කේක් කෑල්ලට යට වූ පත්තර කලාව

Posted: July 6, 2011 in Uncategorized
Tags: , ,

ඩෙංගු වසංගතය ආයේ සැරයක් රට  ගිලගන්නවා.  දැනටමත් හැත්තෑ ගානක් මැරිලා.  මේ ගැන කිසි දෙයක් නොකරන  සෞඛ්‍ය බලධාරියෝ  ජනතාවට දඩ ගහලා උන්ගේ අතේ තියෙන තුට්ටු දෙකට කෙලවන්න ලෑස්ති    වෙනවා.
 
මීට අවුරුද්දකට එකහමාරකට කලින් මේ වසංගතේ පැතිරෙද්දී මේ ලොක්කෝ අපිට කිව්වේ පොඩ්ඩක් ඉන්න කියුබාවෙන් බීටීඅයි බැක්ටීරියාව ගෙන්වනවා , එක ගෙන්වපු ගමන් මේ ප්‍රශ්නේ ඔක්කොම හරි යයි කියලා,  ඔය ඩෙංගුවා ආ ගිය  අතක් නැති කරනවා කියලා.
 
එහෙම කියලා රුපියල් කෝටි ගානක්  ගානක් මහජන මුදල් වියදම් කරලා කියුබන් බැක්ටීරියාව ගෙන්වූවා. හැබැයි  වෙච්ච දෙයක් නැහැ. කෝටි ගානක් වටිනා බීටීඅයි බැක්ටීරියා තොග  ගබඩා වල නාස්ති වෙන්න   ඇරියා.  බීටීඅයි ගහලා මදුරුවෝ මර්ධනය වුනානම් මදුරු කොයිල් විකිනෙයිද?
 
මේ අතරේ ගෑනු , පිරිමි , ළමයි තොග ගානේ ඩෙංගු හැදිලා මැරුණා. බීටීඅයි ගැන දැන් කතාවක්වත් නැහැ. මදුරුවොන්ගෙන් බේරෙන්න ඕනේ නම් මදුරු කොයිල් ගහපල්ලා කියලා නොකියා කිව්වා වගේ.
 
මේ අතරේ   මිනිස්සු අහන්න ගත්තා කෝ උඹල අර මහා ලොකුවට පම්පෝරි ගහලා ගෙන්වාපු බැක්ටීරියා කොහෙද , ඇයි ,මෙච්චර මිනිස්සු මැරෙද්දි ඒවා පාවිච්චි නොකෙරුවේ කියලා.
 
ඔන්න දැන් එලියට එනවා සත්‍ය ගවේෂී මාධ්‍යවේදිනියක්. ඒමන්ති. එයා තමා දිවයින පත්තරේ වෙනුවෙන් රටේ සෞඛ්‍ය බලා ගන්නේ.
 
සෞඛ්‍ය ලොක්කෝ එයාට කියනවා “කෙල්ලේ අනේ අපිව ගොඩ දාලා දීපන්කො , මේ කාලකන්නි අහනවනේ බීටීඅයි ගැහුවේ නැත්තේ ඇයි කියලා “
 
සෞඛ්‍ය ලොක්කෝ දෙන කේක් කෑල්ලක් කාල මේ නෝනා තමන්ගේ දේශප්‍රේමී, දේශහිතෙෂි පත්තරේට ලියනවා මෙහෙම ආර්ටිකල් එකක්.
 
“ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදන බී. ටී. අයි. බැක්‌ටීරියාව මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සඳහා යොදා ගත හැකි සාර්ථක මදුරු මර්දන උපක්‍රමයක්‌ නොවන බව අනාවරණය වී තිබියදීත් සෞඛ්‍ය බලධාරීන් එම බැක්‌ටීරියාව කෙරෙහිම විශ්වාසය තබා ක්‍රියා කිරීම පුදුමයට කරුණක්‌ බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. බී. ටී. අයි. බැක්‌ටීරියාව ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා කෙටි කාලීනව යොදාගත හැකි උපක්‍රමයක්‌ වුවද එය දිගුකාලීනව යොදාගැනීම විශාල මුදලක්‌ අපතේ යවන අසාර්ථක උපක්‍රමයක්‌ බව තහවුරු වී ඇතැයි එම වෘත්තීය සමිති පෙන්වා දෙයි. කියුබාව හා ඇමරිකා එක්‌සත් ජනපදය ඇතුළු බටහිර රටවල් විසින් නිපදවා ඇති බී. ටී. අයි. බැක්‌ටීරියාවන් එම රටවල පරිසරයට ගැලපෙන අයුරින් නිපදවා තිබීම නිසා ඒවා මෙරටට ගෙන්වීමේදී මෙරට පරිසරයට ගැලපෙන්නේ ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව පෙන්වා දෙන එම සෞඛ්‍ය වෘත්තීය සමිති පසුගියදා මෙරටට කියුබාවෙන් ගෙන ආ බී ටී අයි බැක්‌ටීරියාව මගින් ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීමේදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට මෙතෙක්‌ නොහැකි වී ඇතැයි අවධාරණය කළේය. “
මාරයි  නේද? දැන් වෘත්තීය සමීති තමා පරීක්ෂණ පවත්වලා සෞඛ්‍ය ලොක්කොන්ට උපදෙස් දෙන්නේ බැක්ටීරියා පාවිච්චිය හොඳ  නැහැ කියලා. ඒ උපදෙස් සෞඛ්‍ය ලොක්කන්ට යවන්නේ ඒමන්ති නෝනා හරහා වෙන්නැති. මොකද වෘත්තීය  සමීතී වුනත් දන්නවා  ඇතිනේ ,ඒමන්ති නෝනා සෞඛ්‍ය ලොක්කන්ව කොච්චර ලඟින් ආශ්‍රය කරනවද කියලා.
 

බලධාරීන් බැක්ටීරියාව කෙරෙහිම විශ්වාශය තබා කටයුතු කිරීම පුදුමයට කරුණක් කියලා තමා මේ නෝනා ලියලා තියෙන්නේ. එහෙම විශ්වාශයක් තිබ්බනම් බැක්ටීරියාව ඉහින්න එපැයි, ගබඩා වල හංග ගෙන ඉන්නේ නැතිව.

එයාල  විශ්වාශය තියාගෙන ඉන්නේ බැක්ටීරියා ගැන නෙවේ, මදුරු කොයිල් ගැන .
 
ඔයා මේ උත්සහ කරන්නේ වෙන මොකකටවත් නෙවේ  නෝනෝ . කෝටි ගානක් වියදම් කරලා  ගෙන්නපු   බැක්ටීරියාව  පාවිච්චි නොකළේ ඇයි කියලා ජනතාව  ප්‍රශ්න  කරන  කොට , ඒවා පාවිච්චි නොකර මුල්ලකට දාලා තිබ්බ බලධාරීන්  බේරා ගන්න . මේ බැක්ටීරියාව වැඩකට ඇති එකක් නෙවේ කියලා ජනතාව අතර මතයක් හදන්න. එහෙම නෙවෙයි නම්  කියන්නකෝ ඔයාට ඔය කතාව කීව එක වෘත්තීය  සමීතියක නමක්.  .
 
කොහොමද කේක් කෑල්ලට යට වුනු  පත්තර  කලාව. 
 
 
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: කලාව, කෑල්ලට, කේක්, පත්තර, යට, […]

  2. “කියුබාව, එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල්”.. අනේ මගෙ කට.. කියුබාවෙයි ලන්කාවෙයි දේශගුණයෙ ලොකු වෙනසක් තියෙනවද? දෙකම නිවර්තන රටවල්.. මාධ්‍ය ආයතන වලට ගන්ඩ කලින් ඉතිහාසය භූගෝලය අනිවාර්ය කරන්ඩ වෙයි වගේ.. එක්සත් ජනපදයෙ ඕක ඉස්සෙ ටෙක්සාස්, හවායි වගේ නිවර්තන හෝ ඊට ආසන්න ප්‍රදේශ වල.. නැතුව පට්ට සීතල උතුරෙ නෙමෙයි.. ඒවයෙ මදුරුවො ඉන්න එකක්ය? අනික ඔය බැක්ටීරියාව මුලින්ම හැදුවෙ ඔය කොහෙවත් නෙමෙයි.. ඊශ්‍රායලේ.. ඒක පෙරදිගද? අපෙරදිගද?? දන්නෙ ඉතින් ඒමන්ති නෝන තමයි..

  3. tom and jerry says:

    මේ කියන්නේ ‘නිදහස්’ සේවක සමිතියවගෙ එකක් ගැනද? බී.ටී.අයි පෙන්වා යාහැකි උපරිම දුර ගොස් ඇති නිසා දැන් අලුත් විජ්ජාවක් ගෙනෙයි. නාත දෙයියා ලවා මදුරුවන් මෙල්ල කරනවා වගෙ වැඩක්.

    මෙන්න වැඩ “…government seemed to be seeking the help of divine powers to bring the rains. The Power and Energy Ministry yesterday said that a series of religious ceremonies would be held on Wednesday and Thursday.”

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=29469

    • Sudheera says:

      එහෙම කියන්න එපා සහෝදරයා නාථ දෙයියො කියන්නේ පස් සාම්පල් දිහා බලලා විතරක් අන්තර්ගතය කියන්න පුළුවන් කෙනෙක්… එහෙව් කෙනෙක්ට වැස්සක් වස්සන එක මහ ලොකු කජ්ජක්ද..? දෙයි වැව් ටික ඉතිරිලා යන්නම… 😀 😀 මෝඩ යක්කුනේ මුං..අම්මපා මුංව ආයෙත් ඉස්කෝලේ යවන්න වෙයි…

  4. Kandula says:

    තවත් බොරු ව්‍යාපෘතියක අවසානය……..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s