෙ කියල.

  6. චිත්තහාරි says:

    උතුරේ ආසන ගනන 10 ඉඳන් 20 වෙනකම් වැඩි කරමු. මොකද උතුරේ මිනිහෙක් දකුණේ මිනිහෙක් වගේ දෙගුණයක් වටින නිසා. ප්‍රභාකරන් හිටිය නම් එයාට ඡන්ද 100ක විත්‍ර බලේත් දෙන්න තිබුණා. මොකද ප්‍රභාකරන් දකුණේ මිනිහෙක්ට වඩා 100 ගුණයකටත් වැඩිය වටිනව.

    ඒ වගේම් සුළු ජාතිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්න කොළඹින් ආසනය්ක් අඩු කරල ඒක සිංහල 95%ක් ඉන්න ගම්පහට දීපු එක ගැනත් ඒ වගේම විරුද්ධ වෙන්න ඕන.

  7. Lomba says:

    එක් මන්ත්‍රී කෙනෙකුට ඡන්ද දායකයින්

    වන්නි – 44496
    මාතර – 72357

    හොහ්! හොහ්! හොහ්!

    http://en.wikipedia.org/wiki/Electoral_districts_in_Sri_Lanka

    • රැඩිකල් අදහස් says:

      අනේ බොල ලොම්බෝ, මාතරයි යාපනයයි සන්සන්දනය කරපිය! එතකොට පෙනෙයි යාපනේ එක මන්ත්‍රීට ජන සංඛ්‍යාව මාතරට වඩා වැඩි බව!

      හොහ් හොහ් හොහ්! (තොපිට හිනා වෙන්න ඕනැ අදෝ මුකෙන්!)

      • Ano says:

        Jaffna Northern 2,304 11 753,000 721,359 9

        So In Jaffna out of population 753,000, 721,359 are electors (i.e over 18)?

        So there are less than 32,000 who are under 18-years????

        (තොපිට හිනා වෙන්න ඕනැ අදෝ මුකෙන්!)

        • රැඩිකල් අදහස් says:

          Ano මැට්ටෝ හොඳට බලපිය අවුරුදු දෙක දිහාව. ජනහගණය 2008දි. (කොහොමටත් ඒකාලෙ උතුරෙ ජනගහණය අඩුයි වෙන පළාත් වල හිටියෙ.) ඡන්ද සංඛ්‍යාව 2010යෙදි. 2008 ජනගහණය හා 2010 ජනගහණය අතර පැහැදිළිව වෙනසක් තියෙන්න ඕනැ යුද්ධයෙන් පස්සෙ යාපනයට සංක්‍රමණය වෙන්න ගිය පිරිස නිසා. අනෙක මේවා ප්‍රභාකරන්ගෙ නෙවෙයි ආණ්ඩුවෙම සංඛ්‍යාලේඛන. වැරදි නම් උන්ට බැනපියව්.

          (තොපිට හිනාවෙලා අදෝ මුකෙත් රිදෙනවා බොලව්.)

    • Lomba says:

      Jaffna 80151
      Gampaha 81915
      Kalutara 81323
      Kandy 80871

      හොහ් හොහ් හොහ්! (තොපිට හිනා වෙන්න ඕනැ අදෝ මුකෙන්!)

  8. @99වෙනි වඳුරා,අවසන් සටනෙදී සිවිල් වැසියන්ගේ කෙස්ගහකට වත් හානියක් වුණේ නෑ කියල මම කියන්නේ නෑ.කොටි යුධ මුක්ත කලාපයේ සිවිල් ජනයා අතර ඉදන් හමුදාවට ගහද්දී ඒවා ප්‍රති ප්‍රහාර නොදී හිටිය නම් යුද්ධය අදවෙනතුරුත් ඇදි ඇදී යනවා (දෙපාර්ශවයෙම භටයන් 10-15 දිනපතා මැරී මැරී-ඒක හොදද?).අවතැන් කදවුරු අතර කොටින්ගේ කාලතුවක්කු පෙන්නන රූප ඔබත් දැක ඇති.හැබැයි අවසන් සටනෙදි ඔබ කියන විදියට “සමූලඝාතනයක්” නම් වෙන්න ඉඩනෑ.වලක්වන්නම බැරිව සුලු පිරිසක් මියයන්න ඇති.

    හැබැයි අවුරුදු 30ක් තිස්සේ කොටින් දකුණේ සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන් දහස් ගණනක් මරණ කොට, රටේ ආර්ථිකය විනාශ කරන කොට අන්ධව බිහිරිව හිටපු උදවිය අද කොටින් විනාශ කලාට පස්සේ උතුරේ ජනතාව ගැන කිබුල් කදුලු හෙලන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නය.ඒ ඔය ගොල්ලන්ගේ රහසිගත න්‍යාය පත්‍රයකට අනුව වෙන්න ඇති. චැනල්4 හෙලා දැකියයුත්තේ එනිසයි.

    විමුක්තිට අත්තනගල්ල සංවිධායක ධූරය නොලැබීම වගේ කෝන්තරයක් ඇති.(ඹහුගේ මවට තියෙනව විධායක බලය අහිමි වීමේ දුක/ඉරිසියාව)

    99වෙනි වඳුරා මේ වේදිකාවේ දීම කොටින්ගේ මිලේච්ච ඝාතන සාධාරණීකරනය කලා මතකද?මිනීමරුවන් රකින්නේ ඹබ ද? මමද?(මිය ගිය අයටත්, අත් අඩංගුවට පත් අයටත්,අතුරුදන් අයටත් රජයෙන් සාධාරණය ඉටු විය යුතු බවට මා “මේඝය” බ්ලොගයේ සටහනක් ද තැබුවා-කියවා බලන්න)

    • පොඩි ළමයා says:

      ජයශ්‍රී, යුධ්ධේදී මිනිස්සු මැරෙනවා. එක නවත්තන්න මේලෝකේ ඉන්න මොන කෙරුමටත් බැ. එත් මේ වගේ අමන විදිහට ජාතන්තරෙත් එක්ක ගනුදෙනු කරන එකයි ප්‍රශ්නේ. යුධ්ධේදී යුධ අපරාධ වුණා නම් සාදාරන පරීක්ෂණයක් කරලා වැරදි කාරයන්ට දඩුවන් දුන්නනම් ඉවරයි. රුපියල් 40000.00 ( හෝ ආසන්න ගණනක) ටෙන්ඩර් ගනුදෙනුවකට සරත් ෆොන්සේකා හිරේ යවන්න පුළුවන් ආණ්ඩුවකට මේ වැඩේ කරන්න බැරි ඇයි???
      අනික අපි කිබුල් කදුළු හෙලන්නේ LTTE එක ගැන නෙවයි. මේ යුද්දෙන් දෙපැත්තෙන්ම බැටකන අහිංසක දෙමළ මිනිස්සු ගැන. උන් LTTE හෝ TNA ගැතිවීම පළිගැනීමකට ලක්වීමට තරම් හේතුවක් නෙවේ. මිනිසුන්ට තමන් කැමති දේශපාලනමය මතයක් දරන්න තරම් අපේ සමාජේ දියුණු වෙන්නේ කවදද ???

  9. @විමුක්තිට අත්තනගල්ල සංවිධායක ධූරය නොලැබීම වගේ කෝන්තරයක් ඇති.(ඹහුගේ මවට තියෙනව විධායක බලය අහිමි වීමේ දුක/ඉරිසියාව

    හොදා දැන් අපි ජයසිරා ගේ සුත්‍රයSearch “What” is correct – not “Who” is correct ! මේ ප්‍රකාශයට ආදේශ කොලොත් තේරෙනවා නේද ජයසිර කබරයා තලගොයා කරන, තම්බිගේ තොපිය හැරෙනවා වගේ කෙබර කියන හැටි !ලැජ්ජෛය්!
    විමුක්ති හරි ,සිංහල කියල කියන්න ලැජ්ජෛය් ,සත්‍ය ඒකය්! නමුත් දුක තවම ජයසිරලට ශවේන්ද්‍ර වැනි අධම නීච තිරිසන්නු වීරයෝ වීම ගැනෛය්!
    ආයුබෝවේවා !

  10. @අවුරුදු 30ක් තිස්සේ කොටින් දකුණේ සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන් දහස් ගණනක් මරණ කොට, රටේ ආර්ථිකය විනාශ කරන කොට අන්ධව බිහිරිව හිටපු උදවිය අද කොටින් විනාශ කලාට පස්සේ උතුරේ ජනතාව ගැන කිබුල් කදුලු හෙලන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නය.

    48ඉදන් උන් අරගල කලේ උන්ගේ නිජ බිම හෙවත් යාපන රාජධානිය ඉල්ලා ,ඒක නොදී උන්ව ථ්රස්ථවදී කලේ අපි !පස්සේ සමූල ගාතනය කලා!අපේ ඉරිසියාව ,අපි ඉරිසියඊ උන් උන්ගේ ඉඩම් අරන් එකට ‘තමිල ඉලාම්’ හරි මොන මගුල් නමක් හරි දාල හොදට දියුණුවෙලා ඉදිය් කියල ,අර සින්දුවක් තියෙන්නේ සතුටුවෙයල්ල ඉරිසියාව ඇත අරපල්ලා කියා ,ඔන්න ඔය නිජ බිම උන්ට දීල උන්ට සතුටින් ඉන්න දීපල්ලා බන් …..

  11. @හමුදාවට ගහද්දී ඒවා ප්‍රති ප්‍රහාර නොදී හිටිය නම් යුද්ධය අදවෙනතුරුත් ඇදි ඇදී යනවා (දෙපාර්ශවයෙම භටයන් 10-15 දිනපතා මැරී මැරී-ඒක හොදද?
    හැ?හමුදාවට ගහද්දි ? යකෝ! හමුදාව තමා මවිල් ආරුවේ ඉදන් ගහන්න ගත්තේ ජාත්‍යන්තර සාම ගිවිසුම උල්ලංගනය කරලා!මොනවද මේ කියවන්නේ ?

    @දෙපාර්ශවයෙම භටයන් 10-15 දිනපතා මැරී මැරී-ඒක හොදද?

    හොදා නේන්නං ,බටයෝ ඉන්නේ මැරෙන්න ,පඩියක් ගෙවනවා උන්ට ,මැරෙන ඒක උන්ගේ රාජකාරිය ,මැරෙන බව දැනගන තමාඋන් බටයෝ වෙන්නේ!

  12. Ano says:

    “මනුෂ්‍යත්වයට නිගා දෙන, මිනීමරුවන් රකින ජාති ආලේ ඉහට ගැහුව පට්ටපල් බොරුකාරයෙක් ,කබරයා තලගොයා තමා! ”

    “හොදා නේන්නං ,බටයෝ ඉන්නේ මැරෙන්න ,පඩියක් ගෙවනවා උන්ට ,මැරෙන ඒක උන්ගේ රාජකාරිය ,මැරෙන බව දැනගන තමාඋන් බටයෝ වෙන්නේ!”

    • @ano
      මිය යාම වීරකමක් ලෙස සලකා කිසියම් හමුදාවකට බැදී ඉන්න බටයන් මිය යාම ගැටළුවක් නොවන නමුත් අඩු තරමින් සාමාන්‍ය පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්න තිබ්බ !

  13. gadfly says:

    ජයශ්‍රි හා 99 වඳුරා එකම කාසියේ දෙපැත්ත

    • සම්පූර්ණ සත්‍ය !අන්න එම නිසඊ යාපන රාජ්‍ය දකුණු ලංකාවෙන් වෙන්විය යුතු !සහජීවනයක් සිත ගන්නවත් බෑ!

      • පොඩි ළමයා says:

        99 වෙනි වදුරෝ , උඹ මේවා ඇත්තට ලියනවද විහිලුවට ලියනවද කියලා හිතාගන්න බැ. ඇ බන් උඹලට අමතකද LTTE නරි රැල සටන් විරාමෙ කොච්චරනම් කැඩුවද ?? ඕකුන් දකුණේ පත්තුකරපු බෝම්බ උබලා වගේ එවුන්ට වැදුනේ නැත්තේ ජාතියේ අවාසනාවට………..

  14. @පොඩි ළමයා
    මේ අහපන් පොඩි ළමය ,තමන් කොටි බෝම්බෙකට අහුවෙලා මැරෙය් කියල නුබේ යටිහිත බියවී කොටින්ට විරුද්දව බද්ධ වෛරයක්, ක්‍රෝධයක් යටි සිතේ බැදගන ඉන්නේ,මුලින්ම බුද්ධ දේශනාව අනුව වෛරය ඉවත්කරගන මෛත්‍රී සහගතව ප්‍රශ්නය විචාරය කිරීම තම සුදුසු !

    • පොඩි ළමයා says:

      නැ මට එහෙම බයක් තිබුනේ නැ , මොකද මම ඒකාලේ පශ්චාත් උපාධිය කරන්න වෙන රටකට ගිහින් හිටියේ. බෝම්බ ගැන මට බයක් තිබුනේ නැ. උඹල වගේ අහිංසකයෝ එකෙන් මැරෙන ඒක ගැන දුකෙන් හිටිය. යන්නේ කොහෙද මල්ලේ පොල් වෙන්ට එපා. මම ලිව්වේ LTTE ඒක අමු අමුවේ සටන් විරමේ කඩපු ඒක ගැනයි. එකට උත්තර දීපන් වදුරෝ ???

      • 1/@බෝම්බ ගැන මට බයක් තිබුනේ නැ. උඹල වගේ අහිංසකයෝ එකෙන් මැරෙන ඒක ගැන දුකෙන් හිටිය. ……

        අන්න ඒ දුක තමඊ නොදැනුවත්වම වෛරය ලෙස නුබේ යටි සිතේ කාවැද ලොකුමහත් වී අද දෙමල නිජබිම යටත් කරගැනීම,එහි ජනයාගේ රත්තරන් ඇතුළු වස්තුව කොල්ල කෑම සාදාරනය කරන්නේ,එක තම නුබ ඉතිහාසය විකුර්ති කරන්නේ,දෙමල ජනයා කෙරෙහි වෛරය දක්වන්නේ !

        2/ LTTE ඒක අමු අමුවේ සටන් විරමේ කඩපු ඒක ගැනයි. ….
        සිංහල රජය සැමවිටම ඔවුන් රවටනු ලැබුවා,රනිල් පිළිගත්තා 2003 ගිවිසුම ඔහු අටවපු උගුලක් බව ,එකඊ තවම ඔහු කොටි විනාස කිරීම පිලිබදව ගව්රවය ඔහුට හිමි විය යුතුයි කියන්නේ,
        පැහැදිලි ඇතුව අවසන් 2003 ගිවිසුම කඩනු ලැබුවේ රජය ,වන්නි සටන සිදුවුවේ කොටි සටන් විරාමයක් ප්‍රකාශ කර සිටියදී …. අවසන් යුද්දය 99 වදුරා දිනපතා නරබන ලද්දක් ,මේ පිළිබද ඔබගේ දැනීම මද බව පැහැදිලිය !

        • පොඩි ළමයා says:

          උඹ යුධ්ධේ බැලුවෙත් රාජපක්ෂගේ මාද්‍ය වලින්නේ??? මොකද උඹල ඒකාලේ යාපනෙන් එහාට ගියානේ ??? එකෙන් කවදාවත් පෙන්නුවද යුධ අපරාද කරනවා ??? මොකද අපිනම් අල් ජසිරා, CNN ,BBC වගේ ඒවගෙන් දැක්ක යුධ අපරාද වෙනවා කියල? උඹල ලංකාවේ ඉදන් දැක්කනම් දැක්කේ මහා මානුෂික මෙහෙයුමනේ ?? උඹල දිනපතා විසිල් ගැහුවේ එකටනේ ?? මොකද උඹලට ඒකාලේ ලංකාවේ ඉදන් අඩුමගානේ ටැමිල්නෙට් වත් බලන්න දුන්නද ??? මට උඹේ දැනුම ගැන හිත ගන්න පුළුවන් … ඔහොම යං ..

          • පොඩි ළමයා says:

            99 වෙනි වදුරෝ , “උඹ” කියන වචනේ පාවිච්චි කරන්නේ ලෙන්ගතු කමට මිසක් තරහට නෙවෙයි . මට ප්‍රශ්නේ තියෙන්නේ මතය එක්ක විතරයි.

  15. 21 සියවසේ සිංහල වෛකින් ආක්‍රමණයකින් යාපන රාජධානිය යටත් කරගනු ලැබුවා,
    මනුස්ස ඉතිහාසයේ කවරනම් දිනක හෝ මිහිතලය නොදුටු ඝාතන සුත්‍රයකින් 150,000ට වඩා පිරිසක් ඉන් පරලොව සැපත් කරනු ලැබුවා,
    අද අපගේ වගකීම මේ සිංහල වෛකින් ඝාතකයින් නීතිය හමුවට පැමිණවීම සහ උදුරාගත් යාපන රාජධානිය නැවත ආපසු දෙමල ජනයට බාර දීමය………..

    • පොඩි ළමයා says:

      උඹ නම් වදුරෙක් ම තමයි. ඉතිහාසේ උඹට ඕනේ විදිහට වෙනස් කරන්න එපා. එළාර ල ,කාලිංග මාග ලා , චෝල ආක්‍රමණිකයෝ ලංකාවයි එකේ තිබ්බ බුධ්ධගමයි අපේ ඉතිහාසෙයි ( සින්හලලුන්ගේ හරි දෙමලුන්ගේ හරි ) විනාස කරලා දැම්මේ නැද්ද ? උන් කොච්චර නම් මිනිස්සු මැරුවද?

      ලංකාවට බටහිරයෝ එනකන් උතුරේ වෙනම ෆෙඩරල් කියල කියන්න පුළුවන් පාලනයක් තිබ්බා, ප්‍රාදේශීය රජ කෙනෙක් යාපනේ පාලනය කරා. සුද්දෝ යනකොට ඔය ඔක්කොම පාලනේ සිංහලුන්ට දීල ගියා. ඊට පස්සේ අමන සිංහල හා දෙමල අමන නායකයෝ ටික මේ සහජීවනය චෝර කරලා දැම්මා.

      උඹ දෙමල නිජබිම හරි උන්ට වෙන රටක් දෙන එක ගැන හරි පෙනී සිටියට කමක් නැ. හැබැයි ඉතිහාසේ උඹට ඕනේ විදියහට වෙනස් කරලා අපතයෙක් වෙන්න එපා. මොකද අපිට දැන් ඉතිරිවෙලා තියෙන්නේ ඉතිහාසේ විතරයි , වදුරෝ ඒක උඩ රෙන්ට එපා.

      • අලගක්කෝනාර says:

        @පොඩි ළමයා,

        පොළොන්නරු රාජධානිය බිඳ වැටීමෙන් පසුව උතුරේ තිබුණේ ස්වාධීන රාජ්‍යයක් මිස ප්‍රාදේශීය පාලනයක් නෙවෙයි. ඇත්තටම උතුරේ තිබූ ඒ පාලනය දකුණේ හයවැනි පරාක්‍රමබාහුගේ පාලනයට පමණක් දෙවැනි වූ බලවත් පාලනයක්. මේ කාලයේ මේ රාජ්‍යයන් දෙකෙහිම සංචාරය කළ ඉබන් බතූතාගේ සටහන් වලට අනුව ආර්ය චක්‍රවර්ති රාජ්‍යය ඉතාම බලවත් බව පැහැදිළියි. ඔහු කියන්නේ ඔහුගේ නැව මන්නාරම් වරායට ආ දිනයේදී ආර්ය චක්‍රවර්තීන්ගේ නැව් සියයකට වැඩි ප්‍රමාණයක් එහි වූ බවයි. දකුණේ පාලකයින් උතුරේ ආර්ය චක්‍රවර්ති රාජ්‍යයට කප්පම් ගෙවූ බවත් පිළි ගන්නා සත්‍යයක්. හයවැනි පරාක්‍රමබාහු සපුමල් කුමරු උතුරට යවා මේ රාජ්‍යය බිඳ දැමුවේ මෙසේ කප්පම් ප්‍රශ්නයක් නිසා. ප්‍රාදේශීය රජකුට විරුද්ධව නම සටන් කළ යුතු නැහැනෙ. සමහර විට ඉන්පසුව උතුරේ ඇති වන්නට ඇත්තේ ප්‍රරදේශීය රාජ්‍යයක් විය හැකියි.

        • පොඩි ළමයා says:

          @අලගක්කෝනාර
          ඔබ කියන දේ ඇත්ත, මත කියන්නේ එක තමයි,

          විජයගෙන් පස්සේ විශේෂයෙන්ම පොළොන්නරුවේ රාජදානි ඇතිඋනට පස්සේ ඉදල කෝට්ටේ රාජදනියට එනකම්ම වගේ සැරින් සැරේ බලය කියන කරණය මේ දෙපිරිස අතරේ මාරු උනා. මගේ මතය මොනව උනත් අපි එකම රටක් විදිහට පෙනුනා ( අද වගේ ලෝකේ ගමක් වෙලා තිබුනේ නැ).
          රට කිහිපයකට බෙදලා පාලන කරපු රජවරු තමයි හිටියේ. රජවරු කීපදෙනෙක් ( සිංහල හා දෙමල යන රජවරු දෙගොල්ලම) රට එකම පාලනයකට ගෙනාවට හැමදාටම තිබ්බේ නැ..,
          මුළු රටම යටත් කරගන්නකන් බටහිරයන් මේ රාජධානි සමග වෙන වෙනම ගනුදෙනු කලා. හැබැයි උන් යනකොට මේකේ පාලනය සින්හලහයන්ට දීල ගියා. ඇත්තටම මුල්ම වැරැද්ද කරේ උන් .

      • @හැබැයි ඉතිහාසේ උඹට ඕනේ විදියහට වෙනස් කරලා අපතයෙක් වෙන්න එපා. මොකද අපිට දැන් ඉතිරිවෙලා තියෙන්නේ ඉතිහාසේ විතරයි , වදුරෝ ඒක උඩ රෙන්ට එපා.

        ඉතිහාසේ වෙනස් කරන්නේ මහාවංශේ කතෘ ප්‍රමුක ජැක්සොන් නඩේ නැතුව 99වදුරා නෙවේ,ඔබ ඔය ඉතිහාසේ කියා දොඩවන්නේ මහා වංශේ කෙබර ,අවරුදු 4500 ක ට වඩා ඉතිහාසයක් යාපන රාජධානියට තිබෙනවා,තිරිකුනමලයෙන් සොයාගත් කොනේශ්වරම් දෙමල සෙල් ලිපිවලින් ඒවා තහවුරුවෙනවා ….විජයගේ මිත්‍යාවේ සිටම පිරිසිදු ලංකා ඉතිහාසය මතුපිට අසුචි පැහැරුවේ බෞද්ද බික්ෂුඋන්,රාවණ රජ සමය සහ එකල පවතී නිදහස් ආගම් සුනු විසුනු කොට අන්තවාදී හීනයානය වැපිරුවේ අසෝක අධිරාජයා. උගුලෙන් හරි හබකෙන් හරි ක්‍රමයට පාලනයට කඩුව පැත්තකට දම ඒ වෙනුවට එම කාර්යම අන්තවාදී බුදු දහම තුලින් සිදුකරා ! අද දිනයේත් එල්ලාවල චිවරදරිය යාපන රජදනියේ තොරතුරු දමිල සිලාලිපි විනාස කිරීමක යෙදී ඉන්නේ,අන්න උන් තමා ඉතිහාසේ අසුචි වලින් වසන්නේ ….

        • Lomba says:

          [අවරුදු 4500 ක ට වඩා ඉතිහාසයක් යාපන රාජධානියට තිබෙනවා,තිරිකුනමලයෙන් සොයාගත් කොනේශ්වරම් දෙමල සෙල් ලිපිවලින් ඒවා තහවුරුවෙනවා]

          හොක්! හොක්! හොක්! හොක්!

          කෝනේශ්වරම් සෙල් ලිපියේ අකුරු ක්‍රි.ව. 8-9 විතරලු. කෝ ඔය අවුරුදු 4500ක් පරණ රාජධානියේ ඓතිහාසික / පුරාවිද්‍යාත්මක සාක්ෂි? අර නන්දිකඩාල් ලොක්කගේ ගොබල්ස් බලකාය නම් ඔහොම කතාවක් කිවුව

        • පොඩි ළමයා says:

          අවුරුදු 4500 පරණ දෙමල අක්ෂර ?? උඹත් එක්ක ජැකාට හැරෙන්ඩ වත් බැ.

  16. 99 වෙනි වදුරෝ, යුද්ධය නිමා නොවී සෙබලුන් මියයමින් අබාධිතවෙමින් සදාකාලිකවම පවතිනවට කැමති (බොරදියේ මාලු බාන) දුෂ්ඨ පිරිසකුත් ඉන්නවා.ආයුධ ජාවාරම්කාරයෝ ඉන් එක කොටසක්.(මම හිතනවා ඹබ එසේ නැත කියා)
    ඒත් නිළ ඇදුම ඇතුලේ ඉන්නෙත් ඹබ සහ මා වැනි මිනිසෙක් බව අමතක කරන්න එපා.හැබැයි ඹබ කියන විදියට (මිත්‍යා) බිජබිම දුන්නා නම් ඒත් සටන දිගටම පවතිනවා.ඊට පස්සේ ඒකට කියන්නේ “දේශ සීමා අරගලය” කියලා.(ඉන්දු-පකිස්ථාන් කාශ්මීර ගැටුම වගේ).ඒකීය රටක් තුල සාමයෙන් ජීවත්වෙන්න උත්සහ කරන්න.(පදනම් විරහිතව මංත්‍රී ආසන අඩුකිරීම වගේ දේවල් ඒකට භාදාවක් බව මමත් පිලිගන්නවා)

    • @ඒකීය රටක් තුල සාමයෙන් ජීවත්වෙන්න උත්සහ කරන්න….

      මුළුමහත් සිංහල ජාතිවාදීන් නියෝජනය කරන මෙම ‘අණ’ 21 සියවසට නොහොබී ,එය ප්‍රජාත්‍රන්තවාදී නොවේ ,වෙන්වීමට දෙමල ජනයට ප්‍රජාතන්ත්‍රවාදී අය්තියක් ඇත!
      සම්බන්දන් වැනි අය වන්නි දෙමල ජනසන්හාරයෙන් තති ගැනී,බියවී අද ඉන්දියාවේ අණට යටවී යුධ අපරාධ යටගැසීමට අනුබල දීමත් ,ඒකීය ලංකාවක් තුල බලය බෙදාගනිමකට එකගවිමත් ඔවුන් කරන ලොකු ද්‍රෝහී කමක් !උතුරු ලංකාවක් බිහිවීම සදහා ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ඇත……

      • Lomba says:

        [මුළුමහත් සිංහල ජාතිවාදීන් නියෝජනය කරන මෙම ‘අණ’ 21 සියවසට නොහොබී ,එය ප්‍රජාත්‍රන්තවාදී නොවේ ,වෙන්වීමට දෙමල ජනයට ප්‍රජාතන්ත්‍රවාදී අය්තියක් ඇත!]

        ඇත්ත නේන්නම්. අපි ඕක තමිල් නාඩුවෙන් පටන් ගත්තොත් නරකද? තමිල් නාඩුවයි, උතුරයි හාමු කරල ඊළම හදන්න කියමු. ඉන්දියාවත් උඩින් පැනල දෙමළ නිජ බිම දෙනව. මොකද ඉන්දියාව අපි වගේ නෙවෙයි මාර ප්‍රජතන්ත්‍රවාදීනෙ

        • ලොම්බා වැනි සිංහල බෞද්ධ වර්ගවාදීන් නොදන්නවා වුණාට, ප්‍රාන්ත බෙදා අළුත් ප්‍රාන්ත ඇති කිරීම (හා අනෙක් අතට ප්‍රාන්ත එකතු කිරීම) ඉන්දියාවට අළුත් දෙයක් නොවේ. බිහාර් ප්‍රාන්තයෙන් ජ්හාකරන් ප්‍රාන්තය බිඳුනේද, මධ්‍ය ප්‍රදේශයෙන් චට්ටිස්ගාර් ප්‍රාන්තය බිඳුනේද එසේය. මේ බෙදීම් නිසා හොඳක් සිදුවී තිබේ. (මේ නිසා ජනවාර්ගික පදනම් මත කිසිසේත්ම බෙදීම් නොකළ යුතුය යන මිථ්‍යාව බිඳ වැටේ. මෙය අපේ වර්ගවාදීන් විසින් තනා ගත් එකකි.) මීට අමතරව ලෝකයේ රාජ්‍ය ගණනක් දේශපාලන හා ජනවාර්ගික හේතූන් නිසා බිඳී වෙන්ව කටයුතු කරති. මින් සමහරක් බෙදීම් නිසා හොඳද සමහරක් බෙදීම් නිසා නරකද ඇති වී තිබේ. පාලන ඒක කිසිසේත් නොබිඳිය යුතුය කීම මිනිසුන්- ගැහැණුන් දික්කසාද නොවිය යුතුය කියනවාට සමාන මෝඩ කතාවකි. සියළු විවාහ නොබිඳී තියෙනවානම් වැඩි දෙනකුට (විශේෂයෙන්ම දරුවන්ට ) හොඳය. නමුත් හැම විවාහයක්ම එසේ විය යුතුය සිතීම අප්‍රායෝගික සිතිවිල්ලකි.

          • එහෙම නෙවෙයි,පකිස්ථානය වෙන්වුණා වගේ වෙන්වීමක් ගැනයි මේ කතාකරන්නේ.ඉන්දියාව කීයටවත් ජයලලිතා,වයිකෝ,නෙදුමරන් ලාට ඒකට ඉඩ දෙන්නේ නෑ.(ලොම්බා මගෙත් එක්ක එකග ඇති)

  17. /නිජබිම දුන්නා නම් ඒත් සටන දිගටම පවතිනවා/

    කෝ, එහෙනම් සුඩානය මේ වන විට ඇවිලෙමින් තියෙන්න එපායැ! දකුණු කොරියාව හා උතුරු කොරියාවත් ඇවිලෙමින් තියෙන්න එපායැ! මේ කියන්නෙ රටවල් බෙදන එක හොඳයි කියල නෙවෙයි. රටවල් බෙදීමේදී – හා එක් කිරීමේදී – එක තනි න්‍යායක් නැති බව. සමහරවිට බෙදා වෙන් කිරීමෙන් ප්‍රශ්න විසඳෙනවා. සමහරවිට උග්‍ර වෙනවා. අපේ රටේ මොනවා වෙන්න තිබුණාදැයි සිදු නොවුණු දෙයක් ගැන කියන්න බෑ.

    • Lomba says:

      ඒක තමයි. උතුරු දකුණු කොරියා අතර යුද්ධයක් තිබුණෙම නෑ. අර දකුණු කොරියාවේ දූපතකට වැදුනෙ මිසයිල් නෙවෙයි මල් වෙඩි. ඒ වගෙම උතුරු දකුණු සුඩානේ අතර දේශ සීමාත් දැන් ලස්සනට බෙදිලා කිසි අවුලක් නැතුව තියෙනවලු.

    • “දකුණු කොරියාව හා උතුරු කොරියාවත් ඇවිලෙමින් තියෙන්න එපායැ!” – මේ කතාව විහිලුවට කියපු එකක් ද? seriously කිව්වා නම් ඔබගේ දැනුමේ දුප්පත්කම ගැන දුකයි!

  18. ජයශ්‍රී සහ පොඩි ළමයාගේ කුහකත්වය ;ඔවුන්ගේම කතා නිමේෂයෙන් නිමේෂය වෙනස්වන අයුරු ;

    පොඩි ළමයා
    ජූලි 30, 2011 දින 6:02 ප.ව. ට මිනිසුන්ට තමන් කැමති දේශපාලනමය මතයක් දරන්න තරම් අපේ සමාජේ දියුණු වෙන්නේ කවදද ???
    ජයශ්‍රී
    අගෝස්තු 1, 2011 දින 7:45 පෙ.ව. ට | #22
    ඔබත් සමග සම්පූර්ණයෙන්ම එකගයි මහත්මයා.
    ජයශ්‍රී
    අගෝස්තු 1, 2011 දින 8:18 පෙ.ව. ට
    ඒකීය රටක් තුල සාමයෙන් ජීවත්වෙන්න උත්සහ කරන්න.
    lololololol

    • පොඩි ළමයා says:

      මම කුහකයෙක් නෙවෙයි ?? දෙමල ජනතාවට සධරණේ ඉටුවෙන්න ඕනේ ?? හැබැයි LTTE නමින් හිටපු නරි රළට විරුද්ධයි ?? එච්චරයි ?? මට දෙමල නිජබිම කොච්චර පරණද කියන එක වැඩක් නැ. උන්ට උන් ගැන තීරණ ගන්න බලයක් දෙන්න ඕනේ .

    • ජාතිය,ආගම වගේ සාධක මුල්කරගෙන අපේ රට බෙදීමටයි මා විරුද්ධ.අපේ රට රුසියාව මෙන් විශාල හෝ ඉන්දියාව මෙන් ජනාධික නම් එහෙම බෙදන්න පුලුවන්.ලංකාව මේ තියෙන විදියට පැවතීම තමයි කාටත් හොද.
      නමුත් අපේ රටේ ඉන්න දෙමළ ජාතිකයින්ට තමන්ගේ නියෝජිතයන් තෝරගන්න,තම භාෂාවෙන් වැඩ කරන්න,ආගම අදහන්න ඇති නිදහසට භාදා නොකල යුතුයි.
      ඒහැර රජයේ දූෂණය, වංචාව වගේ දේවල් ජාතිබේද වලින් තොරව ජනතාව පෙලනව.ඒවට විසදුම රට බෙදුන එක නෙවෙයි.

      • ජාතිය ආගම වැනි දේ පදනම් කොට ගෙන රට බෙදීම පමණක් නොව රට එකතු කිරීමද වැරදිය. උදාහරණයක් හැටියට බහු ආගමික රටක එක ආගමකට පමණක් ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂාව සැපැයීම වැරදිය. එසේම මහ ජනතාවගේ සංස්කෘතිය සුළුතරයන් මත බලෙන් පැටවීමද වැරදිය. සිංහලයන් මේ ඓතිහාසික වැරදි නිවැරදි නොකොට දෙමළුනට පමණක් හැම වරදරම ඇඟිලි දිගු කරමින් සිටීම විහිළුවකි.

  19. මම ඉතිහාසය මත පදනම් වූ නිජභූමි සංකල්පය පිළි නොගනිමි. එසේ කීමෙන් මම දෙමළුන්ගේ පමණක් නොව සිංහලයන්ගේ නිජභූමි අයිතියද ප්‍රතික්ෂේප කරමි. අපේ මුතුන් මිත්තන්ට අයිතිය තිබුණාය කියා යමෙකට අයිතිය කීම ඉතාම ප්‍රාථමික නොදියුණි සංකල්පයකි. අප හැම දෙනාටම මේ භූමියේ අයිතිය තිබී ඇත්තේ අපේ ජීවිත කාලය පුරා පමණෙකි. ඉන් එපිට කතා කිරීම විහිළුවකි.

    ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන රටක මහ ජාතිය සුළු ජාතීන්ට වඩා වැඩි වරප්‍රසාද ලබා ගැනීම ස්වාභාවිකව සිදුවේ. එසේ නොවුණු රටක් ලෝකයේ නොමැත. අපේ වගකීම විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට නොපැණ මෙසේ මහ ජාතිය විසින් සුළු ජාතීන්ගේ වරප්‍රසාද උදුරා ගැනීමට එරෙහිව නීති රීති ඇති කිරීඑමයි. ශිෂ්ට ලෝකයේ ඇති වූයේ එයයි. එය රට බෙදීමක් නොවේ. සිංහල බෞද්ධ වර්ගවාදීන් කොයිතරම් විරුද්ධ වුවත් අප එතැනට ගමන් කළ යුතුය.

  20. @අපේ වගකීම විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට නොපැණ මෙසේ මහ ජාතිය විසින් සුළු ජාතීන්ගේ වරප්‍රසාද උදුරා ගැනීමට එරෙහිව නීති රීති ඇති කිරීඑමයි. ශිෂ්ට ලෝකයේ ඇති වූයේ එයයි. එය රට බෙදීමක් නොවේ.

    දෙමළුන්ට ඕනේ විදිහට ඕන මගුලක් කරගන්න උන්ගේ එතීහාසික රාජධානිය අපහු transnational government of tamil eelam වෙත බරදුන්නනන් තියන වැරැද්ද කරුණාකර පැහැදිලි කරන්න ?

    • දැනටමත් පැහැදිලිකර ඇත.කමක් නෑ නැවත කියන්නම්.
      1.එවන් ‍ඓතීහාසික රාජධානියක් මෙහි තිබුණා යයි කීම මිත්‍යාවකි.
      2.”දෙමළුන්ට ඕනේ විදිහට ඕන මගුලක් කරගන්න” කොටසක් වෙන් කර දුන් පසු (සමස්ථ දෙමළ ජනගහනයෙන් අඩක් පමණ වන) දකුණේ පදිංචි දෙමළ ජනයා තම දේපල අතහැර වෙන් කළ කොටසට යනවාද?යයිද?යවනවාද?
      3.නැගෙනහිර මුස්ලිම් ජනගහණය අධීක යයි ඒකොටස ඒ අය නොඉල්ලයි ද? ඒකත් දෙනවාද?
      4.දේශසීමා අරගල ඇති නොවෙන බවට දිය හැකි සහතිකය කුමක් ද?
      5.අවසාන වශයෙන් පොඩි ළමයි පවා දන්නා දෙයක්: එක කෝටුවකට වඩා කෝටු මිටියක් ශක්තිමත්.(බෙදී වෙන් වීම නොවේ සමගිව එකතුවීමයි වැදගත්)

  21. @99වැනි වඳුරා,

    ජය ශ්‍රී මෙහි දී ඇත්තේ සිංහල-බෞද්ධ වර්ගවාදියකුටම ගැළපෙන ජාතියේ පිළිතුටකි. උදාහරණයක් හැටියට එවන් රාජධානියක් නොතිබූ බව කිව හැක්කේ සිංහල වර්ගවාදියකුටම පමණෙකි. එවන් රාජධානියක් තිබූ බවට පමණක් නොව එම රාජධානිය දකුණේ සමාන්තර රාජධානි වලට වඩා බලසම්පන්න වූ බවට ඉතිහාසය (මහා වංශය නොව) දෙස් දෙයි.

    ඔබේ ප්‍රශ්නයට මගේ පිළිතුර වෙනස්ය. එවන් රාජධානියක් තිබුණේද නැද්ද යන්න මට අදාළ නොවේ.

    “දෙමළුන්ට කොටසක් දීලා දැමිය නොහැක්කේ” හේතු තුනක් නිසාය.

    1. රට යනු එහි සියළු ජනතාවගේ පොදු දේපළක් විනා කාටවත් ඕනැ ඕනැ හටියට කඩ කඩා දිය හැකි එකක් නොවේ. (සුඩානය කැඩුවේ දකුණු සුඩානයේ පවත්වන ලද ජන මත විචාරණයකින් පසුවය. එසේම ලංකාවට වඩා ජන වර්ග අතර පැහැදිළි බෙදීමක් එහි විය.)

    2. එය ප්‍රායෝගික නොවන විසඳුමකි. රටේ සියළු ජනවර්ග වලට සාධාරණය ඉටු කරමින් වර්ගවාදී සිංහල-බෞද්ධ කල්ලිය නිහඬ කිරීම මීට වඩා ඉතා පහසු විසඳුමකි.

    3. වර්තමාන ලෝකයේ ජාතිය, ආගම වැනි දේවල් වලට ඉන් පෙර තිබුණු අගය අඩු වෙමින් පවතී. මේවා මත අප තීරණ ගත යුතු නැත. (ඔන්න උතුරු නැඟෙනහිර වෙන් කිරීම තුළින් එහි ආර්ථිකය පැහැදිළි ලෙස යහපත් වේය කියා කවුරුන් හෝ තර්ක කරන්නේ නම් මම ඊට සවන් දෙමි.)

    • පොඩි ළමයා says:

      අවුරුදු 4500 පරණ දෙමල රාජදානිය පිලිගන්නවට වැඩ සොක්‍රටීස් කල ලෙසට වස පානය කොට මියගොස් ජයශ්‍රී පවසන ලෙස ගෝත්‍රවාදී නොදියුනි වර්ගවාදියෙකු ලෙස හංවඩු ගසනවාට මා කැමතිය.

      • @පොඩි ළමයා,

        මා වසර 4,500ක් පැරණි රාජධානියක් ගැන කතා කළේ කොතැනදැයි කරුණාකර පෙන්වන්න.

        • පොඩි ළමයා says:

          ම එය ලිවේ නුඹ සමග එකග වීමට මිස අරෝවක් ඇතිකරගැනීමට නොවේ. හිත රිදුනන් සමාවෙයන් මිතුරේ. ( එම මෝඩ අදහස නුබේ නොවේ වදුරාට අයත්ය)

  22. @රැඩිකල් අදහස්, එවන් රාජධානියක් නොතිබූ බව කීමෙන් ම මා වර්ගවාදියකු වන්නේ නම් ඒ ලේබලය මගේ පිටේ ඇලව්වාට කම්නැත.(ඒ මම ලංකාව තුල තිබුණා යයි කියන දෙමළ රාජධානියක් කිසිසේත් ම පිලි නොගන්නා බැවිණි).නමුත් ඒ වර්ගවාදියාට ද ඔබ ඉහත දැක් වූ 1,2,3 කාරණා වලට එකග විය හැක.එකග විය නොහැකි දේ ගැන වාද කරනවාට වඩා, එකගවිය හැකි දේට එකගවී ගැටලු විසදාගැනීමට මම කැමැත්තෙමි.

    • @ජයශ්‍රී,

      දෙමළුන්ගේ වර්ගවාදය ගැන කතා කරන විට ඔබ මා හා එකඟ වුවද (ඔබද ) අයත් වන සිංහලයන්ගේ වර්ගවාදය ගැන කතා කරද්දී නම් එකඟ නොවීම අප දෙදෙනා අතර ඇති වෙනසය.

  23. දෙමල නිජබිමට වසර 4500 කට වඩා වැඩි සාක්ෂි සහිත ඉතිහාසයක් ඇති බව හෝ නොදන්නා කම කනගාටුය පුදුමය !
    සුපුරුදු ලෙස මේවා කොටි ගොබෙල්ස් සාක්ෂි ලෙස අර්ථවත් කරමින් කොනේශ්වරම් ශිලා ලේඛන වල වයස සගවමින් සිංහල ජාතිවාදීන් ඉතිහාසය අකා මකා දමමින් මහවන්ශයක් ලියමින් සිටියත් ,මද්යස්ත දකුණු ඉන්දියානු ඉතිහාසය සොයබලන්නෙකුට සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ සිංහලුන් විසින් දෙමල රජදනිය ඉතිහාසය පුරාවටම සුනු විසුනු කර දමන අකරයය් ,

    • Lomba says:

      [දෙමල නිජබිමට වසර 4500 කට වඩා වැඩි සාක්ෂි සහිත ඉතිහාසයක් ඇති බව හෝ නොදන්නා කම කනගාටුය පුදුමය !]

      තමිල්නාඩුවේ දෙමල නිජ බිම ගැන නම් මහත්තය එක්ක මම එකඟයි. ඒත් යාපනේ හරි ලංකාවේ කොතනක හරි අවුරුදු 4500ක දෙමල නිජ බිමක් තියෙනවයි කියන එක නම් දෙමළ ජාතිවාදී ගොබල්ස් බොරුවක්.

      [සුපුරුදු ලෙස මේවා කොටි ගොබෙල්ස් සාක්ෂි ලෙස අර්ථවත් කරමින් කොනේශ්වරම් ශිලා ලේඛන වල වයස සගවමින් සිංහල ජාතිවාදීන් ඉතිහාසය අකා මකා දමමින් මහවන්ශයක් ලියමින් සිටියත්]

      බොරුවට නොබුරා, කෝනේශ්වරම් සෙල් ලිපිය ලංකාවේ ඔක්කොම සෙල් ලිපි වලින් පරණම එකය කියල පෙන්නනකො. මද්‍යස්ථ දෙමල ඉතිහාස කරුවන්ගෙන් සාකි ගන්න පුළුවන්. හැබැයි දෙමළ නිජබිම ගොබල්ස්කරණය කරන්න කලින් ලියවිච්ච ඒව වෙන්න ඕන

  24. quote;
    A king called, “Manu Neethi Kanda Solan” who ruled over the country of ‘Solamandalam’, learning from the “Kailasa Puranam” the wonders of “Thirukkonanathamalai” and the magnificent state of its inhabitants, came over to this place; his son, “Kulakkottu Maharajah”who followed him thither afterwards raised the temple, the spire (kopuram), the pavilion and the sacred cistern (tank) in the year 512 of ‘Kaliyug (Kaliyugam) on Monday the tenth day of the month of ‘Vaikasi’. [ Now it is 5100 Kaliyug and as such we can say that this temple is more than 4500 years old].

    • Lomba says:

      Bullshit at its best. If folk fare is the concrete evidence that you to prove history, then Sinhalese civilization may be the oldest with Ravana dynasty going back to 10,000 years. But those folkfare are given only little importance. Either prove with concrete archaeological evidence that Koneshwaram is 4500 years old or accept that you’ve been dreaming.

  25. ලොව ප්‍රසිද්ධ මානුෂිය මෙහෙයුමේ හැක්සෝ කියත් බාවිතය !
    http://99wadura.blogspot.com/2011/08/blog-post.html

  26. @If folk fare is the concrete evidence that you to prove history, then Sinhalese civilization may be the oldest with Ravana dynasty going back to 10,000 years.
    කොනේශ්වරම් හි කැනීම් කටයුතු කල ජෙර්මානු පුරවිදඥින් එහිදී සමු වූ ශිලාලිපි වල වයස වසර4500k පමණ බව කියූ ලිපියක් මා කියව ඇත ,නමුත් එම ලිපිය නැවත සොයාගැනීමට උත්සහ කලත් නොහැකි වීම පිලිබදව සමාවන්න !

    කෙසේවෙතත් ජනකතා දූම ඇති වන්නේ ගින්නක් නැතිව නොවේ ,ඔබ කියන ආකාරයට රාවණ සිංහලයෙක්නම් සිංහලයින් ශිව භක්තිකයින් ,එසේනම් දෙමල ජනයාද ශිව භක්තිකයින් නිසා ජනවාර්ගික අරබුදයක් පැනනොගහනී,එම සොවබවික සමතුලනය වෙනස් කලේ අශෝක නමැති උන්මන්තකය සමග මිත්‍යා හීනයානය !
    රාවණ සිංහලයෙක්නම් විජය අනිවාර්යෙන්ම මිත්‍යාවක් නේද ?
    නමුත් රාවණ දෙමල ජතිකයෙක්බව තම පොදු මද්යස්ත අදහස,එසේනම් ඔබ කියන ආකාරයට දෙමල නිජබිම රාවණ සමග වසර දස දහසක් අතීතයට දිව යනවා නේද ?

    • මෙහෙම කියන්ට සිදුවීම ගැන කණගාටුයි 99 වෙනි වඳුරා,
      දිග්විජය ප්‍රතිපත්තිය අතහැර ධර්මවිජය ප්‍රතිපත්තියේ යෙදුන, අප රටට උතුම් වූ බුදුදහම දායාද කිරීමට මුල්වූ අශෝක අධිරාජ්‍යාට උන්මන්තකයෙකැයි අපහාස කරන ඔබ තමා සැබෑ උම්මත්තකයා.

      “රාවණ දෙමල ජතිකයෙක්බව තම පොදු මද්යස්ත අදහස” – කොහෙද එහෙම තියෙන්නේ?

      • @අප රටට උතුම් වූ බුදුදහම දායාද ..
        උතුම් වූ කිසිම දෙයක් මෙලොව නොමැති බවය් බුද්ධ දේශනාව!
        අශෝක අදිරජය තමන්ගේ පාප වසාගන්න,තමන්ට සුදු හුණු ගාගන්න බුධුන් පාවිච්චි කලා(USED)….ථේරවාදය අන්තවාදී මිත්‍යාවක් ,නියම බුද්ධ දර්ශනය නොවේ….. වියාංග දේශපාලනයක් !

        • Indunil says:

          You are a true monkey or you don’t know anything about “therawadi Buddhism”. If you think about Dewadatta story, you know you can’t go away with what you have done. According to your comment Angulimala will also be same as Ashoka. If you think about “Therawadi Buddhism” more often than not it is logical, compared to Christianity, Islam, Hindu or any other religion in the world. If “Therawadi Buddhism” is a Myth or a Fake, please explain what is the true Buddhist teaching

    • Lomba says:

      [නමුත් රාවණ දෙමල ජතිකයෙක්බව තම පොදු මද්යස්ත අදහස]

      පොදු දෙමළ ජාතිවාදී අදහස් විදියට වෙනස් කළා නම් හරි. අනික ඔය පොදු මද්‍යස්ථ මතය ගැන ලියවිච්චි පර්යේශණ ග්‍රන්ථයක් එහෙම කියන්න පුළුවන් නම්?

      [කොනේශ්වරම් හි කැනීම් කටයුතු කල ජෙර්මානු පුරවිදඥින් එහිදී සමු වූ ශිලාලිපි වල වයස වසර4500ක් පමණ බව කියූ ලිපියක් මා කියව ඇත ,නමුත් එම ලිපිය නැවත සොයාගැනීමට උත්සහ කලත් නොහැකි වීම පිලිබදව සමාවන්න !]

      “It was also based on an assertion made by historian Senarath Paranavithana in reading a 12th century Sanskrit donative inscription made by a Chodaganga Deva found in the Hindu temple’s premises. The inscription reads that Deva visited Gokarna. No evidence, archaeological or otherwise, supports the claim the Vihara existed at the site”
      Source

      ඒවගේ ලිපියක් කොහේවත් නැති බව නම් කියන්න පුළුවන්. ජෙර්මානු පර්යේෂකයන් තිස්සමහාරාමයේ කළ කැනීම් වලින් නම් ක්‍රි.පූ. 3 වන සියවසේ අකුරු තියෙන වළං කැබැල්ලක් මතු වෙච්ච බව කියවුණත් ඒකේ භාෂාව ගැන මතබේද ගොඩයි. දැනට හම්බ වෙච්ච පරණම දෙමළ අකුරු තියෙන්නේ තමිල්නාඩුවේ. ඒවත් ක්‍රි.පූ. දෙවන සියවසේ. නිකම් බොරු විදින්න එපා.

  27. ජයශ්‍රී ,
    ඉතිහාසය නැවත නැවත එකම දෙය සිදුවෙනවා කියන කියමන අපුරුවට පැහැදිලි වෙන්නේ එදා දර්මශෝක වගේම අද මහින්ද උතුරේ බුද්ධාගම පතුරවමින් ,හන්දියක්ගනේ බෝධි වෘක්ෂ සිටවමින් ,ස්තුප සහ බුද්ධ ප්‍රතිමා ඉදිකරමින් නොනැවතී මහා පරිමාණ වශයෙන් දෙමල පුර වස්තු විනාශ කරමින් දමිල ඉතිහාසය අකා මකා දමමින් සිටින අපුරුව දැකීමෙන් !
    එදා දේශපාලන සංස්කරණය වූ හීනයානය පැල කර ශිව ඇදහීම පිලිබදව වූ සියලු ආයතන විනාශ කරෙත් මෙසේමය ,3වන ශත වර්ශයේදී පමණ වසර 4500 කට වැඩි ඉතිහාසයක් ථිබූ කොනේශ්වරමද මහසෙන් රජතුමා විනාශ විනාශ කරදැමුවේ මෙසේමය …

    අපි මොහොතකට උපකල්පනය කරමු අනාගතේ තව අව්රුදු 2000 කින් පමණ අප දෙදෙනාම මෙම අයුරින් සමුවෙනවා ,වෙනස අප දෙදෙනාම දමිල බෞද්දයන් !මම කියනවා මහින්ද රාජපක්ෂ මනුෂ්‍යත්වයට නිගාදුන් උන්මන්තකයෙක් කියා,ඔබ පවසනවා …………… ” දිග්විජය ප්‍රතිපත්තිය අතහැර ධර්මවිජය ප්‍රතිපත්තියේ යෙදුන, අප ඊළාම් රටට උතුම් වූ බුදුදහම දායාද කිරීමට මුල්වූ ‘මහින්ද’ අධිරාජ්‍යාට උන්මන්තකයෙකැයි අපහාස කරන ඔබ තමා සැබෑ උම්මත්තකයා. …..lol

    • Lomba says:

      [3වන ශත වර්ශයේදී පමණ වසර 4500 කට වැඩි ඉතිහාසයක් ථිබූ කොනේශ්වරමද මහසෙන් රජතුමා විනාශ විනාශ කරදැමුවේ මෙසේමය …]

      පුහ්! පුහ්! පුහ්! – අදෝ මුකයෙන් සිනා

      [එදා දේශපාලන සංස්කරණය වූ හීනයානය පැල කර ශිව ඇදහීම පිලිබදව වූ සියලු ආයතන විනාශ කරෙත් මෙසේමය ]

      බලා හිටිය වගේ කියන හැටි නේද?

  28. […] එක්තරා බ්ලොග් කරුවෙක් ටික දිනකට පෙර ඤං ඤං ගෑමක් සිදු කලේය. මනෝජ් අබයදීර විසින් රචිත […]

Leave a reply to 99වෙනි වඳුරා Cancel reply