වංශලාගේ ආසනික් කතා නොහොත් ස.ඉ -2

Posted: June 22, 2011 in Uncategorized
Tags: ,


ආසනික් ගැන පරීක්ෂණ කරන සමහර සමහර සරසවි පර්යේෂකයින්මෙන්ම සහල්වල ආසනික් අඩංගු නොමැති බව කියා සිටින කෘෂිකර්ම ඇමතිවරයා ද බහුජාතික සමාගම්වල මුදලට යටවී ඇතැයිද හදිසියේම නින්දෙන් අවදි වූ ජනිපෙ ලොක්කෙක් වෙන විජේනායක උන්නැහේ පහු ගිය දා මාධ්‍ය සාකච්චාවක් තියල චෝදනා කරා.

මේකත් හරියට අර රාජිත ඇමතිවරයාගේ වේදිකාවල සරම් උස්සා කෑ ගැහීම ගැන කියපු කතාව වගේ.

මේ කතාව කියන විජේනායකලත් ආණ්ඩුවේ කොටස් කාරයෝ. විජේනායකගේ ලොක්කා වීරවංශ , කෘෂිකර්ම ඇමති එක්ක එක කැබිනට් එකේ එකට ඉන්නේ. එහෙනම් කෘෂිකර්ම ඇමති ගැන තමන්ට විශ්වාසයක් නෑ කියලා විජේනායක වගේ පාරාජිකා වුනු සොක්කෝ එවලා මාධ්‍ය සාකච්චා තිය තිය කාලේ නාස්ති කරන්නේ ඕනේ නැහැ. මේ දවස් වල හැංගිලා ඉන්න වීරවංශ ලොක්කාට ම පුළුවන්නේ කෙලින්ම කැබිනට් මීටින් එකකදී මේ ගැන කෘෂිකර්ම ඇමතිගෙන් අහන්න . තමුසේ ගැන අපිට විශ්වාසයක් නැහැ , තමුසේ කොම්පැනි කාරයින්ට යට වෙලා ඉන්නේ කියලා මූණටම කියන්න පුළුවන්නේ.

අනික, මේ ආසනික් කාරයොන්ට පහු ගිය දා දෙහි කපපු තමන්ගේ ආණ්ඩුවේ නායකයාත් ඉස්සරහම ඒ ගැන අහන්න පුළුවන් එතකොට. කොම්පැනි කාරයින්ට යට වෙලා ඉන්නවා කියලා , විජේනායකලා පතුරු ගලවන නිලධාරින් හාල් වල ආසනික් නැතිය කියන කොට ජනාධිපති ඒක පිලි ගත්තා නේ . ඕනේ නම් ඇයි එහෙම කලේ කියලා ජනාධිපතිගෙනුත් මූණටම අහන්න පුළුවන්නේ.

එහෙම කරන්න කොන්දක් නැතිව , නිකම් මහජනයාට පේන්න , සොක්කෝ ලව්වා මාධ්‍ය සංදර්ශන තියලා, පත්තර පිටු ගණන් ලිපි ලියවලා වැඩක් නැහැ . එහෙම කෙලින්ම ප්‍රශ්න කරනවා තියා අඩු ගානේ මේ මාධ්‍ය සාකච්චාවට එන්නවත් විජේනායකගේ ලොක්කට කොන්දක් නැහැ. එහෙව් රටේ ….

ඔය වගේ වැඩට කියන්න තියෙන්නේ ඒකත් අර ඉස්සෙල්ල කිව්වා වගේ මහජනයාට සරම ඉස්සීමක් විතරයි කියලා.

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: ආසනික්, කතා, නොහොත්, වංශලාගේ, […]

  2. දුකා says:

    අපි ඔය වගේ ඒවට කියන තවත් කතාවක් තියෙනවා . . .

    අහවල් එක හංගගෙන අහවල් දෙකෙන් අහවල් වැඩේ කරනවා කියන්නේත් ඔන්න ඔය වගේ වැඩ වලටම තමයි . .

  3. දම්රුවන් says:

    @ දුකා..
    හරියටම හරි…
    මුං කරන්නේ අහවල් එක හංගගෙන අහවල් දෙකෙන් අහවල් වැඩේ කරනවා වගේ ලෝකයාට පෙන්නන්න හැදීමයි.. කරනවානම් තව කමක් නෑ….. .

  4. Thisara says:

    …යිය හංගගෙන ඇට දෙකින් කෙළිනවා කියන්නේ මේවාටය.

  5. Thisara says:

    පයිය හංගගෙන ඇට දෙකින් කෙළිනවා කියන්නේ මේවාටය. කොස්ගහට දෙල්ගහ කියන එක තරම් කුණුහරපයක් මා නොදන්නා හෙයින් අමුවෙන්ම ලීවේය.

  6. කීකරැ බලුකුක්කා පැබ්ලෝ says:

    ඊයා…….කුණුහරැප ලියන්න එපා මෙයා..

  7. ප්‍රගීත් එක්නැලිගොඩ says:

    ඉස්සුවා වගේ පෙන්නලා අන්ඩර්ග්‍රවුන්ඩ් ගිහින් මම ගැහුවෙත් ඔය වගෙම ගේමක් තමා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s