පෙට්‍රල් ගැසු වාහන නැවතිලා මහපාරේ ,ඉන්ධන ඇමති පැටලිලා අයියෝ පඹගාලේ

Posted: July 4, 2011 in Uncategorized
Tags: ,


පෙරේදා පාන්දරින් ගමනක් යන්න කියලා හිතාගෙන වාහෙනට තෙල් ටිකක් ගහගන්න පෙට්‍රල් ෂෙඩ් එකට ගිය ඇටමැස්සා එතැන හිටි මලයෙක්ගෙන් හෙමිහිට ඇහුවා.

” මල්ලී , කොහොමද අද තත්වේ, හොඳ බඩු ආවද ” කියලා

” තාම එව්වා තමා බොස්, ගැහුවොත් වාහනෙට බඩුම තමා, ඔහොම්ම යන්න අයි ඕසී එකට .ඒකේ බඩු හොඳයි”මිනිහා කියපි.

” මොකෝ ඔහේලාට හොඳ බඩු එන එකක් නැත්ද” ඇටමැස්සා ඇහුවේ ඉන්දියන් අයිඕසී පිරවුම් හලට යන්න අමතර කිලෝමීටර් දෙක තුනක් යන්න වෙන නිසා.

” ම්හු. ඊයේ ආව බවුසර් එක ලොක්කා චෙක් කරලා ආපහු යැව්වා, අර ජරාවම කියලා. ඒවා නම් පෙට්‍රල් නෙවේ බොස්, වෙන මොනා හරි මලජරාවක් ”

“එතකොට අර ඇමතිතුමා කිව්වේ එයාලා තෙල් ඔක්කොම චෙක් කරලා තමා ගෙනාවේ. ලංකාවට ගේනකොට මුකුත් අප්සෙට් එකක් තිබුනේ නැතිය, ෂෙඩ් වලින් තමා වතුර කලවම් කරලා තියෙන්නෙ කියලා?”

“අනේ උගේ අම් ………………… , මං කිව්වා කියලා හිතාගන්න මහත්තයෝ. ඕකුන් කරන්න පුලුවන් තරම් දසකම් , හොර කම් ඔක්කොම කරලා කෙලවෙන කොට මේ පැත්තක ඉන්න අපිව බොරුවට අල්ල ගන්න හදනවා ”

සටහන- පසු ගියදා ආණ්ඩුව ගෙන්වූ ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් අද මහත් ප්‍රශ්නයක් බවට පත්ව ඇති අතර, එම පෙට්‍රල් තොග ලංකාවට ගෙන්වීමේදී නියමිත පරිදි පරීක්ෂණ සිදු කල බවත් , එම පෙට්‍රල් තොගය නියමිත පමිතියෙන් යුක්තව තිබූ බවත් ඉන්ධන බාර ඇමතිවරයා පසු ගියදා පැවසීය.

එසේම ඔහු වැඩි දුරටත් කියා සිටියේ පෙට්‍රල් වල යම් ප්‍රශ්නයක් ඇත්නම් එය සිදුවන්නට ඇත්තේ පෙට්‍රල් ෂෙඩ් වලදී බවයි. එහෙත් ඊයේ රාත්‍රී දෙරණ , ස්වර්ණවාහිනිය ඇතුලු රාජපාක්ෂික නාලිකාවලින් පවා ඉන්ධන පිරවුම් හල්වලට යැවු බාල තෙල් පිරවූ බවුසර් ආපසු හරවා යවන දර්ශන පෙන්වූයේ නිකම් ම නොව ඇමතිවරයාගේ ප්‍රකාශ උපහාසයට ලක් කරමිනි.

එනපොට හොඳ නැත. මේ පෙන්වන්නේ ලොකු තැන් බේරා මේ ප්‍රශ්නයටබෙල්ල තිබිය යුත්තේකා ගැන දැයි ඉඟියකි. අර කලින් හාදයා දුන් ආදර්ශය පිලි අරගෙන ඉල්ලා අස් වී ඔය කොහේ හරි ආණ්ඩුකාරකමක් හෝ උස්බෙකිස්ථානයෙවත් තානාපති කමක් හෝ ඉල්ලා ගත්තොත් නරකද?

Comments
  1. Sam says:

    greedy politicians

  2. නාථ දෙවියෝ (natha@heaven.com) says:

    එම්බල නරය, තා පෙට්‍රල් ගුණාත්මක භාවයෙන් අඩු බව කියන්නේ මන්ද? මම ඊයේ නලින් ද සිල්වා නැමැති මගේ හෙන්චයියාට කියා ලංකාවේ සියළු පෙට්‍රල් ශෙඩ් වල පෙට්‍රල් පරීක්ෂා කළෙමි. ඒවායේ ආසනික් බිඳක් වත් සොයා ගත නොහැකි විය. මේ නිසා පෙට්‍රල් වල ආසනික් ඇතැයි කියන කතාව වාහන තලතෙල් වලින් දුවන්නට සැරසෙන අන්තර්ජාතිත දෙමළ ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයකි.

  3. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: අයියෝ, ඇමති, ඉන්ධන, ගැසු, නැවතිලා, […]

  4. නාථ දෙවියෝ (natha@heaven.com) says:

    එම්බල නරය, තා පෙට්‍රල් ගුණාත්මක භාවයෙන් අඩු බව කියන්නේ මන්ද? මම ඊයේ නලින් ද සිල්වා නැමැති මගේ හෙන්චයියාට කියා ලංකාවේ සියළු පෙට්‍රල් ශෙඩ් වල පෙට්‍රල් පරීක්ෂා කළෙමි. ඒවායේ ආසනික් බිඳක් වත් සොයා ගත නොහැකි විය. මේ නිසා පෙට්‍රල් වල ආසනික් ඇතැයි කියන කතාව වාහන තලතෙල් වලින් දුවන්නට සැරසෙන අන්තර්ජාතිත දෙමළ ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයකි!

  5. ආණ්ඩුවේ විතරක් නෙවෙයි අනිත් වාහිනී වලත් මේ ගැන කියන්නේ නෑ නේද?මුන් ඔක්කොම එකතුවෙලා තෙල් බීලා.ඇටමැස්සා උඹවත් ගිහින් හැරියගේ ලේ බීපන්.

    • gadfly says:

      ඇත්තටම ඔය හැරියා නම් ඔය වගේ වැඩට කියාපු දස්සයා. අර ලෝකේ පුරාවටම හොඳම බියර් එකක් විදියට නම අරගෙන තිබ්බ කාර්ල්ස්බර්ග් බියර් එක ලංකාවට එනකොට ඒකට දහහජරාව කලවම් කලේ ඕකානේ.

  6. Charmi says:

    හෙහ් උඹ බාල තෙල් වලින් බේරුනා කියලා හිතං ඇති නේ? තව මාස කීපයක් යනකං ඕවා හොඳ තෙල්වලට කලවං වෙවී උඹේ වාහනේටම තමා වදින්නේ. අපිට හොඳ වැඩේ.

  7. තෙල් බාලා says:

    ඔන්න ඇට මැස්සාට බය වෙලා බාල තෙල් වලට සල්ලි ගෙවන එක නවත්තලා ලු.

Leave a comment