බුදු සර්

Posted: July 10, 2011 in Uncategorized
ලංකාවේ පොලෝසිය නම් මාරය.  එතුමලාට හිතුනොත් කරන්ට බැරි දෙයක් නැත. පොඩි වැරැද්දකට තියෙන්නේ වැඩිය හිතෙන්නේ නැති කමය. 
ඒකටම අල්ලලා යන හිතන්නේ  නැති ගතියකුත් තියෙනවාය .  
  
දැන් බලන්න අවුරුද්දක් එකහමාරක් විතර කහවත්ත පැත්තේ ආච්චිලා මර මර ඒ පැත්තම භීතියට  ලක් කරගෙන හිටපු මිනීමරුවෝ සැට් එකක්ම අල්ල ගත්තා කියලා ඊයේ පොලිස් ප්‍රකාශක  තුමා කිව්වේ හරිම  ආඩම්බරෙන්ය.
 
මුන් ව අල්ලාගෙන අපිට නිදහසේ ඉන්ට දෙන්ට කියලා ඒ පළාතේ මිනිස්සු පාරට බැහැලා සතියක් යන්ට කලින් වැඩේ දෙන්ට පොලෝසියට පුළුවන් විය. මිනිස්සු පාරට බහින කම්ම පොලෝසියට ඒ මිනී මරුඔව් අල්ලන්ට ඕනේ කියලා හිතුනේ නැත. අවුරුද්දක්ම ඔහේ බලාගෙන හිටියේ ඒ නිසාය. බැරි කමට නෙවේය. දැන් බලන්ට , සුරුස් ගාල  හතර   පස් දෙනෙක් අල්ලා ගත්ත  හැටි.
 
අල්ල ගත්ත විතරක් නෙවේ, තමන්  ඒ මිනී මැරුම් කළා කියලා උන් පාපෝච්චාරණත්  කොරලාලු. මාරයි නේද.
 
හැබැයි ඉතින් ඔය පාපොච්චාරණ කියන කොට නම් ඇට මැස්සාට මතක් වුනේ මීට කාලෙකට කලින් තමන්ට කියවන්න ලැබුණු කතන්දරයක් .
 
මේක කවුරු ලිව්වා එකක්ද නම් දන්නේ නැහැ. කවුරු ලිව්වත් හොඳ නවීන  ජන සාහිත්‍ය කෑල්ලක්. 
 
ඉස්සර කාලේ දවසක අන්තර් ජාතික තරඟයක් තිබ්බාලු ලෝකේ හොඳම පොලෝසිය තෝරන්න. මේකේ අවසන් වටේට තේරුනේ අපේ ලංකා පොලෝසියයි , ඇමෙරිකන් කට්ටියයි, එංගලන්තේ කට්ටියයි.
 
තරඟ පවත්වන්නේ මෙහෙමයි.සිම්පල් වැඩක්.
 
හාවෙක් අත අරිනවා කැලේට. දෙන්න දෙන්න ගිහින් හොයාගෙන එන්න ඕනේ හාවව. දවස් දෙකයි වැඩේට දෙන්නේ.
 
මුලින්ම ගියේ ඉංග්‍රීසි කාරයෝ. එයාල විශාලන  කාච අරගෙන හාවාගේ   අඩි   පාරවල් හොයා හොයා දවස් ගානක් තිස්සේ මහන්සි වෙලා කැලෙන් එලියට ආවා ” අනේ අපිට නම් මේ කාලකන්නි හාවා හොයන්න  බැහැ ” කියාගෙන.
 
ඊ ලඟට ගියේ ඇමෙරිකන් කාරයෝ. අත් දෙකටම පිස්තෝල අරගෙන වටේටම වෙඩි තිය තිය , කව් බෝයි ලා වගේ තමා එයාල කැලේට ගියේ. ඒත් මොන . දවස් දෙකකට පස්සේ අත් දෙක වන වනා එලියට ආවා.
 
 ” හාවා හොයා ගන්න බැරි වුනා , ඒත් සමහර විට අපි තියපු වෙඩි වැදිලා මැරිලා ඇති ” . එයාල එහෙමයි කිව්වේ.
 
ඔන්න අපේ ලංකාවේ පොලිස් දෙන්නෙකුත් යැව්වා ඊ ලඟට . පැයක් විතර යනකොට මේ දෙන්න ආපහු එනවා , නිකම් නෙවේ, තඩි වලහෙකුත් අල්ලාගෙන . දෙන්නා අතේ ලොකු පොලු දෙකක්.
 
වලහා කෑ ගගහා එනවා
 
” බුදු සර් , මම තමා හාවා , මම තමා හාවා ”
 
සටහන- කහවත්තෙන්  අල්ල ගත් හාවුන් හාවුන්ම මිස වලසුන් හෝ වෙන සතුන් නොවේ යයි අප සිතමු. එසේම පොලීසියට පෙන්වීමට තරම් අවි ආයුධ උන් ළඟ නැති වේවායි  අප පතමු. සියලු සත්වයෝ නිදුක්  වෙත්වා. 
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: බුදු, […]

  2. Ano says:

    Gadfly, at least give credit to the original when you modify.

    http://www.ahajokes.com/pol20.html

    Now don’t tell me that “ahajokes” copied from you!

    • budhajeewa says:

      @Ano: LOL. That site is not the “original” place this joke published. This is a folktale and the writer have clearly mentioned it. 😀

    • gadfly says:

      sorry man, i could not remember when or where I read this.එසේම වැදගත් වන්නේ උපමා කතාව නොව එයින් කියන්නට හදන දෙයයි. එනම් ලංකාවේ පොලිසී වල පාපෝච්චාරණ ලබා ගන්නේ කෙසේද යන්නයි.

  3. ;-( says:

    සාධු සාධු..!! 😛
    හියාරේ මිනීමරුවනුත් අද හෝ හෙට පොලෝසියට කොටුවනු ඇත… මන්ද යත්, මිනීමරුවන් අල්ලාගන්නැයි මරණයට පත් යුවලගේ දූවරුන් හා ප්‍රදේශවාසීන් ඇහැට පෙනෙන උද්ඝෝශනයක් සිදුකල බැවිනි…
    ප.ලි. පොලෝසියෙන් පෝලෝසිය කලයුතුම රාජකාරී කරගන්නටත් උද්ඝෝශන කලයුතු කල එළඹ තිබේ … ආණ්ඩුවෙන් වාගේමය..
    පෝලෝසිය යනු තවත් ආණ්ඩුවක්වත්ද???

  4. Sudheera says:

    “එසේම පොලීසියට පෙන්වීමට තරම් අවි ආයුධ උන් ළඟ නැති වේවායි අප පතමු.” බැරි වෙලාවත් තිබ්බොත් හෙම…? 😀

  5. ranaberaya says:

    පොලීසිය කියන්නේ අතිශය දේශපාලනීකරණය වුණු කේෂ්ත්‍රයක්. ඒ නිසා එහි ඉන්න මාසෙට පඩියක් ගන්න ඕන නිසා රස්සාවට ආපු හෘද සාක්ෂියක් තියන අහිංසක මිනිස්සු ඇත්ත දැන දැන සද්ද නැතුව ඉන්නව. අපි පොලීසියට ගැරහුවට ඇත්ත අපේ රවේ තියෙන සිස්ටම් එක මිසක් වෙන දෙයක් නෙවෙයි. මට

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s