කාලයක් අපේ රටේ සිංහල ජනතාව අතර දේශප්‍රේමියෙකු මෙන්ම ජාතික වීරයකු වශයෙන්ද සැලකුම් ලැබූ ජනරාල් සරත් ෆොන්සේකා අද දේශද්‍රෝහියෙකු වශයෙන් නම් කර සිර ගත කර දමා ඇත. ලංකාවේ වීරයන් දුෂ්ටයන් බවට හා දුෂ්ටයන් වීරයන් බවට මෙන්ම , දේශප්‍රේමින් දේශද්‍රෝහීන් බවටත් දේශද්‍රෝහීන් දේශප්‍රේමින් බවටත් පත් කිරීමට ගත වන්නේ ඉතා සුළු කාලයකි.

මෙහි කෙනෙකු ද්‍රෝහියෙකු හෝ වීරයෙකු බවට තීරණය කෙරෙන්නේ ඔහු කොතරම් දුරට පාලකයින්ට දණ නමස්කාර කිරීමට සූදානම්ද යන්න මතය.

යම් කෙනෙකුන් පාලක රෙජීමයට එරෙහිව යන්නේ නම් හෝ ඔවුන් ව විවේචනය කරන්නේ නම් එම පුද්ගලයා දේශද්‍රෝහියෙකි, පාවාදෙන්නෙකි, බටහිර අධිරාජ්‍ය වාදීන්ගේ අත කොලුවකි, NGO කුමන්ත්‍රණ කරුවෙකි, දුෂ්ටයෙකි, බෑන් කී මූන්ගේ ඒජන්තයෙකි, සොරෙකි , මිනීමරුවෙකි,පිශාචයෙකි,………………………..

පාලකයින් ගේ අත්තනෝමතිකත්වය , ඒකාධිපතිත්වය , දූෂණ , වංචා ආදියට එරෙහිව යමෙකු හඬ නගන්නේ නම්, එම හඬ නගන්නාට එරෙහිව ඉහත නාම කරනයන් යොදා ගනිමින් තදින් පහර දීමට සූදානම් පිරිසක් සිටිති. මාධ්‍ය භාවිතය ගණිකා වෘත්තියේ යොදවන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගොන්නක්ද , ආණ්ඩුවේ විවේචකයින්ට දේශද්‍රෝහී ලේබලය අලවමින් ඔවුන්ව දන් ගෙඩියට දැක්කීමට සහය දෙන හා ඒ වෙනුවෙන් මහජන මුදල් තම සැප විහරණයට යොදා ගැනීමට අවසර ලබා සිටින හිටපු ඊනියාවිප්ලවවකාර හා අද විහිලු කාර උපවාසවංශලාත් , උපවාසවංශ ලාගේ එල්ලී ඒ පිහිටෙන් රජ සැප විඳින දේශහිතෙෂි දත් දොස්තරලාත් බෙන්ස් කාර් වල නැගී වේගයෙන් ධර්ම රාජ්‍ය කරා යමින් සිටින ගණින්නාන්සේ ලා හා තට්ටේ බාගෙන සිටින ඇබිත්ත කොලුවනුත් ඒ අතර ප්‍රධානය.

දේශීය වශයෙන් මෙවැනි ද්‍රෝහියෙකු සොයා ගත නොහැකි නම් විදෙස් රාජ්‍ය නායකයෙකු, අන්තර් ජාතික සංවිධානයක නායකයෙකු වැනි ඕනෙම කෙනෙක් අල්ලාගෙන පතුරු ගැසීම මොවුන්ගේ සිරිතය . ජනතාවගේ සිත් තමන් පෙලන සැබෑ ප්‍රශ්න වලින් ඉවත් කර දේශප්‍රේමයේ ගිල්වා තැබීම මුන්ට පැවරී ඇති වගකීමය.

දේශීය වශයෙන් ආණ්ඩුවේ විවේචකයන් වන ජවිපෙ , එජාප, ෆොන්සේකා වැන්නවුන් පමණක් නොව නොර්වේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය , බෑන් කී මූන් , දරුස්මාන්, හා ඇමෙරිකාව ද මොවුන්ගේ ප්‍රහාරයට ලක් වන්නේ මේ නිසාය. මෙම ප්‍රහාර එල්ල කරන තරමටය මොවුන්ගේ කුස පිරෙයි. බැංකු ගිණුම් තර වේ.

පහර දීමට කිසිවක් හෝ කිසිවෙක් සොයා ගත නොහැකිනම් මොවුන් තම සිතෙන් මව ගත සතුරෙකුට හෝ පහර දී ජනතා අවධානය ඒ වෙත යොමු කිරීමට උත්සාහ ගනිති. මේ දින වල ඔවුනගේ සතුරා වී ඇත්තේ ආසනික්ය. විදෙස් සවාරි ලැබේ. මොවුන් අතර සිටින එක දේශ හිතෙශියෙක් තමන් පොදු දේපල කිසිවක් තම පෞද්ගලික පරිහරණයට නොගන්න බවත් , අඩුම තරමෙන් රජයේ වාහනයක්වත් භාවිතා නොකරන බවත් , රාජකාරි සඳහා ගමන් කරන්නේ පවා දුම්රියේ බවත් නිතර කියයි. එහෙත් සං විධානයට ලැබෙන මුදලින් සුඛෝපභෝගී දිවියක් ගත කරයි.

මා මේ ඊනියා දේශප්‍රේමින් මොන විදියේ මිනිසුන්දයි මෙසේ ලිව්වේ ඔවුන් විසින් පතුරු ගැලවීමට සියලු සුදුසුකම් සපුරා සිටින අලුත් ද්‍රෝහියෙකු ගැන කියන්නටය. ඒ අන් කිසිවෙක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ය. ඔහු පසුගියදා ලෝර්ඩ්ස් හිදී කල සුප්‍රකට දේශනයේදී, කුමන හෝ හේතුවක් නිසා, ලංකාවේ ක්‍රීඩා පරිපාලනය දැඩිව විවේචනය කළේය.

ඔහු එය කලේ කුමන හේතුවක් නිසාදැයි අපි නොදනිමු . එය වැදගත් නැත. කුමන හෝ හේතුවක් නිසා ඔහු තමන් පෙම් කරන ක්‍රිකට් වෙනුවෙන් සටන්වදින්නට තීරණය කර ඇත. ඔහු එය කලේ එහි ඇති අවදානම නොදැන විය නොහැක.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීයකරණය වීම නිසා විනාශ වෙමින් පවතින බව ඔහු තම දේශනයේදී අවධාරණය කල අතර එය පැහැදිලිවම රටේ පාලකයින් වෙත එල්ල කල අභියෝගයකි. ඔහු නොබියව එම අභියෝගය එල්ල කලේ පාලකයින්ට අභියෝග කල ජනරාල් ෆොන්සේකා වැන්නවුන්ට වුනු ඉරණම පවා දැක දැකය.

විශ්‍රාම වැටුප් සටනට එක වූ කටුනායක කම්කරුවන්ද වැටුප් සටනේ යෙදී සිටින සරසවි ඇදුරන්ද ආදී වශයෙන් වූ පිරිස් දැන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැඩි පිරිස් අප මේ දින වල දකිමින් සිටිමු. ඔවුන් තම පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් වුව මේ සටන් වදින්නේ අප කලින් කී වන්දිබට්ටයින් විසින් අනභිබවනීය යැයි ඔසවා තැබූ රෙජිමයකට එරෙහිවය. මේ පිරිස් වල දැඩි පහර දීම් වලට ගොදුරු විය හැකි බව දැන දැන ය. තමන්ට අවලාද අපහාස වලට ගොදුරු වන්නට සිදු විය හැකි බව දැන දැන ය.

සංගාට එරෙහි සටන දැනටමත් ඇමති අලුත්ගමගේ විසින් පටන් ගෙන ඇත. උපවාසවංශ ඇතුළු ඊනියා දේශප්‍රේමින් ඒ පසු පසින් කඩු අමෝරා ගෙන සංගක්කාරට එරෙහිව සටනට එනු ඇත.

එංගලන්තය වැනි අධිරාජ්‍යවාදී රටකදී තම රට විවේචනය කිරීම මහා ද්‍රෝහී කමක් බවත්,සංගක්කාර අධිරාජ්‍යවාදීන්ගේ ඉත්තෙකු බවත් අපට ළඟදීම වන්දිබට්ට මාධ්‍ය හරහා ඇසෙන්නට ලැබෙනු ඇත. එසේම සංගක්කාර මුදලට තරඟ පාවා දුන් කෙනෙක් බවටත්, ඔහු දිගටම තහනම් උත්තේජක භාවිතා කල අයෙකු බවටත් මේ හොර දේශප්‍රේමී තක්කඩි රැල අපිට නොපැවසුවොත් එය මහා පුදුමයක් වනු ඇත. කෙටියෙන් කිවහොත් සංගා දැන් දේශද්‍රෝහියෙකි, පාවාදෙන්නෙකි, බටහිර අධිරාජ්‍ය වාදීන්ගේ අත කොලුවකි, NGO කුමන්ත්‍රණ කරුවෙකි, දුෂ්ටයෙකි, බෑන් කී මූන්ගේ ඒජන්තයෙකි, සොරෙකි , මිනීමරුවෙකි,පිශාචයෙකි,………………………..

සංගා එයට මුහුණ දෙන්නේ කෙසේදැයි අප නොදනිමු. නමුත් මීට ප්‍රථමයෙන් ද අප කීවාක් මෙන් මේ එළඹෙන්නේ ඒකාධිපතිත්වයට එරෙහිව සටන් වදින යුගයයි. දැනට එය ඇත්තේ තැන තැන වල ඇවිලෙන හුදකලා කැරලි වශයෙන් පමණක් වුවත් අනාගත එතරම් අඳුරු නොවන බව සංගා ඒ ගැන ඔහු නොසිතාම අපට නැවතත් සිහිපත් කර දෙයි. ඔහු නොසිතාම එසේ කළා යැයි යැයි මා කියන්නේ ජනතා අයිතීන් සඳහා වන පොදු සටනේ දී සංගා ලා බොහෝ විට කොටස් කාරයින් නොවෙන බැවිනි. සමහර විට ඔවුන් සිටින්නේ බැරිකේඩයේ අනිත් පැත්තේද විය හැකි බැවිනි.

එසේ වුවත් එයින් ඔහු අද මේ කල කතාවේ වැදගත් කම කිසිසේත් අඩු නොවන්නේය.

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: දුෂ්ටයන්, වීරයන්, […]

  2. miumax says:

    සංගා කියපු දේ හරියටම හරි. මට හිතෙනවා සංගා මේක වර්ල්ඩ් කප් එක හිතලා ඉන්දියාවට පරදින්න කියලා කියපු කතාවට දක්වපු ප්‍රතිචාරයක්ද කියලා.

  3. tom and jerry says:

    //මෙහි කෙනෙකු ද්‍රෝහියෙකු හෝ වීරයෙකු බවට තීරණය කෙරෙන්නේ ඔහු කොතරම් දුරට පාලකයින්ට දණ නමස්කාර කිරීමට සූදානම්ද යන්න මතය. //
    මෙම තත්වය මෙසේ නොවන රටක්/පාලනයක් තිබේ ද? විපක්ෂ දේසපාලකයන් හැරුනු කොට අන් අයෙක් රජයක් විවේචනය කලොත් ඔහු දේශ ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැහෙනවා නේද?

    • Buwa says:

      අපෝ නැහැ … හැබැයි ඉතින් චීනේ , සහ තවත් ගිණිකොන දිග ආසීයානු රටවල් වල නම් එහෙම ඒවා තියනව . ප්‍රජාත්න්ත්‍රවාදය තියන රටක ඕනිම අදහසක් ප්‍රකාශ කරන්න ඕනි කෙනෙකුට පුලුවන්

    • ජුලියස් සීසර් says:

      ඔබ නොදන්නවා වුවත් එවැනි බොහෝ රටවල් තිබේ.

      උදාහරණයක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ගතහොත්, බුෂ් ඉරාකයට පහරදීම හෙලාදකින උද්ඝෝශන ඕනෑතරම් පැවති අතර බොහෝ ප්‍රසිද්ධ චරිත ඒවාට සහය පලකරන ලදී. නමුත් ඒ කිසිවෙක් දේශද්‍රෝහීන් ලෙස නම්කරන ලද්දේවත් පහරදෙනු ලැබුවේවත් නැත!

      මෑතකදී සිදුවූ විකිලීක්ස් හෙලිදරව්වේදීද සිදුවූයේ සමාන දෙයකි. ඊට සහාය පලකරන්නන් ඕනෑතරම් සිටි නමුත් ඒ කිසිවෙක් දෙශද්‍රෝහී යැයි නම් කෙරුනේවත් මර්ධනය කරන ලද්දේවත් නැත!

    • tom and jerry says:

      @ Buwa & ජුලියස් සීසර්, පිළිතුරු වලට බොහොම ස්තුතියි. මේ ගැන හොයද්දි මෙහෙම විස්තරයක් හම්බවුනා.

      • ජුලියස් සීසර් says:

        ඔබේ සබැඳියේ ඇති ලිපියෙන් කියවෙන්නේ රාජ්‍ය පාලකයින්ට පුද්ගලිකව අපහාස කිරීම නිසා විවිධ රටවල පුරවැසියන්ට විඳින්නට වූ දඬුවම් ගැනයි…

        නමුත් ඇට මැස්සා මේ ලිපියේ සඳහන් කරන්නේ එවැනි දෙයක් නොවේ… මෙහි කියැවෙන්නේ රාජ්‍ය මතයට එරෙහිව තම පුද්ගලික මතවාදය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමම/ ඔවුන්ගේ වැරදි ප්‍රසිද්ධියේ විවේචනය කිරීමම, ලංකාව තුල පුරවැසියන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමට ලක්වන වරදක් වී ඇති බවයි…

        ඔබ පවතින රජයට විරුද්ධ වීම හා රටට ද්‍රෝහීවීම කණගාටුදායක ලෙස පටලවාගෙන ඇති බවයි මට නම් පෙනෙන්නේ! මේ රටේ දැන් සිදුවී ඇත්තේද එයමයි!!!

        ඔබේ සබැඳියේ ඇති ලිපිය ගැන කියනවානම්, ඒ ලැයිස්තුවේ ලංකාව නැතිවීමට එකම හේතුව ලෙස මට නම් පෙනෙන්නේ, වර්ථමාන නායකයන්ට හෝ ඔවුන්ගේ ගෝලයන්ට ඔය ලෙස අපහාස කල අයට සිදුවූ දෙය කවුරුත් දැන නොසිටීමයි… එහෙම කල උන්ට ලංකාවෙ නම් ඇඩ්‍රසුත් නෑ!!!

  4. Malith says:

    මේකට මහින්ද අසුචි සුන්ද‍ර තවම විශ්ලේෂනයක් ක‍රල නැද්ද.

  5. Sujeewa says:

    මම ඉන්නේ හරි මැද.

    මොන හේතුවක් හින්දා කිව්වත් සංගා කලේ හරි වැඩක්. ක්‍රිකට් ආයතනය හොර ගුහාවක් බව ඇමති වරුත් පිලි ගත්තනේ. ඕකට ගලක් ගහන්න හැකි දෙතුන් දෙනාගෙන් එකෙක් සංගා. හැබැයි ඔබටත් විශ්වාස නැති ඔහුගේ සටනේ සාමාජිය දිගුව නම් කොහොම වෙයිද දන්නේ නැහැ. බුරුවන්සේ උද්ඝෝෂණ කරද්දී සංගා රජතුමා එක්ක කරේ අත දාගෙන ෆොටෝ එකක් ගහන්නත් බැරි නැහැ.

    ක්‍රිකට් කියන්නේ හරි අවිනිශ්චිත ක්‍රීඩාවක්.

    මහින්දගේ ඒකාධිකාරයට එරෙහි හුදකලා සටන් පොදු තැනකට නොඑන්නේ පීඩනය නිසා නොවේ. මුලික ප්‍රශ්නය මහින්දගේ අනුප්‍රාප්තිකයා කවුද යන්නයි. මහින්ද ට වඩා විශ්වාස කටයුතු මනුස්සයෙක් හොයා ගන්න බැරුවයි පොදු මිනිසුන් ඔහුට සහය දක්වන්නේ.

    මෙයට ඔබට වෙනස් පිළිතුරක් තියෙන්න පුළුවන්. සමහර විට ඔබ යම්කිසි දේශපාලන මතයක් කඳවුරක නියෝජනය කරනවා නම් ඔබ කියයි අපේ අයිඩලයක් ඉන්නවා පොර තමයි බුවා කියලා. නමුත් මා ද ඇතුලත් පොදු ජන විඥානය ඔය මතවාදී කඳවුරු වලිං එළියේ ඉන්නේ. ව්කාරබාහු, විජේ ඩයස් වගේම නලින් ද සිල්වා බුරුවන්සටත් එළියෙන් ඉන්නේ. මේ මිනිසුන්ට පිළිගත හැකි ප්‍රායෝගික නායකත්වයක් විකල්ප පාර්ශ්වයේ නැහැ. පුරවැසි පාලනයක් දියුණු ලෝකයේවත් තවම වෙලා නැති නිසා ශක්තිමත් නායකත්වය තවමත් ප්‍රභල සාධකයක්. ඔතනයි රජතුමාගේ පැවැත්ම තියෙන්නේ.

    ප්‍රශ්නය හරියට හඳුනා නොගෙන ස්ලෝගන හා ලේබල් වලින් ජිවත් වීම නිසයි අපේ විප්ලව ව්‍යාපාරවල ජස්මින් සුන්ද වෙනුවට කරවල ගඳ එන්නේ.

  6. roshan says:

    ජනාධිපති උතුමාගේ සම්බන්ධයක් නැතිව අම්මලාටවත් කිරි නොඑරෙන්නාවූ රටක ඒ උත්තමයා ගැන කිසිදු සදහනක් නොකොට මේ පුගුලා රටේ ඉතිහාසය ගැනත් ක්‍රිකට් හා අපේ උරුමය ගැනත් කතා කර තිබේ.

    අර්ජුන කියා කෙනෙක් ක්‍රිකට්වල සම්බන්ධව සිටි බව අමතක කළ රටකට මේ පුගුලා ඒ දේශදෝහියාව නැවත මතක් කර දුන්නේ ය.

    දෙමලාට කිසිදු හිරිහැරයක් නොකළ අපේ උත්තම භූමිය තුළ දෙමලුන්ට තාඩන පීඩන කළ හැටි ගැන කතන්දර හදා කීවේ ය.

    පරිපාලකයින් අතින් කිසිදු වැරැද්දක් සිදු නොවන රටක උන් වැරදි යයි කියා සිටියේ ය.

    වෙන එකක් තබා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට අප රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගසන ලෙස ආරාධනා කළේ ය.

    තමන් සිංහල බෞද්ධයෙක් බව කියන්නේ නැතිව වෙන මනස්ගාත ගොඩක් ද කීවේ ය.

    එහෙව් එකෙකු වීරයෙකු වන්නේ කෙසේ ද? මූ නම් සැබෑ ම දේශද්‍රෝහියෙකු යැයි මට සිතේ. එසේ නොවුනහොත් මට දේශප්‍රේමියෙක් වන්නට බැරිවන්නේ ය.

  7. Kathandara says:

    මං නං හිතන්නේ නෑ ඔය කතා සංගා කීවාය කියලා.
    චැනල් 4 එකෙන් ඩබ්කරලා වගෙයි නේද?

  8. ;-( says:

    හික් හික්
    කතන්දර ++
    එක අතකට සංගක්කාර ලංකාවට ඇවිත් මේක ඩබ් කරපු එකක්, මම නම් ඔහොම කිව්වේ නෑ කියලා කිව්වත් මේ යන විදියට මට නම් පුදුම නෑ … 🙂

  9. Kanishka says:

    නොදකින් තව ෆොන්සේකා කෙනෙක්..කියන්න ඕනි දේ කොතනද කියන්න ඕනි කියල දන්නේ නැහැ.

    • ජුලියස් සීසර් says:

      දැන් කොතනද ඕක කියන්න ඕනෙ???

      • suranga says:

        අරලිය ගහ මැදුරේ හෙහෙහෙහෙ…අනේ අපොය් කනිෂ්ක

  10. දුකා says:

    එකම මාතෘකාව සහ අන්තර්ගතය නිසා ඇල්කෙමියාගේ ලිපියටම දාපු කොමෙන්ටුව මෙතනත් දාන්නම් . .

    මට නම් හිතෙන්නේ සංගා රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනාගතේ ක්‍රිකට් ක්‍රීඩාවට එන්න ඉන්න අය වෙනුවෙන් යනවා නම් ගහල ගියාවේ කියලා හිතලා බෙල්ල දුන්නා කියල . . .

    දැන් මහින්දානන්දට තියෙන්නේ අර ලොකු කළු කන්නාඩි දෙකත් දාගෙන සංගාගේ බෙල්ල කපන එක විතරයි . . .

    හැබැයි රටේ කොයි තරම් ක්‍රීඩා ලෝලියෝ හිටියත් ඒ දේ කලා කියලා මහින්දානන්දට නරක නාමයක් වත් ආන්ඩුව අස්ථාවර වෙන්නේ වත් නෑ කියන දේ ඔවුන් දන්න නිසා ඒ දේ කරන්න ඔහු දෙපාරක් නොහිතන්නත් ඉඩ තියෙනවා.

    (අවුරුදු 30ක් බැටකාපු යුද්දේ දිනවන්න මහන්සි වුනු නායකයෙක් හිරේ දාලත් වගේ වගක් නැතුව ඉන්න මහජනතාවකට ක්‍රිකට් නම් මොනවද?)

    • No Frames says:

      @ දුකා

      //අවුරුදු 30ක් බැටකාපු යුද්දේ දිනවන්න මහන්සි වුනු නායකයෙක් හිරේ දාලත් වගේ වගක් නැතුව ඉන්න මහජනතාවකට ක්‍රිකට් නම් මොනවද?

      ඔබ ෆොන්සේකාට සරම ඉස්සීම දිගින් දිගටම කරන බව අපි දනිමු. ෆොන්සේකා විසින් කියන ලද සුදු කොඩි කතාව අද දුර දිග ගොස් තිබෙන තරම පැහැදිලිය. චැනල් 4 වීඩියෝව මහින්ද, ගෝටා, ඹැසිල් සහ ශවේන්ද්‍ර ගැන පමණක් කතා කොට ෆොන්සේකා ගැන නිහඬ වන්නේ චැනල් 4 හා ෆොන්සේඅකා අතර ඇති යම් කාලකණ්නි සම්බන්ධතාවයක් නිසාද? ෆොන්සේකාට සරම උස්සන ඔහුගේ ෆෑන්ස්ලා මේ පේළි අතර පනිවුඩය කිසි දින නොකියවති. හිරේ තපින්නේ රණවිරු ෆොන්සේකා නොවේ. බෙදුම් වාදීන් හා එකට සයනය කල දෙශපාලන ෆොන්සේකාය. එය තේරුම් ගැනීමට තරම් දුකා ගොන් තැම්බක් නොවන බව අපද සිතමු.

      • gadfly says:

        දුකා කෙසේ වෙතත් නෝ ෆ්‍රේම් ගේ මොලය නම් ගොම තැම්බක් බව ඔහු දමන කොමෙන්ටු වලින් පෙනේ

        • No frames says:

          කොටුවේ කා තිබූ වී අහවර කර කොටු පතුල අත ගගා කොඳුර කොඳුරා ඉන්නා ඇට මැස්සා දෙස බලනු මැනව! ඔබට ඉදිරිපත් කිරීමට තාර්කික යමක් නැත්නම් නිරුවත පෙන්වීමෙන් වලකින් මෙන් ඉල්ලා සිටිමු

          • gadfly says:

            සභ්‍ය අසභ්‍ය බවේ සීමාවන්වත් තේරුම් ගත නොහැකි නෝ ෆ්‍රේම් යා තාර්කික බවක් ගැන කතා කිරීම මහත්ම විහිළුවකි. තමන් විසින්ම සිතෙන් හද ගත සතුරන් සමග සටන් කිරීම දේශප්‍රේමයක් නොව මානසික රෝගයකි.

      • Chamil says:

        අපගෙ විරොධයද එයයි.රනවිරු ෆොන්සෙකා සිරගෙට දමා දේශපලන ෆොන්සෙකාට නිදහසේ දේශපලනයට ඉඩ දිය යුතුයි.

  11. indika27 says:

    කිසිවක් සිදු නොවනවායැයි සිතන රටක
    කිසිවෙකුගේ බලකිරීමකින් තොරව..අනේ මන්ද..

  12. tom and jerry says:

    මට නම් සංගාගේ කතාව අහනකොට හිතුනේ මේ කතාව too politically correct කියලා. මේක ලියන්න ඇත්තෙ මහ රජාගෙ කතා ලියන කෙනා වෙන්න පුලුවන්. එතකොට මේ ඇමතියගෙ විමර්ශනය අලුත් පඩ සංදර්ශනයේ අංගයක් වෙන්නත් පුලුවන් නේද? මතක ඇතිනෙ සංගාගෙ ලෝක කුසලාන කතාව.

  13. NP says:

    දැන් සංගව කපයි. අන්තිමට ඒකෙන් කාටද පාඩු වෙන්නේ? සංගටද? නෑ රටට.
    ගුරුසිංහ, මහානාම වගේ තොපි බම්බු ගහගනින් කියලා සංගත් රට යයි.

  14. No Frames says:

    ඇට මැස්සා විසින් “සංගා ගේ කණේ පහර මහින්ද රෙජීමයට පමණක්ය” යන බොලඳ සිතිවිල්ලෙහි පසුවෙයි. ඔහු විසින් කණේ පහර ලබා දුන්නේ ක්‍රිකට් ඩේශපාලනීකරණය කල සියල්ලන්ටමය. එයට අර්ජුන රණතුංගලා, හෂාන් තිලකරත්නලාත් ඇතුලත්ය. එයෙ එසේ නැතැයි සිතමින් සංගා තම ගොඩට දාගෙන ඇට මැස්සා ලබන්නේ ළදරු සන්තෝසයකි.

    //නමුත් මීට ප්‍රථමයෙන් ද අප කීවාක් මෙන් මේ එළඹෙන්නේ ඒකාධිපතිත්වයට එරෙහිව සටන් වදින යුගයයි

    මේ ඇට මැස්සාගේ තවත් විකාරරූපී සිහිනයකි. සිතෙන් මවාගත් ඒකාධිපතියාට ඇට මැස්සා පහර දෙන්නේ පහර දීමට යමක් වුවමනා බැවිණි. එනම්, සතුරකු අවශ්‍ය බැවිණි. ඇත්තෙන්ම කියනවා නම් සංගා කලේ ආණ්ඩු පෙරළීමක් නොවේ. එසේ යයි සිතන්නෝ ජස්මින් ලෙස තම බොම්බිලි ගඳ පාන්නෝය.

    • gadfly says:

      ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ ,සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ

      නෝ ෆ්‍රේම් මහත්මයාණනි

      සංගා ගේ කතාව ආණ්ඩු පෙරලීමක් නොවන බව අපි දනිමු . එහෙත් රට සහ පොදු දේපල තමන්ගේ පෞද්ගලික දේපල කැයි සිතා සිටින පාලකයින් මොන පිස්සුව කෙලියත් ඊට එරෙහි වන්නට බිය ජනතාවක් සිටින සහ එවැනි අවකල් ක්‍රියා අනුමත කරන්නට සෑදි පැහැදී සිටින නෝ ෆ්‍රේම් බඳු වන්දී බට්ටයින් බහුල රටක , අඩුම වශයෙන් තමන්ගේ ක්‍රීඩාව හෝ එයින් මුදා ගැනීම වෙනුවෙන් කතා කරන්නට සංගා ඉදිරිපත් වීම අපි අගය කරමු. අප ලිව්වේ එයයි. මිනිසෙකුට වාතයක් ගියත් රජාට එරෙහිව බටහිර කුමන්ත්‍රණයකි යි හඬ නගන්නේ නෝ ෆ්‍රේම් ලා මිස අප නොවේ.

      • No frames says:

        ඇට මැස්සාණෙනි (ලිංග බේදය නොයොදමි, ඔබ කාන්තාවක වීමට වැඩි ඉඩක් ඇති නිසා), ඔබේ පිළිතුර නවතත් කියවා බලන්නේ නම් මැනවි. මිනිසෙකුට ගුද වාතයක් ගියත් ගඳට හේතුව රාජපක්ෂ යයි කියන ඇට මැස්සලා අතින් අපි මධ්‍යස්ථ විචාර බලාපොරොත්තු නොවෙමු. නම්ජුත් වෙනෙකෙකු මද්යස්ථ විචාරයක් කර අති කල්හි ඔහු තම්න්ගේ ගොඩට දා ගන්නා පීචං ප්‍රතිපත්තියට නම් අපි විරුද්ධ වන්නෙමු.

        “අඩුම වශයෙන් තමන්ගේ ක්‍රීඩාව හෝ එයින් මුදා ගැනීම වෙනුවෙන් කතා කරන්නට සංගා ඉදිරිපත් වීම අපි අගය කරමු”

        එසේ කරන්නේ නම් එය අපේ සතුටට කරුනකි. එනමුත් ඔබ බස් වහර බලන විට පෙනෙන්නේ ඔබේ උමතු දේශපාලන වාදය වෙනුවෙන් සංගා ඉත්තෙක් කර ගෙන ඇති වගකි. අපට සංගා ගැන බලවත් විවේචන ඇත (ඒවා එංගලන්ත සංචාරය ඇරඹීමට පෙරම ඉදිරිපත් කළෙමු.). නමුත් මෙහිදී අපි ඔහු හා එකඟ වෙමු. මන්ද අප ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඹැවිනි. එනිසාම ඒ ක්‍රීඩාව ඇට මැස්සලාගේ පටු දෙශපාලන අරමුණු හා සයිබර් විප්ලව උදෙසා ගණිකා වෘත්තියේ යෙදවීමට අප විරුද්ධ වෙමු

        • gadfly says:

          ඇට මැස්සා මැස්සෙකු ද මැස්සියකද යන්න ශිෂ්ට ලෝකයට නම් ප්‍රශ්නයක් වනු ඇතැයි මමන් නොසිතමි. ස්ත්‍රී පුරුෂ ලිංග බේදය බදා ගනිමින් ස්ත්‍රීන් පහත් ජාතියක් යැයි සිතන නෝ ෆ්රෙමයා වැන්නවුන් මානසික මට්ටම් තේරුම ගත හැකි අපට ඔවුන් රාජපක්ෂ වන්දනාවෙන් දිවි සරි කර ගැනීම ගැන පුදුම නැත.

          එසේම තමන්ගේ හිත හදා ගැනීම උදෙසා සංගා ගේ විචාරය මැදහත් එකක් යැයි කියන නෝ ෆ්‍රේම් ට අප අනුකම්පා කරමු. නමුත් ඔහුගේ දේශනය ක්‍රීඩාව දේශපාලනීකරණය කර දූෂණ වංචා කරන වුන්ට එල්ල කල කනේ පහරකි. අද දිනයේ ක්‍රීඩාව දේශපාලනීකරණය කරන්නේ කවුද යි යන්නත් එයින් මුදල් ගසා කන්නේ කවුද යන්නත් නෝ ෆ්‍රේම් නොදැන සිටියත් අබ ඇටයක ප්‍රමාණයක්වත් මොලේ තිබුනා නම් ලේසියෙන්ම දැන ගන්නට ඉඩ තිබුණි. වැඩි කතා ඕනේ නැත නෝ ප්රෙමයානනි. තමන්ගේ විකාර මනෝ සිහින වෙනුවෙන් කෝටි සියගණන් මුදල් නාස්ති කරමින් හම්බන්තොට ක්‍රීඩා පිටි තැනුවේ කවුද යන්නත් සනත් ජයසූරිය නැවත කණ්ඩායමට රිංගුවේ කෙසේද යන්නත් ඔබ දන්නෙහිද? .

        • No frames says:

          ස්ත්‍රීන් පුරුෂය්න්ට වඩා පහත්ය යන මතය මා කොතැනක්වත් ඉදිරිපත් කර නැත. නැවත වරක් ඇට මැස්සා සිතින් සතුරු ආකල්පයක් මවා ගෙන ඊට පහර පිට පහර දෙයි. මේවා ලෝක විහිළුය!

          සංගා කණේ පහර දෙන්නේ අද දෙශපාලකය්න්ට පමණක්ය යන්න මතු කිරීම තුලින් ඇට මැස්සාගේ පාර්ශවික භාවය හා ඔහු තමන්ගේ ගොඩට දා ගැනීමේ මහා වුවමනාව මොනවට පැහැදිලි වේ. සංගා කනේ පාර දෙන්නේ 1996 සිට සිටි සියළුම දෙශපාලකයන්ට වන අතර ඔහු එයට පක්ෂ බේදයක් ඇද නොගනී. එයට ඇන්ටි-මහින්ද ස්වරූපයක් කවා සංගා තමන්ගේඅ මතවාදය වෙනුවෙන් කඩේ යැවීමට ඇට මැස්සා කරන්නේ අසාර්ථක උත්සාහයකි.

          හම්බන්තොට ක්‍රීඩාංගණය අවශ්‍යතාවයකි. ඇට මැස්සාගේ අමාරුව එය හම්බන්තොට සාදූවාටය. සමහර විට යාපනයෙ සාදුවා නම් සතුටු වන්නට ඉඩ ටිබිණ. නමුත් එවිට වුවද ඒ මුදල් දෙමළුන්ට දිය හැකිව තිබුණු බවට කියමනක් ඉදිරිපත් කරනු ඇත. ඇට මැස්සාගේ ඇන්ටි-මහින්ද සෙන්ටිමන්ට් එක එහෙමය.

          ජයසූරිය කණ්ඩායමට රිංගුවේ නැත. ඔහුට සමු ගැනීමේ තරඟයක් ලබා දුන්නා පමණි. ඔහු මුළු තරඟාවලියම ක්‍රීඩා කල්ල නම් එසේ කිව හැකිව තිබිණ. නමුත් ජයසූරිය මෙරට සිටි විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයාය. ඔහුට සමු ඝැනීමේ තරඟයක් දීමේ එකම වැරැද්ද ඔහු මහින්දගේ පාර්ශවයෙන් ඡන්දය ඉල්ලීමය! සනත්ට පමණක් නොව වාස්ටත් සමුගැනීමේ තරඟාවලියක් දිය යුතු බව අප තරයේ අදහමු. ඇට මැස්සලාගේ ගුරු රැවුල් අයියලාට වඩා ජයසූරියලා, වාස්ලා මේ රටට සේවය කර ඇත.

          • gadfly says:

            “ඇට මැස්සාණෙනි (ලිංග බේදය නොයොදමි, ඔබ කාන්තාවක වීමට වැඩි ඉඩක් ඇති නිසා)” ලියන්නේ මා ලියු දෙය පහත කිරීමට යන්න නොතේරෙයි යයි ඔබ සිතන බවක් පෙනේ. එසේ කියන්නේ ඔබේ අදහස ස්ත්‍රීන් පුරුෂය්න්ට වඩා පහත්ය යන නිසාය. වර්ගවාදී ගොහොරුවක ගිලී සිටින ඔබ වන්නන් කාන්තාවන් කෙරෙහි දක්වන්නේද සුළු ජාතින් කෙරෙහි අක්වන ආකප්ල්මය බව මෙයින් ඉතා හොඳින් පෙනී යයි.

            සංගා පහර දෙන්නේ අද දෙස්පාකයින්ට පමණක් නොවේ , ඔහු 96 සිට සිටි සියලු දෙනාටම පහර දෙයි ආදී වශයෙන් හිතළු ගොඩ නගමින් තමන්ගේ ස්වාමියන්ට වැදුණු පහරේ සැර බාල කරගන්නට තැත් කරමින් ස්වයන් වින්දනයක යෙදෙයි . එයට අපේ අනුකම්පාව..

            හම්බන්තොට ක්‍රීඩාංගනය , අන්තර් ජාතික මට්ටමේ ක්‍රීඩාංගන ඇති පමණ රටේ තිබියදී තවත් ක්‍රීඩාංගන යක අවශ්‍යතාව කුමක්ද? කාටද? මෙය හුදෙක් තම ගමට කළා යයි කියන්නට කෝටි ගණන් දනය කබාසිනිය කිරීමක් පමණි. රටේ ජනතාව අමාරුවෙන් වෙලා ගැට ගසා ගනිද්දී මෙවන් පිස්සු නැටීම් අනුමත කල හැක්කේ නො ෆ්‍රේම් බඳු වන්දි බට්ටයින්ට පමණි.

            හම්බන්තොට හා යාපනය ගැන කියා ඇති දේවලට පිළිතුරු සැපයීම අවශ්‍ය නොවේ. මේ නො ෆ්රෙම්ලා කොතරම් වර්ගවදින්ද යන්න ඔහුම ඔප්පු කර තිබේ.

            සනත් යනු දැන් ඒ හිටපු සුපිරි ක්‍රීඩකය නොව තම දේශපාලන බලය ක්‍රීඩාව තුලට ගෙන එන තවත් කාසි කබල් දූෂිත දේශපාලකයෙක් පමණි. ක්‍රීඩාවෙන් ලැබෙන මුදලට පෙරේත වී කණ්ඩායමේ එල්ලෙන්නට තැත් කර ඔහු ක්‍රීඩාවෙන් උපයාගත් කීර්තිය සම්පූර්ණයෙන්ම නැති කරගත්තේය. ඒ නො ෆ්රේම යා බඳු වුන්ගේ උපදෙස් අසා විය යුතුය.

            • Lomba says:

              [සනත් යනු දැන් ඒ හිටපු සුපිරි ක්‍රීඩකය නොව තම දේශපාලන බලය ක්‍රීඩාව තුලට ගෙන එන තවත් කාසි කබල් දූෂිත දේශපාලකයෙක් පමණි]

              හොහ්, හොහ්, හහ්, හොහ්! ඇට මැසි පුතේ, පොන්සේක උන්නැහේත් ඕමයි නේද? අර අර්ජුන උන්නහෙත් ඔය විදියමයි නේද?

  15. ලෝකයා says:

    ඇටමැස්සාගෙන් මැදහත් විචාර බලාපොරොත්තු විය නොකැකි නම් මැදහත් විචාර බලාපොරොත්තු විය හැක්කේ කාගෙන්ද? පෙරමුණේ රාළගෙන්ද? පද්දාගෙන්ද? නිර්-රාමුවාගෙන්ද? හැමදාම මහරජාගේ අසුචි භක්ෂණය කරමින් සිටින මේ සෙට් එක කවදාවත් මැදහත් වූ දවසක් තිබේද?

  16. අපූරුවා says:

    @ ඇට මැස්සා,
    රජා වමාරන ඕනෑම දහජරාවක් දෑත බදා වැළඳාගනු ලබන නොපෙරේමයා වැනි කැනහිලුන්ගේ ‍තර්කවලට පිළිතුරු බැඳීමට යාම වටිනා කාලය නාස්ති කර ගැනීමකි.

  17. ජුලියස් සීසර් says:

    ඔය ‘හම්බන්තොට ක්‍රීඩාංගනය’ යැයි හඳුන්වන්නේ ‘මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය’ යැයි එදා පුන පුනා වැහැරූ රජතුමාගේ ගමේ පිට්ටනියමද???

  18. hewaya says:

    world cup eka dinuwanam sangata wenne cup eka rajatumata deela fonseka wage hireta yanna.eda yantham beeruna,raja udahasata lakwela hireta yannada hadanne putho.

  19. […] තිබේ. ජැස්මින් සුවඳ පතුරන්නට ගොස් තම බොම්බිලි ගඳ පැතිරවූ අපේ රටේ යතුරු පුවරු විප්ලව […]

  20. පද්දා says:

    පුක නෑ වගේ නේද බොලවු?

    Gota lauds Sangakkara

    • tom and jerry says:

      ඕකනෙ මම කිව්වෙ. මේකෙයි ලෝක කුසලාන කතාවෙයි දෙකේම කර්තෘ එක්කෙනාමයි. මහින්දගෙ අනුදැනුම නැතිව මහින්දානන්දව විවේචනය කරයිද?

  21. @ Lomba,

    හරියට ම හරි.සනත් විතරක් නෙවේ, ඔය ලැයිස්තුවමට ජානක පෙරේරා, හෂාන් තිලකරත්න එහෙමත් දාත හැකියි

    (comment එක පරක්කු වැඩි ද මන්දා)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s