තමන්ගෙ මුදල් කොල්ල කෑමට පැමිණි මංකොල්ලකරුවන් පිරිසක් පරාජය කිරීමට පසු ගියදා ශ්‍රි ලාංකීකයින් පිරිසකට හැකි විය.

ඒ වීරයින් අන්කිසිවෙක් නොව ඊනියා විශ්‍රාම වැ‍ටුප් පනත හරහා තමන්ගෙ ඊපීඑෆ් හා ඊටීඑෆ් අරමුදල් කොල්ලකන්නට පැමිණි ආණ්ඩුව තාවකාලිකව හෝ පරාජය කල පෞද්ගලික අංශයේ සේවය කරන හැට පන් ලක්ෂයකට ආසන්න කම්කරු පිරිසයි..

ජනතාව මෙම පනතට කැමති වනතෙක් එය තාවකාලිකව හකුලා ගන්නා බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා කී බව ඊයේ පුවත් පත් වාර්තා කර තිබිණි.කවුරු විරුද්ධ වූවත් මෙම පනත ගෙන බවට පසු ගිය කාලයේ කළ පාරම් බෑම් ගෑන සළකා බලන විට තාවකාලිකව වුවත් මෙය ඉතා වටිනා ජයග්‍රහනයකි.

මෙම ජයග්‍රහණයේ අගය තවත් වැඩි වනුයේ තමන් කිසිදා පරාජය කල නොහැකියැයි සිතා සිටි රෙජිමයකට එරෙහිව ලබා ගත් ජයක් බැවිනි. 2009 මැයි මාසයේ සිට මේ දක්වාම පරාජය යනු කුමක්දැයි නොදන්නා රෙජිමයකට එරෙහිව ලබා ගත් ජයක් බැවිනි. දේශප්‍රේමි මැජික් වලින් සියල්ලන්ව නොවේ නම් අති මහත් බහුතරයක් මුලාවට පත් කරමින් සිටින හා සදාකාලිකවම එසේ කල හැකි යැයි සිතු රෙජිමයකට එරෙහිව ලබා ගත් ජයක් බැවිනි.

ඇත්තෙන්ම පාලකයින්ට මෙවර වැරදුනේද ඒ නිසාමය. ඔවුන් භයානක ලෙස තමන්වම මහා අධිතක්සේරුවකට ලක් කර ගෙන සිටියේය. තමන් පරදනු හැකි කිසිවෙක් මිහිපිට නැතැයි ඔවුහු සිතුහ. විශ්‍රාම පනතට මෙතරම් විරෝධයක් එනු ඇතැයි ඔවුහු නොසිතූහ. නො එසේනම් කුප්‍රකට උපවාස වීරයා ලවා හෝ ජනතාවගේ සිත් සතන් ත්‍රාසයෙන් භීතියෙන් ඇළලී යන මහා සෙප්පඩ විජ්ජාවක් කරනු ඇත.

අණ්ඩුව ඉදිරියේදී තම මුළු වැර යොදා ඊනියා විශ්‍රාම වැ‍ටුපට එරෙහි හඬ යටපත් කිරීමට උත්සාහ කරනු ඇත. එහි ප්‍රතිපලය කුමක් වුවද කම්කරුවන් මෙතෙක් කල් තමන්වම සිර කරගෙන සිටි කූඩු වලින් එලියට පැමිණ දේශප්‍රේමි ආණ්ඩුවට එරෙහිව එලිපිටම යුද ප්‍රකාශ කර ඇත. ඔව්හු කිසි බියක් නැතිවම ලොකුගේ ප්‍රමුඛ ඇමතිවරුන් ප්‍රශ්න කළහ. ඔවුන් සිනහවට ලක් කළහ.

මේ අතර සරසවි ඇදුරන්ද තවමත් තම සටන අතහැර නැත. සුපුරුදු ලෙස ආණ්ඩුවේ පිලිවෙතට එරෙහි වන හා එය විවේචනය කරන සැමට සිදු ලෙස සරසවි ඇදුරන් වෙතද දේශද්‍රෝහි ලේබලය ඇලවෙමින් තිබේ. මෙවරනම් එය බොහෝ දෙනෙකුන්ගේ හාස්‍යයට ලක් ව තිබේ.

මේ සටන් අපට කියන්නේ මධු සමය අවසන් වෙමින් ඇති බවයි. එලඹෙමින් තිබෙන්නේ සටන් යුගයක් බවයි . ජනතාවගේ කුසගින්න තව දුරටත් දේශප්‍රේමි සීනි බෝලවලින් හෝ මැජික් වලින් යටපත් කල නොහෙන බවයි. පාලකයින් කියන දෙයට නිවට ලෙස යටත් නොවී එය ප්‍රශ්න කිරීමට හා විවේචනය කිරීමට බිය නැති ජනතාවක් බිහි වෙමින් තිබෙන බවයි.

Advertisements
Comments
  1. […] View full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය […]

  2. Buddhika Thambugala says:

    මෙය කලක සිට පැමිනෙමින් තිබුණි. එහෙත් කූටප්‍රාප්තිය සිදු වූයේ ඊයේ ය. ආණ්ඩුව සිතා සිටියේ ඔවුන්ගේ යථා තත්ත්වය දන්නේ කොලඹ සිටින, අන්තර්ජාලය පරිහරණය කරන ඉන්ග්‍රීසි උගත් කිහිප දෙනෙකු පමණක් බවත් ය. මෙම “එලයිට්” වරුන්ට දැනටමත් ජාතිද්‍රෝහී ලේබලය අලවා ඇති නිසා මහජනයා ඔවුන් කියන දේ ගනන් නොගන්නා බව ය. ඇරත් එදා වේල ගැන සිත යොමවන මහජනයාට මේවා ගැන වගක් නැති බව ය. මේ සියල්ල දැන් බොරු වී තිබේ. විකල්ප මාද්ය ගැන මෙලෝ සන්සාරයක් නොදන්නා, ඉන්ග්‍රීසිත් බැරි, එදා වේල ගටගසා ගන්නා, ඇගලුම් සේවිකාවන්ගේ ප්‍රතිචාරය එසේ වී නම්, මයජනයා මෝදයන් වූවත් ඔවුන් හැමදා රැවටිය නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතුය. මේ රිඩී රෙඛාව පසුගිය වැසිබර වසර කිහිපහ තුළ මම නොදැක්කෙම් නොවෙමි. එහෙත්, එය වඩාත් පැහැදිළිව පායා එන්නට පටනගත්තේ මේ සිදුවීම් වැලත් සමග ය.

  3. Kathandara says:

    ජයවේවා!

  4. දැඩි විරෝධය නිසාම වෙළදකලාපය විතරක් මෙකෙන් නිදහස්කරන්න යනවලු.http://www.adaderana.lk/sinhala/news.php?nid=16414
    සියලුම ක්ෂේත්‍රවල පුද්ගලික අංශ සේවකයන්ට පෙරට ඒමට කාලය වගේ.

  5. Maathalan says:

    කාළකන්නි කම්කරු නායකයෝ බන කියද්දි.. දුක් විඳින කම්කර්ය්වන් ලබපු මේ ජයග්‍රහනයට ජයවේවා…!!!!

  6. ඔන්න ලංකාදීප එකේ තියනවා ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව ඔය පනත කල්දාන්න තීරණයකලා කියලා.සේරම ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නේ ඔය සභාවෙන්නම් සංධානේ අනික් පක්ෂ ගැන පවුකියලා හිතෙනවා අප්පා.
    http://www.lankadeepa.lk/2011/05/30/front_news/10.htm

  7. bANDA says:

    කවදාවත් මාක්ස්වාදියෙක් නොවුවත් වැඩ කරන ජනතාව ලෙය හලා ලබා ගත මෙම ජයග්‍රහණයට මාගේ ප්‍රණාමය

  8. ramachandra says:

    //මේ සටන් අපට කියන්නේ මධු සමය අවසන් වෙමින් ඇති බවයි. එලඹෙමින් තිබෙන්නේ සටන් යුගයක් බවයි . ජනතාවගේ කුසගින්න තව දුරටත් දේශප්‍රේමි සීනි බෝලවලින් හෝ මැජික් වලින් යටපත් කල නොහෙන බවයි. පාලකයින් කියන දෙයට නිවට ලෙස යටත් නොවී එය ප්‍රශ්න කිරීමට හා විවේචනය කිරීමට බිය නැති ජනතාවක් බිහි වෙමින් තිබෙන බවයි.//

    +1

  9. tom and jerry says:

    සේවකයෙකුගේ මාසික වැටුප රු 5000ක් නම් ඔහුගෙන් රු 200 ක දායකත්වයක් මාසිකව ලැබේ. එය සියලුම සේවකයන් සඳහා සමස්ථයක් ලෙස ගත් විට මසකට බිලියනයක් ඉක්මවනු ඇත. 2012 අයවැය කොට උඩ යන ලකුණු පහල වෙයි.

  10. අපි හැමදෙනාම වෙනුවෙන් පාරට බට කලාපයේ සහොදර සහොදරියන්ට ජයවේවා…!!!!!

  11. ```Outsider``` says:

    මේක තවම ඉවර නෑ. දැන් කියන්නෙ මේ වංචාවෙන් ඇඟලුම් සේවක සේවිකාවො නිදහස් කරනව කියල විතරයි. ඒත් අනෙක් ක්ෂේත්‍ර වල තව ලක්ෂ ගාණක් ශ්‍රමිකයෝ ඉන්නවා.
    කොහොම වුණත් නිදහස් වෙළඳ කලාපයේ පුංචි මිනිස්සු අනෙක් ක්ෂේත්‍ර වල ඉන්න අයට විශාල ආදර්ශයක් දීල තියෙනව. ඔවුන්ගේ වාරෙදි ඔවුන්ටත් එකමුතු වෙන්න හැකි වුණොත් මේ වගේ මංකොල්ලකෑම් දිගටම කරන්න බැරිවෙයි.

  12. ජුලියස් සීසර් says:

    තාවකාලිකව හෝ මේ ලබාගත්තේ ජයග්‍රහණයක්!!! ඒක අගය කරන්න ඕනෙ වගේම, මේක මොනයම්ම හෝ වේශයකින් ආපහු එන බවත්, එදාට එය පරාජය කිරීමට නැවත පෙලගැසිය යුතු බවත් මතක් කරන්න ඕනෙ…

    මේකෙදි දැක්ක තවත් කරුණු කීපයක් තියෙනවා මතක් කරන්න;

    1. කම්කරු නායකයන් යැයි කියාගනිමින් මේ ආණ්ඩුවට මුක්කු ගසා තම හෘද සාක්ශිය අහිමිකරගත් වාසු–මවුලානා නඩයේ නිර්ලජ්ජිත හැසිරීම හෙලාදැකිය යුතුයි. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වාසුදේව කියාසිටියේ, පෞද්ගලික අංශයේ සේවකයින් උපයන්නේ පෞද්ගලික හාම්පුතුන්ට බැවින් ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට රජය දායකත්වයක් දැක්විය යුතු නැති බවයි. මේ කතාව මොළයේ අමාරුකාරයෙක් මිස නොකියන බවත්, මෙරටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන්නේ පෞද්ගලික අංශයේ සේවකයින් බවත් පාසැල් දරුවකු පවා දන්නා සත්‍යයක්. ඔවැනි ගොං කතා කියන ඇමතිවරුන්ට සියලු සැපසම්පත් ලැබෙන්නේ ඔවුන්ගේ බදු මුදලින් බව වාසුට නොතේරීම ගැන ඇතිවෙන්නේ පිලිකුළක්.

    2. මේ ජයග්‍රහණය ලබාගැනීම සඳහාද ගුටි කෑවේත්, වෙඩි කෑවේත්, ඔලු පලා ගත්තේත්, කකුල් කඩාගත්තේත් පෞද්ගලික අංශයේ අඩුම වැටුප් ලබන හා අන්ත දුක් විඳින සහෝදර සහෝදරියන් පමණක් බව දකින්නට ලැබීම කණගාටුවක්… තමන් ‘සුදු කරපටි’ රැකියාවල් කරන බව සිතා උද්ඝෝශණයකට, පිකටින් එකකට යෑමම ලැජ්ජවක්යැයි සිතා බකං නිලා සිටි මා ඇතුලු පිරිසගේ අයිතියද රැකදුන්නේ ‘නිල් කරපටි’ රැකියාවන් ලෙස පාච්චලයට ලක්වූ රැකියාවන්හි යෙදුනු මේ අහිංසක පිරිසයි. අවම වශයෙන් මීලඟ අවස්ථාවේදී හෝ තම සේවක අයිතීන් වෙනුවෙන් පාරට බැසීමට අපි සූදානම් වුනෝතින් කොපමණ අගනේද???

    • ජුලියස් සීසර් says:

      මම මේ කියා ඇති දෙවන කාරණය හොඳින් දන්න නිසාම තමයි ආණ්ඩුව පලමුව මේ පනත වෙලඳ කළාපයන්ට අදාල නොවන ලෙස ගෙන ඒමට තීරණය කලේ. මොකද එවිට මේ උද්ඝෝශණය කල පිරිස සටනින් ඉවත් වෙනවා… අනෙත් පිරිස සටනට එන බවක් පේන්නේ නෑ!!! අපි මේ තත්වය පරාජය කලයුතුයි!!!

  13. sikka says:

    This is a short term victory and the cost is really high. There will be a difficult time whenother sectors are also subjected to deprivation; lands specially. Salute for the courage of FTZ workers.

  14. කඩප්පුලියා says:

    අඩෝ මහින්ද මධුසමය ඉවරනං ඉතුරු වෙච්ච ප්‍රීති පැකට් ටික රිටන් කරපං.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s