කළු කෙල්ලෝ , සුදු කෙල්ලෝ ,කහ කෙල්ලෝ

Posted: July 16, 2011 in Uncategorized
Tags: , , ,
සාමාන්‍ය රෝගීන්ට වඩා  මානසික රෝගීන් සමාජයට හානිකරය. ඒ ඔවුන් තමාටත් හානි කර ගන්නා අතරම අනිකුන්ටත් හානි කරන බැවිනි. බොහෝ විට ඔවුන් කරන දෙයින් ලැබෙන ප්‍රතිපලය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් නැති බැවින්  ඉතා භයානක දේ කරති. එයින් රෝගියා මෙන්ම ඔහු වටා සිටින අයත්, අනතුරේ වැටේ.
 
මානසික රෝගියෙකුට සමාජය තුල  යම්  කිසි බලයක් ලැබුනොත් ඔහු අතින් සිදු වන හානිය බලපාන පිරිස වඩාත් වැඩි වේ.
 
 ප්‍රාදේශීය සැබෑ මන්ත්‍රීවරයෙකු පිස්සෙකු වුවහොත්  ඔහු අතින් වන  හානිය සාමාන්‍ය මිනිසෙකු ඇති වන හානියට  වඩා තරමක වැඩිය. ඊට වඩා  හානියක් පළාත් සබා මන්ත්‍රී පිස්සෙකු අතින් සිදු විය හැක. මක් නිසාද යත් ප්‍රාදේශීය  සබා මන්ත්‍රී පිස්සා හානි කරන්නේ අදාළ ප්‍රාදේශීය සබාවට පමණක් විය හැකි අතර පළාත්  සබා මන්ත්‍රී පිස්සා ඊට  වඩා   වැඩි  ප්‍රදේශයකට  බල පූලුවන්  කාරයෙක් වන  බැවිනි.
 
ඉදින් මේ පිස්සා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු නම් ඔහු අතින් ඊටත් වඩා  හානියක්  සිදු වේ. ඒ අනුව ඇමති වරයෙකු අගමැති වරයෙකු හෝ ජනාධිපති වරයෙකු පිස්සෙකු වුවහොත් ඒ ඒ පුද්ගලයාගේ බලය අනුව ඔහු අතින් සිදු වන හානිය වැඩිවේ. හිට්ලර් නමැති මානසික රෝගියා නිසා ලෝකය පුර ජනතාව මිලියන සිය  ගණනක් මියැදුණි . 
 
එසේම ඇමතිවරුන්  ගත්තද එක එක අමාත්‍යංශයේ කාර්ය භාරය අනුව ඇමති වරයාගේ  මානසික මට්ටම හා බැඳුනු  හානිය වෙනස් වේ. උදාහරණයක් ලෙස පොල් සංවර්ධන ඇමතිගේ පිස්සු  ක්‍රියාවන්ට  වඩා  අධ්‍යාපන  ඇමතිගේ හෝ උසස් අධ්‍යාපන  ඇමතිගේ පිස්සු ක්‍රියා නිසා සිදු වන හානිය අධිකය. බරපතලය. එයින් සිදුවන හානිය ආපසු    හැරවිය නොහැක. මක් නිසාද යත් ඔවුන්ගේ   ක්‍රියා සම්පූර්ණයෙන්ම බල පාන්නේ රටේ දරුවන් කෙරෙහි බැවිනි.
 
අද අපේ රටේ උසස් අධ්‍යාපනය අවුල් ජාලයක් බවට පත්ව තිබේ.  ආචාර්ය   ප්‍රශ්න ,  හමුදා  පුහුණු,  විදෙස්  සිසුන්  ගැනීම  ,  සිසු මර්ධනය, ආදී වශයෙන්  එය මහා නූල් බෝලයක් බවට පත්ව තිබේ.  අප  ඉහතින්  කතා  කල  දේ සහ උසස් අධ්‍යාපනයේ මේ අවුල අතර යම් සම්බන්ධයක් ඇත්දැයි සිතන්නෙකුට පොඩි ඔත්තුවක් දීම ට  අප කැමැත්තෙමු. එය නම් උසස් අධ්‍යාපන ඇමති වරයා පසු ගිය  දිනෙක විදෙස් සරසවි සිසුන්  ගෙන්වා   ගැනීම  ගැන කියූ කතාවකි.  
 
”මේ විදේශ දරුවො එන එකෙන් අපේ දරුවන්ට කිසිම අවාසියක් වෙන්නේ නෑ. අපේ දරුවන්ට වාසියක් වෙන්නෙ. ඉතාම හොඳ වාසියක් වෙන්නෙ. මේ විශ්ව විද්‍යාල වල කළු කෙල්ලො කොල්ලො ඉඳියි, සුදු කෙල්ලො කොල්ලො ඉඳියි, කහ කෙල්ලො කොල්ලො ඉඳියි, ඇස් දිග එවුන් ඉඳියි, නහයවල් කොට එවුන් ඉඳියි, සේරම ජාතියෙ එවුන් ඉඳියි.
 
එහෙම තමයි විශ්ව විද්‍යාලයක් ජාත්‍යන්තර තත්ත්වයට එන්නෙ. අපේ තරුණ තරුණියන්ට ‘හොඳ චොයිස්’ එකක් තියෙයි.(සිනහා වෙයි) මේක නරක එකක් නොවෙයි. විශ්ව විද්‍යාල ජාත්‍යන්තර තලයට යන්න මේක අත්‍යාවශ්‍ය කාරණයක්. විදේශ දරුවො ආවම අපේ අයට මොනවද වෙන්නේ? කියනවා. මේව තනිකරම මෝඩ කතා. රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල පනත අපු ගමන් ඒ හැම ආයතනයකටම අපේ දරුවො සියයට විස්සක් නිකං දානව.”
 
ඔබම තීරණයක් ගන්න
 
සටහන- කහ සහ සුදු කෙසේ වෙතත් කලු ගැන නම් විශේෂ  අවධානයකින් කටයුතු කරන බව  ඒ තුමා ක්‍රීඩා ඇමති කාලයේ වාර්තා වී තිබුණි.
 
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Turkey responds to Kurdish autonomy vote with military offensive […]

  2. Buwa says:

    මේන් කියල එයි සල්ලි දීල ඉගෙන ගන්න ලංකාවෙ විශ්ව විද්‍යාල වලට . ඔය ඔය කථාව ස්ලිට් එකට ගිහින් කියල තිබුන ගිය අවුරුද්දේ. මම දන්න තරමින් පිරටින් එකෙක් ආවෙ නැ . අනික් ඇමතිල වගේ නෙමේ මූ වස්සා කියල පෙන්නන්න මාර ට්‍රයි එකක් දෙනවා . රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සහ රජයේ විශ්ව විද්‍යාල වලට මුදලට ළමයි ඇතුලි කිරීම නරක දේවල් නෙවෙයි . නමුත් ඒවා නිසි වෙලාවට සිද්ද වෙන්න ඕනි . අනික් අතට . මේ වගේ වැදගත් කෙෂේත්‍රයක් ගැන කථා කරන කොට “චොයිස්” ගැන කථා නොකලට කථා කරන්න දේ ඕනි තරම් තියෙයි

  3. maathalan says:

    තරහ වෙන්න එපා මම මේ කාරනයෙදි සුමනෙගෙ පැත්තෙ..

    ළිං මැඩි සංකල්පය වපුරන්න එපා….

  4. මොතා says:

    Gadfly සියල්ල දකින්නේ රුයිතයටය.මෙයද එක්තරා මානසික රෝගී තත්වයක් යයි මගේ හැඟීමයි.බුවාගේ හැසිරීමද මෙයට බොහෝ සෙයින් සමානය. S .B ගැලරියට ආතල් දීමට ජොලි කතා කියන බව සත්‍යකි.

    නමුත් විදේශ සිසුන් ලංකාවට පැමිණීම දීර්ගකාලීනව සුබවාදී වෙනස් කම් ශ්‍රී ලංකාව තුල ඇතිකරනු ඇත. දුපත්වාසි ගෝත්‍රිකයන් පිරිසක් මෙන් හැසිරෙන ශ්‍රී ලාංකිකයන් වෙනත් ජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පදනම මෙයින් ඇතිකල හැක. ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව වැනි රටවල අධ්‍යාපනය සඳහා විවිධ
    රටවලින් පැමිණෙන සිසුන් නිසා එම රටවල, මිනිසුන් ආගමික , ජාතික , භාෂාමය වෙනස්කම් මත කොන් නොකරන සමානාත්මතාවයෙන් පිරිපුන් සමාජයන් බිහිවී ඇත.ලංකාව තුලද මෙවැනිම වාතාවරණයක් නිර්මාණය කිරීමේ මුලික පියවර ලෙස මා මෙය සුබවාදීව දකිමි.

    • ජුලියස් සීසර් says:

      ඔබේ අදහස මමද අනුමත කරමි! වෙනත් ජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ඇත්ත වශයෙන්ම අත්‍යාවශ්‍යය………

      ඉතිං මොකද බොලේ ඕක පටන් ගන්න පිටරටින්ම එවුන් එනකන් බලන් ඉන්නෙ? මේ රටේ ඉන්න දෙමළ ජනතාව එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න පුලුවන්නෙ මුලින්ම… ආගමික , ජාතික , භාෂාමය වෙනස්කම් මත කොන් නොකරන සමානාත්මතාවයෙන් පිරිපුන් සමාජයක් හදන්නත් පිටරටින්ම එන්න ඕනෙද???

      නොදKing!!!

  5. “මේන් කියල එයි සල්ලි දීල ඉගෙන ගන්න ලංකාවෙ විශ්ව විද්‍යාල වලට”

    ඇතැම්විට බුවා ගේ ස්ලීට් එක සම්බන්ධව තත්වය එය වුවත් වෛද්‍ය පීඨ සම්බන්ධයෙන් නම් තත්වය වෙනස් බව කිව යුතුය. ඉන්දියාව ඔතරම් ලඟින් තිබියදීත් භූතානයේ සිසුන්ට වෛද්‍ය පුහුණුව ලබා දෙන්නේ කොළඹ සරසවියෙනි. ඒ අතර රජ පවුලේ දියණියක ද සිටි බැව් මට යන්තමට මතකය. කොළඹ වෛද්‍ය පීඨය විදෙස් සිසුනට විවෘත කළොත් ලෙහෙසියෙන්ම රුපියල මිලියන 6ක ගෙවුම් සීමාව යටතේ සිසුන් 50ක් වත් සොයා ගත හැකි වනු ඇත. අපේ සරසවි විදෙස් සිසුන්ට විවෘත කිරීම අගනා ක්‍රියාවකි. එනමුත් ඉන් ලැබෙන මුදලින් කොටසක් අනිවාර්යයෙන් සිසුන්ගේ සුබ සාධනය සඳහා යෙදවිය යුතුය. එක් කලෙක කොළඹ වෛද්‍ය පීඨයේ 1200ක සිසුන්ට තිබුණේ වැසිකිලි 10ක් පමණය! එනමුත්, ප්‍රජා සෞඛ්‍ය විද්‍යා වේ පවරුම් අනුව මුඩුක්කුවක පවුල් 30කට එක වැසිකිළියක් තිබීම මහලොකු ප්‍රශ්නයක් ලෙස අපේ ගුරුවරු දුටහ! සිසුන්ගේ නවාතැන් පහසුකම්, අධ්‍යයන කටයුතු සඳහා පහසුකම් හා සමබර ආහාර වේලක් සැපයීම උදෙසා මේ මුදලින් කොටසක් යොදා ගැනීම කළ යුතුය. නමුත් මේ මුදල් යන්නේ ඒවාට නොව සාක්කු වලටද යන්න ගැන අතීතය දෙස බලද්දී සැක ඇතිවේ.

  6. ;-( says:

    @ මාතලන් & මොතා

    විශ්ව විද්‍යාල ජාත්‍යාන්තර මට්ටමේදැයි බලන විට සැලකිල්ලට ගන්නා මූලික මිනුම් දඬු අතර ඒවායේ විදෙස් සිසුන් කී දෙනෙකු සීටිදැයි යන්න සලකන බවක් මම නොදනිමි.

    මා දන්නා තරමින් අද වන විට ලෝකයේ විශ්ව විද්‍යාල වලට ස්ථානයන් ලබාදීමේ ලැයිස්තු වල පලමු 2000 අතර වත් ස්ථානයක් හිමි කර ගැනීමට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් සමත් වී නැත.
    ඊට හේතුව අපේ විශ්ව විද්‍යාලවල විදෙස් සිසුන් නැති වීම නොව විශ්ව විද්‍යාල පාඨමාලා වල ඇති අඬු ලුහුඬු කම් හා සිසුන්ට ලැබෙන පහසුකම් වල ඇති අඩු පාඩුය..
    මෙවන් තත්වයක ඇති විශ්ව විද්‍යාලවලට සල්ලි ගෙවාගෙන ඉගන ගැනීම සඳහා විදෙස් සිසුන් පැමිණේ යැයි සිහිනයක අතරමං වී සිටින ඇමතිතුමා..
    අපේ සිසුන්ට නොමිලේම දෙනවා යැයි කියූ ලැප්ටොපුත් සල්ලි වලට දෙන්නට හදන කල..
    අර විදෙස් සිසුන්ට ශිෂ්‍යයත්වයක් තියා අර්ධ ශිෂ්‍යයත්වයක් වත් දෙන්නට අපිට හැකි කමක් ඇතිද..??
    එහෙම හැකියාවක් ඇත්නම් ඒවායින් අපේ රටේ දුප්පත් සිසුන්ට සහනයක් සලසන්නේ නැතිව විදෙස් සිසුන්ට දෙන්නේ මොකටද??
    අනික් අතට රට රටවලින් පැමිනෙන සිසුන්ට සමානාත්මතාවය පෙන්වා පාඩම් ඉගන ගන්නට පෙර අපේ රටේම සිටින වෙනත් ජාතීන්ට සමානාත්මතාවයේ දෑත් දිගු කරන්නට අපේ දරුවන් පුරුදු පුහුනු කිරීමෙන්ම අපිට පාඩම් ඉගන ගන්නට බැරිද??

    \මේ විශ්ව විද්‍යාල වල කළු කෙල්ලො කොල්ලො ඉඳියි, සුදු කෙල්ලො කොල්ලො ඉඳියි, කහ කෙල්ලො කොල්ලො ඉඳියි, ඇස් දිග එවුන් ඉඳියි, නහයවල් කොට එවුන් ඉඳියි, සේරම ජාතියෙ එවුන් ඉඳියි.

    එහෙම තමයි විශ්ව විද්‍යාලයක් ජාත්‍යන්තර තත්ත්වයට එන්නෙ. අපේ තරුණ තරුණියන්ට ‘හොඳ චොයිස්’ එකක් තියෙයි.//
    ආශ්චර්යා ගැනත් ශාරුක් ඛාන් ගැනත් දවසක් කිව්වා මතකය..

    ඇමතිතුමා මේ කියන්නේ කුමක්ද?? මේ කියන චොයිස් එක හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතර ඇති සම්බන්ධය කුමක්ද??

    වෙනස් ජාතීන් අතර ඇතිවන විවාහයන්ගෙන් ඇතිවන ජානමය හැකියාවන් අතින් ශක්තිමත් දරුවන් ගැන සිතන්නට තරම් අපේ රට දුර්වල වී හමාරද?? 😛

    එහෙමත් නැත්නම් කලකට පෙර කිව්වාක් මෙන් ලෝක රූප රැජිනියන් ලංකාවෙන් බිහිකර ගැනීමේ ව්‍යාපෘතියකුත් ඇරඹීමේ අදහසක් ඇමතිතුමාගේ යටි හිතේ තිබෙන වා වත්ද?? මේ යන විදියට සිතුවොත් සමහර විට හුසේන් බෝල්ට් කෙනෙක්,මේරියන් ජෝන්ස් කෙනෙක් වුව බිහි කර ගන්නට අපිට බැරි වෙන එකක් නැත..
    ෂා එතකොට කොයි තරම් ආශ්චර්යමත්ද ?? නැද්ද මම අහන්නේ ??

  7. ;-( says:

    ලංකාව යනු ලෝකයද නොවේමය.. [බොහෝ අය හිතාගෙන ඉන්නේ නම් එහෙමය]
    නමුත් ඇත්ත එය නොවේය..

    විශ්වය දකින්නට නම් විශ්වයට යායුතු මිස විශ්වය අපේ දෙපා ළඟට ඉබේ පැමිනෙන්නේ නැත..
    විදෙස් සිසුන් ලංකාවට එනවා කියන්නේ විශ්වය දෙපා ලඟට පැමිනීමකැයි ඔබ සිතා සිටින බව පෙනේ..

  8. gadfly says:

    මාතලන්, මොතා සහ මිගාර යන තිදෙනාම සුදු බන්ඩේලා කරන ‍රැවටීමට ගොදුරුව ඇති බව පෙනේ. පාලකයින් කියන ඕනෙම දෙයක් දොහොත් මුදුන් තබා පිලිගැනීමට තරම් ඔවුනගේ සමාන්‍ය බුද්දිය හීන වීම ගැන කණගා‍ටු වෙමි. සරසවියට කලු හෝ කහ කෙල්ලන් කොල්ලන් ගෙනත් දැමීමෙන් ලිං මැඩි චින්තනයෙන් ගොඩ එන්නේ කෙසේ දැයි අපට නොතේරේ. ලිංමැඩි චින්තනය හා විදේශිකයන් සමග හැමීනීම අතර ඇති සම්බන්දය කුමක්ද? වසර ගනන් විදෙස් වල ජීවත් වුවන් පවා ආපසු සිය රට පැමිනි විට ලිං මැඩියන් මෙන් හැසිරෙන අයුරු අප අවට ඕනේ තරම් දැකිය හැක.

    ඇත්තෙන්ම මොතාලට ඇත්තේ වෙනත් මානසික ප්‍රශ්නයකි. එය එස් බී ලාට ඇති ප්‍රශ්නයම වූවත් එස් බී ලා කරන හානිය තරම් හානියක් මොතාලාට කිරීමට නොහෙකි වෙනු ඇතයි අප සිතන්නේ ඔවුන් හුදු කඩෙ යන්නවුන් පමනක් නිසාය.

  9. sfmlankanews says:

    ඇමති අම්බරුවෝ

  10. Sithija says:

    Muta thiyenne SEX aulak……..Mu essara edanma kalu walat kamathibawa danan hitiyat…kahapatath muta peenna bee kiyala danne danui……….Muta lajjath. nee…..,(…………)nee,Ethin kohenda herikithak………

  11. ASL says:

    ගුණාත්මක බවින් තවත් පහළට වැටෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල – [සුපුන් පෙරේරා]
    POSTED BY BOONDIONLINE 7.07.2011

    වර්තමානයේ මතු වී ඇති සරසවි අර්බුදය සමග ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් තවත් පහළට ඇද වැටී ඇති බව පෙනී යයි. අධ්‍යාපනික තත්ත්වය, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ.

    2010 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විට්සර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.

    ආසියානු විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. ටෝකියෝ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 26 වන ස්ථානයයි. ටෝකියෝ විශ්ව විද්‍යාලය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 75.6 කි. දකුණු කොරියාවේ Pohang University of Science and Technology විශ්ව විද්‍යාලය ලකුණු 75.1 ලබා 28 වන ස්ථානයට පත් වී තිබේ. 37 වන ස්ථානයට චීනයේ චීනයේ පීකිං විශ්ව විද්‍යාලය පත් වී තිබෙන්නේ ලකුණු 70.7 ලබා ගනිමින්. අප්‍රිකානු රටවල් අතර ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 51.6 කි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලය147 වන ස්ථානය නියෝජනය කරයි. 2009 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාවේ ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර 155 ස්ථානය නියෝජනය කරයි. යුරෝපිය විශ්ව විද්‍යාල අතරින් ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය 24 වන ස්ථානය දරයි. ඉන්දියාවේ Indian Institute of Science Bangalore විශ්ව විද්‍යාලය 2011 ජගත් විශ්ව විද්‍යාල අතර දරන්නේ 559 වන ස්ථානය යි.

    අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි.( උපුටා ගැනීම webometrics.info ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් පහළ‍ට වැටීම පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරන පරිදි මේ සඳහා ප්‍රධාන හේතු වන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් බඳවා ගැනීමේ දී සුදුසුකම් නොව ඥාති සබඳතා, මිත්‍රකම් බැලීම නිසා දක්ෂයන් විශ්ව විද්‍යාල වලින් ඉවත් වී යාමත් අදක්ෂයන් කථිකාචාර්යවරුන් වීමත් ය. එසේම දේශීය චින්තන ලේබල් ගසා සරසවි සිසුන් ලිං මැඩියන් කිරීමේ ව්‍යාපාරයත් ලංකාවේ සරසවි වලට රිංගා ඇති අන්තවාදී දේශපාලනයත් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පිරිහී ගිය බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙම තත්වය තව දුරටත් පැවතුනහොත් දේශීය විශ්ව විද්‍යාල අන්තර්ජාතිකව ගණන් ගැනීමකට ලක් නොවන හා නොසලකා හැරෙන මට්ටමකට පත් විය හැකි බව උක්ත මහාචාර්යවරයා පෙන්වා දෙයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s