සරසවියට පහර දීම

Posted: June 6, 2011 in Uncategorized

පෞද්ගලික විශ්‍රාම පනත ජනතා බලය ඉදිරියේ හකුලා ගන්න සිද්ද වුනත් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සටන තවමත් ඇදෙනවා. ඒකට විසඳුමක් ලඟකදී දෙන පාටක්ද නැත. සාකච්චා කරන්න ගිය අයටත් හිස් අතින් ම ආපහු එන්න සිද්ද වුනු බවයි ආරංචිය.

මේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සටන ඉතාමත් සාධාරණ එකක් බව හැමෝම පිලි ගන්න දෙයක්. ඔවුන්ගේ සුදුසුකම් , සේවය වගේම අනිත් රටවල ආචාර්යවරුන්ට ගෙවන වැටුප් දිහා බැලුවාමත් වැටුප් වැඩිවීමක් ඉල්ලීම ඉතාමත් සාධාරණයි . ඒ විතරක් නෙවේ, ඔවුන්ට වඩා අඩු සුදුසු කම් තියෙන මහා බැංකුව වගේ ආයතන වල සේවක වැටුප් දිහා බැලුවාම වි.වි. ආචාර්ය වරුන්ට කරන්නේ ලොකු අසාධාරණයක් කියලා පේනවා.

ඒත් ආණ්ඩුව මේ සාධාරණ ඉල්ලීම නොදී එක එක බයිලා කියමින් ඉන්නවා. ඒ විතරක් නෙවේ නොයෙක් අංශවලින් ඔවුන්ට පහර දෙනවා. ඒ වගේම මේ සටනට පුළුල් ජනතා සහයක් ලැබෙන බවක් පෙන්ටත් නැහැ. බොහෝ දෙනා හිතන්නේ මේක එයාලාගේ වැඩක්, මේක අපිට අදාළ නැහැ කියලා. නමුත් එක එහෙම නෙවේ. මේ ප්‍රශ්නය අපි කාටත් බලපාන එකක්.

ආණ්ඩුව ගෙන ඒක තර්කයක් තමා ආණ්ඩුවට සල්ලි නැහැ කියන ඒක. ඊ ලඟට කියනවා මේ ඉල්ලීම් දුන්නොත් අනිත් රජයේ සේවකයින්ටත් දෙන්න වෙනවලු. ඒක නිසා දෙන්නේ නැතිලු .ඒ මේ කතාව හරියි කියලා කියන්න වික්ටර් අයිවන් වගේ උදවියත් එලියට බැහැලා ඉන්නවා. මේ ඉල්ලීම දෙන්න පුළුවන් එක දීලා , දීපු එක සාධාරණීකරණය කරන්න බැරිද , තමන්ට තියෙන මහා මාධ්‍ය ඒකාධිකාරිය පාවිච්චි කරලා. ඔය ඕනේ තරම් එක පාවිච්චි කරලා තමන්ට ඕනේ වෙන වැඩ ඕනේ තරම් කර ගන්නේ.

ඒ අතරේ වීරවංශ වගේ පාරාජිකා වෙච්චි චරිත දාලා ආචාර්ය වරුන්ගේ සටනේ නායකයින්ට මඩ ගස්සනවා , ඔවුන් විදේශ ඒජන්තයෝ කියලා.

මේ අතරේ ආණ්ඩුව හීන් නූලෙන් ඔවුන් ගෙන් පලි ගනිමින් ඉන්නවා. තමන්ට අභියෝග කරන්න ආපු මුන්ට හොඳ පාඩමක් උගන්වන ඕනේ කියන ආකල්පයෙන් තමා ආණ්ඩුව වැඩ කරන්නේ.

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සාධාරණ ඉල්ලීම් දෙන්න බැහැ කියන ආණ්ඩුව වෙන වෙන සේවාවල ඉන්න අයට නොයෙක් වරප්‍රසාද වැටුප් වැඩි වීම් ලබා දෙනවා, හරියට ආචාර්යවරුන්ට රිද්දන්න වගේ. මේ වගේ සිද්දි කීපයක්ම පහු ගිය දවස් වල ඇති වුනා.

මෙතුවක් කල් අමාත්‍යංශ ලේකම් වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට විතරක් තිබුණු රුපියල් 12,500 ක දුරකථන දීමනාව විශේෂඥ වෛද්‍යවරුන්ටත් ලබා දෙන්න තීරණය කලේ පහු දිනවල. ඒ විතරක් නෙවේ මෙතෙක් කල් රුපියල් 2000 ට සීමා වෙලා තිබුණු අනිත් නිලධාරීන්ගේ දුරකථන සීමාව රුපියල් 6000 හා 8000 දක්වා වැඩි කරලා.

ඊ ලඟට සංස්ථා සභාපතිලාට , අධ්‍යක්ෂකලාට ගෙවන දීමනා රුපියල් 90,000 ,80,000 දක්වා වැඩිකරා.

පහු ගිය සතියේ වාර්තා වුනා විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යන විට තීරු බදු රහිත වාහනයක් ගන්න බලපත්‍රයක් දෙනවා කියලා. මේකත් මෙච්චර කල් තිබුනේ පළමු පන්තියේ රාජ්‍ය නිලධාරීන්ට විතරයි. මෙහෙම කරන්නේ වෙනත් රජයේ සේවකයින්ට අවුරුදු පහෙන් දෙන වාහන තීරු බදු සහනය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට අවුරුදු 12 දක්වා වැඩි කරලා. ( මේක පස්සේ අවුරුදු 8 දක්වා අඩු කරා.)

මේ මොකද කියන්නේ. උඹලාට ඕනේ නම් අපිත් එක්ක , අපි කියන විදියට හිටපල්ලා, නැත්නම් කිසි දෙයක් දෙන්නේ නැහැ කියලා, බැරි නම් පලයල්ලා කියලා .

මේ තත්වය යටතේ ඇත්තටම සිද්ද වෙන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරු රට හැරලා යන එක. එහෙම නැත්නම් ඔය ඇති කරන්න හදන පෞ ද්ගලික විශ්ව විද්‍යාල වලට එකතු වෙන එක. තමන්ට ජීවත් වෙන්න සෑහෙන වැටුපක් දෙන්නේ නැත්නම් වෙන මොකක්ද කරන්නේ?

ඒකෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩා ගෙන වැටෙනවා. ගුණාත්මක බව නැති වෙනවා. සමහර විට ආණ්ඩුවට ඕනෙත් ඒකම වෙන්න ඇති. රාජ්‍ය විශ්ව විද්‍යාල කඩා වට්ටලා පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් හදා ගන්න.

ඒ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්න පුළුවන් වෙන්නේ මාසෙකට ලක්ෂ ගණනක් වියදම් කරන පුළුවන් ධනපතීන්ට විතරයි. අපේ දරුවන්ට මොකද වෙන්නේ.

ඒ නිසා මේක විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් පිලිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවේ. මේක රටේ නිදහස් අධ්‍යාපනයේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයක්.

ඒ නිසා මේ වෙලාවේ අපේ සහයෝගයනිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සරසවි ඇදුරන්ට දෙන්න ඕනේ.

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: දීම, පහර, […]

  2. asanka says:

    කතාවට සම්පුර්නයෙන් එකගයි කොහොමින් කොහොමින් හරි අන්තිමට තෑලෙන්නේ තෑලෙන්නේ තුන්වෙනි පන්තියේ සාමාන්ය ජනතාවයි, ඇත්තටම මිනිස්සු බලදාරීන්ගෙන් මහාලොකු දේවල් ඉල්ලනේ නෑ,නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියන දේ නේ ඉල්ලනේ, මට නම් මේක පේන්නේ තමාට උඩට නගින්න උදව් කල ඉනිමගට පයින් ගෑසීමකට වඩා ,තමා උඩට නෑගගත් ඉනිමග දරට ගෑනීමක් ලෙසයි,කොහොමත් දෑන් නම් ස්වර්න වීමානය මනුස්ස වාසයට නුසුදුසු වේ ගෙන යනවා වගේ මට නම් පේන්නේ

  3. eBuwa says:

    [මෙතුවක් කල් අමාත්‍යංශ ලේකම් වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට විතරක් තිබුණු රුපියල් 12,500 ක දුරකථන දීමනාව විශේෂඥ වෛද්‍යවරුන්ටත් ලබා දෙන්න තීරණය කලේ පහු දිනවල] – රාජ්‍ය සේවයේ ඔය අය ඉන්නේ එකම පන්තියේ. ඒ නිසා අක්‍රමිකතාවයක් හරි ගස්සලා තියෙන්නේ

    [පහු ගිය සතියේ වාර්තා වුනා විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යන විට තීරු බදු රහිත වාහනයක් ගන්න බලපත්‍රයක් දෙනවා කියලා.] – අපට මේ කතාව දැන ගන්න යොමුවක් දෙන්න

    [රජයේ සේවකයින්ට අවුරුදු පහෙන් දෙන වාහන තීරු බදු සහනය] – හයයි මම හිතන්නේ

    [මේ තත්වය යටතේ ඇත්තටම සිද්ද වෙන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරු රට හැරලා යන එක] – ඇත්ත. හැබැයි ඒ අයට විතරක් වැඩි කළොත් ඔය සෞඛ්‍ය සේවයේ, සොලිසිටර් කාර්යාලයේ අයටත් වගේ වැඩි කරන්න වෙයි. මොකද මේ අය අතරත් පස්චාත් උපාධිධාරී (රට හැර යන්න පුළුවන්) උගත්තු ඉන්න නිසා. ඒ නිසා කාරණේ සරල නෑ.

    ඊලඟට නොන්-ඇකඩමික් කට්ටිය බලන්න් ඉන්නේ ඒ අයගේ වර්ජනේ පටන් ගන්න. මේක ඉවරයක් නැති කෙරුවාවක්. වි.වි. ඇදුරනුත් කැත්තට පොල්ල වගේ ඉන්න එක මේකට හේතුවත් වෙන්න ඇති. දෙගොල්ලන්ගෙන් කවුරුවත් අඩියක් පස්සට ගන්න කැමැති නෑ.

    • ජුලියස් සීසර් says:

      මෙතුවක් කල් අමාත්‍යංශ ලේකම් වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට විතරක් තිබුණු රුපියල් 12,500 ක දුරකථන දීමනාව විශේෂඥ වෛද්‍යවරුන්ටත් ලබා දෙන්න තීරණය කලේ පහු දිනවල] – රාජ්‍ය සේවයේ ඔය අය ඉන්නේ එකම පන්තියේ. ඒ නිසා අක්‍රමිකතාවයක් හරි ගස්සලා තියෙන්නේ –>
      ඔන්න ඔය අක්‍රමිකතාවයම තමයි වි.වි. ආචාර්යවරුත් නැතිකරන්න කියන්නේ. ඔවුන්ට වඩා අඩු සුදුසුකම් ඇති අයට මහබැංකුව වැනි ආයතන වල ගෙවන්නේ ඉතා ඉහල වැටුපක්!!!

      [රජයේ සේවකයින්ට අවුරුදු පහෙන් දෙන වාහන තීරු බදු සහනය] – හයයි මම හිතන්නේ –>
      හොඳයි හයයි කියමු… වි.වි. ආචාර්යවරුන්ට මේ සඳහා අවුරුදු දොලහක් තමයි නියම කරලා තිබුනේ (පසුගිය දිනවල මේක අවුරුදු අටට අඩුකරන්න ජනාධිපති එකඟවුනා කියල දැනගන්න ලැබුනා) ඒක සාධාරණීකරණය කරන්නෙ කොහොමද? මම නම් පුද්ගලිකව දන්නවා අවුරුදුගානක් කට්ට කාලා ආචාර්ය උපාධිය අරන් ඇවිත්, වාහනයක් ගන්නවත් විදියක් නැතුව බස් එකේ චාටර් කාලා, පස්සේ කලකිරීම නිසාම රටහැරලා ගිය තරුණ ආචාර්යවරු!

      [මේ තත්වය යටතේ ඇත්තටම සිද්ද වෙන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරු රට හැරලා යන එක] – ඇත්ත. හැබැයි ඒ අයට විතරක් වැඩි කළොත් ඔය සෞඛ්‍ය සේවයේ, සොලිසිටර් කාර්යාලයේ අයටත් වගේ වැඩි කරන්න වෙයි. මොකද මේ අය අතරත් පස්චාත් උපාධිධාරී (රට හැර යන්න පුළුවන්) උගත්තු ඉන්න නිසා. ඒ නිසා කාරණේ සරල නෑ. –>
      මේ තර්කයට කියන්නේ ගැලවිජ්ජාව කියලනේ!!! වි.වි. ආචාර්ය වෘත්තිය කියන්නේ වෙනස් දෙයක්. ඔවුන්ට විශ්‍රාම වැටුපක්වත් හිමි නෑ. ඔබ ඔය කියන අයට විශ්‍රාම වැටුප පමණක් නොවෙයි වාහන බලපත්‍ර, නිල වාහන පහසුකම් හා දුරකථන දීමනා පවා හිමියි.

      ඊලඟට නොන්-ඇකඩමික් කට්ටිය බලන්න් ඉන්නේ ඒ අයගේ වර්ජනේ පටන් ගන්න. මේක ඉවරයක් නැති කෙරුවාවක්. වි.වි. ඇදුරනුත් කැත්තට පොල්ල වගේ ඉන්න එක මේකට හේතුවත් වෙන්න ඇති. දෙගොල්ලන්ගෙන් කවුරුවත් අඩියක් පස්සට ගන්න කැමැති නෑ. –>
      ඔබ ඔය කියන ප්‍රශ්නය ඇතිකරන්න මාන බලන්නේ රජයයි. මොකද ඒ පිටින් දාලා මේ ප්‍රශ්නය යටපත් කරන්න පුලුවන් නිසා. අනික මොන සේවයේ කාට උනත් සාධාරණ වැටුප් ගෙවන්න ඕනෙ!!! දැන් රටේ යුද්ධය නැති නිසා ජනතාවට පටි තදකරගෙන ඉන්න හේතුවක් නෑ නේද???

  4. Kathandara says:

    විශ්ව විද්‍යාලවල ට සෙට් වෙලා අඩු පඩියට වැඩ කරන්න වෙන්න හේතුව තමයි ක්ලාස් ගැසීම.
    මාත් ඔය පව ගෙව්වා අවුරුදු ගාණක්.
    යන්තං, 2007 දී ගැලවිලා වෙන ජොබකට ගියා. මගේ පඩිය දැන් යුනිවසිටියේ හිටිය නං ගන්න ගානට වැඩිය 50% විතර වැඩියි.
    ඉදිරි පරපුරට මගේ අවවාදය, ක්ලාස් ගහන්න එපා!

  5. පහත දැක්වෙන්නේ රාමචන්ද්‍ර ගේ අඩවියේ මේ සම්බන්ධ ලිපියකට මවිසින් දෙන ලද ප්‍රතිචාරයකි:
    ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ අනෙකුත් රටවල් අතර කැපීපෙනෙන්නේ,ආර්ථිකය අතින් විශාල පසුබෑමකට ලක්ව සිටියත් අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍ර වලදී අප අනෙක් බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටින නිසාය.නමුත් ජාතියේ මානව සම්පත ගොඩනගන සරසවි ආචාර්ය වරුන්ට නිසිවැටුපක් දීමට රජය අසමත් නම් එහි ඛේදජනක ප්‍රතිපලය වන්නේ මෙම ආචාර්යවරු විශ්වවිද්‍යල ක්ෂේත්‍රයෙන් හෝ මෙරටින් පිටවීම නිසා සිසුපරපුරට ඔවුන්ගේ වටනා සේවය නොලැබීයාමයි.මක්නිසා ද සරසවි ක්ෂේත්‍රයෙන් පිට හෝ විදෙස් රටකදී ඔවුන්ට ආකර්ශනීය වැටුපකට හිමිකම් කීමට හොදටම හැකියාව ඇති බැවිණි. දීර්ගකාලීනව මෙමගින් රටේ දියුණුවට සිදුවන බලපෑම ව්ශාලය.රජය මේ පිලිඹදව වගකීමෙන් කටයුතු නොකලහොත් රටේ අධ්‍යපනය ද බිදවැටී ලෝකය තුල අප තවත් කොන්වී යනු ඇත.

  6. Lucky says:

    Sorry I can’t write in Sinhala in my computer so have to write in English. Hope people will not misinterpret.

    I joined as a university lecturer leaving my well-paid job (twice as the salary of a probationary lecturer) because liked to contribute towards the academia. Now I feel suffocated as its so hard to survive with this salary. Many of us junior lecturers have just started their lives, living in rented places, have to ‘pay back’ parents for the hard effort they put into our education, have to contribute towards younger siblings (if you have), must to pursue PhD within 8 years or so otherwise uni will kick you out, have to find a scholarship so writing proposals and so much of preparation work, paying loans taken for wedding or university education, reading everyday so as to prepare for lessons et al.

    When I was at the company I worked with earlier, many training programs were provided without any bonds. But as an academic you have a huge bond even for a scholarship that you work hard for and find yourself. (not only for the scholarships given by the government). And according to academic regulations, no matter how talented you are, you will get promotion only after 5 years of service. (whether you finish PhD or not) Can you imagine you remain in the same position for the same salary (increment per year is just Rs 500 or so) for five years!!!

    There is so much to write but not going to because readers will be fed-up. I totally agree when you said ‘the public is not aware of’ university academics problem and some of them even misinterpret. Because of that, the government can easily manipulate minds.

    My view is not political at all. I think we (academics) in the worst salary scale of public sector and whatever government is in rule, this has to be corrected. Otherwise as you have rightly said, academics leaving the country is unavoidable. (I mean, who doesn’t want to save some money and build their own house and own a small vehicle – not bigger once like ministers have) Even I will think twice of coming back when I get a PG opportunity elsewhere, because I know with this pay, I would never be able to purchase a small plot of land and build a house. So, only solution available for many academics is go abroad and stay long time there to earn for a land and house in SL. However, by the time they have that money, the circumstance are different (i.e. kids are born, they have started schooling and settled in foreign country et al) so coming back would be a problem. So, SL misses its brains until they decide to come back when they get very old….

  7. හැමෝටම ඕනේ සල්ලි තමා!
    ලංකාවේ කම්කරුවෙක්ගේ වැටුප සමග ආචාර්යවරුන්ගේ වැටුප සංසන්දනය කරොත් ?එච්චර සැප තිබිලත් තවත් මදි ,මේ එක ආචාරියෙක්වත් කම්කරුවන්ගේ වැටුප ඉහල දමන්න එක වචනයක් කියන්නේ නෑ!ප්‍රථමයෙන් කම්කරු වැටුප් ඉහලදමනු !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s