පොල්ලෙන් ගසා පැන්සන් දීම

Posted: May 28, 2011 in Uncategorized
Tags:


මේකනම් පුදුම ආණ්ඩුවක්ය. පුදුම කිව්වාට පුදුමත් නැත. පුදුම නැහැ කිව්වට පුදුමත් තමයිය.
ඒකේ විස්තරේ මෙහෙමය.
මේ ආණ්ඩුව දන් දෙන්ට හරි කැමතිය. චන්ද කාලෙට මන්දිරේම ස්ථීර දන් සල් හදා ගෙන දන් දෙනවාය. දන් දෙන්නේ බලෙන් අඬ ගහලය. අම්මට සිරි!බලන්ට ඕනේ දන් සලේ සාරසුබාවය. ඕනේ දෙයක් කැමති හැටියටය.කුරහන් පිට්ටු නම් එහෙමය.මඩු පිට්ටු නම් එහෙමය . වෙන පිට්ටු ජාති නම් එව්වත් එහෙමය. මන්දිර වල දී මත් වෙන ජාති මද පමණට කරාට කමක් නැහැ කියලා කිව්වේ එල්ලා වල්ලේ සාධුය.ඒනිසා එව්වත් එහෙමය.

චන්ද කාලෙට විතරක් නෙවේය. මේ ආණ්ඩුව අනිත් කාල වලටත් එහෙමය. අත දිග ඇරලා දන් දෙනවාය. ඉල්ලන්ට ඕනෙත් නැත. දෙන්ට ඕනේ කියලා හිතුනොත් ආණ්ඩුව දෙනවාය.

දැන් බලන්නකෝ, පහු ගිය දවස් වල ඇමති කම් දී ගෙන දීගෙන ගියේය. අන්තිමට බැලුවාම තුනෙන් දෙකක්ම ඇමතිලාය.ඒකෙන් නැවතුනේ නැත. ඇමතිකම් නැති මන්ත්‍රී උතුමන්ට පැජෙරෝ ,මොන්ටෙරෝ දන් සලක් ද දුන්නේය. එයාලා පැජෙරෝ ඕනේ කියලා උපවාස කරෙත් නැතිය,ස්ට්‍රයික් කරෙත් නැතිය . ආණ්ඩුවට දෙන්ට හිතුනා , දුන්නා .

ඊ ලඟට මේ ඊයේ පෙරේදා සංස්ථා සභාපතිලාට,අධ්‍යක්ෂකලාට පඩි 90,000 , 80,000 කලේ ඒ ගොල්ලෝ ඉල්ලලාද? නැතිය. ඔහේ දෙන්ට හිතුනාම දෙනවාය.දීලා දානවය. දාන පාරමිතාව පුරන උත්තමයෝ එහෙමය.

පෞද්ගලික අංශයේ සේවක උන්නැහේලාට විශ්‍රාම වැටුපක් දෙන්ට ඕනේ කියලා හිතුනෙත් ඒ නිසාය. ඒ පින් බලේටය. එහෙම දානේ දෙන්ට හිතෙන්නේ පින් කරපු ඇත්තන්ට විතරය. ඒත් කොහෙද මේ පවුකාර හැත්තට ඒක ගන්ට පින් නැතිය. උන් ඒක එපා කියනවාය.

ආණ්ඩුවත් අරින්නේ නැත. කොහොම හරි මේ පුණ්‍ය කර්මය කරන්ටම බලනවාය. මේ මහඟු පින් කමට දායක වෙන්ට කියලා හිටපු විප්පලවාදී කන්කරු නායක වාසුදේව උන්නාන්සේත්, විජේනායක උන්නාන්සේත් ,මල්වංශ උන්නාන්සේත් ඇවිල්ල මේ දවස් වල බණ කියනවාය. ඒ වුනාට මේ පවු කාරයෝ කනකට ගන්නේ නැතිය.එපාම කියනවාය.

අම්මප මුන්ට ස්වල්ප සල්ලියක්ද ආණ්ඩුව ගානේ දෙන්ට යන්නේ . එකෙකුට රුපියල් එකයි ශත පනස් හතරක්ම දෙනවාය. මේ කාලකන්නි හැත්තෑ එපා කියන්නේ එහෙවු සල්ලි කන්දරාවක්ය.

ආණ්ඩුවත් අරින්නේ නැතිය. කොහොම හරි දෙන්ටම හදනවාය.

මුං පාරට බැහැලා එපා කියලා කෑ ගහනවාය. කඩාකප්පල් කාරී වැඩ කරනවාය.

දැන් මුන්ට පැන්සන් දෙන්ට වෙලා තියෙන්නේ පොඩි කාලේ බත් කන්නේ නැතිව කට්ටි පනින්න හදන කොට අම්මලා පස්ස පැත්තට දෙකක් ගහලා බත් ගුලි ගිල්ලන විදියටය.

ඊයේ පෙරේදා කටුනායක පැත්තේදී පොලෝසිය දාල දෙකක් අන්නන්ට වුනේත් නාහෙට අහන්නේ නැති උන් තිහ හතළිහක් අල්ලන් ගිහින් කූඩුවට දාන්ට වුනෙත් ඒකය. එහෙම නැතුව හොඳින් කියලා නම් මුං එක්ක කරන්ට බැරිය.

මුං පැන්සන් එපා කියලා නිකම් ඉන්නවා නම් කමක් නැත. එහෙම ඉන්නෙත් නැත. ආණ්ඩුව මේ හදන්නේ මුං ගේ සල්ලි ටිකට කෙලින්නලු. 100 ක් කපලා 60 ක් ගෙවන්නේ මොකද කියලා අහනවාය. මැරුනොත් සල්ලි ටික ආණ්ඩුව ගන්නවා නේද කියලා අහනවාය. මුං හිතන් ඉන්නේ මුන්ගේ රිප්පිඩිය නැත්නම් ආණ්ඩුවේ ලොකු මහත්තුරු සා ගින්දරේ මැරෙයි කියලාය. ඒ උත්තමයන්යින්ට තියෙන සල්ලි කන්දරාව උන් දන්නවා නම් ඔහොම කතා කියන්නේ නැතිය.

දෙන දෙයක් කාල ඉන්නේ නැතිව ……..

අපේ රටේ ආණ්ඩුව පුදුමාකාර එකක් කිව්වේ ඔන්න ඔය නිසාය. මේ වගේ පොල්ලෙන් ගහලා සල්ලි බෙදන දානපති ආණ්ඩුවක් වෙන කොහෙද තියෙන්නේ.

සටහන- හැබැයි පුතෝ බලෙන් ගන්ට ආවොත් නම් ….. ඔය විශ්වවිද්‍යාල ආචාර්ය කාරයෝ වගේ…….., හහ්, එව්වා කොහෙද ?

Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: ගසා, දීම, පැන්සන්, […]

  2. මෙතනදි නම් ඇටමැස්සා එක්ක සම්පූර්ණයෙන් එකගයි.

    ඔය විශ්‍රාම වැටුප දෙනවනම් දෙන්න ඕනි විදිය ගැන මගේ බිලොග් එකේ තියෙනව.වෙලාව තියෙනව නම් ඇවිල්ලා බලන්න.http://meeghaya.wordpress.com/

  3. Maathalan says:

    අනගාරික වසූ සහෝදර මැතිතුමා සැරියුත් මුගලන් ධාතු වන්දනා මාන කරනවායා..

    දානයේ අගය කම්කරු පින්වතුන්ට දෙසනවාය..

    දෙන දෙයක් කා වෙන දේ බලා ඉන්නවාය…

    බලෙන් දෙන දාන වල අනුහස් වැඩිය… සාධූ… සාධූ… සාධූ…

  4. Ravi says:

    බැටං පොළු වලිං පලු කර ඔලු කටුව,
    පැංසොං දෙන්ට හදනා විට ලොබ නැතුව,
    ඒත් එපා යයි කියනා ගොං රැළට,
    වේලපු හරක් …….යෙං තැලුවත් ඇතිද?

  5. ``Outsider`` says:

    පුද්ගලික අංශ වල වැඩ කරන එව්වන්ගෙ කාළකණ්නිකම..

  6. http://www.lankatruth.com/sin/index.php/news/local-news/11132-2011-05-28-07-40-44 පැන්සොන් එක ගැන කම්කරු ඇමටිතුමා වෙලඳකලාප සේවකයෝ එක්ක කරපු සුහඳ සාකච්ඡාව ඔය තියෙන්නේ.

  7. tom and jerry says:

    පුද්ගලික අංසෙ එව්වන්ට නායකත්ව හා ලිංගික කටයුතු ගැන පුහුනුවක් හමුදාව ලවා දුන්න නම් හරි…

  8. suranga says:

    මේකයි වැඩේ.දැන් රට බල්ලට ගිහින් තියෙන්නෙ.රට බල්ලට යවාගෙන තියෙන්නෙත් මිනිස්සුමයි.හෙට අනිද්දා මහ රජාට අන්තර්ජාතිකව වැටෙන ආර්ථික සම්භාධක වලින් ගැල වෙන්න තමා ඌ ඔහොම දුප්පත් මිනිස්සුන්ව හූරං කන්න ප්ලෑන් ගහන්නෙ.
    රජා බලු වෙන්නෙ ඔය වැඩෙන් තමයි.

Leave a reply to පොල්ලෙන් ගසා පැන්සන් දීම Cancel reply