අද අපි ආණ්ඩුවට ඡන්දය දිය යුත්තේ ඇයි?

Posted: July 23, 2011 in Uncategorized

 අද  ආයේ සැරයක් ඡන්දයක්  තියෙනවා.චන්ද වලින්  අඩුවක්  නැති  රටක් නේ මේක.   ඇටමැස්සා මේ දවස්  ටිකේම කල්පනා කර කර හිටියේ කොයි පැත්තටද  ඡන්දේ දෙන්නේ කියලා.අහස  පොලව ගැට ගහන්න කල්පනා කලත් හිතා ගන්න බැරි වුනා  කාට දෙනවාද කියලා.

ඔන්න ඔය වෙලාවේ තමා  අහම්බෙන් වගේ  මිනිහාට අහන්න ලැබුනේ  පහුගිය දාක තිබුනු මොකක්ද දේශපාලන සංවාද වැඩසටහනක්.   මේක මොකක්ද කියලා ඇටමැස්සට මතක නැහැ.. එක්කෝ ජනහඬ , නැත්නම් වාදපිටිය.නමෙන් වැඩක් නැහැනේ. ඒකට ආපු අය කියපු කතා තමා වැදගත්.

ඒකට වාද කරන්න ආපු  හෙල උරුමයේ ගම්මන්පිල උන්නැහේ කියනවා   මේ පලාත්පාලන චන්දේදී  ආණ්ඩුවට චන්දේ දෙන්න ඕනෙ  කියලා. එයා ඒකට හේතුවකුත් දෙනවා.

බටහිරයෝ බලාගෙන ඉන්නේ අපිට පහර දෙන්න.අපිව වට්ටන්න, පෙරලන්න, බිම දාන්න හාන්සි කරවන්න, අපේ නායකයෝ විදුලි පු‍ටුවට යවන්න . කොටින්ම කිව්වොත් අපිව නැති කරන්න.

හැබැයි අපේ රටේ ජනතාව ආණ්ඩුව එක්ක ඉන්නවා කියලා පෙන්නුවොත් ඔය බටහිරයෝ පස්ස ගහනවා අපේ රටට අත දාන්න. ජනප්‍රිය ආණ්ඩුවලට අත තියන්න ඔය බටහිරයෝ බයයි. එහෙමයි ගම්මන්පිල උන්නැහේ කියන්නේ.

ඕක මොන හේතුවක්ද උන්නැහේ ? මම දෙන්නම්කෝ එකට සීයක් හේතු ආණ්ඩුවට චන්දේ දෙන්න ඕනෑ ඇයි කියලා.

අහගන්නවකෝ එහෙනම් මතක් වෙන විදියට කියන්නම්.

1. වතුර කලවම් වූ පෙට්‍රල් ගෙනවුත් ජනතාවට විකිනීම
2. හෙජිං නම් වූ  උප්පරවැට්ටියක් කර  මහජන මුදල් කෝටි 5000 ක් පමණ විදේශීය බැංකු වලට පිදූ දේශප්‍රේමි ආණ්ඩුවක් වීම
3. කම්කරුවන් එපා කියද්දීත් කම්කරුවන් මරා හෝ   උන්ට විශ්‍රාම වැ‍ටුප් දෙන්නට යෑම
4. රුපියල් කෝටි දහස් ගණන් වියදම් කර නැව් ආ නොහැකි වාරයවල් ගල් පර්වත උඩ හැදීම හා ඒවා තුන් හතර වතාවක් විවෘත කිරීම
5. රෑට හොරෙන් හොරෙන් විදුලිය කප්පාදු කලත් කිසි දිනෙක එලිපිට එවැනි දේ නොකිරීම
6. රටේ ජනගහණය පාලනය කිරීමටත් ,හිර ගෙවල් වල තද බදය අඩු කිරීමටත්  ඩෙංගු රෝගය, මී උණ  වැනි ස්වාභාවික ක්‍රම පාවිච්චි කිරීම
7. තමන්ගේ සාධාරණ වැ‍ටුප් සටනක් කරපු  සරසවි ආචාර්ය වරුන්ගේ ඉල්ලීම් නොදී පොර ටෝක් දෙමින් මාස ගනනක් සරසවි වසා තැබීම.
8. රට පුරා මාලිගාවල් තනමින් පුරාණ ශ්‍රී විභූතිය නැවත පෙන්වීම
9. බලු ඔලු වැටවල  ගසමින් අලුත් උද්‍යාන අලංකාර ක්‍රම අඳුන්වා දීම
10.ශ්‍රී ලංකාවට මෙතෙක් අඩුවක්ව පැවතී ක්‍රීඩා රූපවාහිනි විකාශයක් ආණ්ඩුවේ සම්පත් යොදාගෙන පටන් ගැනීම.
11. රගර් ක්‍රීඩාවට අලුත් නීති රීති හා තුවක්කු ,පිස් ‍තෝල   වැනි අලුත් ක්‍රීඩා භාණ්ඩ අඳුන්වා දීම
12. ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය සිටීම
13.ඇමති කම් නැති මන්ත්‍රීන්ට පජෙරෝ තෑගි කිරීමට තරම් ත්‍යාගශීලි වීම

14.ජනාධිපතිවරණයේ ප්‍රධාන විපක්ෂ අපේක්ෂකයා හිර කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම

15 අවුරුදු 30 ක් පමණ මැතිවරණ  නොතිබු උතුරේ ජනතාවට චන්දය දමන්නේ කෙසේදැයි නිල නොනිල හමුදා යොදා ටියුෂන් දීම

16 යට ඇඳුම් ඇඳීම අනිවාර්ය කිරීම

17 කොළඹ , නැගෙනහිර ,උතුරේ දකුණේ ,රටේ හතර දිග්බාගේම ඇති ඉඩම් වලින් ජනතාව පන්නා ඒ ඉඩම් චීනකරණය කිරීම 

18. ගෝල් පෝස්ට් බහුකාර්ය කිරීම

19………..

 ඔය හේතු කරණා  ඉහටත් උඩින් මදෑ දේශප්‍රෙමි ආණ්ඩුවට චන්දේ දෙන්න…
මතක් වුනොත් ඔහෙලාත් යටින් ලියන්න. ජනතාවට නිවැරදි තීරණයක් ගන්න උදව්
කරන එක පිනක් නොවැ.

Advertisements
Comments
  1. ~ ලකී ~ says:

    මේ ඔක්කොම කරලා ලැජ්ජා බය නැතුව චන්දය ඉල්ලීම.

  2. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Stafni Liyanage | Mixd photoshoot of Sri Lankan Model […]

  3. Kandula says:

    ඕනෑතරම් කල් එල්ලීගෙන ඉන්න පුලුවන් විධියට ව්‍යවස්ථාව වෙනස් කිරීම

    ශ්‍රේශ්ඨාධිකරණය හා සෙසු අධිකරණ කීකරු ගෝලයින් කරගැනීම

    කුඩුකාරයින්ගේ, මිනීමරුවන්ගේ නඩු ඉල්ලා අස්කරගන්නා නීතිපතිවරයෙක් රට දායාද කිරීම

    රටේ ආරක්ශාව අධීක්ශණය කිරීම කුඩු බිස්නස්කාරයෙකුවෙත පැවරීම

  4. maathalan says:

    බටහිර කුමන්ත්‍රණ වලින් දේශය ආරක්ෂා කිරීම
    ආර්ථික ගාතකයින්ගෙන් ආර්ථිකය සුරැකීම
    ආර්ථිකය ශක්තිමත් කිරීම
    ඕනෑම කෙනෙකුට මහ රජුන් බැහැ දැකීමට හැකිවීම
    කොළඹ ජීවීතය පහසු කිරීම
    ගම හදා රට හැදීම
    අපි වවමු අපි හැදෙමු ජාතික ක්‍රීඩාව කිරීම
    නිවාස දශළක්ශයක් සෑදීම සඳහා වසරකට නිවාස දෙක බැගින් සෑදීම
    තිතට මත තිබීම
    කැසිනෝ නීතී ගත කිරීම
    ටෙලි නිලියන් ගෙදරටම සැපයීම
    මන්නරමෙන් තෙල් සොයාගෑනීම
    පොල් ඉතා අඩු මිලට සැපයීම
    වැටේ සුදා ජනසතු කිරීම
    රජගෙදරට ඔෆීසියල් කවටයන් නැවතත් හඳුන්වාදී ජනයා පිනවීම

  5. ඒක නෙවෙයි.අන්න පැනිවරකා ගහටත් හෙන ගහලා! අපිට සාමය උගන්නන්න ආපු රටේත් ත්‍රස්ත ප්‍රහාරයකින් මිනිස්සු 87ක් මිය ගිහින්.
    ත්‍රස්තවාදීනට උදව් කරණ කාටත් හොද පාඩමක්.

  6. 16 හැර ඉතිරි ටික නම් ඇත්ත.. සම්පූර්ණ ඇත්ත..

  7. indika says:

    ath antimatama ma kattiyama denanawa ahama wanna kohomada…………

  8. baba says:

    aththatama J V P ekata mokada une ?? ai minissu eka digatama epa kiyanne ??

  9. ලොම්බා says:

    1. ජෙප්පොන්ට ඇප නැති කරන්න
    2. ජෙප්පන්ට ගුටි අන්නවන්න
    3. ඇට මැස්ස පීචං කරවන්න

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s