ජනතාවට සරම ඉස්සීම

Posted: June 19, 2011 in Uncategorized


සරම උස්සාගෙන වේදිකාවල කෑගැහුවට ජාත්‍යන්තරය අපේ රටට විරුද්ධව පටන් අරන් තියෙන යුද්ධය දිනන්න බැරි බවත් ඒ යුද්ධය දිනන්න පුලුවන් මොලයෙන් විතරක් බවත් රාජිත සේනාරත් න ඇමතිවරයා ත්‍රිකුණාමලයේ තිබුන උත්සවයකදී කියලා තියෙනවා. W3LANKA ලියන පැරාට ලොකු ප්‍රශ්නයක් වෙලා මේ සරම් කාරයා කවුද කියලා . මිනිහා තරඟයකුත් පටන් අරං තිබුනා කවුද මේ කියලා හොයන්න.

ඇත්තටම ඕක ඉතින් ඔය තරම් අමාරුවෙන් හොයන්න ප්‍රශ්නයක් නෙවේ. මේ රටේ කවුරුත් දන්නවා වේදිකාවල සරම කරට අරන් විදේශ රටවලට, අන්තර් ජාතික සංවිධාන වලට චැලෙන්ජ් කරන්නේ කවුද කියලා.

කවුරු ගැන කිව්වත් රාජිත කියලා තියෙන්නේ ඇත්ත කතාවක්. අපේ රටට මානව හිමිකම් ගැන අන්තර්ජාතිකව චෝදනා එනවා නම් ඒ ගැන සරම කරට අරන් කෑ ගැහුවට වැඩක් නැහැ. කරන්න තියෙන්නේ රාජිත උන්නැහේ කියන්නා වගේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරලා ඒ ප්‍රශ්න විසඳා ගන්න එක.

නමුත් මෙතැන තියෙන ප්‍රශ්නේ ඕක නෙවේ. රාජිත ඔය කතාව කියලා තියෙන්නේ ත්‍රිකුණාමලේ වේදිකාවකදී. දැන් ඔය රාජිත කියන සරම් කාරයෝ ඉන්නේ ත්‍රිකුණාමලේ නෙවෙනෙ. එයාලා රාජිතත් එක්ක එක හැලියේ බත් කන කට්ටිය. එහෙනම් රාජිත ඔය කතාව කරන්න තිබුනේ කැබිනට් මීටිමේදී. එහෙම නැතුව ත්‍රිකුණාමලේ ‍රැස්වීමකදී සරම කරට අරං කෑ ගැහුවට වැඩක් නැහැ.මේ විදියට බැලුවම රාජිතත් කරලා තියෙන්නේ අපිට සරම උස්සලා පෙන්නීමක් වගේයි.

ඔය ප්‍රශ්නේ තව පැත්තක් තියෙනවා. ඒ තමා මොකද මේ දවස්වල රටේ ජාතික මතවාදය වෙලා තියෙන දෙයකට විරුද්ධව රාජිත තමන්ගේ තනි මතේට ඔය විදියට විරුද්ධව කතා කරයිද කියන ප්‍රශ්නේ.

මතකයිනේ පහුගිය කාලේ අමුණුගම උන්නැහේ කිව්වා ” මල්වට්ටි අරන් පන්සල් ගානෙ ගියාට ජාතික නායකයෙක් වෙන්න බැහැ” කියලා. අන්තිමට මොකද වුනේ. ආණ්ඩුවේ හිටිය ජ්‍යෝෂ්ඨම ඇමතිවරයෙක් වුනු අමුණුගමට මුලින්ම නියෝජ්‍ය ඇමති කමක්, ඊලඟට නිකම්ම නිකම් පැන්ශන් ඇමතිකමක්.

ඕවා දැක දැකත් රාජිත තමන්ගේ ලොක්කගේ මතවාදයට විරුද්ධව කතා කරයි කියලා හිතන්න අමාරුයි. මෙතැන වෙන්නේ වෙන දෙයක්.

පහුගිය කාලේ අපේ රටේ ජනතාව චූන් කරන්න වේදිකාවල සරං උස්සගෙන කෑගැහුවට , දැන් තියෙන තත්වෙත් එක්ක ආණ්ඩුවට දණ ගහන්න වෙලා තියෙන්නේ.දැක්කනේ බෑන් කී මූන් ව පණ පිටින් හම ගහන්න කයිවාරු ගැහුවට අන්තිමේ මූන්ගේ දෙවැනි ධූර කාලයට සපෝර්ට් කරන්න වුනා අන්තිමට.

හැබැයි පහු ගිය කාලේ දීපු පොර ටෝක් එක්ක පොඩ්ඩ්ක හිතට ලැජ්ජාවක් ඇති එක පාරටම දණ ගහන්න. රාජිතලා කරන්නේ ඒකට ජනතාවගේ ඔලු හදන එක.

ඔය ආණ්ඩුවේ ඇමතින්ගේ ම බහට ‍රැවටිලා පහුගිය කාලේ මූන්ගේ පඹයෝ ගිනි තිබ්බ ජනතාවම එතකොට කියන්න ගනියි, ඒක තමා මෙයා, එහෙම තමා කරන්න ඕනේ කියලා.

ඊ ලඟට රාජිතලා කියයි ජේවීපී කාරයොයි යූ ඇන්පී කාරයොයි බැන්කීමූන් ලාට , එක්සත් ජාතින්ගේ සංවිධානෙට විරුද්ධව කෑ ගහලා අපේ රට අන්තර්ජාතිකව නැති කරා. අපි දැන් අමාරුවෙන් එයාලා එක්ක සාකච්ඡා කරලා යන්තම් වැඩේ ගොඩ දාගත්තා කියලා.

අපි එතකොටත් කියන්නම් අනේ හැබෑ නේන්නම් කියලා.

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: ඉස්සීම, ජනතාවට, […]

  2. ```Outsider``` says:

    එන එන විදියට ගහු උඵවස්සා

  3. insider says:

    ත්‍රිකුණාමලේදී හෝ තූත්තුකුඩියේදි කිව්වත් රාජිත කියන්නේ ඇත්ත. මේ අවස්තාවේ සිදු විය යුත්තේ එයයි. ඔබේ මේ විවේචනය සාධාරන නැති බවයි මගේ අදහස.

  4. In and Out says:

    රජිත කියන්නෙ ඈත්තනම් අනිත් මහඋන් කියන්නෙ බොරුද?????
    ඵ්තකොට අපි කාවද විවේචනය UNඵක ඵක්ක කරන්න ඔනෙ ශේප් වෙමු කියන රජිතවද?
    UNඵක ෆ්ලෑට් කරමු කියන දේශප්‍රේමී විමල්වද?

  5. In and Out says:

    රාජිත කියන්නෙ ඈත්තනම් අනිත් මහඋන් කියන්නෙ බොරුද?????
    ඵ්තකොට අපි කාවද විවේචනය කරන්න ඔන?? UNඵක ඵක්ක කරන්න ඔනෙ ශේප් වෙමු කියන රාජිතවද?
    UNඵක ෆ්ලෑට් කරමු කියන දේශප්‍රේමී විමල්වද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s