අනේ පුංචි නාගසේන අඬ අඬා කියන මෝඩ කතා

Posted: July 25, 2011 in Uncategorized
“පසුගිය සතියේ දේශපාලන කරලිය තුළ කැපී පෙනුන වැදගත්ම ජවනිකාව වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ යාපනය කිලිනොච්චි සංචාරයයි. ඔහු එහි ගියේ ඉකුත් 18 වැනි සඳුදා හවසය.
ජනපති මහින්ද යාපනයේදී මුලින්ම සහභාගි වූයේ කයිට්‌ස්‌ දූපතේ කටයුතු රැසකටය. වේලනිය ප්‍රාදේශීය සභා ඡන්දය වෙනුවෙන් කයිට්‌ස්‌ දූපතේ පැවැති මහජන රැස්‌වීමට ගිය ජනාධිපතිතුමන්ව එහිදී ඉතා උණුසුම් අයුරින් පිළිගැනිණි.
ජනාධිපතිවරයා කයිට්‌ස්‌ ජනතාව අමතා කතා කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී තමන් වෙනුවෙන් කයිට්‌ස්‌ දූපත්වල ජනතාව ඉතා උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබූ බවත් තමන් කෙරෙහි ලොකු විශ්වාසයක්‌ තබා තිබූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එම රැස්‌වීම ඉවර වන විට තරමක්‌ හවස්‌ වී තිබිණි. එනිසා ජනාධිපතිවරයා ඊළඟට ගියේ එදා රාත්‍රිය ගතකිරීමට යොදාගෙන තිබූ කන්කසන්තුරයේ තල්අරණ නිවාඩු නිකේතනයටය. තල්අරණ තුළ සිටින තමන්ව හමුවී තමන් සමඟ එදින රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගිවන ලෙස ජනාධිපතිවරයා පුංචි ඡන්දය වෙනුවෙන් යාපනයේ වැඩකරන සියලුම මැති ඇමැතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට ආරාධනා කර සිටියේය.

ඒ අනුව එදා රාත්‍රි තිස්‌ස කරලියද්ද, පවිත්‍රා වන්නිආරච්චි, එස්‌. එම්. චන්ද්‍රසේන, දයාශ්‍රිත තිසේරා, ඩග්ලස්‌ දේවානන්ද, සරත් වීරසේකර ආදී ඇමැතිවරු ද ශෂීන්ද්‍ර රාජපක්‍ෂ ඇතුළු පළාත් සභාවේ මැති ඇමැතිවරු ද පළාතේ ආණ්‌ඩුකාරවරුද ජනාධිපති නිලධාරීහු ද රැසක්‌ පැමිණ සිටියහ. මේ සියලු කටයුතු සංවිධානය කර තිබුණේ බස්‌නාහිර පළාත් සභාවේ නිමල් ලන්සා ඇමැතිවරයාය.

පැමිණ සිටි ඇමැතිවරුන් හා සුහදව කතා බහ කරන අතර ජනාධිපතිවරයා අපූරු උපදෙස්‌ රාශියක්‌ ද දුන්නේය.

මෙතනදී අපේ ප්‍රධාන විපක්‍ෂයයි ටී. එන්. ඒ. එකයි අනෙකුත් විරුද්ධ බලවේගයි අපට නඟන චෝදනා රාශියක්‌ තියෙනවා. එයාල කියනවා අපි යාපනයේ සංවර්ධන කටයුතු අරඹලා තියෙන්නේ මේ ඡන්දය නිසාය කියලා. කියන කෙනෙක්‌a ඕන දෙයක්‌ කියපුදෙන්. නමුත් අපි යුද්ධය ඉවර කරලා ඊට පස්‌සේ උතුරේ සංවර්ධන කටයුතුවලට මුල පිරුවේ ඡන්දය බලාගෙන නොවෙයි. ඒ 9 පාර හැදුවේ දුම්රිය පාර නැවත හදන්න පටන් ගත්තේ කන්කසන්තුරේ වරාය හා ජැටිය හදන්න ගත්තේ ගෙවල් දොරවල් හදල දුන්නේ ලයිට්‌ වතුර දුන්නේ මිනිස්‌සුන්ගේ ඡන්ද කඩාගන්න නොවෙයි. අනිත් එක ඒවා ආරම්භ කළේ අද ඊයේ නොවෙයි. ඒක නිසා අපි විරුද්ධවාදීන්ට උත්තර දෙන්න යන්න අවශ්‍ය නැහැ. අපි අපේ වැඩේ පාඩුවේ කරගෙන යමු. අපි කටින් නොවෙයි එයාලට වැඩවලින් උත්තර දෙමු.

මේ මොහොතේ මැති ඇමැතිවරු තමන්ට මෙහිදී විඳින්නට සිදු වූ දුෂ්කරතා ගැන කියන්නට පටන් ගත්හ.( පව් නේ කට්ටිය හුඟක් දුක් විඳලා )

අන්න ඒ වෙලාවට තමයි අපි පරිස්‌සම් වෙන්න ඕන. දකුණේදී වගේ නොවෙයි අපි උතුරේදී පුළුවන් තරම් ඉවසලා වැඩ කරන්න ඕන. ප්‍රශ්න අනවශ්‍ය විදියට අප් ඇඟේ දාගන්න නරකයි. මැතිවරණ නීතිරීති උල්ලංඝනය වෙන්න දෙන්න එපා. නීතියට පිටින් ගිහින් වැඩ නොකර පුළුවන් තරම් නීතිය සමඟ සහජීවනයෙන් වැඩ කරන්න බලන්න.

මෙසේ ජනාධිපතිවරයා හා ඇමැතිවරුන් අතර කතාබහ එදා බොහෝ රෑ බෝවනතුරු ද පැවතුණි.

පසුදා උදේ වේලාසන නැඟිට ඉක්‌මනින් ලක ගැහැස්‌ති වූ ජනාධිපතිවරයා කෝපායි ප්‍රදේශයට ගියේය. කෝපායි පාසල වෙනුවෙන් ඌව පළාත් සභාව විසින් නව දෙමහල් ගොඩනැඟිල්ලක්‌ ඉදිකර තිබිණි. ජනාධිපතිවරයාට ආරාධනා කර තිබුණේ එම දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරා දීම සඳහා ය.

ඌව මහඇමැති ශෂීන්ද්‍රගේ හා ආණ්‌ඩුකාර නන්ද මැතිව්ගේ ඉල්ලීම පිළිගෙන එහි පැමිණි ජනාධිපතිවරයා සිසුජන උපහාර ගංගාවක්‌ මැද ගොඩනැඟිල්ල විවෘත කළේය. ඌව හා උතුරු මිත්‍රත්ව පදනම මගින් ඉදි කළ මෙම ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත්කර ජනාධිපතිවරයා විශේෂ කතාවක්‌ ද කළේය.

කෝපායි මහජන රැස්‌වීමට අති විශාල ජනකායක්‌ පමණ සිsටියහ. ජනතාව අමතා ඔහු කීවේ සිංහල, දෙමළ, මුස්‌ලිම් සහෝදරත්වය, සහජීවනය, තිරකාලීන සාමය වෙනුවෙන් බුලත් කොළයට ඡන්දය දෙන්න කියා ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ කයිට්‌ස්‌, චාවාකච්ෙච්රි හා කෝපායි සංචාරයන් ඉතා සාර්ථක, ප්‍රතිඵල සහිත සංචාරයන් විය. ඒ හැම තැනකදීම පුළුල් මහජන ප්‍රසාදයක්‌ හා පිළිගැනීමක්‌ ලැබී තිබීම ජනාධිපතිවරයාගේ හද සතුටු කළේය. අවසානයේ යාපනය ප්‍රදේශයේ රැස්‌වීම් හා වැඩකටයුතු සියල්ල ඉවර කළ ජනාධිපති මහින්ද ඊළඟට කෙළිsන්ම කිලිනොච්චිය බලා පිටත්ව ගියේය.

කිලිනොච්චියේත් ඇමැතිවරු ගණනාවක්‌ ජනාධිපතිවරයා එනතෙක්‌ පුල පුලා බලා සිටියහ. මහින්දානන්ද අලුත්ගමගේ එහි සියලු කටයුතු සංවිධානය කර තිබූ අතර ඩිලාන්, ජොන්ස්‌ටන්, සුසන්ත පුංචි නිලමේ ඇතුළු ඇමැතිවරු පිරිසක්‌ ඔහුගේ සහායට සිටියහ.
කිලිනොච්චියේදී ද විවෘත කිරීම් රැසකට ජනාධිපතිවරයා සහභාගි වූයේය. එදින කිලිනොච්චියේ මහජන රැස්‌වීමක්‌ ද තිබිණි. පුනරින් නව රෝහලට මුල්ගල තබා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කර කිලිනොච්චි මහජන රැස්‌වීමටද සහභාගි වූ ජනාධිපතිවරයා එදින හවස යළිත් කොළඹ බලා පිටත්ව ආවේය.”

 

 දිවයින පත්තරේ නාගසේන නමින් ඕපාදුප තීරුව ලියන උන්නැහේ විසින් ලියු ඔය  ලිපියෙන් හොඳට පේනවා ආණ්ඩුව කොච්චර  වලි කෑවද   කියාලා   උතුරු පළාතත් තමන්ගේ අනසකට යටත් කර ගන්න. ආණ්ඩුවේ මැති ඇමති වරු පළාත් සබා ලොක්කෝ , නිලධාරි හැත්ත  බුරුත්ත ඔක්කොම අර ගෙන ගිහින් පදිංචි වෙලා ඉඳලා චන්ද වැඩ කලත් වැඩක් උනේ නැහැ. විවෘත් කිරීම් ,මුල්ගල තිබීම් වගේ  ඊනියා සංවර්දන මැජික් වලින්  ඒ ගොල්ලෝ රවට්ටන්න බැරි වුනා .

 

හැබෑට  නාගසේන උන්නැහේ කෝ ඔය කියපු මහා ජන ගඟ , අති විශාල මහා ජනකාය . කවුරු හරි කියවන  දෙයක්  එහෙමම   ගෙඩි පිටින් ලියන්නේ නැතිව හූනු බිජ්ජක් විතර තියෙන මොළෙත් ටිකක් පාවිච්චි කරොත් හොඳ නැත්ද , එක උඩ ඉඳගෙන ඉන්නේ  නැතිව.


 

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය “විපක්ෂයේ බත් බැලයන්ට ජනතාවගෙන් […]

  2. උතුරේ ජනතාවට ඔය මොවවත් වැඩක් නෑ.ඕගොල්ලන්ට ඕන අර සෙත්ත පෝච්චි වෙච්ච පිරබාහිරන්ගේ තුවක්කු කට යට ඉන්නම තමයි.

    • Thisara says:

      ඇඩෙනවා නේද? දිනලා තිබ්බනම් බලාගන්න තිබුනා දෙන තවුසන්ඩ් ටෝක්ස්….

  3. උතුරේ ජනතාවට ඔය මොනවත් (වරාය, ගෙවල්, ඉස්කෝල,දුම්රිය මාර්ග……..) වැඩක් නෑ.ඒගොල්ලන්ට ඕන අර සෙත්ත පෝච්චි වෙච්ච පිරබාහිරන්ගේ තුවක්කු කට යට දුක් විද විද ඉන්නම තමයි.

  4. gadfly says:

    නැහැ ජයශ්‍රි යම් දෙයක් දෙස උඩින් බලා ඔය වගේ වර්ගවාදි ප්‍රකාශ කරන්න එපා.
    අද උතුරේ තියෙන තත්වය එක්ක ගත්තාම ප්‍රබාකරන් හිටියානම් හොඳයි කියා කිව්වේ ප්‍රබාකරන්ගේ අංක එකේ විරුද්ධවාදියෙක් වුනු ආනන්ද සංගරී.
    කවුරුන් හෝ තමන්ව එක වර්ගයක තුවක්කුවකින් නිදහස් කර දුන් නිසා ඔහුගේ තුඅක්කුවට යට වී ජීවත් වීමට ජනතාව කැමති නැහැ. ඔවුන්ට ඕනෑ කරන්නේ රජකුමාරයින් සමග පාපන්දු කෙලීම හෝ ජාත්‍යන්තර ක්‍රීඩංගන හෝ නොව නිදහසෙ ජීවත් වීමයි.

  5. ```Outsider``` says:

    මෙහෙ තරම් අම්බරුවො නෑ ‍වගේ ඒ පැත්තෙ

  6. Ravi says:

    ආණ්ඩුවට හැදිල තියෙන මොලේ මඤ්ඤම නම් ලේසියෙන් හොඳවෙන පාටක් නෑ. මේ මිනිස්සුන්ට නොතේරෙනෙම දේ තමයි, දෙමළ ජනයා වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට අපි ලෑස්තියි කියන පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාමට සුදුසුම විදිහ, බලහත්කාරයෙන් උතුරේ ඡන්ද ටික කොල්ල කාගෙන ලෝකයාට පෙන්වීම නොව ඔවුන්ට කැමති කෙනෙකුට තම කැමැත්ත ප්‍රකාශ කිරීමට ඇති නිදහස තහවුරු කිරීමෙන්ය කියන සරල කාරණය ඉටුකිරීමෙන්ය කියන එක.

    අනික් අතට මේක මේ බුඩ්ඩිමතුන්ට නොතේරෙනවත් නෙවෙයි. තියෙන උද්ධච්ඡ කම නිසා මේ වගෙ පහත්ම මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක්වත් දෙමළුන්ට දෙන්නට සූදානම් නැති බව තමයි පෙනෙන්ට තියෙන්නෙ.

    • “බලහත්කාරයෙන් උතුරේ ඡන්ද ටික කොල්ල කාගෙන ලෝකයාට පෙන්වීම නොව ඔවුන්ට කැමති කෙනෙකුට තම කැමැත්ත ප්‍රකාශ කිරීමට ඇති නිදහස තහවුරු කිරීමෙන්ය” ??????
      ඉතිං දෙවියනේ ඒක නේන්නම් ඔය ලස්සනට සිද්ධ වෙලා තියෙන්නේ? මොකක්ද ප්‍රශ්නේ?
      ITAK කියන්නේ ඔවුන්ගේ කැමැත්තනේ! උතුරේ දිනල තියෙන්නේ ඒකනේ!

      • Ravi says:

        (1) කිතුල් ගහට ගිය මිනිහා කිව්ව කතාව සහ (2) ඔරුව පෙරළුනු පසු තම්බි කිව්ව කතාව…………ජයශ්‍රී දන්නව ඇති නේද?……හෙහ්, හෙහ්,

  7. RAS says:

    ජ්ය ශ්‍රී කන කොකා ගේ සුද ඉගිලෙනකොට පේනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s