ගුල්ලෙක් යකඩ මල්ලට ගැහීම

Posted: July 20, 2011 in රංචාගොඩ ළමයා


අනේ සුසානෝ මම කොළඹ යන කොට
තනි අණ්ඩේ තුලාවේ නැගලා
යකඩ ගොඩක් තිබුණා දිලිහි දිලිහි
ටෙලිකොම් එක ලඟ ගොඩ ගහලා

කෑලි ටිකක් දාගත්තේ සාක්කුවේ
වැඩිය නොවේ ලක්ෂ හැටයි සුවාමිනේ
ඒකත් හොර හිතකින් කෙරුවා නොවේ
බර වැඩි කරන්නයි සුවාදීන තරාදියේ
(රංචාගොඩ ළමයා)
Advertisements
Comments
  1. ගංගොඩවිල සෝමදාස සහෝදරයා says:

    අනේ පින්වතුනි ඕකත් මහ දෙයක්ද
    ලොක්කා හෙල්පින් හම්බන්තොටිනුත් ගැහුවා
    මල්ලියා ගෝල්ෆේස් එකම චීනට වික්කා
    සුසිලා ගැහුවාය පෙට්රල් වතුර වෙන්න

    පින්වතුනි පෙර ආත්මේ කළ කුසලානිසංසයෙනි
    මේවා මේ ඇත්තන්ටම ලැබෙන්නේ
    අපට තියෙන්නේ කට වහ ගන්නා එකය
    නැතිනම් සීනිගම ගම්මිරිස් අඹරන එකය

  2. maathalan says:

    අනේ සුසානෝ අමු බොරු මූ කියන්නෙ..
    මළකඩ කෑ පරණ යකඩ
    ටෙලිකොම් හී ගොඩගහල..
    අයින් කොරන්නෙයි කිව්වා යාලුවෙකුට..

    හැටක් ගත්තෙ නෑ අයියෝ
    පහළොවමයි අර ගත්තේ
    අත ගහල දිවුරන්නම්.. මගේ තරාදියේ නෙමේ..
    අළුත් කඩේ උසාවියේ…

  3. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Sri Lanka Freedom Party to commemorate 60th anniversary on September 2 […]

  4. මීට පෙරත් මේවා කර ඇති සැටියා
    රට පටවන්ට ගතමන්ට් එක ගත් සැටියා
    ටිකටුත් නැතිව ජොබුත් නැතිව ගිය සැටියා
    ලොක්කගෙ අනුහසින් බේරී ගිය සැටියා

  5. Charmi says:

    අනේ සුසානෝ මේකා ගොං වස්සා
    මුගෙ පටි එක්ක රෝල් වෙන්නෙ අපේ ටිකත්
    හොරකම උනත් පිලිවෙලකට කොරගන්ට
    දන්නැති එකයි මුගේ තියෙන වැරැද්ද

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s