ක්‍රිව 2051 ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරයක් නොහොත් කමෝන් සනා

Posted: June 10, 2011 in Uncategorized

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් වෙනි කඩුල්ල දැන් බිඳ වැටෙනවා , ග්‍රෙග් කූපර් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්. දැන් මාස්ටර් බ්ලාස්ටර් ජයසෝරිය සහ පස් දෙනෙකුන්ගේ යුත් කණ්ඩායමක් සුපුරුදු ලෙස පිටියට පිවිසෙනවා හතර වැනි පිති කරු ලෙසින්.

අපිට පෙනී යනවා ආධාරකරුවන් දෙදෙනෙක් විසින් මේ අද්විතීය පිතිකරු වත්තම් කර ගෙන පිටියට පිවිසෙන ආකාරය. තරුණ ජවයෙන් අනූණ මේ 81 හැවිරිදි ක්‍රිකට් ශූරයාගේ පිත්ත රැගෙන කණ්ඩයාමේ ලාබාල ක්‍රීඩකයෙක් ඔහු සමග පිටියට පිවිසෙනවා. එසේම ඔහුගේ වාත තෙල් කුප්පිය රැගෙන කණ්ඩායමේ භෞත චිකිත්සකයාත් කන්නාඩි කුට්ටම රැගෙන දොළොස් වැනි ක්‍රීඩකයාත් ඔවුන් සමගම පිටියට පිවිසුනා.

මේ මොහොතේදී මට පෙනී යනවා ගිලන් රථයක් පිටියේ හතරේ සීමාව අසලටම පැමිණ නතර කරන ආකාරයක්.

ඔව් දැන් පිති කරු සහ සහායක පිරිස සෙමෙන් සෙමෙන් තණ තිල්ල කරා පිය නගනවා, මේ මොහොතේ ඔවුන් මදකට නැවතුනා ජයසෝරිය තුමාට හති ඇරීමට. ම්ම්ම්, අපිට පේනවා භෞත චිකිත්සක වරයා දුරකතනයෙන් කතා කරන බවක් .

දැන් ක්‍රීඩාගාරයෙන් දුවගෙන පැමිණෙනවා එතුමාගේ වෛද්‍ය වරයා , ඔහු යම් කිසි ඖෂධයක් ජයසෝරියට ලබා දෙන ආකාරයක් පෙනී යනවා. ගයාසර ඔබ මොකද මේ ගැන හිතන්නේ

ඔව් කෝලිත.මට දැන ගන්න ලැබුනා ජයසෝරිය ගේ රුධිර පීඩනය තරමක් වැඩි වී ඇති බවක් , මේ ගෙන එන්නේ එයට යම් කිසි ඖෂධයක් විය හැකියි.

ඔව් දැන් මද විවේකයකින් පසුව නැවතත් පිතිකරු සහ සහායක පිරිස තණ තිල්ල කරා ගමන් ඇරඹුවා.

මේ අතර අපි ප්‍රධාන පාලක මැදිරිය වෙතට යොමු වෙනවා , කණ්ඩායම තණ තිල්ල වෙත ගිය පසු නැවතත් ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන්

………………………

……………….
දැන් ජයසෝරිය , විනිශ්චය කරුගෙන් තමන්ගේ සීමාව ඉල්ලා සිටිනවා ,ඔහු මැද ඉන්න ලකුණු කර ගන්න ආකාරයක් පෙනී යනවා

පිතිකරු ජයසෝරිය මැද ඉන්න ලකුණු කර ගත්තා , ඒත් ඔහු තාමත් නැවී ගෙනම ඉන්නවා , ඔහු කොන්දට අත තියාගෙන හෙමි හෙමින් කෙලින් වීමට උත්සාහයක් දරනවා

නමුත් උත්සාහය අසාර්ථක බවක් තමා පෙනී යන්නේ.

මේ අවස්ථාවේ භෞතචිකිත්සකයා වාත තෙල් ස්වල්පයක් ජයසෝරියගේ පිටේ ආලේප කරන බවක් පෙනී යනවා

ඒත් තවමත් ඔහුගේ වකුටු වූ කොන්ද කෙලින් වී නැහැ ,

ඔහ් කෝලිත මේ අවස්ථාවේ ගිලන් රථය කෙලින්ම පිටිය මැදට පැමිණෙනවා ,

ඔව් ,අපි දැන් නැවතත් ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වෙනවා අනුග්‍රාහක භවතුන්ගේ පණිවිඩයක් සඳහා ,ඉතා ඉක්මනින් නැවත ඔබ හමු වෙන
බලාපොරොත්තුවෙන්

එතෙක් රැඳී සිටින්න ලංකා එංගලන්ත තුන්වෙනි එක දින තරඟයේ විස්තර ඔබ වෙත ගෙන එන තෙක්
ටිං ටොං ටිං

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: 2051, කමෝන්, ක්‍රිකට්, ක්‍රිව, ක්‍රීඩා, […]

  2. Ravi says:

    ” තරඟය නැවත ඇරඹෙන තෙක් ප්‍රේක්ෂකයිනි, අපි ජයසෝරිය ක්‍රීඩකයාගේ පැරණි දස්කම් පිළිබඳව කෙටි සමාලෝචනයක් ගෙන එන්නටයි මේ සූදානම,”

    ” ඔව් ගයාසර, ඔබට මතකද පසුගිය වකවානුවේ ඔහු දැක්වූ දස්කම් පිළිබඳව යමක්? ”

    ” ඔව් කෝලිත ඇත්තම කියනවනම් ජයසෝරිය නම් මේ සුවිශේෂී ක්‍රීඩකයා අවසන් වරට දැක්වූ විශිෂ්ඨම දස්කම ගැන කියන්නට අපිට යන්නට වෙනවා 1996 වසරේ ලෝක කුසලාන තරඟාවලියට.ඒ පිළිබඳ වාර්තා ලබා ගන්නට වෙන්නේ නම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙනුයි ”

    ” පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් එම වාර්තා ලැබෙන තෙක් ගයාසර 1996 වසරේ ජයසෝරිය තරුණ ක්‍රීඩකයා දැක්වූ දස්කම් සියැසින් දුටුවෙක් මම මේ අවස්තාවේ මෙතැනට කැඳවන්නම්, ඒ කවුරුත් නෙවෙයි මගේම ආතා, දැන් වයස 90 විතර උනාට මතකය ඉතාම පැහැදිලියි, ඔව් මෙන්න අපේ ආතා……ආතෙ, ආතට මතකද ජයසෝරිය ක්‍රීඩකයා 1996 ලෝක කුසලානෙ ක්‍රීඩා කරපු ආකාරය? ”

    ” මොනව කියනවද මයෙ මුණුබුරෝ, ඔය ජයසූරිය ගොයිය අනූ හයේ ගැහුව ගැහිල්ලක්……….අපොයි මයෙ පපුව……….”

    ” දෙයියෝ සාක්කි මේ මොකද උනේ ආතේ …..අනේ මගේ ආතේ…….අපොයි….ප්‍රේක්ෂකයිනි, ජයසෝරිය ක්‍රීඩකයා අවසන් වරට 1996 වසරේ දැක්වූ දස්කම් දුටු අවසාන ප්‍රේක්ෂකයාද මින් සුලු මොහොතකට පෙර මෙලොවින් සමුගත් බව ඔබට දැනුම් දෙන්නේ හද පිරි සොවිනි, එහෙත් දුක් නොවන්න, දයාබර ප්‍රේක්ෂකයිනි, ජය සෝරිය තුමා තවමත් පිටිය මැද ක්‍රීඩා කරන බැවින් කිසිසේත් කණගාටු නොවන්න ”

  3. කලබල වෙන්න එපා!

    එංගලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසයි.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=16657

  4. මම හිතුවේ මැච් 5 ම සෙල්ලම් කරයි කියලා.. කවුරු කොහොම කිවත් මම නම් ජයසුරියට කැමතියි.. ජයසුරිය දන්නවා යන්න ඕන කාලේදි යන්න.. දැන් කතා කරන හැමොම කතා කරන විදිහට මට හිතෙන්නේ තමන්ගේ වයසක අම්මලා තාත්තලා ගැනත් හිතන්නේ ඔහොම තමයි කියලා………………….

  5. ඔන්න අපේ රජ උතුමා සනා අය්යව ඇන්දුවා කියලා රාවයක් යනවා.. අනේ මංදා මොනා වෙනවද කියලා…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s